Friday, September 28, 2012

සතියේ විහිළුව - රැකියා විරහිත උපාධිධාරියෝ පාගමනේ


ලංකා ඊ නිවුස් ඊයේ “අන්තරේ පාගමනට රැකියා විරහිත උපාධිධාරියෝ එක්වෙති” යනුවෙන්  අපූරු පුවතක් පල කර ඇත. එයින් උපුටාගත්තු කොටසක් පහත දක්වන්නෙමු.

විශේෂයෙන් උපාධියක් ලබාගෙන එළියට පැමිණෙන උපාධිධාරීන්ට ඍජුවම වත්මන් අධ්‍යාපනයේ අර්බුදය බලපා ඇත. උපාධියෙන් පසු රැකියාවක් ලබාගැනීම, කෙසේ හෝ සටන් කර ලබාගත් රැකියාව ස්ථීර නොකිරීම ආදී වශයෙන් ගැටලූ ගණනාවකට අපට මුහුණ පෑමට සිදුව ඇත. අප විශ්වාස කරන පරිදි මෙරට නිදහස් අධ්‍යාපනයක් මේ මොහොතේ ඉතිරිව නැත. ඒ නිසා එය දිනාගත යුතුව ඇත.

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු, අධ්‍යාපනය පෞද්ගලීකකරණය නවතනු, පාසල් වැසීම නවතනු, පාසල්වල මුදල් අයකිරීම් නවතනු ආදී පුළුල් සටන් පාඨ ඔස්සේ සංවිධානය වී ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පාගමන හා එක්වන ලෙස සමස්ත රැකියා විරහිත හා රැකියාලාභී උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, මෙම පාගමනට රටේ ජනතාවටද සම්බන්ධ වන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. උසස් අධ්‍යාපනයේ දැනට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි රැකියා විරහිත උපාධිධාරියා. මතු පරපුර ගැන මාර කැක්කුමකින් පයින් යන ඔය ආචාර්ය මහාචාර්යතුමන්ලගේ සාඩම්බර නිෂ්පාදන තමයි අද විවිධ රාජ්‍ය ආයතන වල රස්සා දෙනකං ගාල් කරල තියෙන රැකියා විරහිත උපාධිධාරියෝ. සීයක් හමාරක් නෙමේ. හතලිස්දාස් ගානක්.

ඉඳගන්ඩ පුටුවක් නැතුව, කාර්යාලවල පියන්ලගෙත් රැවුම් ගෙරවුම් විඳ විඳ, ලිපිකරු ගෑනුන්ගෙ ආවතේව කර කර  උදේ ඉඳං රෑ වෙනකං කාලය කා දමන මේ අය දැයේ දරුවො නෙමේ වෙන්ඩැති. මොකද ඔය සීයට හයේ යෝජනා ඇතුලෙ මේ අය ගැනවත්, මේ ගොඩට ඉදිරියේදී එකතුවෙන්ඩ ඉන්න අසරණයො කන්දරාව ගැනවත් කිසිම කතාවක් නෑ.

කතාවනං සීයට හය දුන්නාම කැම්පස් වලින් සුපර්මෑන්ල එලියට එයි වගේ. ඔය පයින් යන ඇත්තො කවදාවත් නිකමට ආපහු හැරිල බලල තියෙනවද තමුන් එලියට දාන උන්ට මොකද වෙන්නෙ කියලා? ඒ එන එන ගානේ ආන්ඩුවේ රස්සා හද හදා දෙන්ඩ GDP එකෙන් සීයට කීයක් වැඩිපුර වෙන්කරන්ඩ වෙනවද කියලා? කොටින්ම තමුන් උගන්නන ඒවයින් මොකාටද වැඩක් තියෙන්නෙ කියලා?

කැම්පස් එකෙන් එලියට එන දරුවෙකුට තමුන්ට ස්වාධීනව රස්සාවක් හොයාගන්ඩ බැරිනම්, ඔය වගේ අන්ත අසාර්ථක අධ්‍යාපනයකට තවත් මොකටද සල්ලි වෙන්කරන්නෙ? තවත් රැකියා විරහිත උපාධිධාරියො රටට ගොඩගහන්නද? ඒකෙන් තව තවත් ‍කෙලවෙන්නෙ මේ රටේ බදු ගෙවන මිනිස්සුන්ට නේද? රට යන්නෙ අගාධෙට නේද?

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු, අධ්‍යාපනය පෞද්ගලීකකරණය නවතනු, පාසල් වැසීම නවතනු, පාසල්වල මුදල් අයකිරීම් නවතනු ආදී පුළුල් සටන් පාඨ” ඇතුලෙ ඔය අසරණ දරුවො ගැන මොනවද තියෙන්නෙ? ආචාර්යතුමන්ලට සුපිරි වැටුප් දුන්නාම මේ ලමයින්ට අඟහරු ලෝකෙන් රස්සා ලැබෙයිද? වැඩි වැටුප් ඉල්ලන, ලමයින්ට අධ්‍යාපන දීමනා ඉල්ලන ඔය දැවැන්ත උද්ඝෝෂණ ඇතුලේ මේ පලක් නැති පාඨමාලා ගැන සද්දයක් නැත්තෙ මොකද? ඔයාලට අන්තර්ජාල දීමනා දුන්නාම කලා උපාධිධාරියො ටිකට කවුරුහරි අඬගහලා ටොප් ලෙවල් රස්සා දෙයිද?

ඔය කවුරුත් අයිතිවාසිකම් ඉල්ලන්ඩ කලින් තමුන්ගෙ වගකීම් ටික මෙතෙක් යන්තමටවත් කරල තියෙනවද කියල හිතුවොත් හොඳයි.

රැකියා විරහිත උපාධිධාරීන් කීදෙනෙක් ඔය පාගමනට අද එකතුවුනාද කියලා අපි දන්නෙ නෑ. සෑහෙන්ඩ එන්ඩත් ඇති. මොකද කූඹියගෙ හැටියට කැවුත්ත කියනව වගේ ගුරුවරුන්ගෙ මොලේ හැටියට තමයි ගෝලයන්ගෙ අලේ.

Wednesday, September 26, 2012

බර්ටි ප්‍රේමලාල් කියන්නෙ බුදුහාමුදුරුවොද?


මේ තවත් ඡන්ද ප්‍රතිඵලයක් එක්තරා වෙබ් අඩවියක් වාර්තා කර තිබූ අයුරු.


ගහපු පුද්ගලයා ගැන විවාදයක් නැත. සැබෑ අධර්මිෂ්ඨ කාලකන්ණියෙකි. අපට විවාදය ඇත්තේ ගුටිකාපු පුද්ගලයා ගැනයි.

එහෙන් සරම් අඳින බුදුවරු. තවතැනක අලුත් නිවනක් හොයාගත්තු සිවුරු දරණ රහතුන්. තව තැනක කොලපාට බුදුවරු. තව පැත්තක හිනාවෙන බුදුවරු.

දවස ගානෙ වස්තුව සොයා ළය පලා බැලෙන පිළිම වහන්සේලා. ගර්භය හාරා පස්ගොඩවල් පමණක් බවට පත්කල චෛත්‍යයන්. මුස්ලිම් පල්ලි බවට හැරවෙන පන්සල්.

දෙපැත්තේ ලොකු දේවාල දෙකට මැදිව මිරිකෙන බුදුගෙවල්. කට්ටඩියන්ගේ ගුබ්බෑයම් බවට පත්වූ ආවාසයන්. ටියුෂන් කඩ බවට පත්වූ බණමඩු. පිරිත් පැන් මිලිලීටර් ගානට විකුණන පිරිත්පැන් බාර්. රුපියල් විස්සට එක එක පාට පිරිත්නූල් විකුණන පන්සල් ග්‍රොසරි. කැවීම්, පැන්නවීම්, අණ වින, හදි හූනියම්, නවග්‍රහ යන්ත්‍ර, වශී, සෙත්කවි, වස්කවි.... ඕනෙ කෑල්ලක් රුපියල් තුන්සීයට විකුණන පන්සල් සේල්........

ඔය ඔක්කොම විප්‍රකාර මැද්දෙ ගුටිකාල සිවුරු ඉරාගන්න හාමුදුරුවරු.

ඉහළ දිවුල්වැවේ විමලවංශ හාමුදුරුවනේ,
සිවුරු ඉරාගත්තට කමක් නෑ සම්බුද්ධ ශාසනය, නැත්තං බුදුහාමුදුරුවො වෙනුවෙන්නං.
ඒත් බර්ටි ප්‍රේමලාල් කියන්නෙ බුදුහාමුදුරුවොද?

Tuesday, September 25, 2012

ඊ නිවුස් බෞද්ධයෝ මරාගෙන මැරෙති

සාටකයෙන් නිරූපණය වන බෞද්ධ කොඩියට මෙහෙම අපහාස කරන්න ඊනිවුස් බල්ලන්ට තියෙන අයිතිය කුමක්ද? ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාව නියෝජනය කරන්නාය. මෙම සාටකය මහින්ද නමැති පුද්ගලයාට නොව ශ්‍රී ලංකාවට විදේශයකදී දක්වන ලද ගෞරවයකි. එම සාටකය හෙළුවැලි නිරූපිකාවකට ඇන්දීම ගැන මහින්දට බනින උපාසකයෝ කියන්නේ කුමක්ද?

ජනාධිපතිතුමා පසුගිය දිනෙක ඉන්දියාවේ සාංචි බෞද්ධ මධ්‍යස්ථානයට ගියේය. ඒ බෞද්ධ විශ්ව විද්‍යාලයකට මුල්ගල තබන්නටය. ඉඩම අක්කර සීයකි. විශ්ව විද්‍යාලය හැදුවාට පසු රාජපක්ෂලා ගිහින් එහි පදිංචිවෙන්නේ නැති අතර බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය සහ ඒ ආශ්‍රිත කලාවන් ගැන උසස් අධ්‍යයනයක් ලැබීමට කැමති ලෝකයේ ඕනෑම කෙනෙකුට එය විවෘත වෙනු ඇත. අප උතුම් ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ මධ්‍යස්ථානයක් වනු ඇත.

ඒ උනාට ඕවත් නිවුස්ද? ඔය වගේ නිවුසයක් රුපියල් පහකටවත් විකුණගන්ඩ පුළුවන්ද? මෙන්න නියම නිවුස් එක. අදාල උත්සවයේදී සාංචි බෞද්ධ මධ්‍යස්ථානයේ සම්ප්‍රදායානුකූලව බෞද්ධ කොඩිය නිරූපණය වන සාටකයක් එහි සංවිධායකයන් විසින් ජනාධිපතිතුමාට පළඳවා ඇත. ජනාධිපතිතුමා ඉතා සුළු  වේලාවකින් එය ගලවා ඉවත් කලද ඒ මොහොතේ ගන්නා ලද පොටෝ දෙක තුනක තාමත් එම සාටකය පැළඳ සිටී. ඔන්න හොඳ ගානකට කපතහැකි මෝරෙක්.

ඒ ගැන ලියන සැදැහැවත් ඊනිවුස් පින්වතුන් මරාගෙන නොමැරී ඇතිවා පමණය. ඒ තරමටම සැදැහැවත් ඊනිවුස් රුධිරය රත්වී ඇත.  දහම් සංවේගයෙන් කම්පා වී ඇත. අපේ බුදුදහම ජනාධිපතිතුමා ඉවරෙටම ඉවර කර ඇත. අයියෝ සල්ලි.

මීට කලින් බෞද්ධ සංකේතයකට මෙහෙම වින්නැහියක් සිද්ද වෙලාම නැත. පොලිස් රාලහාමිලා අතේ පැළඳගෙන හිටියට ධර්ම චක්‍රය බෞද්ධ ලාංඡනයක් නෙමේ. ඇතැම් දහම්පාසැල් බැජ්වල බෞද්ධ කොඩිය ගහලාම නැත. කොල්ලො කෙල්ලෝ ධර්මචක්‍ර, බෝකොල, චේන්වල දාල බෙල්ලෙ එල්ලං හිටියට මොනම අවුලක්වත් නැත. පස්ස හෝදන අතට දාන බ්‍රෙස්ලට් එකේ පොඩියට ධර්ම චක්‍රයක් එල්ලිලා තිබ්බාට ඒක බෞද්ධ කොඩිය නෙමේ නිසා ප්‍රස්නයක් නැත. බෞද්ධ කොඩි වුනත් අපහාස වෙන්නේ විසේස ආකාරයකටය. වෙසක් පොසොන් සැරසිලි වලට එල්ලන ‘ප්‍රීති වෙසක්’ කඩදාසිවල බෞද්ධ කොඩි පාරේ පෑගෙමින් ගියාට අවුලක් නැත. එකම අවුල කවුරුන්හෝ ඕක ජනාධිපතිතුමාට දැම්මොතින්ය.

ඔය ඊනිවුස් උපාසකයන්ට හොඳටම රිදී ඇති කාරනාව දන්නවාද? බැරිවෙලාවත් පොන්සේකා හරි සෝමවංස හරි රනිල් හරි ඔය උත්සවයට ගිහින් සංවිධායකයෝ එකපාරටම බෞද්ධ කොඩි සාටකයක් දාන්න හැදුවොත් ඒගොල්ලෝ මූණටම මෙහෙම කියන නිසාය.
“බෞද්ධ කොඩිය ඔහොම බෙල්ලෙ දාන්නෙ නෑනෙ. ඒක අගෞරවයක් බව තේරෙන්නෙ නැද්ද? අරං යනවල ඕක.... ගිහින් අර බුදුපිළිමෙ ඉස්සරහින් තියල වඳිනවල”

ඕං බලන්ඩ. ජනාධිපතිතුමා වගේ අධර්මිෂ්ටයෙක්. නැද්ද?

Sunday, September 23, 2012

අධ්‍යාපනයට 6% කුත් මදි.... 15% ක් වත් වහාම ලබාදෙනු...!


අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ දවස්වල රැලි පෙරැළි ගොඩකි. තවත් දින කීපයකින් ඊජිප්තු පන්නයේ කැරැල්ලකින් රටේ බලය අල්ලන්නටද සෝමවංශ මහත්තයා සූදානමින් සිටී.

බලාගෙන යද්දී මේ උද්ඝෝෂණ සාදාරණය. ලොකුවට ඉල්ලන්නේ අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් සීයට 6 ක් වෙන්කරනු කියාය. පොඩිවට ඉල්ලන අනික් ඉල්ලීම් වන්නේ ආචාර්යවරුන්ගේ පඩි වැඩිකරනු, ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන දීමනාවක් දෙනු, ගෙවල් කුලී ලබාදෙනු, අන්තර්ජාල දීමනාවක් දෙනු වගේ තව ඉල්ලීම් ටිකකි. ඒවත් අසාධා‍රණ නැත. අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ මේ සියළු ඉල්ලීම් දෙන ලෙසය. ඊටත් අමතරව පාසල් ගුරුවරුන්ටද ඉහත සියළු ඉල්ලීම් ලබාදෙන ලෙසද ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු. එපමණක් නොවේ. අධ්‍යාපන ආයතන වලට මොනවා දුන්නත් සිසුන් යැපෙන්නේ ගෙදරින් බැවින් ආර්ථික දුෂ්කරතා සහිත ලංකාවේ සියළු සිසුන්ට මසකට රුපියල් පන් දහසක අධ්‍යාපන දීමනාවක්ද, අන්තර්ජාල දීමනාවක්ද, ලබා දෙන ලෙස ඉල්ලමු. අධ්‍යාපනය යනු රටේ අනාගතය බව සියළු දෙනා ඒකමතිකව පිළිගන්නා බැවින් මේ ඉල්ලීම් වලට කිසි කෙනෙක් විරුද්ධ නොවන බවද අපි හොඳින් දනිමු. එබැවින් රටේ අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් 15% වෙන්කරනු.

ඊළඟට අපි හඩ නගන්නේ  රජයේ සේවකයන් වෙනුවෙනි. රජයේ රස්සාව තම එකම ජීවනෝපාය කරගත් අයට රටේ ආර්ථිකය සලකා තවත් 30% ක වැටුප් වර්ධකයක් වහාම ලබාදිය යුතුය. සරසවි ඇඳුරන් මෙන්ම රටේ පරිපාලන ව්‍යුහය නිවැරදිව ගෙනියන රජයේ සේවකයන්ද හොඳට කාලා බිලා ඇඳලා වාහනයක යා යුතුය. ඔවුන්ගේ දරුවන්ද හොඳට ඉගෙන ගත යුතුය. ජීවිත කාලයේ හොඳම හරිය ගතකරන කාර්යාලයේ සුව පහසුවට වැඩකටයුතු කරන්ඩ පහසුකම් ලැබිය යුතුය. ගන්න පඩියෙන් ගෙවල් කුලී ගෙවා ජීවත්විය නොහැකි බැවින් ගෙවල් කුලී දීමනාවක්ද දිය යුතුය. එමෙන්ම දැනට හිඟපාඩුව පවතින පොටෝකොපි මැෂින්, පරිඝනක, දුරකථන වැනි සියළු කාර්යාලීය පහසුකම්ද ලබාදිය යුතුය. එමෙන්ම අප සරසවි ඇඳුරන්ගේ අනර්ඝ නිෂ්පාදන වන උපාධිධාරින් සියළු දෙනාටද රජයේ පත්වීම් ලබාදිය යුතුය. මේ ඉල්ලීම් පිළිබඳවද සරසවි ඇඳුරන් හෝ වෙනත් කිසිකෙනෙක් විරුද්ද නොවන බව අපි හොඳින් දනිමු. එබැවින් රාජ්‍ය පරිපාලනයටද ද.ජා.නි. යෙන් 30% ක් වෙන් කරන ලෙස ඉල්ලමු.

රටක වැදගත්ම සම්පත වන්නේ නීරෝගී ජනතාවයි. නමුත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු ගොඩකි. රෝහල්වල පහසුකම් මදිය. බෙහෙත් හිඟය. වෛද්‍ය විශේෂඥයන් හිඟය. ප්‍රජා සෞඛ්‍ය සේවාවන් තවමත් ගස් යට පවත්වාගෙන යන ස්ථානද ඇත. වැටුප් මදකම නිසා වෛද්‍යවරුන්ද ඉන්නේ කනස්සල්ලෙනි. තනතුරු පුරප්පාඩු එමටය.
අපි ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ සියළු රෝහල් තවත් වැඩි දියුණු කොට, ඒවා සඳහා අවශ්‍ය සියළු උපකරණ ලබාදෙන ලෙසයි. එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩල සඳහාද ප්‍රමාණවත් වැටුප් දීමනා ලබාදී එහි පුරප්පාඩු සියල්ලද පුරවන ලෙසයි. එමෙන්ම රෝගීන්ට අවශ්‍ය සියළු බෙහෙත් සහ වෛද්‍ය පරීක්ෂණ 100% නොමිලේ ලබාගැනීමය සලසන ලෙසයි. ප්‍රාදේශීය සෞ.වෛ.නි. කාර්යාලවලද, සායන මධ්‍යස්ථානවලද අඩුපාඩු සියල්ල සම්පූර්ණ කොට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට වාහනයක් සඳහා බදු සහනද ලබාදෙන ලෙසයි. මේවාටද කිසිකෙනෙක් විරුද්ධ නැති අතර සෞඛ්‍යය සඳහා ද.ජා.නි. යෙන් 25% ක් වෙන් කරන ලෙස ඉල්ලමු.

රජය විසින් දුප්පත් ජනතාවට දැනට ලබාදෙන සහනාධාර කිසිසේත්ම ප්‍රමාණවත් නැත. රුපියල් හාරපන්සීයක සමෘද්ධි දීමනාවකින් කාටවත්ම වැඩක් නැත. එමෙන්ම අන්ත අසරණයින්ට ලබාදෙන රුපියල් 250/- පිංපඩිය විහිලුවකි. ආබාධිතයන් සඳහාද මසකට රුපියල් 5000/- වත් දීමනාවක් ලබා දිය යුතුය.  පිං පඩිය රුපියල් 2000/- කරනු. සමෘද්ධි දීමනා රුපියල් 3000/- සිට 5000/- දක්වා තලයකට ගෙනඑනු. දැනට මහජනාධාර නොලබන සුදුස්සන් සියළු දෙනාටද එම දීමනා ලබාදෙනු. පොහොර සහනාධාරය ඇතුළු අනිකුත් සහනාධාරද දිගටම ගෙනයනු.
ධනේෂ්වර ආර්ථිකයේ නිසඟ ප්‍රතිඵලයක් වන ආදායම් බෙදීයාමේ විෂමතාව නිසා අසරණ වන පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් අප මහා කාරුණික වාමාංශිකයන් මේ යෝජනා දෑත් ඔසවා අනුමත කරන බව අප දන්නා අතර, අන්ත ධනවාදී සරසවි ඇඳුරෙක් වුවද මේවාට විරුද්ධ නොවනු ඇත. එබැවින් දිළිඳ සහන සඳහා ද.ජා.නි.යෙන් 20% ක් වෙන්කරනු.

මහජන සාමය හා ආරක්ෂාවට දැනට වෙන් කරන්නේ 5.17% කි. මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නැත. එක එකාගෙන් රුපියල් සීය දෙසීය කප්පම් ගන්නා හිඟන්නන්ගේ තත්වයෙන් පොලිස් නිලධාරින් මුදවාගෙන ඔවුන්ට ආත්ම අභිමානයෙන් කටයුතු කිරීමට තවත් 50% කවත් වැටුප් වර්ධකයක් ඔවුනට බලාදෙන ලෙස ඉල්ලමු. එමෙන්ම දැනට නිතර භාවිතය නිසාම ලදරං වී ඇති වාහන වෙනුවට අවශ්‍ය තරම් අළුත් වාහනද, අවශ්‍ය අනෙකුත් උපකරණ ඇඳුම් පැළඳුම්, කාර්යාල උපකරණ නොඅඩුව ලබාදෙන ලෙසද ඉල්ලමු. එමෙන්ම එක නිලධාරියෙක් පැය විසිහතර, තිස්හය අඛන්ඩ සේවයේ යොදවා ඔවුන් නොමරා මැරීමට ලක් නොකර අවශ්‍ය තරම් අළුත් නිලධාරින් බඳවාගන්නා ලෙසද ඉල්ලමු. රටේ නීතිය, සංහිදියාව පතන කිසිවෙකුත් මේවාට විරුද්ධ නොවේ. එබැවින් මහජන සාමය සඳහා ද.ජා.නි.යෙන් 15% ක් වෙන් කරනු.

ඊළඟට රටේ වැදගත්ම ක්ෂේත්‍රයක් වන්නේ.......

මල කෙලියයි. ගාන වැරදියි වගේ. දැනටම අපි දල ජාතික නිෂ්පාදිතයෙන් 105% ක් විතර ඉල්ලලා. අනික් ඉල්ලීම් ටිකත් එක්ක එද්දි ඕක 800% ක් වත් වෙයි වගේ. පොඩ්ඩක් ඉන්ඩ ගාන හරියට හදං එන්නං......

Sunday, September 16, 2012

හතර වටින්ම කෙළවගෙන, අතීතයටත් කෙළවන උන්ට ආදර හසුනක්.


 “ඒකාලෙ දුප්පත් කියන අය අඩුයි. කාටත් හොඳට කන්න බොන්න තිබුණා. කවුරුත් සතුටෙන් ජීවත් වුණා. කයියට වැඩ කළේ දෙන්නටම කුඹුරු ඉඩම් තියනෙවා නම් විතරයි. එහෙම නැත්නම් වැඩකළේ කුලියට. හැබැයි කුලියට කියන්නේ ගොයම් කැපුවාම වී කුරුණිය යි, ගොයම් පෑගුවාම වී කුරුණි දෙක යි. ඒක තමයි කුලිය. හවස ගෙදර එනකොට ඒකත් අරගෙනයි එන්නෙ.

මේ අතර දිවෙල් දීමකුත් තිබුණා. ඒ අය එන්නෙ පරණ අවුරුද්දට. රෙදි අපුල්ලන අය, බුලත් කෑමට හුණු පුච්චන අය, ඒ ඔක්‌කෝට ම දෙන්නෙ වී හාල් එළවළු ආදිය යි. එක එක ගෙවල්වලින් එකතුවුනාම මහ ගොඩක්‌. ඒවා ඔක්‌කොම කරත්තවල පටවගෙන අරන් යනවා. ඒ අයත් ඒ ක්‍රමවලින් පොහොසත් වෙනවා. වළන් හදන අයත් එනවා. ඒ ගොල්ලන්ටත් වී හාල් තමයි දෙන්නෙ. හැම ගෙදරකටම හොඳට වී හාල් තියෙනවා. කොටුවේ එළවළු තියෙනවා. කිරි, හරකුන්ගෙන් ලැබෙනවා. වත්තේ කිතුල් ගහක්‌ දෙකක්‌ මදිනවා. එයින් පැණි හකුරු ලැබෙනවා. ඔය අතර හැම ගෙදරකට ම වගේ රබර් ටිකකුත් තිබුණා. රබර් විකුණලා ගන්න සල්ලිවලින් කඩේට ගිහින් දුරු මිරිස්‌ පහේ ටික, කරෝල ටික ගන්නවා. අඳින්න රෙදි කෑල්ලක්‌ ගන්නවා. බොහොම සතුටින් කවුරුත් ජීවත් වුණා. ඒ කාලෙ අඳින්න රෙදි ගත්තේ අවුරුද්දට විතරයි. අද වගෙ හැමදාම රෙදි ගැනීමක්‌ නැහැ. අවුරුද්දට කලින් දවසේ ගෙවල්වල හදන කැවිලි පෙවිලි හැම දෙයක්‌මත් හාල්, පොල් ආදී දේවලුත් නොවරදාවාම පන්සලටත් ගේනවා. මේ හැම දෙයක්‌ ම ගෙනාවාම විශාල ප්‍රමාණයක්‌. අද නම් මේ තත්ත්වය හුඟාක්‌ අඩුයි.

ඉහත උපුටනය අතිපූජ්‍ය බෙල්ලන ඥාණවිමල ලොකු හාමුදුරුවොත් එක්ක  ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවො කරපු සාකච්ඡාවකින්. (මේක නැවත ඇස ගැටෙන්න සැලැස්සුවට Sorry.com සොයුරන්ට ස්තුතිය)

දැන් මේකට ප.නූ වාදියො (නොහොත් පස්චාත් නූතනවාදියො) කියයි අතීතකාමය කියල. කැමති එකක් කියාගනිල්ලා. මේ එක්තරා වකවානුවක අපේ සමාජයේ හරස්කඩක්.
මේ පෝස්ට් එක ලියවෙන්නෙ අපේ ඉල්ලීම මත ඉහත සම්පූර්ණ සාකච්ඡාව කියවලා, දන්න කියන ප.නූ/බාගෙට මාක්ස්වාදී/වෙන්ඩ සේකූලර් බැතිමතෙක්  අපිට දීපු පතරංග කමෙන්ට් එකක් නිසා. එයා කිව්වෙ මෙහෙම අදහසක්.

“මොකද්ද බං ඔය ජීවිතේ? එක තැනක වැටීගෙන, වවාගන්න දෙයක් තම්බගෙන කාල, ගම වටේ තියෙන වනාන්තරයෙන් එහාපැත්ත කළුද සුදුද කියලවත් නොදැන නිකාංම මැරිල යනවා. ආර්ට් කියන්නෙ නොදියුණු බෙර සද්ද ටිකක්. නීතිය කියන්නෙ ගමේ පරවේණී නායකයගෙ වචනේ. ආගම දහම කියන්නෙ හාමුදුරුවො දන්න කතන්දර ටික. ගමේ වෙදාගෙ බේත් පැලෑටි ටිකට වලංගු නැති ලෙඩක් හැදුනොත් වැලිගම්පිටි තමා. සත්තු මරෝගෙන වැඩගන්නවා.

දුප්පත් නෑ කියන්නෙ කොහොමද? ඇඳුමක් කියන්නෙ මොකක් හරි රෙදි කෑල්ලක්. කෑම වේලක් කියන්නෙ මොකද්ද? හැන්දෑවට මොනවද කරන්නෙ? දන්න කියන ජනකවි තිහ හතලිහ හැමදාම කියනව ඇති. නැත්තං අහස දිහා බලා ඉන්නව ඇති. නැත්තං හත වෙද්දි බුදියනව ඇති. හිතාගන්න බැරි තරං බෝරිං ජීවිත. ඇයි ඕක හොඳයි කියන්නෙ?”

මේක ගැන ලොකු උත්තරයක් දෙනවට වඩා අපි කැමතියි එයාම උත්තරයක් හදාගන්නවනම්. ඒකට අපි තීරණය කලා සරළ ප්‍රස්න ටිකක් අහන්න. අපිට උත්තර එපා. ඔයාම උත්තර හිතාගන්න. (ආයෙ හම්බඋනාම මේක නොකියෙව්ව වගේ උන්නත් කමක් නෑ)

1 ඔයා තෘප්මත්ද?

ඒ මිනිස්සුන්ට අවශ්‍යතා ටිකයි තිබුණේ. හැම අවශ්‍යතාවයම සපුරගන්න හැමෝටම බැරිවෙන්නැති. නමුත් ඕනෑම කෙනෙකුට උත්සාහයෙන් සපුරගන්න පුළුවන් ඒවා. සමහරවිට මිනිහෙකුගෙ ඉහලම අවශ්‍යතාව ඇතැම්විට ගමේම හදාගන්න පුළුවන් කරත්තයක්.

නමුත් ඔයාගේ ලොකුම සිහිනය වන ෆෙරාරියක් අයිතිකරගන්න දවසක් ඔයාට හිතාගන්නවත් පුළුවන්ද? කවුද වැඩිපුර අතෘප්තිමත්?

2 රට වටේ තියෙන මූදෙන් එහාපැත්ත ඔයා දන්නවා. ගිහින් බලාගෙන එන්නත් පුළුවන්. ටීවී එකේ පැය විසිහතරෙමත් පෙන්නනවනේ. ඉතින් ඒකෙන් උනේ ඔයාට සහනයක් දැනෙන එකද අසහනය වැඩි වෙන එකද? සුදු මිනිස්සු දැකල ඔයා කට්ට කළු වුන එක ලැජ්ජ වුනා නේද? කළු මිනිස්සුන්ගෙ ඇඟවල් දැකල කෙසඟ ඔයාට මොනවද හිතුනෙ? දියුණු මංමාවත් දැකල අපේ පාරවල් ගැන දුක හිතුන නේ? උං කන බොන, අඳින, හැසිරෙන හැටි දැකල අපි අශිෂ්ටයි කියල හිතුන නේද? උංගෙ නීතිය/පාලනය දැක්ක දා ඉඳං නේද රාජපක්ෂලව එලවන්න හදන්නෙ? උං මාර බුද්ධිමත් සහ මාරෙට හම්බකරනවා කියල හිතිල නේද 6% ඉල්ලන්නේ? මෙහෙ මැතිවරණ මාර ප්‍රචණ්ඩ හින්ද නේද ඔයා කැෆේ එකේ වැඩ කලේ?
කවද්ද ඔයාගෙ අසහනේ දුරුවෙන්නෙ?

3 වැඩිපුරම කෑම ‍අහේනිය තියෙන්නෙ ඔයාටද, නැත්තං ඒ මිනිස්සුන්ටද?

ඔයාට අහුවෙන දෙයක් තම්බලා කෑවහම බඩ පිරෙනවද? ඔයා මාළු තම්බල කාල, කිරට උයල, මිරිසට උයල, බැදල, පුච්චල, දැන් අමුවෙනුත් කාල බලන්ඩ නේද යන්නෙ? කොහොම කෑවත් ඔයාගෙ බඩ පිරෙන්නෙ නෑ නේද? ඔයා රහ බලපු කෑම ජාති වගේ සිය ගුණයක ලැයිස්තුවක් ඔලුවෙ තියෙනව නේද මෙතෙක් රස නොබලපු? සමහර ඒවා මැරෙනකං කන්න ලැබෙන්නෑ කියල ඔයාම දන්නවා නේද? කවුද බඩගින්නෙ ඉන්නෙ?

4 ඔයාගෙ ඉලව් බටහිර වෛද්‍ය විද්‍යාව මාර දියුණු හින්ද ඔයා අමරණීය වෙලාද?

ඔයාට දියවැඩියාව තියෙනව කියල අපි දන්නවා. ඇයි ඉතිං ඔච්චර දියුණු ඔයාගෙ වෛද්‍ය ක්‍රමයෙන් සුටුස් ගාල හොඳ කරගන්නකො. සීනි දාල ප්ලේන්ටියක් බොන්න බැරි ජීවිතේද ඔයා ඔය හැටි උඩදාන්නෙ? බඩ එනව වැඩී කියල මොකද්ද මැෂිමකුත් උස්සං ඇවිත් මකුළුදැල් බැඳි බැඳී ගෙදර තියෙනව නේද? ඒකෙ දවසට පැය බාගයක් එක්සයිස් කරගන්න බැරි එක ගැන කනස්සල්ලක් නිතර තියෙනව නේද? ඔයාගෙ කොණ්ඩෙ යන හින්ද නේද නෝට් එකට කොණ්ඩෙ කපන්නෙ? ඒක ගැන කනස්සල්ලකුත් තියෙනව නේද? ඒ කියන්නෙ ඔය දියුණුම දියුණු ඔයාගෙ වෛද්‍ය ශාස්ත්‍රය තියාගෙනත් ඔයා අද ලෙඩ වාට්ටුවක් නෙමේද?

5 ඒ කාලෙ කතන්දර අහං ඉඳල සාදු කියාපු මිනිස්සුන්ට වඩා හෙන දේවල් ඔයා දන්න බව අපි දන්නවා. අපි අහන්නෙ ඔයා ඒ දැනුමෙන් සැනසිලාද ඉන්නෙ කියලා.

ඒ කාලෙ මිනිස්සු හ‍‍‍ෙඳේ හාවා ඇඳපු කතාවටත් සාදු කියල, ඒක අහං හිටපු එකෙන් පිනක් සිද්ද වුනා කියල හිතලා, ඒ පිනෙන් ලබන ආත්මෙ විමුක්තියක් ලැබෙයි කියල හිතාගෙන සැනසීමෙන් ගෙදර ගියා. ඒ සැනසීමම තමයි විමුක්තිය කියන්නෙත්. තමුන් විඳින හැම දුක් කරදරයකටම කරුමය (කර්මය) කියල හේතුවක් තිබුනා. ඒ නිසා ඉදිරි ජීවිතේ හොඳින් ඉන්න යහපත් කර්ම කරන්න මිනිස්සු උත්සාහ කලා. ඒක සමාජයටත් බලපෑවා.

අද ඔයා දන්නවා හ‍ෙඳේ හාවෙක් නෑ කියලා. දැන් ඔයා හොයන්නෙ අඟහරු මත ජලය සහ කාබනික සංයයෝග තියෙනවද කියල නේද? ඊළඟට හොයන්නෙ බ්‍රහස්පති ගැනද? යුරේනස් ගැනද? බෝසෝන් අංශුව පිළිබඳ පුවාදය සනාථ වුනාට පස්සෙ ඔයාට සනීපෙට නින්ද ගියාද? ඔයා මාක්ස්වාදය හදාරලා ඉවර කරන්නෙ කවද්ද? අපි දැක්කා මේ දවස්වල කොල්ලො වගයක් බදියුද මොකෙද්ද එකෙක් ගැන කතා කරනවා. ඔයා මාක්ස් ඉවර කරලා අනුපිලිවෙලින් බදියු ගාවට එනකොට ඔයාගෙ වයස කීයක් විතර වෙයිද? වැදගත්ම දේ මේකයි. ඔය ඔක්කොම කියෝලා ඉවරකලාට පස්සෙ ඔයාට සැනසීමක් ලැබෙයිද? හිත නිසංසල වෙයිද? ශාන්තියක් දැනෙයිද?

6 ආර්ට් ගැන ඔයා කියන කතාවෙනම් පොඩි දෙයක් තියෙනවා. (ඒක නිසා අර බෙර සද්ද ගැන කියපු අලුගුත්තේරු කතාව අමතක කරල දාමුකො) කලාව මිනිස් ජීවිත විකසිත කරගන්න භාවිතා කරන්නක්. ඒක දියුණු වෙන තරමට හොඳයි. හැබැයි ඔයා කලාව කියල හිතං ඉන්න තක්කඩි බිස්නස් එක ගැන නෙමෙයි අපි කියන්නෙ කියල විතරක් කියන්නම්.

7 ඔයාගෙ ජීවිතේ බෝරිං නැද්ද?

එදා දවල් දවසෙ වැඩ ඉවර කරලා, නාල, කාල රෑ අටට නිදාගත්තු මිනිහගෙ ජීවිතේට වඩා ඔයාගෙ/අපේ ජීවිතේ බෝරිං. මෙච්චර කාලෙකට අපි මොනවද කරල තියෙන්නෙ? එකම දෙයයි.

එළවන එක.

දැනුම පස්සෙ. සල්ලි පස්සෙ. ලිංගික තෘප්තිය පස්සෙ. රස ආහාර පස්සෙ. අලුත් තාක්ෂණික මෙවලම් පස්සෙ. තනතුරු පස්සෙ.....

රෑට ඉන්ටර්නෙට් එකේ. මෙතන මාර විචිත්‍ර හින්ද බෝරිං නෑ කියල හිතෙනව ඇති. නමුත් මොනවද මෙතන කරන්නෙ? තව එකෙකුට වඩා ඉලිප්පෙන්න හදන එක. තව එකෙකුට මඩ ගහන එක. තව එකෙකු‍ට ටොපි බෙදන එක. මට වඩා අරූ දන්නෙ මොනවද කියල හොයන එක. මට වඩා අරූ ගන්න ආතල්එක හොයන එක. මේවත් අර එලවිල්ලෙම කෑලි නෙමේද?

ඔයාට දිනපතා දවසෙන් පැය දාසයක් ලොරියක් එලවන්න උනොත් බෝරිංද නැද්ද? මේ එලවිල්ලත් ලොරි එලවිල්ලට දෙවෙනි නෑ. මේ මොහොතෙ බෝරිං නැතුව ඇති. නමුත් වෙලාවක් එනවා හති වැටෙන. ආපහු හැරිලා බලලා දිවි නහගන්න හිතෙන. සිහි නැතිවෙන්න බොන්ඩ හිතෙන.

අපේ හාමුදුරුවො කියාපු කාලෙ අපේ ගම්වල කතන්දර කියන, විහිලු තහලු කරන සීයලා ආච්චිලා හිටියා. ඒ මිනිස්සු හිටියෙ සන්තෝසෙන්. ඒ අය නිසා සමාජයේ අනික් අයත් සන්තෝසෙන්. ඔයා හිතනවද ඔයා වයසට ගියාම පොඩි එකෙකුට විහිලුවක් කරලවත් හිනාවෙයි කියලා? ඔයාට/අපිට එතකොට හොඳටම හති. ඔයාට ලොකු දැනුමකුත් තියෙන හින්ද මරණෙන් පස්සෙ දෙයක් ගැන විශ්වාසයකුත් නැති එකේ ඔයා ගතකල නිශ්ඵල ජීවිතේ ගැන හිතමින් රවාගෙන නේද ඉන්න වෙන්නෙ? ඔයාට/අපිට ලබාගන්න බැරිවුන දේවල් ගැන හිත හිතා නේද මැරෙන්න වෙන්නෙ?

ඔය ටික දැනට ඇති. අපි මෙතන ඔයාගෙ ආතල් කැඩුව කියල හිතන්න එපා. ඔයාගෙ වගේම තමා අපේ ජීවිතත්. අනික මේ කියල තියෙන්නෙ ඒ කාලෙ ගමකට ආපහු යන්න ඕනෙ කියල නෙමෙයි. එහෙම ආපහු යන්න බැරි තරම් දුරකට අපි ඇවිල්ලා. අපි කියන්නේ හතර වටින්ම කෙළවගෙන, ඒ මදිවට ජීවත්වන මහපොළොවටත් කෙළවන ගමන්ම, ඒකාලෙ පොළොවට බරක් නොවී, සැනසිල්ලෙ මැරිලගිය මිනිස්සුන්ට හිනාවෙන්න එපා කියලා.

(මෙම ලිපිය අප කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයකි.  මෙයට ඔබ කැමැත්තේනම්, මෙය ෂෙයාර් කිරීමෙන් ලබාදෙන සහයෝගය අගය කොට සලකමු)

Thursday, September 13, 2012

අපේ ගොනා... අපිට එපා...!


“ගම්මට්ටමේ... බිම්මට්ටමේ ....පොලෝමට්ටමේ .... තැලෙන පෑගෙන මිරිකෙන දුප්පත් අසරණ අහිංසක මිනිස්සුන්ට.... දිරියක් විරියක් සවියක් බලයක් ශක්තියක් වෙමින්..... අපේ එක්සත් ජාතික පක්ෂය හැමදාම ඔවුන් සමගයි කියන එක මං මේ අවස්ථාවේදී මතක්කරන්න කැමතියි සහෝදර සහෝදරියනි....... එදා මගේ පියතුමා.... ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා............”

ඒ හඬ ඇහෙන්නේ ප්‍රේමදාස ලී මෝලෙන්. ලී මෝලට මයික් එක අල්ලන්නෙ (ඔලුවට කෙලින) මහාරාජා. ඔය ගොරතර නාදයෙන් සවන්පත් පිනායන්නෙ සල්ලි හදිස්සිකාර යූ.ඇන්.පී සුපින්වතුන්ගෙ.

“බලන්න මිත්‍රවරුනි, අද ලයිට් නෑ.... දවසකට පැය තුන හතරක්... ලයිට්එක.. කරන්ට්එක.. විදුලිය... විද්‍යුතය කපනවා.... මොකද ඒ...? ගමේ ගොඩේ වෙලේ නියරේ කම්හලේ පැක්ටරියේ කර්මාන්තශාලාවේ.... වැඩකරන.. සේවය කරන.. රැකියාව කරන... තැලෙන පෑගෙන මිරිකෙන දුප්පත් අසරණ අහිංසක ජනතාවට.... විදුලිය දෙන්ඩ මේ රජයට වැඩපිලිවෙලක්.. ක්‍රමවේදයක්.. වැඩසටහනක්.. සැලසුමක්..... නෑ......!  ඔබ තමුන්නාන්සෙලට මතක ඇති එදා මගේ පියතුමා... ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා......”

මේ යූ.ඇන්.පී. සුපින්වතුන්ට තියෙන්නෙ බොහොම සිම්පල් ප්ලෑන්එකක්. මොනවා කරල හරි රාජපක්ෂව එලවලා  නාඩි වැටෙන මොකෙක් හරි එකෙක් ඔතන වාඩි කරවන එක. (අර විකල්පයක් ඇතත් නැතත් දැන් ඇති කියන මහත්තුරුන්ටත් මේ සුපින්වතුන් හරි ආදරෙයි. විකල්ප නොසිතමු. සජිත් දිනවමු.)

මේ ගොල්ලො රනිල්ට කැමති නැත්තෙ එයාට කොන්දක් නැති හින්දලු. ඒක නිසාලු දශක දෙකක්  තිස්සෙ පරදින්නෙ. එයාට තාලෙට අත්පුඩි ගහන්ඩත් බැරිලු. සින්දු කියන්ඩත් බැරිලු. බලහල්ලකො. නායකයෙක් වෙන්ඩ එක සුදුසුකමක්වත් නෑනෙ. 
ඉතිං ගස් නැති රටේ තුත්තිරි ගස් වලටත් පර්මිට් ඕනෙ කියන්නැහේ කිලී මහාරාජගෙ ටොපි ලොසින්ජර් වලට ගිය කල.......!

“බලන්ඩ හිතවතුනි ... මගේ පියා.. එදා... ශ්‍රීමත් රණසිංහ ප්‍රෙමදාස මැතිතුමා.. එදා ජනසවිය වැඩසටහන යටතේ සල්ලි නැති.. මුදල් නැති..නැතිබැරි දුප්පත් අසරණ අහිංසක ජනතාවට.. ශක්තියක්.. සවියක්..පිටුවහලක්.. පිටුබලයක්.. උදව්වක් සෙතක් සහනයක් යහපතක් ශාන්තියක්..... සලසමින්... ආරම්භ කරපු ඒ දැවැන්ත ජනතා හිතවාදී වැඩපිළිවෙල ඉදිරියටම ගෙනයමින්... එළඹෙන පළාත්සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවා.... ප්‍රේමදාස චින්තනය නැවත වරක් ... මේ රටේ..... පැහ්.....” (උගුර ගියා)

මැරිච්චි මිනිස්සු චන්දෙ ඉල්ලන එකම රට ලංකාවද මන්ද ඕයි.

Tuesday, September 11, 2012

දේශපාලන ආබාධිතයන්ගේ සාමාන්‍ය දැනීම


ඉහත දැන්වීම අප බ්ලොගයේ ප්‍රදර්ශනය කරන්නට ගත්තේ මෙම බ්ලොගය ආරම්භක අවධියේදීමයි. ඒ එක්කම මේක ෆේස්බුකියේද ප්‍රදර්ශනය කලා.

මේකෙ ඇති විශේෂත්වය මේකයි.මෙම බැනරය ෆේස්බුකියේ මෙතෙක් කිසිවෙකු විසින් ලයික් කර හෝ ෂෙයාර් කර නැත.

ඒකෙන් කියවෙන්නෙ මොකද්ද? මේක දැකපු (දහදෙනෙක් හරි කමක් නෑ) කාටවත් මේක එච්චර වැදගත් පණිවිඩයක් හැටියට නොපෙනීම. ඇත්තටම මේක වැදගත් නැද්ද?
(අර රස සරණියෙ මහත්තුරු නෝනල වගේකුත් මේක බලලා කියල තිබුනා අපි ගෙවල් හදන එව්ව මෙව්ව කතාකරල තියෙන නිසා පංචායුදගෙ සෙට් එකක් වෙන්නැති කියලා. උන්ට මේ බැනර් එකේ අදාලත්වය එච්චරමයි. අඩුමගානෙ අසරණ මිනිහෙකුට උදව්වක් කරන්න පුළුවන් ඔත්තුවක්වත් නෙමෙයි. අපි නම් පුදුම වෙන්නෙ නෑ.)

ආබාධිතයින් මෑතක් වෙනතුරුම සමාජයෙන් පිටුවහල් කළ පිරිසක්. සමාජයට කරදර කල පිරිසක්. ඔවුන්ගෙන් සමාජයට තිබුන එකම ප්‍රයෝජනේ නිරෝගී නෝනල මහත්තුරුන්ට හොඳට හිනාවෙන්න නිමිති සපයපු එක.

ඕං දැං හැමෝම මෙතන බයිල ගහයි අපි එහෙම හිනාවෙලා නැතය, පව්ය අරක මේක. එහෙම කීප දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි අර කාලකන්ණි මෙගා ටෙලිනාට්‍යවල ජෝක් සපයන්න ඉන්න කොර ගහන, නැත්තං මන්ද මානසික චරිතෙට බඩ අල්ලං හිනා වෙච්චි උං විතරක් සුදන වෙන්ඩ එන්ඩ එපා. ඒකත් ආබාධිත බවට හිනාවීමක්.

මේ පිටුවහල් මිනිස්සු දිහා පලවෙනි වතාවට ටිකක් පිලිවෙලකට බැල්මක් හෙළුවෙ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය වග ඇයට ගෞරවයක් වශයෙන් කියන්න ඕනෙ. සුනෙර පදනම හරහා මේ මිනිස්සුන්ටත් හැකියාවන් ඇති බව ලංකාවට පෙන්නුවේ ඇය. ඊට පස්සෙ තමයි වගකිවයුතු අංශ ඔවුන් දිහා බලන්න ගත්තෙ. විශේෂයෙන් කියන්න ඕනෙ. අපි දන්න ඉතිහාසයේ ආබාධිතයන් වෙනුවෙන් වැඩිම අවධානයක් දක්වන්නෙ මේ ආණ්ඩුව. (මේක කි‍යෝල නලියන්ඩ ගත්තු කවුරුහරි ඉන්නවනං දැන්ම මේක වහල දාල යන්ඩ. එහෙම උන්ට නෙමේ මේව ලියන්නෙ)

දැන් ආපහු අර බැනර් එකට. ඒකෙ සඳහන් වෙන්නෙ තාවකාලික නිවාසවල ජීවත්වන, ආබාධිතයෙක් සිටින සියළු පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක බව. ‍අවම කොන්දේසිය පවුලේ අයෙකුට කුමන හෝ හිමිකමක් ඇති බිම්කඩක් තිබීම පමණයි. මේ සඳහා එක් නිවසක් හදන්න උපරිමය රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා මුදලක් (නැවත නොගෙවන) ආධාරයක් විදිහට ලබාදෙනවා. ඒ වගේම අපි දන්න විදිහට මේ සඳහා වන අරමුදලේ අවශ්‍ය තරම් මුදලුත්  තිබෙනවා. ප්‍රශ්නේ ආධාර ඉල්ලන්න මිනිස්සු නැතිකම.

ඒ වගේම මොකක්හරි ස්වයං රැකියාවක් කරන්න පුළුවන් අඩු ආදායම්ලාභී ආබාධිත අයෙකුට රුපියල් 25000/= ක ආධාරයක් දෙනවා. එවන් ආබාධිත අයෙකුගේ නිවසකට ජලය, විදුලිය ලබාගන්න හෝ වැසිකිළියක් හදාගන්න රු. 15000/= උපරිමයක් දක්වා ආධාර මුදලක් ලබා දෙනවා. ඒ වගේම ආබාධිතයා පවුලේ ගෘහමූලිකයා වන්නේ නම් මසකට රුපියල් 3000/= ක දීමනාවක් ලබාදීමේ වැඩසටහනකුත් මෑතකදී ආරම්භ කලා. (අපි දන්න විදිහට එය පළමු වටයෙන් පසු දැනට කෙටි කලකට නවතා තිබෙනවා. නමුත් තවමත් ඉල්ලුම්පත් යොමුකල හැකියි.)

ඒ වගේම ඕනෑම අඩු ආදායම්ලාභී ආබාධිතයෙකුට අවශ්‍ය රෝද පුටු, කිහිළිකරු, ඇස් කණ්නාඩි, අක්ෂි කාච, ශ්‍රවණ උපකරණ වැනි දේවල් බොහොම කෙටි කාලයක් තුල පහසුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි.

මේ පහසුකම් ලබාගන්න කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයක්. තමුන්ට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ සමාජසේවා නිලධාරියා හමුවෙන එක. එහෙම යන්ඩ අමාරුනම් පලාතෙ ග්‍රාම නිලධාරියාට කිව්වත් අවශ්‍ය සම්බන්ධීකරණය කරල දෙනවා. මතක තියාගන්න. මේ ආධාර ලබාගන්න දේශපාලන නියෝජිතයන්ගෙ ලියුම්/නිර්දේශ අවශ්‍ය නැහැ. එහෙම ලියුම් ගේන්න කියල කිසිම නිලධාරියෙක් කියන්නෙත් නෑ. දේශපාලන පක්ෂ පාට / ජාතිය / ආගම / කුලය කිසිසේත්ම අදාල නැහැ.

ප්‍රස්නේ තමයි මේ දැනුත් පුංචි ලෑලි ගෙවල්වල, පොල්අතු මඩුවල එක්තැන්වෙලා ඉන්න ආබාධිතයො ලංකාවෙ ඕනෙතරම් ඉන්නවා. රෝද පුටුවක් නැති නිසා පොලොවෙ රූටලා යන මිනිස්සු ඕනෙතරම් ඉන්නවා. ඇහැට කාචයක් ගන්න සල්ලි නැතුව දුක් විඳින මිනිස්සු ඉන්නවා. ගෙට ලයිට් නැතුව ලාම්පු එලියේ දුක් විඳින ආබාධිතයො ඉන්නවා.

ආන්ඩුවෙන් මෙහෙම දේවල් නොමිලෙම දෙන බව ඒ හුඟක් මිනිස්සු දන්නෙ නෑ. ආන්න හරි. නිලධාරින්ගෙ වැරැද්ද නේ? කුජීත රාජපක්ෂ ආන්ඩුවේ දූසීත නිලධාරි......

නිලධාරි එහෙම්මයි කියමුකො. මෙතන කෑ ගැහුවට උන් හැදෙන්නෙ නෑනෙ. ඒත් ඔය තැන් තැන්වල දුප්පත් ජනතාව,  රට, ජාතිය, පීඩිත පංතිය, නැතිබැරි අසරණයො ගැන ලොරි ටෝක් දෙන එවුන්වත් මේ මිනිස්සු දිහා බලන්නෙ නැති එකනෙ වැඩේ. අපි මේ කියන්නෙ ඇත්තම ප්‍රස්නෙ තියෙන්නෙ කොහෙද කියන එක නැවත හිතන්න කියලයි.

අපි විස්වාස කරන විදිහට ඔය කොයි විප්ලවවාදියත් කෑ ගහන්නෙ තමුන්ගෙ බඩගෝස්තරේට අදාල දේ ගැන විතරයි. මහින්ද එලවමු කියන එකා ඒ කෑගහන්නෙ පොදු ජනතාව/රට අරක මේක ගැන අම්බ කැක්කුමකින් කියලනෙ සාමාන්‍යයෙන් පෙනෙන්නෙ. නමුත් ඇත්ත ඒකද? උදාහරණයක් හැටියට බ්ලොග්වල, ෆේස්බුක් එකේ ඔහොම කෑගහන ජාත්‍යන්තර විප්ලවවාදියො ඔය වගේ ආබාධිතයෙකුගෙන් අහලවත් තියෙනවද මොනවද ඕනෙ කියලා? ඊළඟට මාක්ස් එංගල්ස් කටපාඩමින් කියන ඔය වාමාංශික ගිරාපෝතක වහන්සෙලා අඩුමගානෙ දන්නවද ආබාධිතයෙක් හමුවුනොත් ඒ මිනිහට මේ ධනපති ආන්ඩුවෙන් වත් අරන් දෙන්න පුළුවන් සහන මොනවද කියලා?  උන්ට කියන්න තියෙන්නෙ ලංකාවෙ නිර්ධන පන්තිය බලය අල්ලගන්නකං ඔහොමම බඩ ගාගෙන පලයල්ලා කියන එක විතරයි නේද?

මොකද අර මිනිහා බඩගානකම් එයාලට වාසියි. ලෝකෙට පෙන්නන්න පුළුවන් මෙන්න ධනපති ආණ්ඩුවල නිර්ධනයො යන හැටි කියලා. දැන් කියයි නිලධාරින් හරියට මෙහෙයවන එක ආණ්ඩුවක වැඩක් කියලා. හරි. ආණ්ඩුව නරකමයි කියමු. නමුත් මේ අසරණ මිනිස්සු ගැන පුළුවන් යමක් කරන තරමේ මානුෂික කමක්වත් දේශපාලනය කරන මිනිහෙක් ළඟ තියෙන්න ඕනෙ නේද?

අපිට මහින්දගෙ රෙදි අපුල්ලනව කියල චෝදනා කරන සුද්දවන්ත දේශපාලන සත්වයන්ගෙන් අපි අහන්නෙ මෙච්චරයි.

ඔහෙල බලයට එනකං ඔහෙලට ලොකු දේවල් කරන්න බැරිවෙයි. නමුත් ආබාධිතයන් වගේ සමාජයෙන් පිටුවහල් මිනිස්සුන්ට (ඔහෙල බලයට එනකං බඩගගා ඉඳහල්ලා නොකියා) මහින්දගෙන් උදුරල හරි යමක් අරන්දෙන්න ඔහෙලට තියෙන බැරිකම මොකද්ද?

ඒ ආබාධිතයෙකු වෙනුවෙන් යමක් කරන එක ඔහෙලගෙ බඩගෝස්තරේට අදාල නොවන නිසාද?
නැතිනම් දේශපාලනේ ගැන ලොරිටෝක් දුන්නත් ඔහෙලගේ සාමාන්‍ය දැනුම බින්දුව නිසාද?

Monday, September 10, 2012

ෆේස්බුක් විප්ලවවාදීන්ගේ තරු පහේ නවාතැන - රස සරණිය


මිනිස්සු හොඳට කන එක ගැන තරහක්, ඊර්ෂ්‍යාවක්, අපුලක් අපිට නැත.  වෙන්ඩ ඕනෑත් ඒකය. අසියාවේ ආශ්චර්යය මුදුන්පත් වෙන්නේ මිනිස්සු එහෙම කන දාටය.

මිනිස්සු හොඳට බොන එක ගැනද අපේ පරහක් නැත. මතට තිත ගෙනාවේ තරුණ සහ ළමා පරපුර ශීඝ්‍රයෙන් මත්පැන් ලෝලිත්වය කරා ඇදී ‍ගොස් රටට බරක් වන බේබද්දන් බවට පත්වීම යම් ප්‍රමාණයකින් හෝ අවම කරගන්නටය. වැඩේ සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් බොන්න ඕනෙ මිනිස්සුන්ට බීම තහනම් කොට නැත. ඒ නිසා බොන්න ඕනෙ අය බිව්වාට කමක් නැත. බොන එක හොඳම ඒවා බොනවානම් තවත් හොඳය. (හැබැයි තම තමුන්ගෙ සල්ලි වලින්)

මේ කතා කරන්නේ ‘මිනිස්සු කන බොන එක’ ගැන නෙමේය.

ෆේස්බුකියේ මාර විප්ලවවාදින් කොටසක් සිටිති. පීඩිත ජනතාව වෙනුවෙන් කීබෝඩ් ගෙවෙනතුරු කෑ මොරදෙති. තමන් සිටින්නේ තැලෙන පෑගෙන ජනතාව සමඟ බව කියති. කීබෝඩ් එකෙන් ජනතා විරෝධී ආණ්ඩුව පෙරලන්න වලිකති. මේ පීඩිත ජනතා විප්ලවවාදින්ගේ ගෙට්ටුගෙදර් හරිම ආතල්ය. බොන්නේ බකාඩිය කන්නේ හැම් බේකන්ය. යන්නේ ලක්ෂ 70 80 වාහන වලිනි. මේ විප්ලවවාදින් වාදිනියන් එකතු වී ෆේස්බුක් ගෲප් එකක් කරති.

එහි නම රස සරණියයි. ලින්ක් එක මේකය.

එහි උන් කන කෑම ෆොටෝ ගසා එකිනෙකාට පෙන්වා ගනිති. ඇති අහේනියක් නැත. මාර කෑමකි. මුන් ඉපදී ඇත්තේ කෑමටය. මේ කෑමදාසලා පීඩිත ජනතාව වෙනුවෙන් විප්ලව කරන්ට සැරසෙයි.

එක අතකට එය  රස සරණියක් නොව මළකුණු සරණියකි. ගෲප් එක පුරාම ඇත්තේ මස් ගොඩවල්ය. රසසරණිය ඇතුලෙදී මේ විප්ලවවාදින් මස් පුච්චාකන මළපෙරේතයන් රංචුවකි. හැබැයි එලියේදී.... ඇ‍ඬෙනව අයිසෙ.

ඉතින් ෆේස්බුකිය මාරම විප්ලවවාදීය. බැලූ බැලූ අත දූෂිත ආණ්ඩුව නිසා පීඩාවට පත් එදාවේල කන්ඩ නැති අසරණ ජනයා වෙනුවෙන් හොටු කඳුළු පෙරන මහත්වරුය. ශ්‍රී ලංකා පොලිටික්ස් ගෲප් එකේ මිනිස්සුන්ට කන්ඩ නෑ කියා කමේන්ට් කරන ගමන් අනික් වින්ඩෝවේ රසසරණියේ මස්කුට්ටියකටද ලයික් එකක් දමයි.

අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ? J

ඇත්තටම තරුපහේ කෑම කන්ඩ නැති සාමාන්‍ය මිනිස්සු මේක කියවනවනං රස සරණියෙන් ගත්තු පහත අතිමානුෂවාදී ආහාර බලා බඩ පුරවාගන්නා ලෙස ඉල්ලමු.

ලාංකීය විප්ලවයෙන් පසු ජනතාවගේ නිල පානය මෙහෙමය.
නව ලිබරල්වාදී ඌරු මස් කුට්ටියක්
(මෙම ඌරාගේ ඉතිරි කොටස්  අර්ධ මිලිටරි බැවින් භාවිතයට ගෙන නැත)
වැඩකරන ජනතාව සැමරීම වස් මට්ටියන් තැම්බුමක්...
(පෙරකල ඇතැම් මුහුදුබඩ අබෞද්ධ බරවැඩ කල මිනිසුන්ගේ ආහාරයකි.
සිංහල බෞද්ධයන් මෙය පිළිකුල් කලහ).
ප්‍රාග් ඓතිහාසික ජනයාට උපහාරයක් වශයෙන් බුදී.
අමු මාළු බයිට් එකක්. සෝස් සමග පංකාදු පහලු.
(මහින්දගෙ මාළු කන්ඩ හදන්නේ මේ පුරුද්දටය)
- දක්ෂිණ