Tuesday, August 28, 2012

පබාට ගල් ගහන කොබාලාට.....


වත්මන් ශ්‍රීලංකා දේශපාලනයේ නියුක්ත මහජන නියෝජිතයන් අතුරින් එක්තරා පිරිසක්, පිලිගත් මාධ්‍යවල, කුණු ‍ගොසිප් අඩවිවල සහ තමුන් බුද්ධිමත් යයි සිතා ඉන්නා අති මානුෂවාදී අවලමුන්ගේ නිබඳ සමච්චලයට ලක්වෙති. මොවුන් පිළිබඳව යමක් කතා කිරීම කාලෝචිතය. කතා කිරීමට ඇති බොහෝ දේ පසෙකට තබා අප එක් උදාහරණයක් පමණක් ගනිමු. 

ඇය ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියයි.

කලෙක ඇය මෙම අවලමුන්ගේ වීරවරියක විය. ඒ ෆොන්සේකාගේ වේදිකාවට ගොඩවූ සමයේදීය. ඇය යුගයේ අසහාය වීරවරියයි. ජනපතිතුමාගේ ඇරයුමෙන් ඇය එක්සත් ජනතා නිදහස් සංධාන සාමාජිකත්වය ලබාගත් දින සිට ඔවුනට ඇය වහකදුරු විය. 

විය යුතු පරිදිම ඇගේ පෞද්ගලික ජීවිතය පදනම් කරගත් අවලාද අපහාස වැසි වසින්නට විය. නමුත් අවසන් වශයෙන් ඇය නිවැරදි බව අද පසක්කොට ඇත. එදා ඇය ගොඩවූ වේදිකාව, බල තණ්හාධිකයන්ගේ කඹ ඇදීම නිසා අද සීසීකඩ කැඩී විසිරී ගොසිනි. විපක්ෂය යනු තැන් තැන්වල කෙඳිරි ගාන නකුටු බලු රැලක් ගානට වැටී ඇත. උන්ට රැවටී චන්දය දුන්  අහිංසක මිනිස්සු මේ බලුපොර දෙස බලමින් හූල්ලති.

උපේක්ෂා තම යුතුකම ඉටු කරන්නීය. ඇය විපක්ෂයේ සිටියදී චන්දය දුන් සැමටද අද ආණ්ඩු පක්ෂයේ සිට ඇයට හැකි පමණින් උදව් කරන බවට ඇගේ ආසනයේ යූ.ඇන්.පී. කාරයෝම සාක්ෂි දරති. මිනිසුනට මූලිකව අවශ්‍ය එයයි. දහසක් අවලාද මැද ඇය තවමත් ශක්තිමත්ව සිටගන්නේ මේ මිනිසුන්ගේ හයියෙනි. මෙය නොපිළිගන්නා කාලකන්ණින් ඊළඟ චන්දය තෙක් ඔය සිහිනයේම සැතපෙන්න.

පහත දැක්වෙන්නේ සරළ සංසන්දනයකි. එක් පසෙක උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීතුමියයි. අනෙක් පසට ඔබේ ප්‍රියතම අතිමානුෂවාදී, රැඩිකල්, සටන්කාමී දේශපාලන චරිතය යොදාගන්න. (මෙම චරිතය සඳහා උදාහරණ - රනිල්, සජිත්, ෆොන්සේකා, ටිල්වින්, සෝමවංස, කුමාර් ගුනරත්නම්, හේමකුමාර, දීප්ති කුමාර, රවි, ජයලත්, වික්‍රමබාහු, හකීම්, තොන්ඩමන්, සුමන්තිරන්, හෝ එ.ජ.නි.ස ආණ්ඩුවේ සිටිමින් එය ඇතුලතින් උලාකන ජොන්ස්ටන්, බන්දුල, කෙහෙලිය, වැනි යූ.ඇන්.පී කාරයන්...........)

උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීතුමිය
අතිමානුෂවාදී පඬි හැතිකරය උඩදාන නායකයින්
රංගනය, නර්තනය, රිද්මය ඈ වාසනා ගුණයන් උපතින් උරුම කරගත්තියකි.
මුන් දන්නා කලාවක් නැත. ගිරිය පුප්පමින් කෑ ගැසීම සහ නහරවැල් උලුප්පමින් ප්‍රචණ්ඩ අභිනයන් පෑම පමණක් දන්නා කාලකන්ණින් පිරිසකි

කලාව ප්‍රගුණ කල අයෙකි
දේශපාලනය ප්‍රගුණ කල නරුමයන් පිරිසකි. කලාවෙන් ජීවිතයට ලැබෙන සංවේදී ශික්ෂණය වෙනුවට හැඟීම් විරහිත යාන්ත්‍රික නරුම භාවයක් ප්‍රගුණ කලවුන්ය

මහජන මුදල් සොරකම්කොට නැත
අම්බ හොරුය. හොරකම් නොකලායයි යමෙකු පම්පෝරි ගසන්නේ නම් ඒ උගේ හොඳකමකට නොවන අතර හොරකම් කිරීමට අවස්ථාව නොලැබීම නිසාය.

තරුණය. ජවසම්පන්නය. දේශපාලන අත්දැකීම් අඩු බව සැබෑය. එම තත්වය තුල පවා හෘද සාක්ෂියට අනුව තීරණ ගෙන ඇත.
වයසය. ඇතැම් ඉන්ද්‍රියන් නිසිලෙස වැඩ නොකරයි. ලිංගික බෙලහීනතාවයෙන් පෙලේ. ගන්නා තීරණවලට එයද බලපෑම් කරයි. අනුන්ගේ කරමතින් දේශපාලන ගමන යයි. දේශපාලන අත්දැකීම් ලෙස ඇත්තේ පොලිසියෙන් ගුටිකාපුවා, කඳුළුගෑස් කාපුවා වැනි විකාරයන් රැසකි.

දෑත් වල ලේ තැවරී නැත.
දෑත්වල ලේ කැටිගැසී ඇත. මේ සියල්ලන්ම නියමින් හෝ අනියමින් මිනිස් ජීවිත දස දහස් ගණනකට වග කිව යුතුය.

විවෘත ජීවිතයක් ගත කරයි. තම පවුල් ආරවුල් වැනි කිසිදු පෞද්ගලික දෙයක් ඇය මාධ්‍යයන්ගෙන් වසන් කොට නැත. පෞද්ගලික ජීවිතය/දේශපාලන ජීවිතය යනුවෙන් ද්විත්ව චරිතයන් නඩත්තු නොකරයි. සෑම විටම සැබෑ පුද්ගලයා ලෙසම පෙනී සිටියි.

තම පෞද්ගලික ජීවිතය නින්දිත ලෙස සඟවයි. දේශපාලන තිරයේ මහා විමුක්තිකාමීන් වන මොවුන් සැබෑ ජීවිතයේදී කැහැටු බල්ලන්ටත් අන්ත පෙන්දන්ය. නැතිනම් කෲර පරපීඩකයන්ය. මුන්ගේ ඇත්ත ජීවිතය දන්නෝ චන්දය දෙනු තියා මුන් සිටින දෙස බලාගෙන බත් කන්නේවත් නැත.
බල තණ්හාවක් නැත
අධික ලෙස බලලෝභීය. මැරෙන තුරු පක්ෂ නායකයන් වශයෙන් සිටීමට බෙලිකැපිලි/පාවාදීම් වැනි ඕනෑම කුප්පීදු වැඩක් කරයි.

අවංකව කතා කරයි. තමාට වැටහෙන පමණ සෘජුව කරුණු දක්වයි. තමා නොදන්නා දේ බොහෝ බව දනී. තමා වැරදි නම් නිහතමානීව පිළිගනී. ප්‍රියමනාප කටහඬකි.
මුන් නොදන්නා‍ දෙයක් නැත. මුන්ට කිසිදා වරදින්නේද නැත. නැති පාණ්ඩිත්වයක් පෙන්වයි. තමාට වැරදුනු බව දැනුනහොත් මෙලෝ යකෙකුට නොතේරෙන තියරි ටොන් ගණනක් ඇදබායි. අන්‍යයන්ට නින්දිත ලෙස මඩ ගසයි. තමාට චෝදනාවක් එල්ලවූ විට දැඩි ලෙස කිපේ. කටහඬ කර්ණ කටුකය. අප්‍රසන්නය. කටවල් ගඳ ගසයි.

ජනතා චන්දයෙන් ජයග්‍රහණය කරයි.
ජනතා චන්දයෙන් දිගින් දිගටම පරදී. පැරදුන වහාම ජනතාව යනු තණකොල කන හරකුන් යයි පරිභව කරයි. ටික කලක් ගතවූ පසු ඊළඟ චන්දය ගැන සිතා ආදරණීය ජනතාව ලෙස නැවත අමතයි.

සුන්දරය. ප්‍රියමනාපය. මොනවා කිව්වත් අහං ඉන්නට පිරියක් දැනේ.
කැතය. ගොරහැඩිය.  වැඩි දෙනෙකු මුග්ධ පෙනුමෙන් යුක්තය. ශරීරයක් වෙනුවට කට පමණක් නඩත්තු කරයි. මාසයකට කී පාරක් නානවාදැයි සැක සහිතය.

සමබරය. දේශපාලනය මෙන්ම රංගනය, නර්තනය, පෞද්ගලික රසවින්දන අවස්ථා, ව්‍යාපාර යනාදී සියල්ලද කරයි. එනිසා මානසිකව සමබරය. දේශපාලනය යනු ජීවිතයේ කොටසකි. එනිසා එය සජීවීය.
අතිශය අසමබරය. එක්කෝ ජීවිතයම දේශපාලනය පමණි. නැතිනම් දේශපාලනය සහ ව්‍යාපාර පමණි. ඉන් එහා ජීවිතයක් හෝ ලෝකයක් දන්නේ නැත. පෞද්ගලික රසවින්දන නිමේෂයන් ඇත්තේම නැත. ඇතිනම් ඒ සිහිනැතිවෙන්ඩම මත්පැන් බීම සහ තම දේශපාලන හයිය භාවිතාකොට ප්‍රසිද්ධ චරිතයක් ආධාරයෙන් ලබන යාන්ත්‍රික ලිංගික පහසක් පමණි. ජීවිතය දේශපාලනයේ කොටසකි. එනිසා ජීවිතය අජීවීය.

හඬයි. එනිසා මනුශ්‍යයෙකි.
නොහඬයි. ඇස්වලට කඳුළු එන්නේ හෝ ඇස්පිල්ලම් ගහන්නේ නැත. එබැවින් අමනුශ්‍ය කොට්ඨාශයකි.



දහසක් අවලාද මැද උපේක්ෂා ඇගෙ ගමන යන්නීය. දේශපාලනය ඉගෙනීමට සහ අත්දැකීම් ලබා ගැනීමට ඇයට තව ඕනෑතරම් කාලය ඇත. අනාගතය නිර්මාණය වන්නේ කුහක වාචාලයන්ගේ පඬිවදන් වලින් නොවේ. හිතට එකඟව තීරණ ගන්නා නිරෝගී මනුශ්‍යයන්ගෙනි.

- ලිව්වේ තුසිත

43 comments:

  1. විපක්ෂයේ සිටියදී පබාව දිල්කා ලවා බලු කලේ මේ ලියන්නාගේ නඩයම බව ලියන්නාටත් අමතකව ඇති හැඩයි

    ReplyDelete
    Replies
    1. දිල්කා කලේ ඇගේ රාජකාරියයි. එම සාකච්ඡාවේදී මන්ත්‍රීතුමිය තමා දන්නා දෙය කතා කලේය. නොදන්නා දෙය නොදන්නා බව කීවේය. එය ලජ්ජාවට කරැනක් නොවෙයි. යමෙක් හැමදෙයක්ම දැන සිටිය යුතු නැත. අනික ඇගෙන් ඇසූ දේශපාලන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර දන්නා දේශපාලකයින් කරන විකාර හා සසඳා බලා ඇගේ නොදැනුමෙ ඇති අඩුපාඩුව විමසන්න.

      Delete
    2. තමා දන්නා දෙය කතා කලේය. නොදන්නා දෙය නොදන්නා බව කීවේය/// nodanna deyata wachanayakwath ekathu kirimata tharamwath denumak eyata netha...denumak ethi bawa penwannata giyada modakama nisaa karagatha noheki wiya... jana sena gon kathaa kiyala obath moda wenna epaa...

      Delete
  2. පබා දේශපාලනයට ආපු චරිතයක් නෙමෙයි. අවස්ථාවාදීන් විසින් දේශපාලනය තුල අලෙවි කල චරිතයක්. (පිරිමි දේශපාලනයේ ගොදුරක්. හැබැයි දැන් ඉතින් එයා එයාගෙම පාරක යනව වගේ :) )

    ඒ ටිකත් ලිව්වනං හොඳයි.... කොහොම උනත් අසවත් ලිපියක් :)

    ReplyDelete
    Replies
    1. අසවත් නොව රසවත් යැ.

      Delete
  3. වර්ගපූර්නිකාව 2 ද?

    ReplyDelete
    Replies
    1. පිළිකුලෙන් යුතුව බැහැර කරමු. අප කරන දෙය අපට බැරෑරුම්ය. අවජාතිකවාදී කඩවල් පමණක් විවෘතව ඇති මේ නිශ්චිත මොහොතේ ඇති අසීරුව අප අත්විදිමින් සිටිමු.
      මේ චෝදනාවට ප්‍රමාණවත් පිළිතුරක් ඉක්මණින් සපයන්නෙමු.

      Delete
  4. අර සංසන්දනෙයට ගන්න නායකයට මහින්දව ගන්න එපාද?

    ReplyDelete
    Replies
    1. මහින්දව අපි ගන්නම්. ඔබ ඔබේ නායකයා වන රනිල්/ෆොන්සේකා හෝ සෝමවංසව ගන්න.

      Delete
    2. jana sena...oba puduma modayeku wee etha...samaharawita oba upeksha wiya heka....

      Delete
    3. අප ඊළඟ වතාවේ මර්වින් ගැන ලිව්වොත් ඔබ අප මර්වින් යයි කියනු ඇත. :p

      Delete
  5. මොන තරම් මෝඩයෙක්ද මේක දාල තියෙන්නේ.. අර දකුණු පැත්තෙ තියෙන ටික ආණ්ඩු පක්ශේ එක්කෙනෙක් අරගෙන සසදලා බලන්නකෝ... අනික මේකනම් පුදුම විහිලුවක්..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. නමුත් මෙය විහිලුවක් කියන්නෙ කොහොමද? මෙය දේශපාලනය ගැන නව කියවීමක්.

      Delete
  6. උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීතුමිය
    චන්ද දායකයන්ට කොකා පෙන්වා පක්ෂ මාරු කරයි

    අතිමානුෂවාදී පඬි හැතිකරය උඩදාන නායකයින්
    චන්ද දායකයට කොකා පෙන්වා පක්ෂ මාරු කරයි

    ReplyDelete
    Replies
    1. ඔය කතාවම කියා ඇති පහත ඇනෝට දි ඇති පිලිතුර ඔබටත් වලංගුයි

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. මේක අන්තිම ලාමක කතාවක්. පබා තවම පටන්ගත්ත විතරයි. හොඳ හොඳ සෙල්ලම් පසුවට. පටන්ගද්දිම චන්දෙ දුන්න එවුන්ට කොකා පෙන්වලා ආණ්ඩුවට පැන්න එකම මදිද?

    ReplyDelete
    Replies
    1. ඔබ වැරදියි. චන්දෙ දුන්නු උන්ට කොකා පෙන්නමින් අද දිනනවා හෙට දිනනවා කියා ලණු දෙන්නේ බංකොලොත් යූ.ඇන්.පී නායකයෝ. උපේක්ෂා මන්ත්‍රීතුමිය තමාට චන්දය දුන් නුදුන් කාටත් පක්ෂ භේද නොසලකා ඇයට හැකි උව් කරමින්් සිටිනවා. විය යුත්තේ මේක නේද? ඒ පළාතේ යූ.ඇන්.පී. ලොක්කන්ට තියෙන ලොකුම හිසරදයත් මේක.

      Delete
  9. හොඳ ලිපියක්. මේව සමහරුන්ට කටු ඇනෙනව වගේ රිදෙනව ඇති. කමෙන්ට් වලින් ඒක පේනවා.

    ReplyDelete
  10. හොඳ ලිපියක් තුසිත. මේ තමයි ඇත්ත. මහා ලොකු උගත් දේශපාලකයින් කියලා එන අය තමන්ගෙ දැනුමෙන් කරන්නෙ කොච්චර පටු වැඩද? පබා දේශපාලනයට ආවෙ කොහොම උනත් ඇය තමන්ගෙ රාජකාරිය කරනවා. 360 ටේ දිල්කා අහන දැනුම මිණුම පොලොවේ දේශපාලනය කරන්න ඕනෙ නෑ. ඒක තමයි යථාර්තය. ගොඩක් දෙනෙකුට රිදෙනව වගේ මේකෙන්.

    ReplyDelete
  11. ඇනෝ එන්නේ නැතුවම මේක දාන්නේ කොන්දක් තියන නිසා....

    මම පෞද්ගලිකව පබා ට ගහන මඩ වලට විරුද්ධයි. හැබැයි මේක ලියල තියන අන්තවාදී අදහස් දරන්නාට (සමාවෙන්න මෙය මාගේ දැකීමයි ) 'අතිමානුෂවාදී පඬි හැතිකරය උඩදාන නායකයින්' ගොන්නට කැත නැතුව ආන්ඩුව ඇතුලේ ඉන්න යු.ඇන්.පී. කාරයෝ විතරක් නෙමේ ම.රා., බලුවංශ ඇතුලු බලු නඩේම දාන්න පුළුවන්.

    උන් ටිකට සාපේක්ෂව විතරක් නෙමේ අර බක පඩි ගීතට සාපෙක්ෂව ගත්තත් උපේක්ෂා මානුෂිකයි, නිහතමානියි. ඒ ගැන තර්ක නෑ.

    හැබැයි පොඩි පරහක් තියෙන්නේ ලියන්නාගේ භාෂාව තුළින් ඔහුගේ/ඇයගේ පවතින දේශපාලන අන්තවාදී බව සහ නාමික දේශමාමකත්වය එළි දැක්වීමයි.

    (තර්කයට එන අද බාල ලිංගික බෙලහීන ඇනෝලාගේ කොමෙන්ටු මම බලන්නේවත් නැත)

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රොෆයිලයෙන් අදහස් දැක්වීම ගැන ස්තුතියි. එමෙන්ම එවැන්නන්ට අපහාස කිරීමම අරමුණු කොට දමන කමෙන්ටු අප මකා දමනවා.

      ඔබට මෙය කැමති විදියකින් කියවිය හැකියි. අප ඉදිරිපත් කොට ඇත්තේ අප ගරුකරන දේශපාලන මතවාදය අනුව බව සලකන්න.
      ඒ සඳහා ඉතා සාධාරණ හේතු අපට ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. ස්තුතියි ප්‍රතිචාරයට. මාගේ දේශපාලන දැකීමට වඩා වෙනස්වන බවෙහි ලකුණු පෙන්වුවද, අගතිගාමී නොවන අයුරින් සංවදයට ඉඩ හසර විවර කරන නිසා මා ඔබට සුභ පතමි.

      දිගු ගමනකදී අප විසින් එල්ල කළ හැකි ගල් මුල් මෙන්ම මල් ප්‍රහාරද මෙවන් සංයමයකින් දැරීමට හැකි වේවායි ඉත සිතින් පතමි.

      Delete
    3. ane amme oyalage mara bara wachana ne thiyenne. meka kiyawanna sinhala dictitonary ekak ganna wei wage

      Delete
    4. තේරෙන්නෙ නැත්නම් මොන හුත්තටද කියෙව්වෙ ඕයි

      Delete
  12. පබා ගැන මෙහෙම කතාවක් කියෙව්ව්වමයි. වෙනස් විදිහට හිතල තියෙනවා. නාමල් රාජපක්ෂට චන්දය දෙනවට වඩා පබාට දෙන එක හොඳා

    ReplyDelete
  13. I Wish you all the best of future of MP Upeksha Sawnamali , I admire you about you acting talent , Honesty and the way conducting silence service to public and you never hunger of popularity , you are simple and humble Member of Parliament of Sri Lanka

    ReplyDelete
  14. ළමයිනෙ................. ! අද අවස්ථා සම්බන්ධය

    නිවේදකයා :- "මේ සම්බන්ධයෙන් ඔබ එකඟ වෙනවද ? "
    X නම් පුද්ගලයෙක් :- "අනේ මං දන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ"

    මේ X නම් බුද්ධිමත් පුද්ගලයා කවුද ?


    අපේ රටේ උං දේශපාලඥයන්ගෙ බලන්නෙ නායකත්ව ගුණ නෙවෙයි
    - කලාව දන්නවද ?
    - ළමයි කීයද ?
    - උස මහතද ?

    හොරකම් කරල නෑ ලු අත්වල ලේ තැවරිලා නෑලු. මේ ගෑනි තාම ආවා විතරයෙ ගොබ්බයො. ටිකක් ඉවසලා බලපං මොකද වෙන්නෙ කියලා.

    ඒ කාලෙ වීරවරයෙක් ලු දැන් වහකදුරු ලු. මී ගොං වස්සො එක මතයක් කියල ජනතාවගෙ ඡන්දෙ අරන් ලොකු පුටුවකට ගියහම වෙන පැත්තකට පනිනකොට මිනිස්සුන්ට වහ කදුරු නැත්නං බුල්ටො වෙන්න කියලද කියන්නෙ ?

    ReplyDelete
  15. Kalekata passé eladenek gana buruwek liyapu lipiyak kiyewwa

    ReplyDelete
  16. meki danna kalawa rupenisa sinduwakata peni hitala apu amma appawath harayata nethi we...,

    ReplyDelete
  17. methana danna tibune mekige bikini foto tikak . lankawata ona mewage we... modiyo thamai.

    ReplyDelete
  18. ඔවු ෆොන්සේකාගේ වේදිකාවට ගොඩ වෙච්ච වෙලාවේ පබා වීරවරියක් තමයි. බහුතරය කලාකාරයෝ මහින්දට කඩේ ගියපු වෙලාවේ යූ.එන්.පී කලාකාරයෝත් අනිත් පැත්ත හැරිච්ච වෙලාවේ වේදිකාවට ගොඩ වෙන්න කොන්දක් නොතිබිච්ච වෙලාවේ පබා බය නැතුව ෆොන්සේකාගේ වේදිකාවට නැග්ගා. හැබැයි ඔබලාට අමතක උනාට ෆොන්සේකාගේ වේදිකාවට නැගීම නිසාම පබාට ස්වාධීන රූපවාහිනිය තහනම් කලාපයක් බවට පත් වෙනවා.

    පබා යූඑන්පී එකෙන් ගම්පහට චන්දේ ඉල්ලනවා. කරු ජයසූරුයටත් උඩින් රුවන්ට පමණක් දෙවෙනි වෙමින් පබා චන්දේ දිනනවා. ඊට පස්සේ පබටත් පබාට චන්දේ දීපු අයටත් විමසුමෙන් මඩ ගහනවා දේශපාලන දැනුමක් නෑ කියලා. හැබැයි ඒ පබාම ආණ්ඩුවට ආවාම ඇය සංධානයට වීරවරියක් වෙයි. දේශපාලනයේ සොභාවය ඔහොම තමයි. කන්න ඕන උනාම කබරගොයාවත් තලගොයා කරගන්නවා.

    මම අදටත් පිළිගන්න දෙයක් තමයි පබා ආණ්ඩුවට ගියේ එයාගේ උවමනාවට නෙවෙයි. හිටපු ස්වාමියාගේ උවමනාවට (මුදල් උවමනාවට) බවයි.

    පබා චන්දය ඉල්ලුවේ ගම්පහින්. ඒත් ඇය පදින්චිව සිටින්නේ හෝමාගම බව මොහු නොදන්නවා වගෙයි. ඇය ගම්පහට වැඩ කරනවා කියා මා නම් අසා නැත.

    ReplyDelete
  19. අප්පට සිරි වර්ගපුර්නීකාවේ එකාට තියෙන්නේ රාවන පිස්සුව විතරයි. මුන්ට තියෙන්න මොන පිස්සුවද?
    නැතිනම් මේ මුන්ගේ හැටිද? එහෙමත් නැතිනම් මුන්ගේ පිස්සුවේ හැටිද?
    වර්ගපුර්නිකාවේ එකා එක්ක මුන්වත් අන්ගොඩ ගෙනිහින් පුකට කරන්ට් ඇල්ලිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. එම්බා දෙපාරක් සිතන්නා, අප වැනි ශ්‍රී රාවණ ගවේශකයින්ට පිස්සා කියමින් අපහාස කිරීම හෙළා දකිමි. අපගේ මතවාද වලට විරුද්ධව මතවාදීවම පිළිතුරු දිම මිස පිස්සා කීම ඔබගේ බුද්ධිය පිස දැමීමකි.

      Delete
    2. පිස්සා යනු අපහාසයක් වන්නේ කෙසේද මීවනපලානයෙනි.
      පි - පින්බර
      ස්සා - මැස්සා

      ඒ අනුව ඔබ පින්බර මැස්සන් රැලක් වගයි කියා ඇත්තේ.

      Delete
    3. එල එල, ඔබේ පද නිරුක්තිය ඉතා අගෙයි චමී,
      මී ජයා = රාවන පිස්සා = රාවණාගේ පින්බර මැස්සා

      අනේ මි ජයෝ උබේ ෆොටෝ එක දාපන්කෝ අපිට තව ටිකක් හිනාවෙන්න.උබ නට් ලුස් උනත් හොද එකා..

      Delete
  20. දිල්කගේ interview එකේදී මෙය කියපු තවත් රසවත්ම කතාවක් නම්, මහින්ද කියන්නේ මේ රටේ පහල උ නරක ජනාධිපති කියල. ඒ විතරක් නෙමේ මහින්ද කියන්නේ ඉතාම නින්දිත පහත මිනිහෙක් කියල. එහෙම කියල මාස කියද ගියේ, මෙය මහින්දගේ ඔඩොක්කුවේ , හිකිස්, හිකිස්. ගණිකාවන්ට ලැජ්ජාවක් නැහැ කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, හැබැයි අපි මේ සිරි ලංකාව ගැන ආඩම්බර වෙන්න කරුනකුත් තියෙනව, ඒ තමා ගනිකාවන්ටත් පාර්ලිමේන්තුවට යන්න තරම් මේ රට ප්‍රජතන්ත්‍රවදියි. සිරිමාවෝ කරපු නරකම වැඩේ තමා අට සමත් නැති මන්ත්රිලට law college එකට යන්න වරප්‍රසාද දීම. දැන් එකේ වරප්‍රසාද අරන් පබා lawyer කෙනෙකුත් වෙන්න යනවා. හුකෑස්!!!! සිංහලත් බැරි English තුත් පබා ඉතින් නාමල් බබා විභාගේ පාස් උණු ක්‍රමේටම තමා exams ගොඩ දා ගන්න හදන්නේ. අර law college එකේ වේලි වේලි ඉන්න හම්පඩ lecturers ලට රෙද්ද උස්සල ඕකත් ගොඩ දා ගනියි.

    ReplyDelete
    Replies
    1. දයාබර ඇනෝ - පබාගේ නීති අධ්‍යාපනය ගැන නොදැන කෑ ගසා චාටර් වී ගූ නා නොගන්න. පබා නීතිය ඉගෙන ගන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නොව ලන්ඩන් විශ්ව විද්‍යාලය හා සම්බන්ධව නීති උපාධිය උගන්වන පෞද්ගලික ආයතනයකිනි.

      ඉතින් මේ සම්බන්ධව සිරිමාවෝ ගෙනා ඒ පනත කිසිසේත් අදාල නොවේ. මහින්ද සම්බන්ධවව සෘජුව අදාල වන අතර නාමල් සම්බන්ධව ඇත්තේ වෙනත් චෝදනායි.

      ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී ක්‍රියාවලට හරියාකාරව ජනමතයක් ගොඩ නැගීමට විරුද්ධ පක්ෂ සමත් නොවන්නේ මේ ඇනෝ වැනි කරුණු හරි හැටි නොදැන පහර ගසා චාටර් වෙන අය නිසාය.

      අනෙක් අතට පබා ගණිකාවක් බව ඇනෝ කරණ ප්‍රකාශය සත්‍යය වුවත් අසත්‍ය වුවත් ඇනෝ ගේ මේ සටහන නිසා මෙය අභූත සහ ද්වේශ සහගත ප්‍රකාශයක් බව ඔප්පු වෙයි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete