Sunday, September 9, 2012

රජරට බත්කන හරකෙක් ගෙන් ලියුමක්....


ධනපති පන්ති, සුළු ධනේෂවර පන්ති, කම්කරු පන්ති මගුල් දැන් අදාල නැත. ඉන්නේ නිපදවන්නන්, බෙදාහරින්නන්, සංවිධානය කරන්නන් සහ වෙළෙන්දන් ය.
සංවිධානය කරන්නන්, බෙදාහරින්නන් සහ වෙළෙන්දන් යනු නිපදවන්නන්ගෙ පරපෝෂිතයන්ය.

රටේ දේශපාලනය සිදුවිය යුත්තේ මේ පරපෝෂිතයන්ට ඕනෑ විදිහට යයි උන් සිතති.

නිපදවන්නා තමුන්ගේ නිෂ්පාදනය මත ප්‍රමාණවත් හෝ ප්‍රමාණවත් නොවන ආදායමක්/වැටුපක් ලබයි. උන් ඒකෙන් පිරිමසාගෙන ජීවත්වෙති. ලොකු න්‍යායන් නොදන්නා නිසා ජීවිතය සරළය.  සමාජ ප්‍රගමණය ගැන දන්නේ අත්දැකීමෙනි. අතීතයේ තමන් විඳි වේදනා සහ දුක්ගැහැට තමුන්ගේ දරුවන්ට නොලැබෙන බව සහතික වීම පමණක් ඔවුන්ට ප්‍රමාණවත්ය. එය සහතික කර තබාගැනීම සඳහා අතීතය නිතර මෙනෙහි කරයි. ජීවිතයේ ගැටළු ආගම දහම මත තබා විමසන හෙයින් තමන් ඩැහැ ගැනීමට කුමන්ත්‍රණය කරන බාහිර සතුරන් නැත. අහසේ වෙනස්කම් වලට වඩා පොලොවේ වෙනස්කම් වලට සංවේදීය. ජීවිතය යනු ‘මේ මොහොත’ ලෙස ගන්නෙකි. මහන්සි වන තරමට නිකම් හිටිය හැකි බව දන්නා අතර, නිකම් සිටින අතරද මහන්සි වීමෙන් තමුන්ගේ දරුවන්ට නිකම් සිටිය හැකි බව අදහන පරාර්ථකාමියෙකි. තමුන් උපයාගන්නා දෙයින් දනට දෙයි.

පරපෝෂිතයෝ ඉන්නේ අහසේය. උන්ට ලැබෙන වැටුප ලෝක ඉතිහාසයේ කවදාවත් උන්ගේ වැඩ ටික කරගන්නට ප්‍රමාණවත් වී නැත. ලොකු න්‍යායන් දන්නා නිසා ජීවිතය අච්චාරුවකි. නිතර වරදකාරිත්වයෙන් පීඩා විඳී. අතීතයේ තමුන් විඳි දුක්ගැහැට තමුන්ට වූ අසාධාරණයක් ලෙස සිතන අතර නිතර එයට වන්දි ඉල්ලති.  සමාජ ප්‍රගමණය කියා මොකද්දෝ ශුද්ධ වස්තුවක් ඇතැයි උන් අදහන එය කිසිදිනෙකවත් දැක නැත. එබැවින් එය දැකගැනීමට සැමදා පෙරුම් පුරයි. අතීතය මතක නැත. එබැවින් වර්තමානය සා‍පේක්ෂ කරගැනීමේ ක්‍රමයක් නැත. එනිසා මුන් අනාගත මොකද්දෝ එකකට වර්තමානය සාපේක්ෂ කරන්නට මාර ‍ගේමක් දෙමින් දිනපතා නාහෙන් අඬති. තමුන්ගේ දරුවන්ගේ අනාගතය අර ප්‍රාර්ථනීය මොකද්දෝ එක බැවින් දරුවන් ගැන නිතර සැකයෙන් හා බියෙන් වසති.
ආගම දහම අවශ්‍ය වන්නේ ජීවිතයේ ගැටළු විසඳාගැනීම සඳහා නොව ගානක් සොයාගැනීම සඳහාය. නැතිනම් ‍ලොතරැයියක් අද්දවාගානීම හෝ විභාගයකින් ගොඩයාම සඳහාය. පට්ට ගොන්නු.

පොලොවේ වෙනස්කම්වලට සංවේදී නැත. ගෙවල්පාර කාපට්වීම මෙන් දසගුණයක් කොටස්වෙළඳපොල කඩාවැටීම මුන්ට වැදගත්ය. ජීවිතය යනු මේ මොහොත නොවේ. ඉදිරියේදී උදාවීමට නියමිත, සාමකාමී කාන්තිමත් ප්‍රභාවන් මොහොතකි. ඒ නිසා මේ මොහොතේ ජීවත් නොවේ. ඇවිදින මළකඳන්ය.

මහන්සි නොවී පුලුවන්තරම් නිකම් සිටීමට කැමති අතර තමුන්ට මහන්සිවන්නට සලස්වන්නන්ට වෛර කරයි. සොරකම් කිරීමට කැමැත්තෙන් පසුවන මුත්, තමුන්ට නොදී සොරකම්කරන්නන්ට මාරාන්තික ලෙස එරෙහිවෙයි. දේශපාලනය මහා විමුක්ති මාර්ගය ලෙස අදහන මුත්, එය තමුන් වෙනුවෙන් වෙනත් පිරිිසක් විසින් කල යුත්තකි. උංගේ අහසේ සිදුවන විපර්යාසයකට එරෙහිව “මුන්ට මේවට උද්ඝෝෂණය කරන්ඩ බෑ” කියා ජෙප්පන්ට බනින මුන්, ජෙප්පන් උද්ඝෝෂණය කරන විට “මේ කාලකන්නි උද්ඝෝෂණ හින්ද පාරක බැහැල වෙලාවට ගෙදරට යාගන්ඩවත් නෑ” කියා නැවත බනිති.

මුන්ට මහින්ද හොඳ නැත. ඒ දකුණුකරේ ගොඩයෙක් නිසාය. රනිල් හොඳ නැත. ඒ දිනන්නට බැරි නිසාය. සජිත් හොඳ නැත. නිධන් කතා වලට උත්තර දෙන්ඩ වෙන නිසාය. ජෙප්පන් හොඳ නැත. උන් මිනී මරා ඇති නිසාය. ජන අරගලකාරයන් හොඳ නැත. දෙමළුන්ට කඩේ යන නිසාය. පෙරටුගාමීන් කැමති නැත. දීප්ති කියන ඒවා තේරෙන්නැති නිසාය. හෙල උරුමෙට කැමති නැත. පොෂ් නැති නිසාය. වික්‍රමබාහුට කැමති නැත. අනික් උන්ගෙන් ගුටිකන්නට බැරි නිසාය. ඔබාමාට කැමති වන්නට විදිහක් නැත. ලංකාවේ නොවන නිසාය.

මෙදාපාර පළාත්සභා චන්දෙ සිල්ලරට තියයි. හරි වැරැද්ද මොක උනත් වැඩේ සිද්ද වෙන්නෙ එහෙමය. දැන් ප්‍රතිඵල ඇවිත් ඇත.

වෙලේ නියරේ, කම්හලේ, කොන්ක්‍රීට් වැඩපලේ, වඩුමඩුවේ, විංකලේ, වී මෝලේ........ නිපදවන්නන් තමන්ගේ චන්දය දී ඇත. ඒ දී ඇත්තේ තමුන් ‘විඳින ජීවිතයට’ අදාලව සහ දෙපයට පෑගෙන මහපොළොවේ යතාර්ථයට අදාලව හෘද සාක්ෂියට දැනුනු දෙයයි. චන්ද පොලට මල් මාලා දාලා එක්කන් ගියත් අර කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලට යන්න දෙන්නේ තනිවමය. චන්දෙ දුන්නේ ඒ තනි මිනිසුන්ය.
උන්ට සිරස පේන්නෑ, ඉන්ටර්නෙට් එකේ යන ඒවා දන්නෑ, රටේ ආර්ථික අර්බුදය තේරෙන්නෑ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නෑ, සරුවපිත්තල පෙන්නලා රවට්ටලා, බත්කන හරක්......... ජතියේ අවලාද අද උදේ ඉඳන් දෝරෙ ගලයි.

එකක් කියමු. මේ රට කලයුත්තේ අර අහිංසක ගැමියන් මත යැපෙමින්, තවත් මදි කියමින්, උනුත් නොදන්නා මොකද්දෝ එකක් ඉල්ලමින්, විසිහතරපැය අඬන පරපෝෂිත බල්ලන්ට ඕනෙ විදිහට නෙමේ. මේ රටේ පොළොවමත ජීවත්වෙන, මනස්ගාත වෙනු‍වට අත්දැකීමෙන් ලෝකය දිහා බලන, තොපිමෙන් ඇවිදින මලමිණී නොවන ජීවමාන මිනිසුන්ට ඕනෑ විදහටයි.

මේක තේරුම්ගන්න තොපිට මහලොකු පොත් ඕනෙ නෑ. පුළුවන්නම් මද්දහනක ගිහින් කන්තලේ පැත්තෙ හේනක එක පර්චස් දහයක් බිම පෙරලල පෙන්නපියව්.

දිගටම ජිල්මාට් හොය හොයා අඬපියව්. අඬන හින්ද තමා තොපි ජීවත්වෙන්නෙ. උතුරුමැද අහිංසක මිනිස්සුන්ගෙන් කණ හරහා කෑව මදිනම් තව ටිකක් ඉවසපල්ලා. මධ්‍යම/ඌව/දකුණ/වයඹ මග එනවා.

- තුසිත

51 comments:

  1. මේ පෝස්ට් එක කියෙව්වම මට මතක් වුනේ ටැබූ ජනපාධිපතිවරණය ඉවර වුනහම ලිව්ව පෝස්ට් එක. මට මතක හැටියට ඒකේ නම "ජැක්සන් ඇන්තනීලඟේ ජයග්‍රහණය සහ අපේ පරාජය".

    ReplyDelete
  2. "උන්ට සිරස පේන්නෑ, ඉන්ටර්නෙට් එකේ යන ඒවා දන්නෑ, රටේ ආර්ථික අර්බුදය තේරෙන්නෑ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නෑ, සරුවපිත්තල පෙන්නලා රවට්ටලා, බත්කන හරක්......... ජතියේ අවලාද අද උදේ ඉඳන් දෝරෙ ගලයි.

    එකක් කියමු. මේ රට කලයුත්තේ අර අහිංසක ගැමියන් මත යැපෙමින්, තවත් මදි කියමින්, උනුත් නොදන්නා මොකද්දෝ එකක් ඉල්ලමින්, විසිහතරපැය අඬන පරපෝෂිත බල්ලන්ට ඕනෙ විදිහට නෙමේ. මේ රටේ පොළොවමත ජීවත්වෙන, මනස්ගාත වෙනු‍වට අත්දැකීමෙන් ලෝකය දිහා බලන, තොපිමෙන් ඇවිදින මලමිණී නොවන ජීවමාන මිනිසුන්ට ඕනෑ විදහටයි.

    මේක තේරුම්ගන්න තොපිට මහලොකු පොත් ඕනෙ නෑ. පුළුවන්නම් මද්දහනක ගිහින් කන්තලේ පැත්තෙ හේනක එක පර්චස් දහයක් බිම පෙරලල පෙන්නපියව්."
    ----------------------------------------------------------
    පිස්සුද උන් මොක්කුද උන් මොනවා දන්නවටද මොනවා කරනවටද..මේවා සිද්ධ වෙන්න ඕන කොළඹ ඉන්න අපි වගේ උන්ට ඕන විදියට..අපි තමා හැම දේම දන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න බල්ලෙකුයි බලු මැක්කෙකුයි හිටියලු. මේ බල්ලා බලු මැක්කාව පන්න ගන්න පුදුම ට්‍රයි එකක්ලු දෙන්නෙ. කහනවලු. දූවිලි ගොඩේ පෙරළනවලු. දෙන්න පුළුවන් ඔක්කෝම වද දෙනවලු බලු මැක්කට. ඔන්න දවසක් බල්ලා මළාලු. දැන් මැක්කටා මාර හැපිලු.

      Delete
    2. මාරයාතුමා,

      මම ඔබගෙන් ඉතා අවංක පිළිතුරක් බලාපොරොත්තුවෙන් මේක අහන්නේ. පුළුවන්නම් උත්ත්‍රයක් දෙන්න [මොකද මට තේරෙන හැටියට ඔබතුමා බොහොම හොඳ මහින්ද රාජපක්ශ පාක්ශිකයෙක්].

      නිදහස් අධ්‍යාපනයට "යුනෙස්කෝ ප්‍රතිපත්තියට" අනුව 6%ක් වෙන් කරන්නට ඉල්ලීම ගැන ඔබගේ මතය කුමක්ද..? ඒ වගේම නිදහස් අධ්‍යාපනය ලංකාවට අවශ්‍යද..?

      Delete
    3. මාලන්ගේ ප්‍රශ්නෙට මාරයා තුමා උත්තර දෙනවා නම් මාත් කැමැතියි. නමුත් ඊට කලින් ඔහුට මේ පසුබිම් තොරතුරුත් දෙන්න.

      1. දළ ජාතික නිෂ්පාදිතයට රජයේ සම්මාදම 23% පමණයි. ඒ කියන්නේ දැනට රජයේ වියදමින් 8.7% ක් වැයවෙන්නෙ අධ්‍යාපනයට. (2% බෙදීම 23%) අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් දෙනවා කියන්නෙ - මේ වගේ තුන් ගුණයක් ඒ කියන්නෙ මුළු රජයේ වියදමින් 26% ක් අධ්‍යාපනය වෙනුවෙන් පමණක් වැය කිරීම.

      2. රජයේ වියදමින් දැනට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තියෙන 8.7% ප්‍රමාණය 26% දක්වා වැඩිකිරීමේදී ඉතිරිය (ඒ කියන්නෙ 26% අඩු කිරීම 8.7%) වෙනත් කොතැනකින් හෝ අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ප්‍රායෝගිකව ඒ ලබා ගත හැකි තැන් දෙකයි තියෙන්නේ. එකක් ආරක්ෂක වියදම් දරුණු ලෙස කප්පාදු කිරීම. දෙවැන්න ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වියදම් දරුණු ලෙස කප්පාදු කිරීම. (මේවායේ බලපෑම මා විස්තර කිරීමට අනවශ්‍ය යැයි හිතනවා.)

      3. අධ්‍යාපනයට රජය විසින් පමණක් දළ ජාතික ආඅදායමින් 6% දිය යුතුය කියා යුනෙස්කෝ ප්‍රතිපත්තියක් නෑ. යුනෙස්කෝ සම්මුතිය රටක් විසින් (පෞද්ගලික අංශයක් ඇතුළුව) අධ්‍යාපනයට 6% වෙන් කළ යුතුය පිළිගැනීමයි. රජය විසින් ඒ 6%න් කීයක් දැරිය යුතුද කියලා කොතැනකවත් කියලා නැහැ.

      Delete
    4. මම ලංකා සී නිවුස් එකේ ගියපු ලිපිය කියෙව්වා. ඔබතුමත් ඒක කියවා තිබෙන හැඩැයි. :)

      ඔබතුමාගේ පිළිතුරට මම කැමතියි. ඒවගේ පිළිතුරු බ්ලොග් අවකාශයේ ඇනොලගෙන් ලැබෙනවා අඩුයි.

      ඔබතුමා සමඟ එකඟයි. 6%ක් කියන්නේ සමස්ත වෙන් කිරීම. මම ඒක ගැන වාද කරන්න යන්නේ නෑ. 6% අමතක කරන්න. දත්ත අනුව ඉතාම පැහැදිලි දෙයක් තමයි නිදහස් අධ්‍යාපනය සඳහා ද.දේ. නිශ්පාදිතයෙන් "රජය විසින් වෙන් කරන මුදල" ක්‍රමාණුකූලව කප්පාදුවට ලක් වෙනවා කියන එක. 6%ක් වෙන් කරන්න කියනවට වඩා මම පුද්ගලිකව කැමතියි දැන් වෙන් කරනවට වඩා වෙන් කරන්න කියලා ඉල්ලන්න.

      කවුරු හරි අහන්න පුළුවන් එහෙම වෙන් කරන්න කොහෙන්ද මුදල් කියලා. මම ඒකට දෙන ප්‍රති උත්තරය තමයි, රටේ සිද්ද වෙන වන්චා සහ දූෂණ අවම කරන්න, මැති ඇමතිවරුන් අඩු කරන්න සහ ඔවුන් විදින සිවිශේෂ වරප්‍රාද කප්පදු කර්න්න. එතකොට වෙන කිසිම අමාත්‍යාංශයකට වෙන් කරන මුදල අඩු කරන්නේ නැතුවම දැනට අධ්‍යාපනයට වෙන් කරන මුදල් වලට වඩා මුදලක් වෙන් කරන්න පුළුවන් වේවි.

      මෙතන මට හිතා ගන්න බැරි දේ තමයි, ලංකාවේ ඇමතිවරු, ඒ අයගේ ගෝල බලයෝ, නෑදැයෝ හතර හුලස් වෙන්න හොරකම් කරනකොට ඒ ගැන වචනයකින් වත් විරුද්ධවත්වයක් නොපෙන්වන ඔබතුමන්ලා අධ්‍යාපනයට දැන් වෙනකරන මුදලට වඩා වෙන් කරන්න කියලා ඉල්ලද්දි ඒකට විරුද්ධ, එයට වෙන් කරන්න මුදල් නැහැ කියලා ඔප්පු කරලා පෙන්වන අන්දම.

      මහත්මයෝ, මේ මුදල් වෙන් කරන්න කියලා ඉල්ලන්නේ අධ්‍යාපනයට, ඒකෙන් ප්‍රතිලාබ ලැබෙන්නේ තොරාගත් පිරිසකට පමණක් නෙමෙයි. සියලුම දෙනාට පොදුවේ.

      විශ්ෂයෙන්ම ගම්බඳ දුප්පත් දරුවන්ට. අර පහළින් ඇනෝ කෙනෙක් ලියලා තියෙනවා වගේ පොහොර සහනාධාරයෙන් යැපෙන ගොවි මහතෙක්ට කවදාක්වත් ලක්ශ දෙක තුනක් තමන්ගේ දරුවෙක්ගේ උපාධියක් වෙනුවෙන් වියදම් කරන්න බෑ.

      හොඳයි මගේ ප්‍රශ්නය තමයි, ඔබතුමන්ලා නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන මතය කුමක්ද..? එය රැක ගත යුතු දෙයක්ද..? එසේ නැතිනම් ක්‍රමාණුකූලව සීමා කළ යුතු දෙයක්ද..?

      ප.ලි: කොහොමත් මම මාරයා තුමාගෙන් පිළිතුරක් බලාපොර්ත්තු වෙන්නේ නෑ. මොකද එතුමා ගොඩක් වෙලාවට දන්නේ දෙයක් වුනාම උඩ පනින්න විතරයි. මීට කලින් ඔහු කිසිම ලෙසකින් කිසිවෙක් සමඟ සංවාදයේ යෙදෙනු මා දැක නැ. ඔබ හෝ මා අසන පැනයට පිළිතුරු දෙනවනම් ලොකු දෙයක්.

      Delete
    5. දැන් මාරයාතුමාගෙ කටට උත්තරේ දෙන්නෙ නැතුව අපි ඔහුගෙන් උත්තරයක් එන කල් ඉඳිමුකෝ. කොළඹ ඉන්න මගේ මතයට වඩා ගමේ කොස් පොල් කන මාරයා තුමාගේ අදහස වැදගත්නෙ. අඩු ගණනෙ මෙතැන බැරිනම් බ්ලොග් පෝස්ට් එකක් වත් ලියයිනෙ.

      Delete
    6. වැරදි දෙකක් පමණක් නිවැරදි කරමි.

      1. ඉතාම පැහැදිලි දෙයක් තමයි නිදහස් අධ්‍යාපනය සඳහා ද.දේ. නිශ්පාදිතයෙන් "රජය විසින් වෙන් කරන මුදල" ක්‍රමාණුකූලව කප්පාදුවට ලක් වෙනවා කියන එක.

      වැරැදියි. සිදු වී තියෙන්නේ දළ දේශීය නිෂ්පාදනයට රජයේ දායකත්වය පහළ බැසීම තුළ ප්‍රතිශතයක් ලෙස රජය විසින් වෙන් කරන ලද මුදල අඩුවී පෙනීමයි. ඇත්ත, අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන මුදල රජයේ වියදමින් ප්‍රතිශතයක් ලෙස වෙනස් වී නැති බවයි.

      2. මහත්මයෝ, මේ මුදල් වෙන් කරන්න කියලා ඉල්ලන්නේ අධ්‍යාපනයට, ඒකෙන් ප්‍රතිලාබ ලැබෙන්නේ තොරාගත් පිරිසකට පමණක් නෙමෙයි. සියලුම දෙනාට පොදුවේ.

      වැරැදියි. මෙය සත්‍ය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යපනය සම්බන්ධව පමණෙකි. උසස් අධ්‍යාපනය ලැබෙන්නේ මුළු ජනගනණයෙන් 2% ක පිරිසකට පමණකි. එසේම කෙනෙකුට උසස් අධ්‍යාපනය ලබා දීම තුළින් වැඩි වාසියක් ලැබෙන්නේ එම පුද්ගලයාටය. සමාජයට නොවේ. උදාහරණයක් හැටියට නොමිළේ අධ්‍යාපනය ලබන කිසිම කෙනෙක් තමන් නොමිළේ අධ්‍යාපනය ලද නිසා නොමිළේ සේවය නොකරයි. එනිසා නොමිළේ උසස් අධ්‍යාපනය ලබා දීම තුළින් සමාජයට ප්‍රතිලාභ ලැබෙන්නේය කීම පොඩි ඇත්තක් ඇති ලොකු බොරුවකි.

      Delete
    7. ඇත්තටම අපේ රටේ සිදුවන නොමිළේ උසස් අධ්‍යාපනය යනු සමාජයට ප්‍රතිලාභයක් නොව ලොකු බරකි. මන්ද අද කැම්පස් වලින් එළියට එන අති බහුතරයකට රස්සාවක් ගන්න බැරි නිසාය. ඔවුන්ට පෞද්ගලික අංශයේ රැකියා පිණිස අවශ්‍ය කිසිම හැකියාවක් නැත. එනිසා රජයට තවත් වියදම් කරමින් ඔවුන් පිණිස රජයේ රැකියා මවා දීමට සිදු වී තිබේ. මෙය වහා නිවැරදි විය යුතුය. විශ්ව විද්‍යාල යනු රස්සාවක් වත් කරන්න බැරි මොට්ට රැළක් පුහුණු කරන ආයතන විය යුතු නැත.

      Delete
    8. 1. ඔබතුමා ඉලක්කම් හරඹයක් කරන්න හදනවා වගෙයි :)

      ""සිදු වී තියෙන්නේ දළ දේශීය නිෂ්පාදනයට රජයේ දායකත්වය පහළ බැසීම තුළ ප්‍රතිශතයක් ලෙස රජය විසින් වෙන් කරන ලද මුදල අඩුවී පෙනීමයි. ඇත්ත, අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන මුදල රජයේ වියදමින් ප්‍රතිශතයක් ලෙස වෙනස් වී නැති බවයි.""

      මේ කතාවනම් මහත්තයෝ පිළිගන්න අමාරුයි. පිළිගත හැකි සෝර්ස් එකක් නැතුව [උදා: මහ බැංකු වාර්තා, පිළිගත හැකි වෙබ් අඩවි ලංකා සී නිවුන්ස්, ඊ නිවුස් හැර]

      2. දැන් ඔබතුමා කියන්නේ උසස් අධ්‍යාපනය රටකට නොවැදගත්..? ඒක වැදගත් ඒක ලබාගන්න පුද්ගලයට පමණයි..? රටකට වැදගත් ප්‍රථම සහ ද්වීතීය අධ්‍යාපනය පමණයි..? :)

      3. ඇමතිවරුන්ගේ දූශන වංචා, ඔවුන්ගේ සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලවලට දී ඇති වරප්‍රසාද ගැනත්, ඔවුන්ගේ දරුවන් පදින වාහන ගැනත් [මාලක සිල්වා - පොර්ශ්, රෙන්ජ් රෝවර් කාගේ සල්ලිද මේ..?] ලියන්න.

      4. ""මන්ද අද කැම්පස් වලින් එළියට එන අති බහුතරයකට රස්සාවක් ගන්න බැරි නිසාය. ඔවුන්ට පෞද්ගලික අංශයේ රැකියා පිණිස අවශ්‍ය කිසිම හැකියාවක් නැත. ""

      ඔබ කියන කාරණය අදාල වන්නේ කලා උපාධිදාරීන්ට පමණි. ඉන්ජිනේරු, වෛද්‍ය, ගණකාධිකාරී, නීති, විද්‍යා, අයි.ටී ආදි කිසිවකට ඔය චෝදනාව අදාල නැත.

      Delete
    9. /මේ කතාවනම් මහත්තයෝ පිළිගන්න අමාරුයි. පිළිගත හැකි සෝර්ස් එකක් නැතුව/

      මේක පෙන්නුවොත් ඔබ ඔබේ චෝදනා සියල්ල ඉවත් කරගෙන සමාව ඉල්ලන්න ලෑස්තිද?

      Delete
    10. HA HA :D

      සමාවගන්නේ අහවල් දෙයක් කොලාටද..? මම හිතුවේ මෙතන වෙන්නේ සුහද කතා බහක් කියලා. සමාව ගන්න. HA HA :D

      අනිත් කාරණේ රජය අධ්‍යාපනයට කීයක් වෙන් කළත් මට පුද්ගලිකව ලැබෙන ලාබයක් නැහැ. මම ලෙක්චරර් කෙනෙක් නෙමෙයි. මම අද ඉන්න තත්ත්වෙට ආවේ නිදහස් අධ්‍යාපනය නිසා. මම කැමතියි ඒකේ ඵල මම වගේම තවත් අය ගන්නවට. එච්චරයි..!

      ප.ලි: තෙවනවරටත් මතක් කිරීම, නිදහස් අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම බොහොම වැරද්දක් ලෙස දකින ඔබතුමා ඇයි මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද, වංචා දුශන ගැන වචනයක් වත් නොකියන්නේ..?

      Delete
    11. ඇයි අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නෙ නැත්තෙ? සමාව ගන්න ඕනැ ඔබ වැරදි මතයක් ආත්මාර්ථකාමී වුවමනාවක් වෙනුවෙන් ප්‍රචාරය කරන නිසා. ඔබ ඉදිරිපත්කරන දත්ත ගැනවත් ඔබට විශ්වාසයක් නැද්ද?

      වංචා දූෂණ ගැන වෙනම කතා කරමු. මෙතැන මාතෘකාව අධ්‍යාපනයනෙ. පටළව ගන්න එපා.

      Delete
    12. මඟුලක් කතා කරනවා. මේ හලෝ ඔහේ කවුරු කියලද හිතන් ඉන්නේ..? සෝර්ස් එක දෙනවනම් දෙනවා බැරිනම් නිකන් ඉන්නවා. හොඳින් කතා කළහම එනවා මෙතන කරේ යන්න.

      ""වංචා දූෂණ ගැන වෙනම කතා කරමු. මෙතැන මාතෘකාව අධ්‍යාපනයනෙ. පටළව ගන්න එපා""
      අනිත් කාරණය මෙතන මතෘකාව අධ්‍යාපනයට වෙන් කරන මුදල. අමතක කරන්න එපා මාතෘකාව.

      Delete
    13. ඔබ කියන දත්ත ගැනවත් ඔබට විශ්වාසයක් නෑ කියලා පිළි ගැනීම ගැන ස්තූතියි. ඔහොම තමයි ඔය ආචාර්යවරු හැමෝම. පොර ටෝක් දාගෙන එනවා. චැලෙන්ජ් එකක් කරපු ගමන් වැටෙනවා.

      Delete
    14. යකාගේ තර්ක තමයි මේවා. HA HA :D

      සොර්ස් එකක් දෙන්න බෑ. පොර ටෝක්ස්නම් තියෙනවා. මේ ලිපියේ මාතෘකාවටම ගැලපෙනවා වැඩත්.

      Delete
    15. දත්ත දෙන්න බෑ කියල කිසිම තැනක කියලා නෑ. දත්ත දෙන්නම් ඒවායින් ඔබේ මතය බිඳේ නම් එය පිළිගෙන බොරු චෝදනා ඉවත් කර ගැනීමට හා සමාව ඉල්ලීමට තරම් ඔබ නිහතමානී නම්. නැත්නම් මම නිකම් කාලය වැය කරලා තේරුමක් නැහැනෙ.

      Delete
    16. සොර්ස් එක දෙන්න බැරිනම් කට වහගෙන නිකන් ඉන්න.

      Delete
    17. අනේ මහත්තයෝ, තමන් කියන දේ ගැනවත් ෂුවර් නැති ඕහෙලා එක්ක මොන වාදද?

      Delete
    18. මේ ගල මගේ
      නෑ මගේ

      මේ ගල මගේ
      නෑ මගේ

      මේ ගල මගේ
      නෑ මගේ

      මේ ගල මගේ
      නෑ මගේ

      මේ ගල මගේ
      නෑ මගේ

      මේ ගල මගේ
      නෑ මගේ

      මේ ගල මගේ
      නෑ මගේ

      මේ ගල මගේ
      නෑ මගේ

      මේ ගල මගේ
      නෑ මගේ

      :D

      Delete
    19. මගේ කාර් එක ලක්ෂ 400 යි - මාලක සිල්වා

      දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා ද කලක් පුවත් මවන චරිතයක් බවට පත්ව සිටියේය.

      රාත්‍රී සමාජ ශාලාවල පහරදීම් වලට, මත්ද්‍රව්‍යය බෙදාහැරීම් වලට ඔහු චෝදනා ලබා සිටින බව අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. පහතින් දැක්වෙන්නේ මාලක සිල්වා මව්බිම "යංග්" අතිරේකයට ලබා දුන් සාකච්චාවකි.

      තාත්තගේ නම?
      මර්වින් සිල්වා

      ඔබේ සම්පුර්ණ නම?
      මාලක සිල්වා

      වයස?
      වැඩක් නැහැනේ..ඔයා එහෙම ලියන්න..

      ඉස්කෝලේ?
      සෙන්ට් තෝමස් ගල්කිස්ස

      ඉහලම අධ්‍යාපන සුදුසුකම ?
      මම ඕලෙවල් කළා.ඊට පස්සේ ඒ ලෙවෙල් කලේ නැහැ, ඇමරිකා ගියා.එහෙදි අවරුදු දෙකක් ග්‍රැෆික් ඩිසයිනින්ග් කරා. ඊට පස්සේ ඕස්ට්‍රේලියා ගිහිනුත් ග්‍රැෆික් ඩිසයිනින්ග් කරා. එත් එකේ භාගයයි.

      ඒ භාගෙන් පස්සේ?
      ඊට පස්සේ මම නිකන් හිටියා.

      ජොබ් එකක් කරනවද?
      අමරිකාවෙදිනම් වැඩ කළා. ලංකාවෙනම් ජොබ් එකක් කරලා නැහැ

      ඇමරිකාවේ මොකද්ද කල රස්සාව?
      ඉලෙක්ට්‍රික් ෂොප් එකක හිටියා. පාර්ට් ටයිම්

      එතකොට දැන් ආදායම් මාර්ගය මොකද්ද?
      මට වාහන සෙල් එකක් තියෙනවා. තව පිටරට එක්ක සම්බන්ධ පොඩි පොඩි බිසන් ටිකක් තියෙනවා. අද හෙට රෙස්ටුරන්ට් එකක අරින්නත් බලාපොරත්තුවක් තියෙනවා.

      දැනට පාවිච්චි කරන වාහනය මොකද්ද?
      මට කොහමත් වාහන පිස්සුවක් තියෙනවා. පෝෂ්, බෙන්ස්, රේන්ජ් රෝවර් වගේ දැනට තියෙන හොඳම වාහන මගේ ළඟ තියෙනවා. පෝෂ් දැනට ලංකාවේ තියෙන්නේ දෙකයි.

      පෝශේ එක කීයටද ගත්තේ?
      ලක්ෂ 300 ක් විතර උනා.දැන් ඊට වැඩියි. අලුත් ඩියුටියත් එක්ක ලක්ෂ 400 ක් විතර ඇති.

      කැමතිම ඇඳුම මොකද්ද?ඩෙනිමයි ටි ෂර්ට් එකයි

      බ්‍රැන්ඩඩ් ඒවා විතරද අදින්නේ?
      එහෙම එකක් නැහැ. බ්‍රැන්ඩඩ් ඒවත් අඳිනවා

      නයිට් ලයිෆ් එකක් තියෙනවද?
      ඉස්සරනම් දිගටම තිබුනා. දැන්නම් සැහෙන්න අඩුයි.

      අයි දැන් අඩු?
      දේශපාලන වඩාත් එක්ක ටිකක් අඩු කරලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න අඩුයිනේ. මොකද මගේ ගතියක් තියෙනවා කව්රුහරි මගේ ඇගේ හැපුනත් මට තරහ යනවා.

      කොල්ලන්ට නයිට් ලයිෆ් එකක් තියෙන්න ඕනද?
      ඇත්තටම තියෙන්න ඕන.ගම පැතිවල කොල්ලෝ පන්සල් යන්නේ මොකටද? පින් කරන්නද? නෑනේ ..කෙල්ලෝ හම්බවෙන්න

      තාත්ත ඇමති කෙනෙක් හින්දද ක්ලබ් වල ගහගන්නේ?
      ඇඟට ආවොත් මම අතාරින්නෙ නැහැ. මම පටන් ගත්ත ගැටුම් නම් නැහැ.එක්කෝ මගේ යාලුවෙක් වෙනුවන් පටන් ගත්ත එකක් හරි මගේ ඇඟට ආපු කෙස් එකක්.

      පුරුද්දක් විදියට උපන්දිනේට මොකද්ද කරන්නේ?
      ගොඩක් කල් කලේ පාටි දාපු එක.එත් කොච්චර පාටි දැම්මත් අනාත් නිවාසෙකට ගිහින් කෑම බෙදනවා. පොඩි කාලේ ඉඳල එහෙමයි.

      සාමාන්‍යයෙන් උපන්දින පාටියකට කියක් විතර වියදම් කරනවද?
      එකනම් බලල නැහැ.කොහමත් මගේ අතින් වියදම් වනවාට වැඩිය තාත්තගේ සම්බන්ධකම් හරහා ලැබෙන දේවල් තමා පාටි වල තියෙන්නේ.එක තමයි ඇමති පුතෙක් වීමේ චාන්ස් එක.

      ඇමති පුතෙක් වීමේ අවාසිත් ඇතිනේ?
      අපෝ ඔව්. පාඩුවේ හොබී එකක්වත් කරගන්න නැහැ.

      නයිට් ක්ලබ් කියක සමාජිකත්වය තියෙනවද?
      මම ඕනෑම ක්ලබ් එකකට යනවා. ඔක්කොම අඳුරනවානේ.

      පෙම්වතියක් ඉන්නවද?
      ඉන්නවා

      ස්ථිරද? තාවකලිකද?
      එක නම් හරියට කියන්න බැහැ. මිට කලිනුත් ඉඳල තියෙනවා. මොනවා වෙයිද කියල හරියටම කියන්න බැහැනේ. මම හිතාගෙන ඉන්නවා මේකත් හරියයි කියල.

      රටවල් කීයකට ගිහින් තියෙනවද?
      පහළොවකට විතර

      කැමතිම රට?
      ඔස්ට්‍රේලියාවට කැමති. ආසියාවේ බාලි වලට කැමති.

      ඇයි ඒ?
      ඔස්ට්‍රේලියාව මගේ ගෙදර වගේ. ගොඩක් යාලුවෝ ඉන්නේ එහෙ. බාලිවල ලස්සන බීච් එකක් තියෙනවා. එහෙ මිනිස්සුත් හොඳයි.

      ලංකාවේ මිනිස්සුන්ට වඩා?
      ඒ වගේ තමයි.

      ලංකාවේ කැමතිම හොටෙල් එක මොකද්ද?
      සිනමන් ග්‍රෑන්ඩ් එක

      විශේෂයක් තියෙනවද?
      මම ස්කොෂ් ගහන්න යන්නේ එතනට, පුල් එකකුත් තියෙනවා. අනික එතන රෙටුරන්ට් ජාති හය හතකුත් තියෙනවා. එතන තමයි අපේ යාළුවො සෙට් වෙන තැන.

      ඇමති පුතෙක් කියල කියන්නේ ආඩම්බරෙන්ද?
      එකේ අලුතින් ආඩම්බර වෙන්න දෙයක් නැහැ

      තාත්ත ගැන මොකද හිතන්නේ?
      මිනිස්සු මොනවා කිව්වත් තාත්තගේ අතුල පොඩි ළමයෙක් වගේ. ආශ්‍රය කරලා බලන්න. ඔය කියන ජාතියේ තාත්ත කෙනෙක් නෙවෙයි.

      ඉස්සරහට දේශපාලනය කරනවද?
      මින්ස්සු කතාකොලොත් කරනවා

      තාත්ත මොකද කියන්නේ?
      මට ඕන දෙයක් කරන්න පුළුවන්. බලකිරීමක් නැහැ

      කවදාහරි පෝයට සිල් අරන් තියෙනවද?
      නෑ.ඇත්ත කියන්න එපයි. අනෙක අපේ තාත්තට වගේ මට එකතැන වාඩි වෙලා ඉන්න බැහැ.

      ඔබේ ආරක්ෂාවට කි දෙනක් ඉන්නවද?
      මට ඉන්නේ ප්‍රයිවට් කට්ටිය

      කි දෙනෙක් විතරද?
      අටක් විතර ඉන්නවා

      දේශපාලනයට එන්නත් කලින් මොකටද ආරක්ෂකයෝ?
      කියන්න බැහැනේ. මොනවහරි කෙස් එකක් ගියොත්

      Read more: http://www.gossip9.com/2012/07/400.html#ixzz262dTn2RW

      Delete
    20. ආනේ, ඉතින් ඉරිසියයිද? ඔයත් හරියට අර සුමිත් නිරැල්ල මාමා වගේනෙ ඉරිසියා කරන්න ගියාම.

      Delete
    21. නැහැ දුකයි, ඔහෙලා වගේ කොන්ද පණ නැති ඇනෝලා ගැන.
      පවු ඉතින් ලබා උපන් හැටිනේ, නේද..?

      Delete
    22. මාලන්ට සොරි ඩොට් කොම්

      Delete
    23. සුදර්මන් II කොටස රඟ දැක්වේ- මාරක සිල්වා තවමත් නිදැල්ලේ

      අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.

      පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා සහ සහායකයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේය ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වනවිට යුධ හමුදා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

      මාලක සිල්වාගේ රියදුරා විසින් මේජර්වරයාගෙන් පැහැරගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය ගෙනැවිත් පොලීසියට භාර දී තිබෙන්නේ දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ නිසා තමන් රැගෙන ගිය බව දන්වමිනි.

      නමුත් මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දෙන අයුරුත් පසුව ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුත් ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙනවා.

      රියදුරු කඩේ යවා ජංගම දුරකථනය හා ගිනි අවිය පොලීසියට ගෙනත් දුන්නද රන් දම්වැල තවමත් තිබෙනුයේ මාලක සිල්වා සතුවය.

      මෙම පහරදෙන අවස්ථාවේ අමාත්‍ය මර්වින් සිල්වාගේ මාධ්‍ය ලේකම් වරයා ලෙස කටයුතු කළ "රොහාන් විජේරත්න" ද සිට ඇති අතර ඔහු හිටපු අමාත්‍ය මනෝ විජේරත්නගේ දෙවන කසාදයේ බිරීන්ද වන තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය වන භාරතී විජේරත්නගේ කලින් විවාහයේ පුත්‍රයකුවේ.

      තුර්කියේ තනාපතිනිය විසින් තම පුත්‍රයා බේරාගැනීමට දැඩි වෙහෙසක් දරන අතර පොලීසිය විසින් එවැන්නෙකු ගැන සඳහන් හෝ නොකරයි.

      වරෙන්තුවන් නිකුත් කර අවුරුද්දකට වැඩි කල ගතවුවද සුදර්මන් රදලියගොඩ අත් අඩංගුවට නොගත් පොලීසිය මාලක සිල්වා අත් අඩංගුවට ගැනීම පැහැර හැර තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය යනු නිවටයන්ගේ ආයතනයක් බව නැවත ඔප්පු කරමිනි.

      මේ අතර පොලීසියට අත් අඩංගුවට ගත නොහැකිවූ මාලක සිල්වා පොලිස් මුරකාවල් මැදින් පැමිණ කැළනියේ සර්වඥ ධාතු වඳින අයුරු කැමරාවට හසුවී තිබෙනවා. තම පියා වූ අමාත්‍ය මර්වින් සිල්වා සමඟ පැමිණි මාලක සිල්වා, එම අවස්ථාවේ පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ කතාබස් කොට තිබෙනවා.


      පන්සිල් රකිති මැරවරයෝ...මේ කේතුමතී නුවරයි...♫♪

      Read more: http://www.gossip9.com/2012/09/blog-post_4688.html#ixzz26BhzXBcH

      Delete
  3. ජනසේනා මහත්තයෝ ඔය වැඩිකරන බදුත් ඒ ජීවමාන මිනිස්සුන්ගෙන් විතරක් අය කරගන්න ක්‍රමයක් හදන්න බැරිද අපි වගේ මළමිනී වලින් නැතුව?

    ReplyDelete
    Replies
    1. දැනටත් එහෙම තමයි මලමිනීතුමෝ. ඔහෙල ගෙවන ඔය මහලොකු බද්දත් අන්තිමට ගිහින් කැරකිලා ගෙවන්න වෙන්නෙ ඔය බත්කන හරක්ට තමයි. අර ලොකු පොත්වල ඇති. ටිකක් බලන්ඩ.

      Delete
    2. මැදපෙරදිග සේවය කරන පිරිස්, ගාමන්ට් ෆැක්ටරිවල සේවය කරන කාන්තාවන් ගැන කිව්වා නම් මේ කියමන සාධාරණයි. අන්න නියම නිපදවන්නන්. හැබැයි ගොවීන් ගැන නෙවෙයි. අද ගොවිකම කියන්නෙ ආණ්ඩුවෙ සහනාධාර මත යැපෙන කර්මාන්තයක්.

      Delete
    3. @ ඇනෝ,
      ඔබ සමග එකඟයි. ඔවුන් තමයි නියම නිපදවන්නන්. ඒ් වගේම දවස්කුලී පදනම මත ශ්‍රමය වගුරන කම්කරුවන්, ස්්වයං රැකියාවන් ලෙස විවිධ දේ කරන්නන්.

      මේ සියල්ලන් ගැන එකින් එක ලියන්නට ගියානම් බොහෝදුර යන බැවින් මෙහි සඳහන් කරන්නට ගියේ නැහැ.

      Delete
  4. ලෝකයේ ඕනෑම ජනතාවකට තමන්ට කැමති රජය පත් කර ගත හැකිය. බහුතරයකගේ අකමැත්තෙන් බලහත්කාරයෙන් රටවල් පාලනය කරන ආණ්ඩු දැන් ලෝකයේ කොතනකවත් නොමැත. රජයෙන් අවශ්‍ය දේවල් සිදුනොවද්දී දිගටම රජය පවත්වාගෙන යනවානම් එය ජනතාවට අදාල ප්‍රශ්නයකි. එසේ නොවන්නේනම් චෝදනා කරන්නන්ට සිදුවූ වැරදීමකි.

    ReplyDelete
    Replies
    1. මුළු ජනතාවම වෙන රටකට පැටෙව්වනම් හරි

      Delete
  5. කෝප් වාර්තාව, බාල පෙට්‍රල්-ඩීසල්,Zස්කෝර් අවුල, සරසවි ආචාර්ය අවුල, ජිනීවා යෝජනා වලට මහහඩින් විරුද්ධ වී පස්සේ (හොරෙන්)හිලරි ට ඒවා ඉටුකරන විදිය ගැන මාස්ටර් ප්ලෑන් පෙන්වීම, අධිකරණය හෑල්ලු කිරීම, ජුලම්පිටියේ අමරේ සිද්ධිය, සැරව බඳු සාරව සුනිල්, වරෙන්තු කරුවන් පොලීසිය අසලම ප්‍රසිද්ධයේ පෙනීසිටීම,අතුරුදන් ලලිත්-කූගන්-එක්නැලිගොඩ......... මේවාත් අදාල නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඕව ඔයාල බලාගන්න. සේරුනුවර/මොරවැව මිනිස්සු ඒපැත්තෙ ප්‍රස්න බලාගනියි. මොකද ඒපැත්තෙ ප්‍රස්න බලන්ඩ ඔයාල යන්නෙ නෑනෙ.

      Delete
    2. මෙහෙමයි මිත්‍රයා, කෝප්/ජිනීවා ප්‍රශ්න මොරවැවට අදාල නෑ කියමු. ඒත් මොරවැව ප්‍රාදේශීය සභා සභාපති සැරව සුනිල් වගේ එකෙක් නම්, එයා වැරදි කරල දේශපාලන රැකවරන ලබල නිදැල්ලේ ඉන්නවනම්, ඒක ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද?

      Delete
    3. සුනිල්ට ඡන්දෙ දෙන මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් නැ , මේ මුලු ලිපියේම ගෙනියන තර්ක රටාව අනුව ඒක ඒහෙම තමා තොපිට මොකෝ , තොපි සුනිලට ඡන්දෙ නොදා ඉඳහල්ලා ..

      Delete
    4. ඒපැත්තෙ මිනිස්සුන්ට බලපාන සහ නොපාන ප්‍රස්න තීරණය කරන්න ඔයා කවුද? ඒව ඒ මිනිස්සු බලාගනියි.

      ඔයා හදන්නෙ මොරවැව වැද්දො ශිෂ්ට කරන්න වගේ දෙයක්ද? පරිණාමය තව ඉවර නෑ. ඒකට ඉඩදෙන්න.

      Delete
    5. මේක මා කියන්න කැමැති නෑ. නමුත් ඇත්ත කියන්න ඕනැ. හොරොව්පතානෙ ගොවියකුට තමන්ගෙ දහ හතර හැවිරිදි හෝ පහළොස් හැවිරිදි දියණිය දූෂණය වීම මහ ලොකු දෙයක් නෙවෙයි. ඇයි? ආර්ථික හේතූන් මත උන් ඒ වයසෙදි කොහොමත් එක්කෝ කසාද බඳිනවා, නැත්නම් වෙන කොල්ලෙක් ඕක කරනවා. ඕව ප්‍රශ්න වෙන්නෙ මධ්‍යම පංතියේ අපට. ට්‍රිෂ්ණා (Trishna) බලන්නකො බැලුවෙ නැත්නම්. http://en.wikipedia.org/wiki/Trishna_2011_film

      Delete
    6. එකනේ ජයශ්‍රි වැද්දන්ව කැලෙන් එලියට ගන්න ට්‍රයි කරන්නේ මොකටද ?

      Delete
    7. මගේ කේන්ද්‍රීය ප්‍රස්නය තේරුම්ගන්න. වැද්දන්ව නම් කරන්න ඔබට තියෙන අයිතිය මොකද්ද? ඊනියා ශිෂ්ට සමාජයේ (සයිබර්) ක්‍රියාකාරීන් වීමද?
      ඉස්සෙල්ලා ඔයාල කැලෙන් එලියට එන්න

      Delete
    8. ශිෂ්ට යැයි සම්මත සමාජය "ඊනියා ශිෂ්ට " සමාජය කියා නම් කරන්නේ ඇයි ? වැද්දන්ව නම් කර ඇත්තේ ඔබයි ,මා නොවේ ,පරිණාමයට ඉඩ දෙන්නටය කීයා ඔබම පවසා ඇත , ඉතින් තම ප්‍රාථමික අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරනා වැද්දන් දෙස අනුකම්පාවෙන් බලනු විනා කැලයෙන් එලියට ගන්න උත්සහ කරන්නේ කුමකටද ?

      Delete
  6. ලියා ඇත්තේ බත් කන හරකෙක් බව නම් සක්සුදක් සේ පැහැදිලිය

    ReplyDelete
    Replies
    1. හරි, ඒ කියන්නෙ උඹ කන්නෙ තණකොළ කියලනෙ!

      Delete
    2. උඹට කැමති දෙයක් හිතා ගනින්

      Delete
  7. "මෙදාපාර පළාත්සභා චන්දෙ සිල්ලරට තියයි. හරි වැරැද්ද මොක උනත් වැඩේ සිද්ද වෙන්නෙ එහෙමය." අනේ සාදු...!! දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපල්ලා.. බත් කන හරක්

    ReplyDelete
    Replies
    1. ඔබේ හෝ මගේ පාලනයෙන් තොරව වැඩේ සිද්ද වෙන්නේ එහෙමය. ඒකෙ නරකක් නැති බවට උතුරුමැද/සබරගමුව/නැගෙනහිර මිනිස්සු අනුමතකර ඇත. ඔයාට මෙහෙම හොඳ නැත්තං ඔයාලගෙ පැත්තෙ චන්දෙ තියන දාක පරද්දල දාන්ඩ. අපි මොකුත් කියන්නෑ.

      Delete
  8. කාරණා දෙකක් නිසා නොවේ නම් අගනා ලිපියක්. හරියට අපි පොඩිකාලෙ කරන අර 1=2 සාධනය වගේ ම තර්කානුකූලයි.

    නමුත් තමුන්නාන්සෙ ඔය චතුෂ තුෂර කුමාර වගේම අමු මැට්ටෙක් නොවන නිසා අර කී කාරණා දෙක වැටහේය හිතනවා.

    1. ඔය ඡන්දය දීලා තියෙන්නෙ 'නිපදවන්නන්' නෙවෙයි. පරපෝෂිතයෝ රෑනක්. ගොවියන් කියන්නෙ නිපදවන්නන් නෙවෙයි අද අපේ රටේ ඉන්නා විශාලතම පරපෝෂිත ජනගහණයක්. මුන්ට සෞඛ්‍ය පහසුකම් මුන්ගෙ දරුවන්ට අධ්‍යාපනය වගේ හැම දෙයක්ම දෙන්නෙ වෙනත් අයගේ මුදල් වලින්. (නැත්නම් පොඩ්ඩක් හිතල බලන්නකෝ මාසෙකට රුපියල් විසි දාහක් හොයන ගොවි පවුලක දරුවෙක් ලක්ෂ දෙකකට වැඩි උපාධියක් නොමිළේ ගන්නේ කොහොමද කියලා.) ඒ මදිවාට පොහොර සහනාධාරයත් අපෙන්. මෙන්න මේ නිසයි මේ පිරිස පවතින රජයට පාලනය කළ හැකි. (හා දුර්වල එජාපයට කෙසේ වෙතත් ජවිපෙට පාලනය කළ නොහැකි.)

    2. එතකොට කාගේ සල්ලි වලින්ද මේ පරපෝෂිතයන්ට කන්න දෙන්නෙ? නෑ, අපේ සල්ලි වලින් නෙවෙයි. අපට - ඒ කියන්නෙ මධ්‍යම පංතියට එච්චර සල්ලි නෑ. ඔය සහනාධාර දෙන්නෙ අනාගත පරම්පරාවෙ සල්ලි වලින්. ප්‍රශ්නෙ තියෙන්නෙ ලොකු මහත්තයෝ ඕක හැමදාම කරන්න බැරිවීම. මෙහෙම ගිහින් අපින් දවසක ග්‍රීසිය වගේ අනා ගන්නවා. ඔන්න එතෙකොට තේරෙයි අද මේ ගන්නා තීරණ වල භයානක කම.

    (හැබැයි, ඕක ඔය කොළඹ ඉන්න කොළ කන හරකුන්ටත් තේරෙනවයි කියල මං කියන්නෙ නෑ. උං උම්ඹෑ කියන්නෙ සිරිතට මිසක් යමක් තේරිලා නෙවෙයි.)

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙයෙහි තරමක සත්‍යයක් තිබෙනවා. මේක ඉදිරියට කතා කරමු.

      Delete
    2. එජාපය පැත්තකින් තියමුකෝ. උන්ට දුන්නයි කියල සත බාගෙක වැඩක් නෑ. නමුත් අද වගේ අවස්ථාවක ඔබ සඳහන් කරන අනෙක් සේරම 'බරපතළ' ප්‍රශ්න පැත්තකින් තියලා ග්‍රවුන්ඩ් ලෙවල් එකෙස් ප්‍රශ්න ටික විතරක් ගත්තත් ජවිපෙට ඡන්දය දීමේ ලොජික් එකක් තියෙනවා. මොකද අද ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ප්‍රශ්නයකට හරි කෑ ගන්න ඉන්නෙ ජෙප්පෝ. ජෙප්පනුත් ඔය තරමටම බලු වෙනවා කියන්නේ අපේ ඡන්ද දායකයින්ගේ ලොකු අවුලක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද?

      Delete
    3. ''''ඔය ඡන්දය දීලා තියෙන්නෙ 'නිපදවන්නන්' නෙවෙයි. පරපෝෂිතයෝ රෑනක්. ගොවියන් කියන්නෙ නිපදවන්නන් නෙවෙයි අද අපේ රටේ ඉන්නා විශාලතම පරපෝෂිත ජනගහණයක්. මුන්ට සෞඛ්‍ය පහසුකම් මුන්ගෙ දරුවන්ට අධ්‍යාපනය වගේ හැම දෙයක්ම දෙන්නෙ වෙනත් අයගේ මුදල් වලින්.'''


      මේ ප්‍රකාශය හරිම ද්වේශ සහගතයි .

      Delete
    4. මෙතැන ගැටළුව ද්වේෂ සහගතද නැද්ද කියන එක නෙවෙයි. කාරණාව ඇත්තද නැද්ද කියන එක.

      Delete
    5. කාරණාව ඇත්ත . මේ පරපෝෂිතයෝ ටික වඳ කරන්න ඕන . එහෙම නම් රජයේ සේවකයෝත් පරපෝෂිතයෝ . පාර්ලිමේන්තුවේ ඉන්නෙත් පරපෝෂිතයෝ . නිෂ්පාදන අතිරික්තයක් ඇති ව්‍යාපාරයක් හිමි අයෙක් එහෙම නැත්නම් පිටරටක කඹුරලා තුට්ටු දෙකක් එවන මනුස්සයෙක් ඇරුණම වෙන කවුද පරපෝෂී නොවෙන්නේ .
      අපි සේරම අනාගත පරම්පරාව උගස් කරලා ජිවත් වෙන පරපෝෂිතයෝ .

      Delete