Saturday, November 3, 2012

අවුරුදු 11 ක දැරියක ලංකාව තුලදී නීත්‍යානුකූලව දූෂණය කරන්නේ මෙහෙමයි.


අවුරුදු 10 ක 12 ක ගැහැනු දරුවෙක් නීත්‍යානුකූලව දූෂණය කරන්නට ඔබ කැමතිද? අපිට පුලුවනි උදව් කරන්නට. ඔබ කල යුත්තේ සුළු දෙයයි. ඉස්ලාම් ආගමිකයෙක් වෙන්න. ඔබ නොසිතූ වරප්‍රසාද මල්ලක්ම ඔබට පිරිනැමෙනු ඇත.

අපි ශිෂ්ට යයි අදහන ලංකාවේ සම්මත නීතියේ ‘මුස්ලිම් විවාහ නීතිය’ කියා අමුතුම තාලේ එකක් ඇත. ඒකේ හැටියට මුස්ලිම් විවාහයක් ලියාපදිංචි කරන්නේ මෙහෙමය.

1 මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.
2 ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.
3 බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.
4 නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.
5 විවාහ රේජිස්ට්‍රාර් විසින්  විවාහ සහතිකය නොමිලයේ ලබා දෙනු ලබයි.

මේ ක්වාසිවරයා නම් තොප්පියක් දමාගත් රැවුල්කාර මහලු මෝඩයා එකඟ නම් ඔබට වැඩිවියපැමිණි අවුරුදු 12ට අඩු දැරිවියක් වුවද රිසිසේ දූෂණය කිරීමට ලංකාවේදී නීතිමය ආවරණය සැපයේ.
ලංකාවේ පරිවාස හා ලමාරක්ෂක දෙපාර්මේන්තුව නම් ආයතනයක් ඇති අතර එම ආයතනය දරුවන් ගැන පහත කරුණූ සම්බන්ධයෙන් කටයුතුකරයි.

ර‍‍ටේ මොනයම් හෝ තැනක දරුවෙකු,

1 නීතිමය වශයෙන් ළමා අයිතීන් කඩවන තත්වයකට පත්ව ඇත්නම්    
2 දරුවකු ළමා අපයෝජන හා අපචාර තත්වයන්ට ගොදුරුවී ඇත්නම්
3 දරුවකු ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇත්නම්
4 දරුවකු ලිංගික අපයෝජනයකට හෝ වෙනත් අකටයුත්තකට ගොදුරුව පුනරුත්ථාපනය සදහා යොමු කල යුතු නම්
5දරුවකුගේ සෞඛ්‍ය හා වර්ධනයට අවශ්‍ය ඉඩකඩ ඇහිරී ඇත්නම්
6 දරුවාගේ අධ්‍යාපනය සදහා ඇති අයිතිය සුරක්ෂිත කල යුතුව ඇත්නම්.....

මුස්ලිම් විවාහ නීතිය අනුව බලහත්කාරයෙන් විවාහ කරගන්නා ගැහැණු දරුවෙකු ඉහත සියළු නොපනත්කම්වලට පාත්‍රවුවත් ලමාරක්ෂක දෙපාර්තමේන්තුවට ඇහැක් ඇර බලන්නටවත් නොහැකිය. එයට හේතුව නම්, ලංකාවේ ‘දරුවන්’ යන නිර්වචනයට මුස්ලිම් ජාතික අඩු වයස් ගැහැණු ළමුන් ඇතුලත් නොවීමයි. ඔවුන් වයසක කෙලතොල්ලන්ගේ මනදොල සපුරාලනු වස් වෙන්කොට ඇති ක්‍රීඩා භාණ්ඩ විශේෂයකි. 

(කෙසේ වෙතත් වර්තමානයේ මෙවන් දේ සිදු නොවන බව පවසා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන මුසල්මානුවෙකු වේ නම්, මෙම ම්ලේච්ඡ නීතිය නීතිපොතේ ඔවුන් විසින් තවදුරටත් පවත්වාගෙන යන්නේ මන්දැයි පැහැදිලි කල යුතුය)

Thursday, November 1, 2012

‘Che ස්ටාර්’ බ්ලොග්/ෆේස්බුක් වටය.... (ඔබේ මනාපය එපා)


අපි විසින් පවත්වනු ලබන චේ ස්ටාර් තරඟාවලියේ මීළඟට පැවැත්වීමට නියමිතව තිබුනු “චේ ස්ටාර් බ්ලොග්/ෆේස්බුක් වටය” නොපැවැත්වීමට අපි තීරනය කර ඇත. 

එයට හේතුව වන්නේ අපේ රහසිගත විනිශ්චය මණ්ඩලය විසින් ලැබී ඇති අයදුම්පත් සලකා බැලීමේදී අදාල ඉසව්ව සඳහා ‘ඉදිරිපත්වීමට හෝ’ සුදුසුකම් ඇති එකදම අයෙක්වත් නොසිටීමයි. 

අපි චේට කැමති නැතත් ඔහුත් මිහිපිට ජීවත්වූ මිනිසෙකි. මෙලෝ රහක් නැති අපත පින්තූර දමා හතුරෙකුටවත් අපහාස කිරීමට අපි නොකැමැත්තෙමු. උදාහරනයකට පහත පින්තූර බලන්න. 
සයිබරයේ ඔබට හමුවන ඇතමුන් චේට සමාන හැඩරුවක් ඇතැයි ඔබ සිතනු ඇත. එහෙත් මූණේ ලස්සන හදවතේ තිබේද?

නැවත කියන්නේ චේ යනු අපිට වීරයක් නොවේ. ඔහුගේ දේශපාලනය වූයේ මිනිසුන් කොටසක් මරාදමා තවත් මිනිසුන් කොටසක් ජීවත් කරවීම මත පදනම් වූවකි. ඔහු වීරයෙක් නම් ප්‍රභාකරනුත් වීරයෙකි. නමුත් ඔහුගේ එක් දෙයක් අපි අගය කරමු. හරි හෝ වැරදි වේවා අරමුණ වෙනුවෙන් කැපවීමයි. මෙය ප්‍රභාකරන්ගේද ලක්ෂණයකි. අවුරුදු තිහක් ඔහු ලක් රජයට එරෙහිව යුද කිරීමේ රහස එයයි. එමෙන්ම ප්‍රභාකරන්ගේ මිනීමරු වියරුව පරාජය කලේද තිස් වසරකට පසු සමස්ත දකුණම අරමුණ වෙනුවෙන් කැපවීම පෙන්වූ පලමු අවස්ථාවේදීමය.

චේ ඔහුගේ විනාශකාරී බිහිසුණු අරමුණ පෙරදැරිව හෝ මහපොලොවේ ඇවිද්දෙකි. පොඩි මිනිසුන් සමග සිටියෙකි. රට හදන හැටි ගැන අනුන්ට දේසනා කරමින් නොඉඳ තමුන්ට හැකි දේ කල අයෙකි.  වචන වලින් නොව ක්‍රියාවෙන් ඊනියා විප්ලවය කල අයෙකි.

එහෙත් අපිට චායාරූප එවා ඇති සයිබර් හිතවතුන් වැඩිදෙනෙක් ඒ අංශයෙන් වේගේ අහලකින් වත් තියන්නට බැරි බව කිව යුතුය.  සාමය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ෆේස්බුකියේ ලොරි ටෝක් දෙන ඇතැම් පිරිසක් අපි දන්න තරමින් පුද්ගලික ජීවිතයේ දරුණු පීඩකයන්ය. තවත් බංකොලොත් දේශපාලන පක්ෂ වලට සයිබර් කඩේ යන පිරිසක්ද සිටී. ඔවුන් කරන්නේ අමුතුම දෙයකි. ලාංකා මහා සමාජයේ දේශපාලනය හෙනම කට්ටක් බව අවබෝධ කරගත් මේ අය ලංකාවේ සමාජය ෆේස්බුක් ගෲප් දෙකතුනක් බවට ඌණනය කරගෙන සතුටින් සැපෙන් දේශපාලනය කරති. රාජපක්ෂලාගේ සදාචාර විරෝධී සහ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන විසිහතර පැයේ මතුරන මොවුන්, ඔවුන්ගෙන්ම කැඩී ගිය සහෝදරයින්ට බලු කුණුහරුපෙන් බැන වදිති. නින්දිත මඩ ගසති. (ඔය කැඩී ගිය සහෝදරයෝද කැඩී නොගිය උන්ට එලෙසම කරති) එතැන එකම බලු පොරයකි. එමෙන්ම කවුරුහරි ඔවුන්ට විරුද්ධ දේශපාලන අදහසක් මතුක‍ලොත් එයට ඇම්බුෂ් ප්‍රහාරයක් එල්ල කරති. යුනිකෝඩ් වලින් ගසා ජයගෙන විප්ලවය අතලඟ බවට ස්වයං වින්දනයක නියැලෙති.

තවත් පිරිසක් ආතතිය, විශාදය වැනි අට අනූවක් රෝග වලින් පෙලෙන්නන්ය. උන්ට අනුව ‍ලෝකයේ නිවැරදිම දේ දන්නේ උන් පමණි.  අනික් උන් හාල්කෑලිය. විරුද්ධ අදහසක් මතුවුවොත් වැඩපල පාඩුකරගෙන පැය ගණන් යුනිකෝඩ් කොටති. එසේ කරමින් රට සංවර්ධනය නොකරන්නේ යයි ආණ්ඩුවට බනිති. නමුත් ඇත්ත කතාව නම් ඔවුන්ට අවශ්‍ය බනින්නට කෙනක්ය. මේවා මානසික රෝග වේ.

තවත් මානුෂවාදීන් පිරිසක් ආතල් එකට ලියන්නෝය. ඔවුන් කාන්තාවන්ට කෲර සමාජයෙන් සිදුවන අසාධාරණ ගැන හොටු කඳුළු වගුරන්නේ චැට් බොක්ස් එකට වැටෙන කෑලි ගැන එක් ඇහැකින් බලාගෙනය. ඔවුන් ගැන ෆේස්බුකියේ සිටින කාන්තාවන් හොඳින් දනී. සාදාචාරය ගැන ලොරි ටෝක් දෙන්නෙ තවත් වින්ඩෝවක වැල සයිට් එකක් ඕපන් කරගෙනය.

මේ වැඩිදෙනෙක් පොලොවේ කරන්නේ කාට හෝ රැකියාව ලෙස බාල්දුවී මාසේ වියදම හොයාගැනීම, සංසර්ගය සඳහා කාන්තාවන් සෙවීම, වෙලාවක් ලැබුන ගමන් අරක්කු බීම වැනි වැඩයි. සමාජය තුල හෝ පවුල තුල වත් කිසිම දෙයක් නොකරන නිකමුන්ය. මේ අය අන්තර්ජාලය භාවිතා කරන්නේ තමුන්ට නැති පොරත්වයක් මවාගෙන ඉන් සතුටු වීමටය. ඉතින් අපට අයදුම්පත් එවූ ඉහත අය වැඩිදෙනෙක් අපි කැමති නැති චේටත් අන්ත බව අපේ අදහසයි. ඉහත ‍ගොන්නට නොවැටෙන තරමක පිරිසක්ද අපට අයදුම්පත් එවා ඇති මුත්, උන්ද ආශ්‍රය කරන්නේ අරුන්ව බැවින් අරුන් මුන් ඔක්කොම එකගොඩට දමන ලදී.

ඒක නිසා සුදුසු අයදුම්පත් නොමැතිකමින් චේ ස්ටාර්  බ්ලොග්/ෆේස්බුක් වටය අවලංගු කලා. අකමැති උන් නඩු දාපියව්.