අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ දවස්වල රැලි පෙරැළි ගොඩකි. තවත් දින කීපයකින්
ඊජිප්තු පන්නයේ කැරැල්ලකින් රටේ බලය අල්ලන්නටද සෝමවංශ මහත්තයා සූදානමින් සිටී.
බලාගෙන යද්දී මේ උද්ඝෝෂණ සාදාරණය. ලොකුවට ඉල්ලන්නේ අධ්‍යාපනයට දළ ජාතික
නිෂ්පාදිතයෙන් සීයට 6 ක් වෙන්කරනු කියාය. පොඩිවට ඉල්ලන අනික් ඉල්ලීම් වන්නේ
ආචාර්යවරුන්ගේ පඩි වැඩිකරනු, ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන දීමනාවක් දෙනු, ගෙවල් කුලී
ලබාදෙනු, අන්තර්ජාල දීමනාවක් දෙනු වගේ තව ඉල්ලීම් ටිකකි. ඒවත් අසාධාරණ නැත. අපි
ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ මේ සියළු ඉල්ලීම් දෙන ලෙසය. ඊටත් අමතරව පාසල්
ගුරුවරුන්ටද ඉහත සියළු ඉල්ලීම් ලබාදෙන ලෙසද ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු. එපමණක් නොවේ.
අධ්‍යාපන ආයතන වලට මොනවා දුන්නත් සිසුන් යැපෙන්නේ ගෙදරින් බැවින් ආර්ථික දුෂ්කරතා
සහිත ලංකාවේ සියළු සිසුන්ට මසකට රුපියල් පන් දහසක අධ්‍යාපන දීමනාවක්ද, අන්තර්ජාල
දීමනාවක්ද, ලබා දෙන ලෙස ඉල්ලමු. අධ්‍යාපනය යනු රටේ අනාගතය බව සියළු දෙනා ඒකමතිකව
පිළිගන්නා බැවින් මේ ඉල්ලීම් වලට කිසි කෙනෙක් විරුද්ධ නොවන බවද අපි හොඳින් දනිමු.
එබැවින් රටේ අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් 15% වෙන්කරනු.
ඊළඟට අපි හඩ නගන්නේ රජයේ සේවකයන්
වෙනුවෙනි. රජයේ රස්සාව තම එකම ජීවනෝපාය කරගත් අයට රටේ ආර්ථිකය සලකා තවත් 30% ක
වැටුප් වර්ධකයක් වහාම ලබාදිය යුතුය. සරසවි ඇඳුරන් මෙන්ම රටේ පරිපාලන ව්‍යුහය
නිවැරදිව ගෙනියන රජයේ සේවකයන්ද හොඳට කාලා බිලා ඇඳලා වාහනයක යා යුතුය. ඔවුන්ගේ
දරුවන්ද හොඳට ඉගෙන ගත යුතුය. ජීවිත කාලයේ හොඳම හරිය ගතකරන කාර්යාලයේ සුව පහසුවට
වැඩකටයුතු කරන්ඩ පහසුකම් ලැබිය යුතුය. ගන්න පඩියෙන් ගෙවල් කුලී ගෙවා ජීවත්විය
නොහැකි බැවින් ගෙවල් කුලී දීමනාවක්ද දිය යුතුය. එමෙන්ම දැනට හිඟපාඩුව පවතින
පොටෝකොපි මැෂින්, පරිඝනක, දුරකථන වැනි සියළු කාර්යාලීය පහසුකම්ද ලබාදිය යුතුය. එමෙන්ම
අප සරසවි ඇඳුරන්ගේ අනර්ඝ නිෂ්පාදන වන උපාධිධාරින් සියළු දෙනාටද රජයේ පත්වීම්
ලබාදිය යුතුය. මේ ඉල්ලීම් පිළිබඳවද සරසවි ඇඳුරන් හෝ වෙනත් කිසිකෙනෙක් විරුද්ද නොවන
බව අපි හොඳින් දනිමු. එබැවින් රාජ්‍ය පරිපාලනයටද ද.ජා.නි. යෙන් 30% ක් වෙන් කරන
ලෙස ඉල්ලමු.
රටක වැදගත්ම සම්පත වන්නේ නීරෝගී ජනතාවයි. නමුත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ
අඩුපාඩු ගොඩකි. රෝහල්වල පහසුකම් මදිය. බෙහෙත් හිඟය. වෛද්‍ය විශේෂඥයන් හිඟය. ප්‍රජා
සෞඛ්‍ය සේවාවන් තවමත් ගස් යට පවත්වාගෙන යන ස්ථානද ඇත. වැටුප් මදකම නිසා වෛද්‍යවරුන්ද
ඉන්නේ කනස්සල්ලෙනි. තනතුරු පුරප්පාඩු එමටය.
අපි ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ සියළු රෝහල් තවත් වැඩි
දියුණු කොට, ඒවා සඳහා අවශ්‍ය සියළු උපකරණ ලබාදෙන ලෙසයි. එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩල
සඳහාද ප්‍රමාණවත් වැටුප් දීමනා ලබාදී එහි පුරප්පාඩු සියල්ලද පුරවන ලෙසයි. එමෙන්ම
රෝගීන්ට අවශ්‍ය සියළු බෙහෙත් සහ වෛද්‍ය පරීක්ෂණ 100% නොමිලේ ලබාගැනීමය සලසන ලෙසයි.
ප්‍රාදේශීය සෞ.වෛ.නි. කාර්යාලවලද, සායන මධ්‍යස්ථානවලද අඩුපාඩු සියල්ල සම්පූර්ණ කොට
පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට වාහනයක් සඳහා බදු සහනද ලබාදෙන ලෙසයි. මේවාටද කිසිකෙනෙක්
විරුද්ධ නැති අතර සෞඛ්‍යය සඳහා ද.ජා.නි. යෙන් 25% ක් වෙන් කරන ලෙස ඉල්ලමු.
රජය විසින් දුප්පත් ජනතාවට දැනට ලබාදෙන සහනාධාර කිසිසේත්ම ප්‍රමාණවත් නැත.
රුපියල් හාරපන්සීයක සමෘද්ධි දීමනාවකින් කාටවත්ම වැඩක් නැත. එමෙන්ම අන්ත අසරණයින්ට
ලබාදෙන රුපියල් 250/- පිංපඩිය විහිලුවකි. ආබාධිතයන් සඳහාද මසකට රුපියල් 5000/- වත්
දීමනාවක් ලබා දිය යුතුය. පිං පඩිය රුපියල්
2000/- කරනු. සමෘද්ධි දීමනා රුපියල් 3000/- සිට 5000/- දක්වා තලයකට ගෙනඑනු. දැනට
මහජනාධාර නොලබන සුදුස්සන් සියළු දෙනාටද එම දීමනා ලබාදෙනු. පොහොර සහනාධාරය ඇතුළු
අනිකුත් සහනාධාරද දිගටම ගෙනයනු.
ධනේෂ්වර ආර්ථිකයේ නිසඟ ප්‍රතිඵලයක් වන ආදායම් බෙදීයාමේ විෂමතාව නිසා අසරණ
වන පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් අප මහා කාරුණික වාමාංශිකයන් මේ යෝජනා දෑත් ඔසවා
අනුමත කරන බව අප දන්නා අතර, අන්ත ධනවාදී සරසවි ඇඳුරෙක් වුවද මේවාට විරුද්ධ නොවනු
ඇත. එබැවින් දිළිඳ සහන සඳහා ද.ජා.නි.යෙන් 20% ක් වෙන්කරනු.
මහජන සාමය හා ආරක්ෂාවට දැනට වෙන් කරන්නේ 5.17% කි. මෙය කිසිසේත්ම ප්‍රමාණවත්
නැත. එක එකාගෙන් රුපියල් සීය දෙසීය කප්පම් ගන්නා හිඟන්නන්ගේ තත්වයෙන් පොලිස්
නිලධාරින් මුදවාගෙන ඔවුන්ට ආත්ම අභිමානයෙන් කටයුතු කිරීමට තවත් 50% කවත් වැටුප්
වර්ධකයක් ඔවුනට බලාදෙන ලෙස ඉල්ලමු. එමෙන්ම දැනට නිතර භාවිතය නිසාම ලදරං වී ඇති
වාහන වෙනුවට අවශ්‍ය තරම් අළුත් වාහනද, අවශ්‍ය අනෙකුත් උපකරණ ඇඳුම් පැළඳුම්,
කාර්යාල උපකරණ නොඅඩුව ලබාදෙන ලෙසද ඉල්ලමු. එමෙන්ම එක නිලධාරියෙක් පැය විසිහතර,
තිස්හය අඛන්ඩ සේවයේ යොදවා ඔවුන් නොමරා මැරීමට ලක් නොකර අවශ්‍ය තරම් අළුත්
නිලධාරින් බඳවාගන්නා ලෙසද ඉල්ලමු. රටේ නීතිය, සංහිදියාව පතන කිසිවෙකුත් මේවාට
විරුද්ධ නොවේ. එබැවින් මහජන සාමය සඳහා ද.ජා.නි.යෙන් 15% ක් වෙන් කරනු.
ඊළඟට රටේ වැදගත්ම ක්ෂේත්‍රයක් වන්නේ.......
මල කෙලියයි. ගාන වැරදියි වගේ. දැනටම අපි දල ජාතික නිෂ්පාදිතයෙන් 105% ක්
විතර ඉල්ලලා. අනික් ඉල්ලීම් ටිකත් එක්ක එද්දි ඕක 800% ක් වත් වෙයි වගේ. පොඩ්ඩක්
ඉන්ඩ ගාන හරියට හදං එන්නං......
මමයි මේක ලියන්න හිතං හිටියේ... රටට කන්න දෙන ගොයියන්ට හා ධීවරයින්ට 50%ක් අනිවාර්යයෙන් වෙන් කරන්න ඕන.. කවුරු හරි ඒකට විරුද්ධද..? නැහැ නේද..මොනවා කරන්නත් කාලා ඉන්න එපෑ...
ReplyDeleteඑතකොට රටට විදේශ විනිමය ගේන කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට හා සුභ සාධනයටත් 10%ක් ඕන... සුද්දන්ට ජංගි මහලා හරි රටට විනිමය ගේන උන්ට 10%ක් කියන්නේ වැඩි වෙන් කිරීමක් කියලා කාටවත් කියන්න ඇහැකිද..?
තව තියේ ප්‍රවාහනය සම්පූර්ණ නොමිලේ දෙන්න ඕන... මොකද වෛද්‍ය වරුන්ටයි රජයේ නිලධාරී මට්ටමේ ඇරුන්ටයි මුන්ටයි ප්‍රවාහන දීමනා දෙන්නේ කාර් බාර් වල යන්නත් එක්කනේ.. සාමාන්‍ය පොදු ජනතාවට බස් එකක කෝච්චියක නිකං යන්න දුන්නාම මොකද වෙන්නේ..මොකද මිනිස්සු පාරට බහින්නේ ආතල් ගන්නයෑ... රටට වැඩ කරන්නනේ.. එහෙම ගිහින්නේ රටට ආදායං උපද්දවන්නේ.. ඒ හින්දා නිදහස් ප්‍රවාහන සේවයක් උදෙසාත් 15%ක් හෝ එයිට වැඩි ගණනක් වෙන් කරන්න ඕන... කවුරු හරි විරුද්ධද ඈ..?
මාරයා උන්නැහෙත් මේ කාරණේ ලියනවනං අගෙයි. මේක එක කටකින් කියල මදි. අනික අපට වඩා බොහොම සුරුවට තමුන්නැහේ ලියනවනෙ. කරුණාකර තමුන්නැහෙත් මේ ගැන ලියන්න.
Deleteමාරයාගේ ප්‍රශ්න වලට පිළිතුරු
Delete1. නෑ
2. බෑ
3. නෑ
අපේ රටේ අද ඇති ඛේදවාචකය මාරයා වැනි අටපාස් පුරවැසියකුට අවබෝධ කර ගත හැකි දෙයක් ඊට වඩා බොහෝ උගතුන්ය කියන පිරිසට අවබෝධ නොවීමයි. එක්කෝ මේ උගතුන්ය කියන පිරිස ඉස්කෝලේ යන කාලේ අංක ගණිතය හදාරා නැත. නැතිනම් ආත්මාර්ථය උදෙසා අනෙක් සියල්ල අමතක කිරීමට සූදානම් තක්කඩියන් පිරිසකි.
Deleteනැත. ඔවුන් විඳින සියළු විරහවේදනාවන්ට හේතුව රාජපක්ෂ ආන්ඩුව බවද, ඒක පෙරලුවාම කප්රුක පහලවන බවද සිතන මානසික ලෙඩුන් පිරිසකි.
Deleteමාරයො + ජනසේනෝ,
Deleteමොලේ තරම කතාවෙන් දැනේ කියන්නෙ ඒක තමයි. බං උඹල වගේ නූගත් එවුන්ව ඒ තත්වයෙන් මුදා ගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ තිබුන නම් උඹල මෙහෙම ගොන් කතා කියන්නෙ නැහැ. හරක් පැටුවුනේ අධ්‍යාපනය කියන්නේ රටක පලවෙනි තැනලා සලක්කන්න ඕන දේ. උඹල අහල තියෙනවද අර ලෙනින් ලොක්ක සෝවියට් විප්ලවයෙන් පස්සෙ කිව්ව දේ, ‘පළමුවත්, දෙවනුවත් තෙවනුවත් අධ්‍යාපනය‘ කියලයි කිව්වෙ. ඒ විටානකම තේරුම්ගත්ත නිසා තමයි සෝවියට් රුසියාව අන්ත දුප්පත් තැනක ඉඳල ලෝක බලවතෙක් තත්වයට ගේන්න පුලුවන් උනේ.
අධ්‍යාපනය කියන දෙ වටිනාකම තේරුම් ගන්න බැරි තරම් මන්ද මානසික උනු පලියට ඒකට කේචොක් කරන්න තරම් අමනයො වෙන්න එපා බොල. මතක තියා ගනින් අර කන්නංගර මහත්තයත් වැරදිලා හරි තොපි වගේ හිතුව නම් උඹල අද අත්සන වෙනුවන ගහන්නෙ කන අස්සන. අඩුම ගානේ කෙලෙහි ගුණ කියන දේ තියපන්.
ඇත්ත ඇත්ත බං.. උඹලා වගේ අවංක ජනහිත කාමී පොරවල් නැති වීම නිසා තමා අපිට මෙහෙම උනේ... සික් අපරාදේ නේද..මගේ ගොංකම කියන්නේ මූණ එළියට දාගෙනම ඇවිත් මේ ගොන්නු වෙනුවෙන් පෙනී ඉන්නවනේ.. Racki (මල්ලි/නංගි හෝ වෙනත්...) වගේ එඩිතරව පෙනී ඉන්නේ නැතිව තමුන්ගේ උගත් සමාජය වෙනුවෙන්...
Delete:D:D:D
කඩාකප්පල් කාරයො ;)
ReplyDeleteහැබෑට 200% ත් පනීද ඔක්කොම එකතු කරල ගද්දි... :)
200 නෙමේ 800% ක් වෙනවා.
Delete//එමෙන්ම අප සරසවි ඇඳුරන්ගේ අනර්ඝ නිෂ්පාදන වන උපාධිධාරින් සියළු දෙනාටද රජයේ පත්වීම් ලබාදිය යුතුය.//
ReplyDeleteLOL.......
ඔය අනර්ග නිෂ්පාදන ටික බැලුවාම ගුරාලා ගැන හිතාගත්තෑකි. සීයට 15 කුත් මදි වගේ.
Deleteඋඹට තාමත් ෆොටොශොප් බැරිද මචන්..? තාමත් ඇම්.ඇස් වර්ඩ් වලද වැඩ..? හෙ හෙ වර්ඩ් ආර්ට් වලින් නියම වැඩ ටිකක් දාලා තියෙන්නේ.
ReplyDeleteඋඹ මේවා ලියන්නේ ආතල් එකට කියලා උඹත් දන්නවා මාත් දන්නවා.
එළ එළ උබේ ආතල් එක උඹ ගනින්. මට දුක මේවා සිරියස් ගන්න උන් ගැන. :D
පොටෝෂොප් ඉගෙනගන්ඩ බැරිවුනා අධ්‍යාපනේට 6% ක් ආන්ඩුවෙන් නොදෙන හින්දා. තමුංලගෙ අරගලේ ජයගත්තාම ඉගෙනගන්ඩ බැරියැ නේද?
Deleteආතල් ගන්ඩ ඕනෙ එවුං අර කලවැද්දගෙ වර්ගපූර්නිකාවට ගියානං හරි.
එක එකාගේ හිත්වල තියෙ හොල්මන් අවතාර අපිට අදාල නැත. ඔය පරන සෙල්ලම් වෙන තැන්වල කරගන්ඩ. අපි මතවාදයක් ඉදිරිපත්කරන්නෙ සංවාදයක් සඳහා මිසක් රස්තියාදුකාරයන්ට ආතල් ගන්ඩ නෙමෙයි.
Deleteඵ් කියන්නේ මාරයා ෆොටෝ ශොප් දන්නෙ නෑ.
Delete:)
Deleteඅල්ල ගනිල්ලා ඒකටත් මාවම...
මාරයා පැත්තකින් තියන්නකෝ. එයා 'නිදහස් අධ්‍යාපනෙන්' ප්‍රතිඵල ලබපු කෙනෙක් නෙවෙයිනේ. අපි අහමුකො මෙහෙම.
Deleteදැන් නිර්මාල් රංජිත් දේවසිරිට ෆොටෝෂොප් පුළුවන්ද?
දඹර අමිලට ෆොටෝෂොප් පුළුවන්ද?
ඔය සරසවි ඇදුරන්ගෙන් කීදෙනකුට ෆොටෝ ෂොප් පුළුවන්ද?
ෆොටෝෂොප් පැත්තකින් තියන්නකෝ. ඔය අයගෙන් කීයෙන් කී දෙනෙක් ඉන්ටර්නෙට් වල ෆේස්බුක් වල බ්ලොග් වල සංවාදයකටවත් එකතු වෙනවද? 5% ක් විතර. ඇයි. ඉතුරු අය වැඩි හරියක් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න වත් දන්නෙ නෑ.
අයියෝ සල්ලි..! මගේ කමෙන්ට් එක මකලා.
Deleteඋඹේ ආදරේටනේ කිව්වේ ඩාලින්. මම පොයින්ට් අවුට් කළේ පට්ට ඔබිවියස් ඔබ්සර්වේශන්ස් ටිකක් විතරයි.
උඹ දන්නවනේ මට ඔනේ නම් කොණක ඉදලා රෙදි ගලවන්න පුළුවන් කියලා. අනිත් එක ඒක කරන්න මට මේකේ කමෙන්ට් දාන්න ඔනේම නෑ. හොඳේ. :)
@Ano,
මේ අහක යන මාරයෙක්ව අල්ලගන්න එපා. මම කතා කරන්නේ මාරයා එක්ක නෙමෙයි.
සංවාදය සඳහා අදාලත්වයක් නොමැති කමෙන්ට් මින් ඉදිරියට මකා දමනු ලැබේ.
ReplyDeleteඑහෙනම් බාගෙට බගයක් කමෙන්ට්ස් මකන්න වෙයි.
Deleteඇයි ඔච්චර වද විඳින්නෙ? Comment moderate දාගත්තනං ඉවරනේ
ReplyDeleteපුරාවිද්‍යාත්මක පරීක්ෂණ සඳහාත් අඩුම තරමින් GDP එකෙන් 5% ක් ඕනැ. ඉතිහාසය තමයි අපට වැදගත්ම දේ, විශේෂයෙන්ම අප වැනි ශ්‍රී රාවණ පාක්ෂිකයින්ට.
ReplyDelete[[බලාගෙන යද්දී මේ උද්ඝෝෂණ සාදාරණය. ලොකුවට ඉල්ලන්නේ අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් සීයට 6 ක් වෙන්කරනු කියාය. ]]
ReplyDelete[[එබැවින් රටේ අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් 15% වෙන්කරනු.
]]
[[මල කෙලියයි. ගාන වැරදියි වගේ. දැනටම අපි දල ජාතික නිෂ්පාදිතයෙන් 105% ක් විතර ඉල්ලලා.]]
ජනසේනයෝ, ඔබට පොඩි වැරදීමක් වෙලා, කඨිකාචාර්යවරුන් ඉල්ලන්නෙ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6%ක්. නැතිව දළ ජාතික නිෂ්පාදිතයෙන් (GNP) එකෙන් නොවෙයි. ඔබ දාල තියෙන්නෙ දළ ජාතික නිෂ්පාදිතයක් ගැනයි.
මේ කොමෙන්‍ටුව ඩිලීට් කරල ඒ ටික හදාගන්න. සමහර විට අධ්‍යාපනයට 6% ක් නැති නිසා ජනසේනයාට ඒක හරි හැට් උගන්වල නැතිව ඇති.
ජනසේනයා හඩ්සන් සමරසින්හ වැන්නෙකි.ඔහුගෙන් අතර වෙනසක් බලාපොරොත්තු වෙන්නේ ඇයි?මෙය වර්ගපූර්නිකාව වැනි සාරවත්,විද්වත් බ්ලොග් අඩ්වියක් නොවේ.මෙය බොහෝ අය බලන්නේ ආතල් ගැනීම පිනිසයි.
Deleteඔහු මොක නැතත් ආතල් එකක් නම් සපයයි.අපේ ලේ පිරිසිදු කරනවාට තුති ජනසේනයිනි!ඔබටැ සාරවත් සීරියස් ලිපි බැලීමටැ වර්ගපූර්නිකාව කියවන්න.
අප්පට බොල... ඔය හැටි වෙන්කලාම කොහෙද දෙයියනේ අර අසරණ අට පාස්වෙලා ආමරුවෙන් ගුටියක් දෙකක් ඇනල හොරෙන් සහ බලෙන් කැමත්ත ඩිංගිත්තක් ඇන්න දියවන්නාව මැද්දෙ පුංචි ගෙදරට පයිම්ම ගාටන සුදු සරොං සහ නේක විද වැරහැලි ඇදගන දුක්විදින ජනතාවගෙ දුක සැප බලන්නේ? :O
ReplyDeleteඋන්දැලගෙ අසරණ පවුල් පන්සල් නඩත්තු කොරන්නේ...
උන්ටත් බයිසිකල් කට්ටක්වත් ගන්ට දීමනාවක් දෙන්ටෝනැ නේද?
අඩුගානෙ බස් එකේ යන ගානවත් දෙන්ට හිතන්නැතෙයි?
හරිම අසාධාරණයි බොලව්.... මං නං විරුද්ධයි ඔය වැඩකට නැති අධ්‍යාපනේට අච්චර වෙන් කරනවට? මොන මගුලකටද? කාට දැනෙනවටද?
දවස පුරා අයිස් ගහන රාජ්‍ය සේවකයට මක්කටෙයි තව සැප?
අර පොලිස් කාරයින්ට? උන්ට මොකටද එච්චර... උන් දන්නෙ කුඩු කාර මහත්තැන්ලටයි, චක්ගෝල පිරිසටයි, හොර වැඩ කුපාඩි කං කරන මහත්හොරුන්ටයි නිසි තැන දීල උන්නාන්සෙලාට අසාධාරණ කං කරන අලුගුත්තේරු උපාධිකාරයොන්ට ගහන්ට නෙව...
පිස්සුනං කෙලින්නෙපා... මං නං කියන්නෙ ඔය ද.ජා.නි. 80%ක්වත් අර දියවන්නාවෙ පුංචි ගේ කෑල්ලෙ දිවා රෑ යටිගිරියෙන් කෑ ගහන උන්නාන්සෙලාගෙ සහ උන්දැලගෙ පවුල් නඩත්තුවට වෙන් කරන්නම ඕන..... නැත්තං අසාධාරණයි...
"දවස පුරා අයිස් ගහන රාජ්‍ය සේවකයට මක්කටෙයි තව සැප?"
Deleteවිස්ස විජ්ජාලේ එවුන් ඔක්කොම නිදි මරාගෙන ගජ රාමෙට වැඩ. අනෙ මගෙ කට. වැඩිහරියක් එවුන් එක්කෝ ටියුෂන් වල. නැත්නම් එන්.ජී.ඕ. වල
;) ඒකනෙ බොල කීවේ උන්ටත් ඕන නැතිය කියල... :P
Deleteඔය විශ්ව විද්‍යාල ආචාර්යවරුය කියන්නෙ සිතුමිණි රතනමලල වගේ කට්ටිය නම් උන්ට දැනට ගෙවන ගාණත් වැඩියි. වහාම අඩු කළ යුතුයි.
Deleteමෙන්න ඔය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ය කියා ගන්නා කපටියන්ට පුංචි පාඩමක්.
ReplyDeleteදළ දේශීය නිෂ්පාදිතයේ (GDP) අර්ථ දැක්වීම :
GDP = private consumption + gross investment + government spending + (exports − imports)
දළ දේශීය නිෂ්පාදිතය = පෞද්ගලික වියදම් කිරීම් + දළ ආයෝජනය+ රජයේ වියදම + අපනයන - ආනයන
ලංකාවේ මෙයින් රජයේ වියදම හෙවත් government spending 25% ක් පමණ වේ. එයින් පසුගිය වසරේ 1.86%ක් අධ්‍යාපනය වෙනුවන් වෙන් කොට තිබේ. එනම් අධ්‍යාපනය සඳහා රජයේ වියදම 7.4% වේ. වෙනත් වචන වලින් කිව්වොත් ශ්‍රී ලංකා රජය දැනටමත් තම වියදම් වලින් 7.4% ක් අධ්‍යාපනයට වැය කරයි. (මෙයද කොතළාවල ආරක්ෂක ඇකැඩමිය ආදී අධ්‍යාපන අමාත්‍යාංශය යටතට නොගැනෙන ආයතන වලට කරන වියදම නොසළකා හැරය.)
මේ හැරුණු විට ඉහත සමීකරණයේ හැම කොටසකම අධ්‍යාපනය සඳහා වන වියදම් වේ.
1. පෞද්ගලික වියදම්: දෙමාපියන් දරුවන්ට පොත්පත් මිළට ගෙන දීම, ටියුෂන් ෆීස්, පෞද්ගලික අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් දෙමාපියන් දරණ වියදම් යනාදිය මීට ඇතුළත්ය.
2, ආයෝජන: සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇති කිරීම සඳහා වන වියදම් මීට ඇතුළත්ය.
3. ආනයන: විදේශයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දෙමාපියන් දරණ වියදම ඇතුළත්ය. (නමුත් සමීකරණයේ හැටියට ඍණ වියදමකි.)
අධ්‍යපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වැය කළ යුතුය කියන දළ දේශීය නිෂ්පාදිතයේ එක් සංරචකයක් (25%) ක් පමණක් වන රජයේ වියදම් වලට තම කතිකාව සීමා කොට ඇත්තේ නොදන්නා කම නිසාද කුපාඩිකම නිසාද?
ඔහොම කිව්වටනං අපි පිළිගන්නේ නැහැ..මුලාශ්‍ර එක්ක දෙන්නේ නැතිව... ආවා මෙතන පස්ට පල් බොරු කියාගෙන...
Deleteදැන් ඔය ආචාර්යවරුත් මූලාශ්‍ර දෙන්නෙ නෑනෙ. ඒ ගොල්ලත් මූලාශ්‍ර දෙනව නම පෙනෙයි:
Delete1. මේ සම්මුතිය ප්‍රධාන වශයෙන් අධ්‍යාපන මට්ටම් ඉතාම අඩු අප්‍රිකානු රටවල් සඳහා ඇති කර ගත් එකක් බව
2. මේ සියයට 6 කතාව වගේම තවත් (ආචාර්ය වරුන් මළාට නොකියන) තවත් සම්මුතීන් නවයක් ඇති බව
3. මේ සම්මුති ඇතිකර ගෙන තියෙන්නේ "වැඩිහිටි අධ්‍යාපනය" වෙනුවෙන් මිසක විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් නොවන බව
4. මේ සම්මුතීන් දහයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන වචනයක් වත් නොකියැවෙන බව
5. මේ සමූතීන් වලට එකඟ වීම නිසා අප්‍රිකානු රටවලට ඒවා ක්‍රියාත්මක කිරීමට විදේශ ආධාර ලැබෙන බව හා අපට එසේ නොලැබෙන බව
6. මේ අළුත් දෙයක් නොව වසර පහළොවක් පැරැණි සම්මුතිය බව
මේ ආචාර්යවරුන් ජීවත් වෙන්නේ කොයි තරම් ගල් යුගේකද කියනවා නම් මුන් අඩුම ගානේ හිතෙන්නේ නෑ උන්ට වගේම අනික් අයටත් ඉන්ටර්නෙට් සර්ෆ් කරන්න පුළුවන් කියලා.
ආචාර්යවරු මොකටද මූලාශ්‍ර දෙන්නේ එයාලා ආචාර්ය වරුනේ.. ඇනෝ ආචාර්යයෑ..? දෙන්න බලන්න හොඳ පුතා වගේ මූලාශ්‍ර ටොම් පච කියන්නේ නැතිව... :D
Deleteඅනෙක හිතන්න එපා මේ කන්න නැතුව කරන අරගයලක් කියලා. දැනටමත් විශ්ව විද්‍යාල මහාචාර්යවරයකුට (බාහිර ඉගැන්වීම් වලින් ලැබෙන ආදායම්, රූපවාහිනියට ගිහින් හොයන ගාණ, ආණ්ඩුවේ උපදේශක සේවා කරලා හොයන ගාන, වගේ අනෙක් ආදායම් සියල්ලම නොසලකා හැර ) රුපියල් 1,25,000 ක් මාසෙකට ලැබෙනවා. විශේෂඥ වෛද්‍යවරයකුට ලැබෙන්නෙත් රුපියල් 60,000 ක් වගේ. මේ සටන මේ රුපියල් 1,25,000 මාසික වැටුප 1,68,000 කර ගන්න. ඒ වගේම මතක තියා ගන්න ගිය අවුරුද්දෙ මේ ගොල්ලන්ට 36%ක පඩි වැඩි වීමක් ලැබුණා.
Deleteඒ පාර තව ගජබින්නයක්... මේ ළගදී මූණු පොතේ එහෙ මෙහෙ ගියා ඔය කියන ආචාර්යවරයකුගේ පේ ස්ලිප් එකක්... ඒකේ හැටියටනං උන්දලා හිගා නොකා හිගා කන සයිස් එකක් තිබුනේ... අන්න මූලාශ්‍ර...
Deleteහැබැයි හැමෝටම අළුත්ම කාර් නම් තියෙනවා. :-)
Delete
Deleteරංග ජයවර්දන ඇනෝ කොමෙන්ට් දාන්නෙ මොකද? හැමෝටම අලුත්ම කාර් තියෙනව කියල උඹ කියන්නෙ කොහොමද?
""හැබැයි හැමෝටම අළුත්ම කාර් නම් තියෙනවා. :-)""
Deleteසත් ගුණවත් ව්‍යාපාරික මාලක සිල්වා මහතාට,
පෝශ් වර්ගයේ වාහන එකයි
රේන්ජ් රොවර් වාහන එකයි
ජගුවර් වර්ගයේ වාහන එකයි
ඩිස්කවරි, ෆ්‍රී ලැන්ඩර් වාහන
වෙනත් වාහන
මෙහෙමත් ගොන්නු..!
මාලක සිල්වා හෝ ඔහුගේ පියා හොරෙක් නම් එය වෙනම ගැටළුවකි. මාලක සිල්වා හොරෙක් නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පඩි වැඩි කළ යුතුය කීමේ පදනම කුමක්ද?
Deleteමේ වගුව පොඩ්ඩක් බලන්නකෝ මහත්තයෝ. මේ තියෙන්නේ එක් එක් රට රාජ්‍ය වියදමින් (දළ ජාතික නිෂ්පාදිතයේ ප්තිශතයක් ලෙස) අධ්‍යාපනය සඳහා වැය කරන හැටි. මෙථන 6% ඉක්මවා තියෙන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන පද්ධති ඇති රටවල් විතරයි.
ReplyDeletehttp://hdrstats.undp.org/en/indicators/38006.html
මෙන්න තෝරාගත් රටවල් කිහිපයක් සඳහා ප්‍රතිශත:
හොංකොං 4.5%
සිංගප්පූරුව 3.0%
UAE 1.2%
පාකිස්තානය 2.7%
බංග්ලාදේශය 2.4%
ජපානය 3.5%
ශ්‍රී ලංකාව (මෑතම දත්ත) 1.86%
අපි ටිකක් පස්සෙන් තමයි ඉන්නේ නමුත් ඊට ප්‍රධාන හේතුව පසුගිය වසර 30ක කාලය තුළ අපේ වියදම් පාලනය කළේ අප විසින් නොව ප්‍රභාකරන් විසින් වීම. තාමත් අපි යුද්දෙට ගත්තු ණය ගෙනවනා. දරිද්‍රතාවයේ පතුළටම වැටුණු උතුරු නැඟෙනහිර පළාත් උඩට ගන්න ඕනැ. ඉතින් ඔය හැමෝටම ඉල්ලන ඉල්ලන විදියට නොලැබෙන එක තේරුම් ගන්න පුළුවන්.
ලංකාවෙ විශ්ව විද්‍යාල වල (අනෙක් හැම තැනෙකම වගේ) විශිෂ්ඨයොත් ඉන්නවා. සිතුමිනි රතනමලලලා ශ්‍යාමන් ජයකොඩිලා දඹර අමිලලා වගේ අමු මැටිටොත් ඉන්නවා.
ReplyDeleteදැන් තර්කය වෙලා තියෙන්නෙ අර විශිෂ්ඨයෝ අතළොස්ස ඉන්න හන්දා මේ මැට්ටන්ටත් සම පරිමාණයක වැටුප් ගෙවන්න කියලා. මාර තර්ක තමයි.
ජේවීපී සරසවි ඇදුරන් GDP එකෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස රජයට බල කරමින් ෆේස්බුක් එකේ කෑ ගසනව ඔබ දැක ඇති. GDP යනු කුමක්ද කියාවත් නොදන්නා හෙංචයියල ඒ පෝස්ටර් තම ප්‍රොෆයිලයේ පවා දමාගෙන සිටී. https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn1/540878_4186882872115_1279331480_n.jpg
ReplyDeleteඔය කතාව කුමක්ද කියා අපි නිවැරදි සංඛ්‍යාලේකන ඇසුරෙන් බලමු.
මූලාශ්‍ර http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/annual_report/AR2011/English/10_Chapter_06.pdf
2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් බිලියන 59.17
එමගින් 6% ක් යනු ((59.17 /100)* 6%) ඩොලර් බිලියන 3.55
එනම් (3.55*130) රුපියල් බිලියන 461.5 ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ජේවීපී ඇදුරන් ඉල්ලයි.
2011 වර්ෂයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 985.92
කළින් දැක්වූ පරිදි සරසවි ඇදුරන් ඉල්ලන මුදල රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට ((461.5/985.92)*100%) බැලූ විට 46.80%
ජේවීපී සරසවි ඇදුරො පවසන්නේ රාජ්‍ය ආදායමෙන් 46.80%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙසයි.
නමුත්
රාජ්‍ය ආරක්ෂාවට රු.බිලියන 163.49 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 16.58%
රාජ්‍ය පරිපාලනයට (ආණ්ඩුවේ වියදමුත් එක්ක) රු.බිලියන 42.24 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 4.28%
මහජන සාමය සහ ආරක්ෂාවට රුපියල් බිලියන 51.02 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 5.17%
එහෙම වෙලත් අධ්‍යාපනයට විතරක් රාජ්‍ය ආදායමෙන් 46.80% ඉල්ලන්නේ මේ ජේවීපී සරසවි ඇදුරන්ට අමු කැවිලද?
තොපිට රටේ ඈමතිලා කෝටිගනන් හොරාකන ඵක පේන්නෑ.
Deleteඅද්‍යාපනයට 6%ක් වෙන්කරන්න කිව්වහම තමා උබ මාය උනේ.ඵතකොට තමා රටේ ආර්තිකේ කියාලා ඵකක මතක් වෙන්නේ.
අනේ සක්කිලියෝ මීටවඩා හොදයි යාගේ කක්කුස්සිය කඩාගෙන කාපන්.
This comment has been removed by the author.
Deleteශ්‍රී රාවණ රජතුමා බලයට පැමිණි විට ඉලක්කම් විජ්ජාවන් කර පෙන්වනු ඇත.
Deleteශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවයේ කොන්දේසි කුමක් විය යුතුද යන්න ගැනත් ලියවිල්ලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ලැයිස්‌තුවට එකතු කොට තිබිණි.
ReplyDeletehttp://www.colombotelegraph.com/index.php/futa-submitted-a-comprehensive-framework-for-discussion/
3.5.2 Proposed to add the following Need Base Allowances to the salary
3.5.2.1 House Rent Allowance for those not living in the university quarter or house
owned by the member or spouse (25% to 30% of the basic salary).
3.5.2.2 Transport Allowance to compensate the cost incurred by the members to travel to
work station by their own vehicle or hiring a vehicle or utilizing the public
transport.
3.5.2.3 Children Education Allowance up to two children. The allowance could be varied
depending on the category of school attended i.e. government school/private
school/in hostel.
3.5.2.4 Internet and broad band allowance to facilitate the members to maintain private
access to internet and email
මෙකී ලියවිල්ලේ ඇති කිරීමට නියමිත විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවා කොන්දේසි, එනම් බඳවා ගැනීම්, උසස් වීම්, ස්‌ථාන මාරු කිරීම්, පුහුණු කිරීම්, වැටුප්, දිගුකාලීන සේවයත් සමග ලැබෙන වැටුප් සහිත නිවාඩු, විශ්‍රාම ගැනීම, විශ්‍රාම වැටුප්, අර්ථසාධක ගෙවීම්, පාරිතෝෂික ගෙවීම් හා ඉගැන්වීම් කටයුතුවලට පිටතින් උපදේශක තනතුරු ලබා ගැනීම් වැනි කාරණා ගණනාවක්‌ම මේ ලියවිල්ලේ සඳහන් විය. මෙම ලියවිල්ලේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ගෙවිය යුතු දීමනා ලැයිස්‌තුවක් ද ඇත. ඉන් එක දීමනාවක් වන්නේ විශ්වවිද්‍යාල නිවාස යෝජනා ක්‍රමයක හෝ තමන්ට හෝ තම බිරිඳට අයත් නිවසක පදිංචි නොවී සිටින ආචාර්යවරුන්ට තම වැටුපින් 25% ක හෝ 30% ක ගෙවල් කුලී දීමනාවක්‌ය. එයට අමතරව අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා අන්තර්ජාල දීමනාවක්‌ද ඇත. එයත් සමගම එම ලියවිල්ලේ 3.5.2.3 වගන්තිය යටතේ ඔවුන් ළමුන් දෙදෙනකු දක්‌වා "ළමයින්ගේ අධ්‍යාපන දීමනාවක්‌ද" ඉල්ලා තිබේ. මෙකී දීමනාව දරුවන් යන පාසල අනුව එනම් රජයේ පාසලක්‌ද පුද්ගලික පාසලක්‌ද නේවාසිකාගාරයේ සිටිනවාද යන කාරණාව මත වෙනස් වනු ඇත. මෙකී දීමනාව සඳහා නිශ්චිත සීමාවක් නියම කොට නැත. නමුත් එහි සුවිශේෂත්වයක් වන්නේ පුද්ගලික පාසලක පාසල් ගාස්‌තු ද මෙයට ඇතුළත් වීමයි.
මෙවැනි වරප්‍රසාද සහිත විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවාව පිහිටුවීම පිළිබඳ යෝජනාව ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් ලැයිස්‌තුවේ A කොටසේය. නමුත් එම ඉල්ලීම් ලැයිස්‌තුවේම B කොටසේ මාතෘකාව වන්නේ "රජයේ අධ්‍යාපනය සුරැකීමත් දියුණු කිරීමත්" යනුවෙනි. මෙකී මාතෘකාව යටතේ 1.1.8. වගන්තිsයෙන් කියවෙන්නේ රජයේ අනුග්‍රහය යටතේ පවතින අධ්‍යාපනය ගැන ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ යුතු බවත් එයට අවුරුදු 5 ක හෝ 10 ක සැලැස්‌මක් ආණ්‌ඩුව ඉදිරිපත් කළ යුතු බවය. මෙහි ඇති නොගැළපීම වන්නේ එක් පැත්තකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආණ්‌ඩුව රජයේ අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීමට සැලසුම් ඉල්ලා සිටින අතරම ඒ හුස්‌මටම තමන්ගේ දරුවන් පුද්ගලික පාසල් වලට යැවීමට ආණ්‌ඩුවෙන්ම දීමනා සැපයිය යුතු බව කියා සිටීමයි. ඔවුන්ගේ දරුවන් රජයේ පාසල් වලට යවන්නේ නම් ඒවායේ පාසල් ගාස්‌තු නැති නිසා මෙවැනි දීමනාවක් කොහෙත්ම අවශ්‍ය වන්නේ නැත. සෙසු රජයේ නිලධාරීනුත් තමන්ගේ දරුවන් පුද්ගලික පාසල් වලට දැමීමට ආණ්‌ඩුවෙන් අධ්‍යාපන දීමනා ඉල්ලා සිටියහොත් මේ වැඩිදියුණු කරන්නැයි කියා ඉල්ලන රජයේ පාසල් වල ඉතිරිවන්නේ කවුදැයි යන ප්‍රශ්නය පැනනගී.
මේ ආකාරයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ධනේෂ්වර අපේක්‍ෂා, සමාජවාදී චින්තනයත් සමග ජුගුප්සාජනක ආකාරයට පටලවා ගෙන ඇති බව ඔවුන්ගේ ඉල්ලීම් මාලාවෙන් පැහැදිලි වෙයි. මේ ඉල්ලීම් දෙක එක සැරේ කළ නොහැක. දෙකෙන් එකක් තෝරා ගත යුතුය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ ළමයින් පුද්ගලික පාසල් වලට දැමීමට දීමනාවක් ඉල්ලා සිටීමේ කිසිදු වරදක් නැත. ඔවුන්ටද තම ජීවන තත්ත්වය ගැන සිතීමට අනෙක් අයට මෙන්ම අයිතියක් ඇත. නමුත් ඒකට රජයේ අධ්‍යාපනය පටලවා ගත්තේ අනවශ්‍ය ලෙස බව මට සිතේ.
විශ්ව විද්‍යාල ඇදුරන්ට කක්කා කර පුක පිස දැමීමට ටොයිලට් පේපර් ගැනීමට දීමනාවකුත් දෙනු!
Deleteතොපේ 'සිලුමිණ' පත්තරේ තියෙන්නේ ඵ්කට තමයි ගොබ්බයෝ.
Deleteමෙතන පරලවෙලා වගේ කමෙන්ට් දාන පක්කලියගේ කතන්දරේ කියෙව්වම මතක්වෙන්නේ විමල් ඌරගේ C NEWS ඵකේ පදිoචිවෙලා ඉන්න පූරණකාලීන කසලසෝදකයො දෙතුන්දෙනාවයි.
ReplyDeleteදෑන් මුන්ට ජාතික ආදායමෙන් බර ගානක් වෙන්කරලා දෑයට කිරුල කියලා ගහපු බෙරේකුත් නෑති බේරේ පලුවකුත් නෑති ගොන් පාට් ඵකක දාලා කෝටි 220000ක් නාස්තිකරන්නත් හොදයි,නෑවු නෑති වරායවල් මාසෙන් කෑඩෙන බලාගාර කොමන් වෙල්ත් ගේම් කියලා මාටියා ගහන්නත් හොදයි යුද්දේ කරපු රණවිරුවන්ගේ ඔලු පලන්නත් හොදයි කුඩු බිස්න්ස් කරන්න මිනී මරලා මතක නෑ කියන්නත් හොදයි ආචාර්යවරු වෑටුප් වෑඩිවීමක් ඉල්ලපුහාම තමා වෑරදී.ඵතකොට තමා තොපිට රටේ ආර්තිකේ මතක්වෙන්නේ.ලෝකේ ලොකුම කෑබිනට්ඵක හදාගෙන පිස්සුකෙලිනකොට තොපිට ආර්තිකේ මතක්නෑ.
අනේ කාලකන්නියෝ තෝ කුලියට කමෙන්ට් දානඵකෙක් කියලා අපි දන්නවා.නෑත්තන් රටේ මෙච්චර වෑරදි වෑඩ වෙද්දී බිලියන් ගනන සල්ලි හොරකම් වෙද්දී ඈටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්න තොපිලා අද්‍යාපනේට 6% වෙන්කරන්න කිව්වහම මෑරෙන්න යන්නේ මොකද? උබ ඔක කරන්නේ සල්ලි වලට.ඊටවඩා හොදයි බන් කක්කුස්සිවලක් ගොඩදාගෙන කාපන්, ඈමති හොරුන්ට කඩේ ගිහිල්ලා පවු පුරෝගන්න ඵපා.
අනේ පාහර බල්ලෝ, තෝ බොරුවට බුරන්න කලින් උඹේ අම්මට කරද කරපු බල්ලව හොයාගෙන ඌට පොලු පාරක් ගහපන්. තෝ වගේ බල්ලෙක්ව ජාතක කලාට.
Deleteසාමාන්‍යෙන් පොලිස් කොස්තාපල් වරු සහ ආරක්ෂක අංශවල සාමාජිකයින් තම රාජකාරීවෙලාවෙන් බැහැරව සිටින විට අමතර අදායම් මාර්ගයක්ලෙස අරාක්ෂක සේවයේ යෙදේ. එසේම විවිධ ව්‍යාපාරිකයින්ගේ ශරීර ආරක්ෂකයින්(බොඩි ගාඩ්ලා) ලෙස සේවය කිරීමෙන් අමතර අදායම් මාර්ගයක් උපයාගනී. කෙසේ වෙතත් මේජර් නිලයේ කෙනෙක් මෙවැනි රාජකාරී කිරීම සාමාන්‍යයෙන් විරල දෙයක්. ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙවැනි අමතර රැකියා කිරීම නීතියෙන් තහනම්.
Deleteමෙම සිද්ධියට සම්බන්ධ මේජර්වරයා, එම අවස්ථාවේ කටයුතුකර ඇත්තේ, ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයෙක්වන, සහ හිටපු පතාල ගෝඩ් ෆාදර් නාවල නිහාල්ගේ අගසව් වන නෙවිල් ෆොන්සේකාගේ බොඩිගාඩ් ලෙසටයි. ප්‍රශ්නය තවත් දරුණුවුනේ මේජර් වරයාගේ ගෝලයා වන් කෝප්‍රල් වරයා මාලකට සහ රෙහාන්ට, පලාත් සබා චන්දය සම්බන්ධයෙන් පැවසූ දෙයයි. එනම් “උඹලා මේපාර දිනුවාට ලබන පාර දිනන්නේ අපි”. එය ගුටි ඉල්ලාගෙන කැමට කරන ආරාධනයක්.
@ 2 ano
Deleteඅනේ සක්කිලියෝ තෝ තොගේ ගතිය පෙන්නුවා.
කියන්න දෙයක් නෑතිඋනාම අම්ම තාත්තට බනින්නේ තෝ වගේ ප්‍රාදේසීයසබා සබාපති ලගෙන් හොරාජ අව ජාතක උනු බල්ලො විතරයි.
යකෝ මම තමයි සෙකන්ඩ් ඇනෝ. මම සරසවි ඇදුරෙක්. මම බැන්නේ මේ බ්ලොග් එක ලියපු එකාටයි. එතකොට තෝ කියන්නෙ මම ප්‍රාදේශීය සභාපති කෙනෙක්ට ජාතක වුණා කියලද?
Deleteඔන්න වැඩි පඩි ඉල්ලන එවුන්ගේ සදාචාරය. :-)
Deleteහා ඔයා සෑරසවි ඈදුරෙක්ද?
Deleteසරසවි කිව්වෙ 'සරසවි පත්තරේද'?
නිකන් මෝඩ ආතල් දෙන්නෑතිව ඉන්ඩ.
ඔබ හරි එලෙසම රජයද හැකිතරම් අවමකල යුතුය. දෙබිඩ්ඩෙකු නොවී කුඩා රජයක් සැදීමටද එකඟ වන්නේද? ?// ඊළඟට රටේ වැදගත්ම ක්ෂේත්‍රයක් වන්නේ.......// රටට අනවශ්‍ය මෙගා රජයක් ඇමති වරු පලාත් සබා ප්‍රාදේශීය සභා කාර් භාර් පිරිවර සහිත අය ඉතා වැදගත් කියල සිතන ගමන් මේකට විරුද්ධ වීම දෙබිඩියි නේද? එලෙසම මාලන් කියා ඇති පරිදි මාලක සිල්වා මහතාට,පෝශ් ,රේන්ජ් රොවර්,ජගුවර්,ඩිස්කවරි,වෙනත් වාහන ගන්න පුලුවන් ක්‍රමයත් සමගාමීව වෙනස් විය යුතුයි නේද?අධ්‍යාපණය හැකිතරම් පුද්ගලීකරණය කල යුතුය යන්න මගේ මතයයි.නමුත් ඔයාල මෙතන මේකට විරුද්ධ උන්ට දුන්නොත් ඔයාලගේ පංගුව අඩුවන නිසා නේද?මේ සම්බන්ධයෙන් වැදගත් මහත්මයෙක්ගේ වැදගත් ලිපියක් මෙහි ඇත. http://www.ft.lk/2012/08/27/perilous-state-of-higher-education-cooperation-not-confrontation-need-of-the-day/
ReplyDelete@Kevin Perera,
Deleteසරසවි ආචාර්යවරුන්ගේ තර්කය දේශපාලකයින් ගොඩාක් හොරා කන නිසා අපටත් ටිකක් හොරා කන්න දෙන්න කියන එක නම් එය ඉතාම දුර්වල එකකි.
වර්තමාන ආණ්ඩුව හරිය මම නොකියමි. ඔවුන්ද වැරදි ගණනක් කොට තිබේ. ආණ්ඩුවට කළ හැකිව තිබුණු එක දෙයක් නම් (වෙන රටවල සේ) සරසවි ස්වාධීන ආයතන කොට ආචාර්යවරුන්ගේ මූලික වැටුප ආණ්ඩුවෙන් ගෙවන ගමන්, උපදේශක සේවා හා වෙනත් අධ්‍යයන පාඨමාලා පැවැත්වීම තුළින් අතිරේක ආදායමක් උපයා ගැන්මට ඔවුන්ට ඉඩ සැලසීමයි. එවිට මේ ප්‍රශ්න කිසිවක් ඇති නොවේ. ආචාර්යවරුන්ද ඉල්ලා සිටිය යුත්තේ සරසවියන්හි ස්වාධීනත්වයයි. නැතිව උඹලා හොරා කන නිසා අපටත් හොරා කන්න දියව් කීමෙන් රට කවදාවත් ඉදිරියට ගමන් නොකරයි.
අනේ අති උගත් සෑර් මේතන සරසවි ආචාර්යවරු හොරාකන්න ඉල්ලන්නෑනේ.
Deleteඵතුමන්ලා කියන්නේ රටේ සමහර ලොකුලොක්කන්ට බිලියන් ගනන් නාස්තිකරන්න සල්ලි තියනවා නම් අඩුම තරමින් රටේ ජාතික අද්‍යාපායට අයවෑයෙන් 6% වෙන් කරන්න බෑරි ඈයි කියන සාදාරන ප්‍රශ්නයයි.
ඵ්කට වෙන අර්තකතනයක් දෙන්න ණයට කහින ඔයාලා උත්සාහකලාට ජනතාවට හොදට වෑඩේ තේරෙනවා.
ගහ දන්න අපිට කොල කඩාපාන්න හදන්න ඵපා සෑර්.
එතකොට ඔය 6% න් ආචාර්යවරුන්ට සියඹලා ඇත්තෙම නැද්ද?
Deleteඅපි නොදන්න ලෙක්චර්ස්ලා. :-)
ලංකාවෙ විශ්ව විද්‍යාල වල (අනෙක් හැම තැනෙකම වගේ) විශිෂ්ඨයොත් ඉන්නවා. සිතුමිනි රතනමලලලා ශ්‍යාමන් ජයකොඩිලා දඹර අමිලලා වගේ අමු මැටිටොත් ඉන්නවා.
ReplyDeleteදැන් තර්කය වෙලා තියෙන්නෙ අර විශිෂ්ඨයෝ අතළොස්ස ඉන්න හන්දා මේ මැට්ටන්ටත් සම පරිමාණයක වැටුප් ගෙවන්න කියලා. මාර තර්ක තමයි.
ඵ්කට තාම ගොබ්බයෝ කෑටගරි කරන්නේ.
Deleteසිතුමිනි රතනමලලලා ශ්‍යාමන් ජයකොඩිලා දඹර අමිලලා වගේ අමු මැටිටොත් ජේෂ්ඨ කඨිකාචාර්ය වරු කියල දන්නෙ නැද්ද පල් බුරූවෝ. තෝ වගේ ඇදුරන්ගේ පුක ලෙව කන බල්ලෙකුට ඒක තේරෙන්න නෑ.
Deleteඋබ ලෙවකන්නේ කාගේ පුකද කියලා කියන්නන් ඔන නෑ නේ.
Deleteයකෝ තෝ හිතුවද ඵ් මිනිස්සු ජේශ්ඨ කතිකාචාර්ය වරු වෙලා ඉන්නේ මර්වින් සිල්වා වගේ කියලා.
යකෝ දෙමවුපියන්ට පස්සේ අපි ගරු කරන්නේ ගුරුවරුන්ට.
ඉතින් සක්කිලියො උබ SBයාගේ ගූ කෑවට කමක්නෑ ගුරුවරයෙකුට කතාකරන්න ඔන විදිය උබ ඉගනගනින්.නෑත්නම් ලබන ආත්මේ උබව මී හරකෙක් වෙලා ඉපදේවී.(දෑනටමත් උබ ඵ් වගේ තමයි )
කොහොම හරි 6% ක් දුන්න කියමුකෝ. එතකොට දැන් අද්යපනයේ තිබෙන දෙමව්පියන් පෙලන ප්රොශ්න විසඳෙයිද? එනම්;
ReplyDelete1. පාසල් වලින් ගුණාත්මක අද්යාපනයක් ලැබෙයිද?
2. එවිට මාසෙකට රුපියල් දහස් ගණන් වියදම් කර ටියුෂන් යවන්න ඕනේ නැද්ද?
3. සැතපුම් ගණන් දුර ගෙවාගෙන , පගාව දීගෙන ජනප්රිිය පාසල් යන තරඟය නිම වෙයිද
4. අපේ විශ්ව විද්යා ල ආචාර්ය වරු නව වැඩපිළිවෙලවල් ඇතිකර දැනට වඩා ලොකු අද්යාපන වෙනසක් කරයිද.
නැත්නම් ;
1. පාසල් ගුරුවරුත් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
2. වි. වි. අනද්යන සේවකයන් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
3. කාර්මික විද්යතල ආචාර්ය වරුන් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
4. කාර්මික විද්යා්ල අනද්යන සේවකයන් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
5. ගුරු විද්යා ල ආචාර්ය වරුන් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
ආදී වශයෙන් එනවිට එම 6% න් වෙන දෙයක් කරන්න ඉතුරු වෙයිද ?
මේ දෙන ගානත් වැඩියි.
ReplyDeleteමුන් මොනවද මේ රටට කරලා තියෙන්නේ?
රටේ 85% ක් ම විදේශ විනිමය නිෂ්පාදනයක් කරන්නේ පුද්ගලික අංශය .වැඩි හරියක් ඉන්නේ තමන් CIMA NIBM ආදිය කරලා ඉගෙන ගත්ත අය. එහෙම නැත්නම් 5, 8 පාස් කරලා තේ දළු කඩන, ඩුබායි ගිය අය. කැම්පස් ගිය උන් 90% ක් ආණ්ඩුවේ අයිස් ජොබ් වල ඉන්නේ. ඒවගේ ඉඳගෙනත් දීමන, සංචාර, ගසා කම්. කැම්පස් හොඳට පාස් වෙන උන් අපිට පයින් ගහල දියුණු රටවලට කඹුරනවා.
ඔය උගන්නනවාට දෙන සල්ලි හොඳටම ඇති. තව අපේ මහජන මුදල් මුන්ට පුජ කරන්න අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා. රටට උගතුන්ගෙන් අඩුවක් නැහැ. ඔය දැනටත් ඉන්න වැඩකාරයෝ 85% කම පිටින් ආපු අය.
ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් 80% උපදවන්නේ 1. විදේශීය රැකියාවල නියුතු ( සාමාන්‍ය කම්කරු සහ ගෘහ සේවිකා ) අය 2. ඇගලුම් සේවිකාවන් 3. තෙදලු කඩන්නියන් 4. සංචාරක කර්මාන්තය වැනි නිදහස් අද්යපනයට සම්බන්දයක් නැති අය. රාජ්‍යය අදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්නේ බදු වලින්. බදු ගෙවන 90% ම විශ්ව විද්‍යාල පළාතකවත් ගියපු අය නෙවෙයි. ඉතින් නිර්මාල් කොහොමද දල දේශීය නිෂ්පාදිතයෙන් 6% ඉල්ලන්නේ ? නිර්මාල් ඉන්නේ ප්‍රතිලාබ ලබන පැත්තේ මිසක් දල දේශීය නිෂ්පාදිතය උපදවන පැත්තේ නෙමෙයි .ප්රෝෆෙසේර් මහලිංගම් වගේ රටට වැඩදායක 30% විතර විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු ඉන්නවා වගේම 70% ක් ම ඉන්නේ නිර්මාල් වගේ කටපාඩම් ගූ ගොඩවල්. අද්‍යාපනයට කොපමණ වියදම් කල යුතුද යන්න තීරණය කල යුත්තේ දල දේශීය නිෂ්පාදිතය උපදවන පිරිස හෝ මේ රටේ පොදු ජනතාවයි. ආණ්ඩුව කිසිම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක කියල නැහැ අද්‍යාපනයට 6% වෙන්කරනවා කියල. එහෙම කිව්වනම් අපි ආණ්ඩුවට කවදාවත් චන්දෙ දෙන්නේ නැහැ. ඉතින් ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ 6% දෙන්න.
ReplyDeleteසරසවි ඇදුරන්ට ලක්ෂ ගණනේ පඩි නොගෙවද්දි සංවර්ධන ව්‍යාපෘති වලට වියදම් කරන්නේ ඇයි කියලා එක ගොබිලකු අහලා තිබුණා. ඔය සංවර්ධන ව්යෑපෘතිත් ජනතාවටම තමයි. නැතුව ජනාධිපතිතුමා මැරෙන දවසක වලට ගෙනියන්නෙ නෑ.
ReplyDeleteදැයට කිරුළ ගැනත් කියලා තිබුණෙ. සරසවි ආචාර්යවරුන් කෙසේ වෙතත් මෙරට දුප්පත් ගොවි කම්කරු ජනතාව රට ලෝකෙ ගැන ඉගෙන ගන්නේ ඒ වගේ තැනකට ඇවිත් තමයි. නැතුව උන් සරසවි වලට ගන්නෙත් නෑනෙ. සරසවි ආචාර්යවරු උන්ට උගන්නන්නෙත් නෑනෙ.
දැන් ඔය දළජාතික නිෂ්පාදිතයෙන් 6% ඉල්ලන සරසවි ආචාර්යවරුන්ගෙන් අපි මෙහෙම අහමුකො. නුඹලා දළ ජාතික නිශ්පාදිතයට කරන සම්මාදම කෙතෙක්ද? 15 ක් වත් සම්මාදම් නොකරන නුඹලා 6% ඉල්ලීම කෙතෙක් සාධාරණද?
ජනසේනා වගේ ආණ්ඩුවට මුට්ටිය අල්ලන උන් වැඩි කොටසක් ගද්දි, හැම සංවර්ධන ව්‍යාපෘතියකින්ම මහරාජාණන් ඇතිළු හැම එකාටම කොමිස් යද්දි මේ වගේ මුට්ටිය අල්ලන උන්ගේ කරල පැහෙද්දි මේ වගේ වැඩකට මුන් විරැද්ධ වෙන එක අහන්නත් දෙයක්ද? ජනසේනා අන්න ලබන මාසේ ඉන්ධන තව ගනන් යනවා... උඹලට තවගානක් ලැබේවි..
ReplyDeleteයට කොමෙන්ට් එක දාපු එකා අමුවටම පුක දෙන එකෙක්... ඒයි උඹේ අම්මව නාමල්ට හරි ඇටයක් අයින් කරපු මහරජාට දීපං ලැබෙන බබාට පයින් ගහලා මරයි....
ReplyDelete//AnonymousSeptember 24, 2012 5:33 AM
සරසවි ඇදුරන්ට ලක්ෂ ගණනේ පඩි නොගෙවද්දි සංවර්ධන ව්‍යාපෘති වලට වියදම් කරන්නේ ඇයි කියලා එක ගොබිලකු අහලා තිබුණා. ඔය සංවර්ධන ව්යෑපෘතිත් ජනතාවටම තමයි. නැතුව ජනාධිපතිතුමා මැරෙන දවසක වලට ගෙනියන්නෙ නෑ.
දැයට කිරුළ ගැනත් කියලා තිබුණෙ. සරසවි ආචාර්යවරුන් කෙසේ වෙතත් මෙරට දුප්පත් ගොවි කම්කරු ජනතාව රට ලෝකෙ ගැන ඉගෙන ගන්නේ ඒ වගේ තැනකට ඇවිත් තමයි. නැතුව උන් සරසවි වලට ගන්නෙත් නෑනෙ. සරසවි ආචාර්යවරු උන්ට උගන්නන්නෙත් නෑනෙ.
දැන් ඔය දළජාතික නිෂ්පාදිතයෙන් 6% ඉල්ලන සරසවි ආචාර්යවරුන්ගෙන් අපි මෙහෙම අහමුකො. නුඹලා දළ ජාතික නිශ්පාදිතයට කරන සම්මාදම කෙතෙක්ද? 15 ක් වත් සම්මාදම් නොකරන නුඹලා 6% ඉල්ලීම කෙතෙක් සාධාරණද?//
කෝ ඉතින් කිව්වෙ නෑනෙ ඔය 6% ක් ඉල්ලන උන්දෙලා දළ ජාතික නිෂ්පාදිතයට කීයක් දෙනවද කියලා?
Deleteමම නම් කියන්නේ අධ්‍යාපනයට සත පහක් දෙන්න නරකයි , එතකොට උඹලගේ අර කලින් වතාවක කීව ගැමි ප්‍රාථමික ජිවිතේ ගත කරගෙන ඉන්නත් පුලුවන් , මෙහෙම බ්ලොග් ලිය ලියා දඟලන්න දෙයකුත් නැ මොකද එතකොට ඔක්කොම උඹලගේ/මාරයගේ ජාතියේ "සුපිරි බුද්ධිමතුන්"
ReplyDeleteඅධ්‍යාපනය ගන්න ඒවා මාලක සිල්වා වගේ "වැදගත් " මිනිසුන්ට වෙන් වුනාම ඇති !
Me blog eka("Janasena") lat ekakne ooi..
ReplyDeleteMekata comment daana un kauda?
Ane ammapalla matanam hithaaganna ba..
Meke inna wishishta ganaye buddhimaththu tika parliment yawwanam ada api goda.. Apema awasanawa
අනේ යකෝ තොපි වගේ ඊනිවුස් බූරුවො විතරක් නෙමෙයි මේ රටේ ඉනෙ. බලපිය ඊළඟ ඡන්දෙන් ආණ්ඩුව දිනන්නෙ කොහොමද කියල.
Deleteඅද රටේ නිදහස් අධ්‍යාපනය රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.
ReplyDeleteඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.
කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? පළමුවැන්න තමයි කැම්පස් යන අයට හොඳ අනාගතයක් තියෙනව. මම කියන්නේ මේ ආට් හැර අනිත් ෆීල්ඩ් ගැන. මොරටුවේ ඉන්ජෙක් අවුට් වුණ ගමන් මුල්ම සැලරි එක රු.60000 ක් විතර. ඊට පස්සේ ඩිවලොප්ඩ් රටකට මයිග්‍රේට් වුණාම මන්ත්ලි ඉන්කම් එක $5000 ක් (රු.650000) විතර. ඉතින් කැම්පස් කොල්ලෙක්ව දැක්කාම අර ඒලෙවෙල් කරගන්න බැරි වුණ කාලකන්නින්ට ඉසිරියා හිතෙන එකක් පුදුමයක් නෙමෙයි. ඒ වගේම කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.
වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක. විමල් වීරවංසත් ඔය වගේ කැම්පස් නොගිය අමු මී හරකෙක්. කැම්පස් කොල්ලන්ට බැනල වෙබ් අඩවි වල කොමෙන්‍ටු දාන උනුත් කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවො කියල තේරෙනව. මම උන්ගෙන් අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්‍රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ? පුළුවන් එකෙක් මෙතනට ඇවිත් උත්තර දීපන්.
තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.
මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්‍රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.
ReplyDeleteවිමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.
ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.
ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.
නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ "අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න" කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)
මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය.
"ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.
ReplyDeleteඑසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද "ෆුටා නාඩගම" නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව "ෆුටා එකට වුණ දේ මතකයි නේද?" කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.
අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.
ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.
තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.
එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!
🤔
ReplyDeleteThank You and I have a neat present: How Much House Renovation home renovation services near me
ReplyDelete