රාජපක්ෂවරුන්ට
එරෙහි තවත් දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත්ව ඇත. ඒකට අනුව ගූගල් සමාගම ලංකාවේ හුදී
ජනයා ගැන මහා කරුණාවෙන් ලංකාවේ කාර්යාලයක් පිහිටුවන්නට ඇවිත් ඇත. ආණ්ඩුවේ
ලොක්කෙක් උන්ගෙන් කොමිස් ඉල්ලීම නිසා උන්
ආපහු ගිහින් ඇත.
ආණ්ඩුවේ
බලවතා කර ඇත්තේ විශාල වැරැද්දකි. ගූගල් කාර්යාලේ ලංකාවේ පිහිටෙව්වානං මේක කිරියෙන් පැණියෙන්
ඉතිරී හාල් මිල රුපියල් 40 ට බසිනු ඇත. සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්ෂ 15 කට විතර මාසෙට ලක්ෂ
එකහමාරේ පඩියට රස්සා ලැබෙනු ඇත. සියළු විදුලි
බලාගාර කොළඹට ගෙනැවිත් එවායේ ටර්බයින් ගලවා ගූගල් එන්ජිමට හයිකොට ලංකාවටම නොමිලේ
විදුලිය දෙන්නටද තිබුණි. ආන්ඩුවේ බලවතාගේ කැත වැඩේ හින්දා නැතිවෙලා ගියේ ඒ වගේ
අනර්ඝ අවස්ථාවකි.
මේ වගේ
බොරු ප්‍රචාරයක් ඇත්තම වගේ ප්‍රචාරය කරන ලංකා ඊ නිවුස් වැනි කාලකන්ණි ගොබ්බයින්ට
කියන්න ඇත්තේ මේ ටිකය. ගූගල් සමාගම වැනි බහුජාතික ජාවාරම්කාරයින්ට ලංකාවේ මිනිස්සු
ගැන මොනම කැක්කුමක්වත් නැත. උන්ට අවශ්‍ය ලාභය පමණකි. එසේ වුවත් නවීන දියුණු ලෝකය
හා බද්ධ වීමට උන්ගෙන් ඇති ප්‍රයෝජනය සලකා උන්ට මෙහි කාර්යාලයක් අරින ලෙස ආරාධනය
කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාය. ඒ ආරාධනය මත ගූගල්
සමාගම ලංකාවට එවුවේ උන්ගේ පහලම ශ්‍රේණියේ නිලධාරින් තුන්දෙනෙකි. උන් ඇවිත් හෙව්වේ
ලංකාවේ ආයෝජනය කිරීමෙන් උන්ට කොපමණ ලාභයක් ගරා ගත හැකිද යන්න පමණි. මහලොකු ලාභයක්
කෙටි කලකින් ගරාගත නොහැකි බව දැනුනු විට උන් ගියේය. එපමණකි.
උන් ලංකාවේ
කාර්යාලයක් ඇරියත් නැතත් ගූගල් කොහොමත් නොමිලේය.
සිදුවූ එකම පාඩුව රස්සා 10 ක් නැතිවීම පමණි. රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න ඕනෑම
අසූචි ගොඩක් බදාගන්නා විපක්ෂයේ සූකරයන්ට ඕක මහ ලොකු බක්කක් උනාට ලංකාවේ පොදු ජනයාට
එහෙම නැත. රාජපක්ෂලා කල එකම වරද ‘අනේ යන්න එපා’ කියමින් ගූගල් කාරයින්ගේ දෙපාවල
එල්ලුනේ නැති එකය. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ඒ වරදට කැමතිය. මොන අඩුපාඩු තිබුණත්
ලංකාවේ සාමාන්‍ය මිනිස්සු රාජපක්ෂලා දිනවන්නේ ජාතිය සතු ඒ අභිමානය පර සුද්දන්
හමුවේ පාවා නොදෙන අසමසම නායකත්වය නිසාය.