අපගේ බ්ලොග් එක පටන්ගනිද්දිම ඇතැම් අය මෙයද වර්ගපූර්නිකාව වැනි තවත්
විකාරයක්දැයි සැක පල කලහ. එම චෝදනාවලට පිලිතුරු විදිහට අපි විසින් “ජනසේනා යනුවර්ගපූර්ණිකාව - 2 ද?” කියා පැහැදිලිකිරීමක් කලෙමු. එම ලිපියේ වර්ගපූර්ණිකාව නම්
බ්ලොග් කඩමාල්ල ගැන අපි කල විවේචනයෙන් දැඩි ලෙස කෝපවූ මීවනපලානේ ජයරත්න යන ව්‍යාජ
නමකින් එය මෙහෙයවන්නා පැයක් යන්නටත් මත්තෙන් අපේ පෝස්ට් එක නින්දිත ලෙස කොපි කර
විකෘති කර "වර්ගපූර්ණිකාව යනු ජනසේනා 1 ද?" යනුවෙන් වර්ගපූර්නිකාවේ පල කලේ අපි ඔහුගේ ලිපියක් විකෘතිකර පල කල බව කියමිනි.
එය අලුත් ගමනකට මුල පිරූ අපිට ඉතා වේදනාත්මක ප්‍රහාරයක් විය. කරුනු වලට
කරුනු වලින් උත්තර දීම නිවැරදි ක්‍රමයයි. එසේ නැතුව අදහස් ගෙනඑන්නා මඩ ගසා විනාස
කිරීම ඉතා තුච්චය.
එම අවලම් ක්‍රියාව ගැන අපි ඔහුට විරෝධය පලකල අවස්තාවේදී ඔහු විසින් අපට එවන
ලද ඊමේල් කිහිපයකින් අපිද පුදුමයට පත්වූයෙමු. වර්ගපූර්ණිකාව ගැන ඉහත සඳහන්කල
ලිපියේ අපි ඉදිරිපත්කල විවේචනය සහමුලින්ම වැරදි බව අපිට තේරුම්ගියේ එවිටය. අපේ
සාඩම්බර පෞරාණික උරුමය කෙලෙසමින්, සිංහල භාෂාවේ සාරවත් වචන වලට කුණුහරුප තේරුම්
දෙමින්, සෙල්ලිපි වැනි වැදගත් සාක්ෂි වලට අපහාස කරමින් ඔහු නටන නාඩගම කුමක්ද? අපි සිතුවේ මේවා සිංහලයන්ගේ සාඩම්බර ඉතිහාසය
ගැන තිබෙන අභිමානවත් භක්තිය විනාශ කොට මෙරට යැංකි කොලණියක් කිරීමේ තවත් අදියරක්
කියායි. ඒක එක අරමුණක් වෙන්නට ඇත. එත් ප්‍රධාන අරමුණ වෙනත් එකකි. එය පැහැදිලිවම
නින්දිත දේශපාලන කුමන්ත්රණයකි. මීවනපලානේ ජයරත්න යනු පැහැදිලිවම මෙරට කුජීත
දේශපාලන ගුබ්බෑයමකට කඩේ යන්නෙකි. එයට හොඳම සාක්ෂිය ඔහු පලමුවරට අපිට එවූ දීර්ග
ඊමේල් පණිවිඩයයි. එය සම්පූර්නයෙන් පහත පලකොට ඇත.
හිතවත් ජන සේනා,
රාවනා මහිමය රැගත් අපගේ පෝස්ටුවක් සොරාගෙන එය විකෘතිකොට මඩක්
වශයෙන් ඔබෙ බ්ලොගයේ පලකිරීම ගැන අපි ඔබට සමාව දෙන්නෙමු.
ඔබ සමග අපට ගැටුමක් නැත. එහෙත් මීවනපලානේ
ජයරත්න එසේ වුවත්, ශ්‍රී රාවණයන්ගෙන් සමාවක් නැති බව දන්නවාද? දේශපාලන
ක්ෂේත්රයේ නියැලෙන්නන් දැනගතයුතු දෙයක් ඇත. ශ්‍රී රාවණයන්
සම්බන්ධයෙන් අප දිගටම ලියන්නේ නිකම්ම නොවන බව. ශ්‍රී රාවණයන් ගැන
කතා කරන එක ඔබ වැන්නන්ට අපුල වන්නේ ඇයිදැයි යන්නද අපි දනිමු.
ශ්‍රි රාවණ පහසින් විභූතිමත් වූ මේ පින්බිම වනසමින්, ශ්‍රී රාවණයන්ගේ
පුනරාගමණයට
දසතින් අකුල් හෙළමින්, ඉන්දීය
බමුණන්ගේ නින්දිත කුමන්ත්රණයක කොටස්කරුවෙක්
වන පර රාමානුගාමි වඳුරෙකුට රෙදි නැතුව සුපර්මාර්කට් යන ඔබ වැන්නන් ශ්‍රී
රාවණ
පුනරාගමනයත් සමගම සැගවෙන්නට ගුල් සොයාගෙන තබාගැනීම යෙහෙකි.
ඉන්දියාවෙන් පැමිණ ලංකාවේ දකුණුදිග ආක්‍රමණය කල අසික්කිත වඳුරෙක් වන
හනුමන්තාගෙන් පැවත එන වඳුරු මූණෙක් සහ උගේ නෑදෑ සහපිරිවර විසින් ඉන්දීය
බමුණන්ගේ
උපදෙස් මත ශ්‍රී රාවණ විනාශ කරන්නට කැසකවන්නේ අද ඊයේ සිට නොවේ.
උන් පළමුව සතුරු බෝම්බ ප්‍රහාරයකින් ශ්‍රී රාවණයන් වනසන්නට තැත් කලහ.
වරක් දෙවරක් නොව. තුන් වතාවකි. එහෙත් රාවණ යනු අමරණීයයෙකි. ඉන් අනතුරුව
ඉන්දීය
බමුණු උපදෙස් මත ශ්‍රී රාවණයන් කෙදිනක හෝ මියයනතෙක් සිරගත කරන්නට යෙදුනහ.
එහෙත් කදුකරයේ භාවනානුයෝගීව වසන අප ගුරුදේවයන්වන තාපසතුමන්ගේ බුද්ධි මහිමය
සහ ශූක්ෂම උපාය ඥාණය භාවිතාකල මා ඇතුළු ජීවමාන රාවණ සෙනෙවිරත්වරු,
උක්ත කී වදුරුමොටා සහ උගේ සොයුරු මොටයියන් දෙදෙනා රාවණ ජනබලය අබියස
දණගස්වා ශ්‍රී රාවණයන් වැලිකඩ ගිරි
ශිඛරයෙන් එලියට ගත්තෙමු.
එහෙත් එය සම්පූර්ණ මුදාගැනීමක් නොවේ. තවමත් අප ශ්‍රී රාවණයන්
සිටින්නේ උන්ගේ මලයාලි බන්ධනයන්ට යටත්වය. මෙම බමුණු බන්ධනයන් බල බිඳී ශ්‍රී
රාවණ මහිමයෙන් ලංකා රාජ්‍යය ඒකාලෝක වන දිනය 2012/12/12 දිනය වේ.
මෙය විහිලුවක් යයි ඔබ සිතනවා වන්නට පුළුවන. එහෙත් අප ශ්‍රී රාවණගේ ජන්ම
කේන්ද්‍රය
එය සහතිකව පවසයි. ඔබ ඇතුළු ලංකාවාසීන් හමුවේ ප්‍රසිද්ධව පවතින ශ්‍රී රාවණ
කේන්ද්‍රය
ව්‍යාජ පිටපතකි. ශ්‍රී රාවණයන්, සෙනෙවිරත්වරයෙක් වශයෙන් ආධුනිකවැ සිටියදී
ඔහුගේ
ජන්ම පත්‍රය පරීක්ෂාකල හෙළ යක්
ඇඳුරන් සහතික කොට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී
රාවණයන්
2012/12/12 දින පටන් මෙරට මතු නොව, සමස්ත ආසියා තලයේද, තම තෙද පතුරන මහා
අධිරාජ්‍යයෙක් වන බවයි. ඒ දශක දෙකකටත් වඩා
ඉහතදීය.
මෙම පවත් එකලම ප්‍රසිද්ධ වූයේනම් (නැතහොත් ජන්ම කේන්ද්‍රයේ රාජ යෝගයක් ඇති
බව
එළිදරව් වූවානම්) ලංකා පාලක හනුමන්තා වඳුරුමොටයියන් විසින්
ශ්‍රී රාවණයන් කුමන ක්‍රමයකින් හෝ වහා විනාශ කරන බව දැනගත් එම බුද්ධිමත්
දෙමාපියන් එම සැබෑ ජන්ම පත්‍රය සඟවා ව්‍යාජ ජන්ම පත්‍රයක් ප්‍රසිද්ධ කොට
ඇත. මෙහි
සැබෑ ජන්ම පත්‍රය අප ගුරුදේව තාපසතුමා සතුව ඇති අතර මාද එය පරීක්ෂා කොට ඇත.
මෙම අවජාතක බමුණු හැතිකරයට නොරැවටෙන්න ජනසේනය.
ඔවුන්ට තවදුරටත් කඩේ නොයන්නේනම්, අප ශ්‍රී රාවණයන් රාජාභිෂේක ලබන දින
ඔබ කල මේ ද්‍රෝහී ක්‍රියාව සම්බන්ධයෙන් සමාවක් රැගෙන දීමට මා ශපථ කරමි.
ඔබට මා විශ්වාස නැතිනම් ඔය තුච්ච වැඩේ දිගටම කරගෙන යන්න.
අවවාදයයි. ඔබ කවුද යන්න අප දිවැසිවර තාපසතුමා මැනැවින් දන්නෙහිය.
එම තොරතුරු පසුගිය දිනෙක එතුමා මා හටද සැල කලේය. ප්‍රවේශම්වන්න.
කිනම් මොහොතක හෝ හෙළ යකෙකු ඔබ දොරකඩ සිටිනු ඇත.
ශ්‍රී රාවණ සිද්ධම්....!!!
තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. ඔවුන් සියළු තෙදැති රාවණා සමාන කරන්නේ බල
තණ්හාධික සරත් ෆොන්සේකාට නේද? එමෙන්ම මෙම කරුන ප්‍රකට වෙන කමෙන්ටු කිහිපයක්ද ඔහු
වරින් වර දමා තිබුනි.
වර්ගපූර්නිකාව මතුපිටින් පේන්නේ කෙසේද? සිංහල ජාතිය සහ බුදුදහම සමග ගොඩනැගුනු
ලංකා ඉතිහාසයට සාක්ෂි දරන්නේ මහාවංශයයි. ඒ අතර මහාවංශය ප්‍රතික්ෂේප කරමින් රාවණ
වංශයක් ගැන යම් පිරිසක් කතා කරන්නට වූහ. මෙයට එරෙහිව විශාල විරොධයක් රට තුල
ඇතිවිය. වර්ගපූර්නිකාව ඉතා සියුම් ලෙස ඒ විරෝධය තමුන් සතුකරගත්තේය. ඒ අනුව රට දැයට
හිතැති අති විශාල පිරිසක් ඒ බ්ලොග් එක වටේ එක්රැස් වූහ. මීවනපලානේ ජයරත්න නම්
පුද්ගලයගේ කූට අරමුණ වුනෙ එයයි. දැන් ඉතින් ඔහු කරන්නේ තම පාඨකයන්ට හීන් සීරුවේ
රාජපක්ෂ විරෝධී විස පොවා ෆොන්සේකා වීරත්වයට නැංවීමයි.
බ්ලොග් එකේ රාජ්‍ය විරෝධී දෙවල් විශාල වශයෙන් නැති බව ඔබ කියනු ඇත. එහෙත්
ඒවා වැඩිවශයෙන් පතුරන්නේ කමෙන්ටු තුලය. මේ කමෙන්ටු වැඩිම ප්‍රමානයක් දමන්නේද
ජයරත්න නැමැත්තාය. වර්ගපූර්නිකාව ආරම්භයත් සමගම මෙතෙක්කල් බ්ලොග්වල කමෙන්ට් නොදැමූ
අලුත් කමෙන්ට් කරුවෝ බරගානක් බිහිවූහ. මේ සේරම ඉතා පලපුරුදු ලෙස සිංහල යුනිකෝඩ්
වලින් කමෙන්ට් කරයි. මෙය විය හැක්කක්ද? අනික මේ අලුත් කමෙන්ට්කරුවෝ වෙනත් බ්ලොග්
වල කමෙන්ට් කරනු ඔබ දැක තිබේද?
rachi / නිර්ණාමික
තාපසතුමා / යටගිය දවස / පිංගුත්තර
සංකපාල / රාවණාගේ
හොර ගෑනි / chooty mahaththaya / ආචාර්ය රාම වංශ / Anonymous One orig / කටකහනවට
අනේ / සිංහයා
සිංහ / The Modern Patriot / ThinkTwice / Shafraz Macksood / ඇනෝ
අංකල්... වැනි ප්‍රොෆයිල් වලින් වැඩි ප්‍රමාණයක් ජයරත්නම කරන ඒවා බවට අපි සැක
කරමු. නින්දිතයි ජයරත්න.
මුලදී මෙය ප්‍රහසනයක් යි සිතා රැවටී මෙයට නිතර කමෙන්ට්කල සහ මෙම බ්ලොගය ප්‍රචාරණය
කල සැබෑ අවංක පුද්ගලයින් රැසක්ම අද වන විට මේ කුමන්ත්රනය තේරුම් ගෙන
වර්ගපූර්ණිකාව පිළිකුල් කරමින් ඒ පැත්ත පලාතේ නොගිහින් සිටිති. සත්‍යය එයයි.
මෙයට අමතරව මේ පුද්ගලයා යම් මානසික ගැටළුවකින් පෙලෙන්නේද යන කාරනයද
වැදගත්ය. වර්ගපූර්නිකාවේ මාගල් මෙන් ලියවෙන නීරස ලිපි එයට සාක්ෂි දරයි. ඒවායේ
කිසිම හරයක් නැති අතර එකම දේවල් නැවත නැවත ලියයි. මේවා ලියන්නට ඉතා විසාල කාලයක්ද
ගතවෙනු ඇත. සිහිමොලේ හොද මිනිසෙකුට මේවා කරන්නට හැකිද? අනික අපට එවා ඇති ඉහත ඊමේල්
එක බලන්න. බ්ලොග් පෝස්ට් එකක් තරම් දිග ඒ වගේ ඊමේල් එකක් පුද්ගලික පනිවිඩයක් ලෙස
යවන්නේ ඇයි? වෙන වැඩක් නැති නිසාද? මානසික ප්‍රස්නයක් නිසාද?
අනික් කාරණේ ඔහොම දවස පුරා බ්ලොග් ලිය ලියා ඉන්න මේ පුද්ගලයා රස්සාවක්
කරන්නේ නැද්ද? ඔහු කන්නෙ බොන්නෙවත් කොහොමද? නොඑසේ නම් මේ කෙරුවාවට කවුරුන්හෝ මදි
නොකියන්න ගෙවනවාද?
මෙම කුමන්ත්‍රණයට හවුල් තවත්
පිරිසක්ද සිටී. වර්ගපූර්නිකාව සමගම බිහිවූ තවත් කමෙන්ට්කරුවෙක් වෙන The Modern Patriot නැමැත්තාද එවැන්නෙකි. (ඇතැම්විට මේ ජයරත්නම විය
හැක). ඔහු ජයරත්න විසින් අපට කල නින්දිත චෝදනා ඉදිරියට ගෙනයාමට වරක් කටයුතු කලේය.
අප එය පෙන්වාදුන් පසු ඔහුද වර්ගපූර්නිකාවට විරුද්ධ අයෙකු බව පෙන්වීමට දැන් උත්සාහ
කරයි. ඒ ගැන ඔහු ලියුවායයි කියන ලිපියක්ද පෙන්වයි. එම ලිපිය පැහැදිලිවම අපි කලින්
වර්ගපූර්ණිකාවට කල චෝදනාම අඩංගු කොට ලියූවකි. එම ලිපිය මගින් ජයරත්නගේ ෆොන්සේකා
ලෝලීත්වය අපෙන් ශූක්ෂමව සඟවයි. එයට අමතරව වර්ගපූර්නිකාවට අතිරේක ප්‍රචාරයක් සහ
වටිනාකමක්ද ලබාදෙයි.
මේ හෙළිදරව්කලේ අපි සතු තොරතුරු කොටසක් පමණි. ජයරත්න නැමැති හෝතඹු වංශිකයා
මානසික විකෘතිතාවකින් පෙලෙන අයෙකු බවට ඉතා පැහැදිලි සාක්ෂි අපි සතුය. නමුත්
ජයරත්නටද අවස්ථාවක් දීමට අපි කැමතියි. කරුනාකර අනියමින් ෆොන්සේකාට කඩේ යන එක
නවත්වා එලිපිට එය කරන්නට ගන්න. එසේම අපට අභූත චෝදනා කරමින් අප කෝප ගැන්වීම නවතන්න.
එසේ නොවන්නේ නම් මේ සියලු කාරණා සාක්ෂි සහිතව එලිදරව් කිරීමට අපි සූදානම්.
මඩ ගසන්නන් ගොම බලාපොරොත්තුවන්න යැයි අපි කලින්ම කියා ඇති බව නැවත මතක්
කරමු.
මටනං පිස්සු වගේ ඕයි.
ReplyDeleteපඩත්තල ජනසේනා පුතේ. තොපිට ලැජ්ජාවක් නැද්ද බොල රෙදි ගලවගෙන මහින්දට කඩේ යන ගමන් වෙනත් බ්ලොග් වලට අපහාස කරන්න. මම අදමයි ඔය වර්ගපූර්ණිකාව බ්ලොග් එක බැලුවෙ. උඹ කියපු නිසා ලිපි 20 කට වඩා කියෙව්ව. පැය ගාණක්. ඒත් ඒ එකකවත් ෆොන්සේකට කඩේ ගිහිං නෑ. තොපිනම් මහ ඉරිසියාකාර අමනයෙක්. මහින්දට ඔහොම කඩේ පලයන්, ඒත් අනිත් බ්ලොග් වලට උඹලගෙ ගූ ගඳ ගස්සවන්න එපා පුතේ.
Deleteඕනේ එකක් කියපල්ලා නිකන් අපිව මීයාගේ එකවුන්ට් එකට නොදා, මොනවා උඹල රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යන උඹලට වඩා මීයගෙයි, ඇනෝගෙයි රාවණා ජෝක් වලට හොදට හිනා වෙන්ට පුළුවන්.
ReplyDeleteඋඹලට නිර්මාණශීලී හැකියාව නැති උන පලියට අනික් එවුන් කරන දේවල් වලට බාල්දි නොදා හිටපිය.
උඹලගේ තියෙනවා කියන ඔය සාක්ෂි එලියට දාපල්ලකෝ නිකන් කටෙන් බතල හිටවන්නේ නැතිව
නිකං පලයං රාචියා සුදුලූනු පොඩිකරන්නැතුව. උඹල ඔක්කොම ගහන්නෙ එකම ගේම්එකක්. නැත්තං මීයා කියන්නෙත් උඹම තමා.
Deleteහුට්ටාරේ පට්ටාරේ හුට්ටපටාරේ......
ReplyDeleteමීයා හොරු සමග හෙලුවෙන්.
කොහොමද අටම්පහුරයෝ?
Deleteඔහේ ආණ්ඩුවට කඩේ යමින් ජයරත්න ෆොන්සේකාට කඩේ යනවා කියනවා.දැන් බලමු කවුද හෙළුවෙන් ඉන්නේ කියල.
ReplyDeleteමුං ඉතිං පොටෝ දාගෙන කඩේ යන උන්නේ. ඒත් මීයගෙ ඊමේල්එක? අනිච්චේ සංදුක්කේ....
Deleteතොපිට පිස්සු හැදිලද යකුනේ
ReplyDeleteමටනං මෙලෝහසරක් තේරුන්නෑ
යසට හිටිය මට කලන්තෙ වගේ
අම්බෝ
සිහිය ආවද :P
Deleteනිකං මඩ ගහන්ඩ එපා යකෝ. ජයා කරන්නෙ අහිසක වැඩක්. තුප්පහි වැඩේ කරන්නෙ උඹල.
ReplyDeleteඇත්තටම මීයා ඇයි මෙහෙම ඊමේල් එකක් ලියන්නෙ? මේකෙ ලියල තියෙන්නෙ ෆොන්සේකා ගැන කියල නොතේරෙන කෙනෙක් ඉන්නවනං බබෙක් තමයි.
ReplyDeleteශ්‍රී රාවන බලයට පත් වන්නේ යූ.ඇන්.පී යෙන් බව පැහැදිලිව වර්ගපූර්ණිකාවේ සදහන් කර ඇත...
ReplyDeleteඉදින් තවත් කුමටද කතා????
මීවනපලානයන්ට කෙරෙන මේ මඩ ගැසීම මා පිලිකුලෙන් යුතුව හෙලා දකිමි!!!!!!!
මා ද එසේමැයි තරියෝ.
Deleteමේවා ඇවිල්ලා පර ඉන්දියන් කාරයන් ගේ කුමන්ත්‍රණ වන්නේ ය.
"වර්ගපූර්නිකාව ආරම්භයත් සමගම මෙතෙක්කල් බ්ලොග්වල කමෙන්ට් නොදැමූ අලුත් කමෙන්ට් කරුවෝ බරගානක් බිහිවූහ. මේ සේරම ඉතා පලපුරුදු ලෙස සිංහල යුනිකෝඩ් වලින් කමෙන්ට් කරයි. මෙය විය හැක්කක්ද? අනික මේ අලුත් කමෙන්ට්කරුවෝ වෙනත් බ්ලොග් වල කමෙන්ට් කරනු ඔබ දැක තිබේද?"
ReplyDelete".... / Anonymous One orig / ..."
ඈ බං උඹට අමු කැවිලද? මගේ ප්‍රතිචාර කාලයක් LCN වල දැම්මා. 2010 Derana අඩවියේ Priyantha A B E කියා මම රාවනපක්ෂ උන්නැහේට කඩේ ගොස් පඩත් ඇරියා. උඹ ගැන දුක හිතෙනවා. ලියපන්කො මගේ ඊ මේලෙට. විස්තර දෙන්නම්.
හොඳයි. පිළිගන්නම්. සිත්තැවුලක් වුනානම් කණගාටුයි.
Deleteමේ කමෙන්ටුව මීවනයා නොහොත් මීයා විසින්ම දැමූවක් නොවන බව පැහැදිලියි.
@ජන සේනා,
Deleteමම කාගෙවත් අතකොළුවක් නොවේ. මේ නමෙන් වෙන කිසිවෙකුට වර්පූර්ණිකාවේ ප්‍රතිචාර දෑමට මම ඉඩ නොදෙමි. එසේ වූවා නම් ඒ බව මම කියමි. මගේ කතාව වෙන කිසිවෙකුට කල නොහැක.
ආදරණිය ජනසෙනා චූටි මල්ලි - බ්ලොග් ලෝකෙට පොඩි එකෙක් වෙන මම හිතං හිටියේ උඹ මට වඩා වැඩිමහළු කියල. බලං යනකොට උඹ තාම බඩ ගාන සුට්ටං එකෙක්.
Deleteමම මී ජයා ලු. කමක් නැහැ. එහෙම කියපං. කවුරුහරි මම ජනසේනා කිව්වනම් තමා අවුල. එහෙම උනානම් මමත් 'අධෝ මුඛය' කණ්ඩනය කොට මැරෙනවා. මී ජයා තව හොදා.
නිකං ඉන්න ගමන් පලයන් චාමිගේ Rear Gate එකට හරි,රාමා ගේ අඩවියට හරි, රාජ්ගේ නවාතැනට හරි, මාරයගේ හෝරාවට හරි, සුමිත්ගේ ප්‍රහාරය ට හරි. ගිහින් බලපං කමෙන්ට්. ඊට පස්සේ කියපංකෝ මම මී ජයා මයි කියල. මම මුල ඉදන් හරි මූණෙන් ආවේ. උඹට ඒත් ෂුවර් නැත්නම් මාරයියගෙන් අහපං.
This comment has been removed by the author.
ReplyDeleteජනසේනයා විසින්ම ජනසේනයාට අඩි හයක වලක් කපාගත්තේ දවස් ගණනාවකට පෙරය. අද ඔහු එම වලට පැන තමා විසින්ම පළමු පස් පිඩැල්ලත් දමා ගත්තේය.
ReplyDeleterachi
නිර්ණාමික තාපසතුමා
යටගිය දවස
පිංගුත්තර සංකපාල
රාවණාගේ හොර ගෑනි
chooty mahaththaya
ආචාර්ය රාම වංශ
Anonymous One orig
කටකහනවට අනේ
සිංහයා සිංහ
The Modern Patriot
ThinkTwice
Shafraz Macksood
ඇනෝ අංකල්
ඒ කිසිවක් මාගේ හොර ප්‍රොෆයිල් නොවේ, ඒ බව ඔවුන්ම සාක්ෂි දරාවි. ඔවුන්ට කළ මේ මහා අපහාසය ඔවුන් ඉවසාවියැයි සිතනවාද?
හොර ප්‍රොෆයිල් කරනවා තියා වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියට කොමෙන්ටු දමන හිතවතුන්ට පිළිතුරු දීමටවත් වේලාව සොයාගන්නේ බොහොම අමාරුවෙනි.
මාගේ ඊමේල් ලිපිය විකෘති කර පෙන්වීමෙන් ඔබගේ දේශපාලන කරුණු වල සුජාත භාවය මැනැවින් ඔප්පු කර ඇත. මා කළිනුත් කීවාක් මෙන් ඔබ මේ කරන්නේ අහක යන නයින්ව රෙද්ද අස්සේ දමා ගැනීමකි.
ඔබ අපිට එවූ ඊමේල් ලිපිය විකෘතිකොට ඇතැයි ප්‍රකාශකිරීම හෙලා දකිමු. එසේ නම් මුල් ඊමේල් ලිපිය කුමක්ද? එවැන්නක් තිබේද? හැකිනම් පෙන්වන්න. මෙය අභියෝගයකි.
Deleteඔව් ඔව් ඩො ජනසේනා නපුංසකනි මගේ බ්ලොග් එකට ගිහින් බලපන් අපි ගාව තොපි වගේ හැංගි හැංගි වැඩ නෑ. මීවන කියන්නේ එකෙක් විතරයි අනෙක් එවුන් වෙන එවුන් හරක උනාට තප්පුලන්නේ නැතිව හිටපියව්. නන්නත්තාර වූ අවජාතක බල්ලෝ ටික
Deleteජන සේන. චූටි මහත්තයා කියන්නේ මට. මම හැම බ්ලොග් එකම බලනවා වුණත් කමෙන්ට් කරන්නෙ මට කැමති පෝස්ට් වලට විතරයි. නැත්තම් හා හා, ලොල් වගේ වැඩක් නැති කෑලි දාලා කමෙන්ට් කරන්න උවමනාවක් නෑ. කමෙන්ට්වල තියෙන වටිනා අදහස් බලන් එවුන්ටත් ඒක එපා කරවන්න මට උවමනාවක් නෑ. මම කමෙන්ට් කරන්නෙ මට දෙයක් කියන්න තියෙනවනම් විතරයි අදාල පෝස්ට් එක ගැන. මම ජයරත්නගේ ෆේක් එකක් විදියට කළ හැදින්වීම ඉල්ලා අස් කරගන්න කියලත් මතක් කරනවා. ස්තූතියි.
Deletechooty mahaththaya ගේ ඉල්ලීම මත ඔහුට අප විසින් කර ඇති චෝදනාව ඉවත්කරගනිමු. ඒ හේතුවෙන් ඔහුට යම් සිත්තැවුලක් ඇතිවුනි නම් කණගාටුවද ප්‍රකාශ කරමු.
Deleteඒ ඔහුගේ කරුණු දැක්වීම සංයමයකින් සහ වැදගත් ලෙස ඉදිරිපත්කල බැවිනි. ඔහු මීවනපලානේ ජයරත්න නමැත්තා නොවන බව එයින් ඔප්පු වේ.
ඔය මෙතන කුනුහරුප දාන අනික් හාල්කෑලිවලට කියන්නෙ. අපි මෙතන තොපිට බල්ලො බූරුවො කියල නෑ. ඕනෙනං කියන්ඩත් පුලුවන්. නමුත් අපි තොපේ ජයරත්න තරං අසික්කිත නෑ.
රාචියා. උඹේ බ්ලොග්එක මොකද්ද බං?
Deleteඑම්බල ජනසේනා තෝ තොගේ දෘශ්ටියෙන් අපේ මහැදුරු මී.ජයා දෙස නොබලන්න තෝ රෙජිමයට කඩේ ගියාට මී.ජයා මොකෙකුටවත් කඩේ නොයන බව අපට සක් සුදක් සේ ප්රත්යක්ශයි මේ පලමු ඊ ලිපිය දුටුවාම.
Delete"මෙයට අමතරව මේ පුද්ගලයා යම් මානසික ගැටළුවකින් පෙලෙන්නේද යන කාරනයද වැදගත්ය. වර්ගපූර්නිකාවේ මාගල් මෙන් ලියවෙන නීරස ලිපි එයට සාක්ෂි දරයි. ඒවායේ කිසිම හරයක් නැති අතර එකම දේවල් නැවත නැවත ලියයි. මේවා ලියන්නට ඉතා විසාල කාලයක්ද ගතවෙනු ඇත. සිහිමොලේ හොද මිනිසෙකුට මේවා කරන්නට හැකිද?"
ජයේගේ ලිපියක් තේරුම් ගැනිමටත් යම් බුද්දියක් තිබිය යුතුයි.එම්බා ජන සේනා උඹේ මේ අදහසින් නම් පෙනෙන්නෙ උඹට එය තේරුම් ගැනීමට නොහැකි බවයි.
අන්තිමේදී කියන්න තියෙන්නෙ වීදුරු ගෙවල් ඇතුලෙ ඉදන් ගල් ගහන්න එපා ඔබට ආන්ඩුවට කඩේ යන්න පුලුවන් නම් ජයේට බැරි මොකද තමුන්ගෙ දේශපාලන මතයක් ඉදිරිපත් කරන්න.බුද්දිමත් පාටකයින් වර්ගපූර්ණිකාව තේරුම් ගනියි.
අපේ ආතල් එක කන් නැතුව කටපියාන හිටු
@Anonymous බලපං ආතල් විතරක් නෙවෙයි, මහන්සි වෙලා හැමෝටම වැදගත් වෙන වැඩක් කරා. තව මේ වගේ පොඩි එකක් කරනවා. අපි ආතල් ගන්නවා තම, එත් මේ රටට පොඩි හරි වැඩක් කරනවා. හොඳයි නම් කියපං.
Deletehttp://goodideaever.blogspot.com/2012/05/secret.html
@ජනසේනා බල්ලෝ බූරුවෝ කියන්නේ කුණුහරපද බං. උඹල ගෙවල් වල බල්ලොන්ට මොනවා කියලද කතා කරන්නේ?
Delete@ rachi,
Deleteඔබේ බ්ලොග්එක බැලුවාම ඔබ ජයරත්නයා වගේ අං ගිලපු එකෙක් නොවන බව පේනවා. ඔබ ගැන අපේ චෝදනාව ඉල්ලා අස්කරගන්නෙමු.
ජනසේනා,
Deleteවැරැද්ද පිළිගෙන එය ඉල්ලා අස් කරගැනීමට තරම් නිහතමානී වීම ගැන සතුටු වෙමි. කොහොම උනත් වර්ගපූර්ණිකාව කියන්නේ හාස්‍යය තුලින් මෝඩ ජෝක්වලට පහර දෙන නිර්මාණාත්මක වැඩක්.
ඈ බං ජනසේනා, උඹ දැන් කීයක් කියල චෝදනා අස්සක ගත්තැයි? මේ විදියට ගියොත් උඹ තව ටික වෙලාවකින් මුලු පොස්ට් එකම අස්කර ගන්නත් බැරි නෑ වගේ නේ.
Deleteඅපි ඉහත ජයරත්නගේ හොර ප්‍රොෆයිල් යයි දැමූ ලැයිස්තුවෙන් ප්‍රමාණවත් කරුණු දැක්වීම් කරන අය සම්බන්ධ චෝදනා පමණයි ඉල්ලා අස්කරගන්නේ. එවන් කරුණු දැක්වීමට අසමත් වන්නන් ජයරත්නම බව එයින් ඔප්පු වෙනවා.
Deleteඋන්ට ශ්‍රී රාවණ සිද්ධම්...!!!
ජයරත්න නොහොත් මීයාගේම තවත් හොර ප්‍රොෆයිල් යැයි අපි සැකකරන තවත් ලැයිස්තුවක් ඉදිරියේදී එලිදැක්වීමට සූදානම්.
Deleteවර්ගපූර්නිකාව කියන්නේ ගොඩක් නිර්මාණශීලී බ්ලොග් එකක්. :) :)
ReplyDeleteඑච්චරයි මම දන්නේ.
හැබැයි මේ පෝස්ට් එක වර්ගපූර්නිකාව ප්‍රමෝට් කරන්න ලියවුනු එකක් ද මන්දා කියල මට නිකමට වගේ හිතෙනවා ;)
Deleteආ කියන්න අමතක වුනා.
Deleteශ්‍රී රාවන සිද්ධම්!!
ශ්‍රී රාවන සිද්ධම්!!
Deleteඋබලට මීයට වගේ ලස්සනට ලිපියක් දෙකක් ලියල ආතෙල් එකෙ බ්ලොග් එකක් කරගන්න බැරි උනාට මීයටවත් වර්ගපූර්නිකාවටවත් නැත්තන් ඒකෙ කොමෙන්ටු දාන උන්ටවත් බැනල වැඩක් නැ.පිලිගනින් ජන සේනා කියන්නෙ ආන්ඩුවට කඩේ යන තවත් එක බ්ලොග් එකක් විතරයි.හැබැයි වර්ගපූර්නිකාව කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් නිර්මානශීලි ආතල් බ්ලොග් එකක්.උබල රෙදි ගලවගෙන කොහෙද යකෝ වර්ගපූර්නිකාවෙ උන්ගෙ රෙදි ගලවන්නෙ.මුලින්ම උබලගෙ නිරුවත වහගනින් ඔය ආන්ඩුවට කඩේ යන එක නවත්තපන් ඊට පස්සෙ රටට වැඩක් ඇති දෙයක් ගැන ලිපි දාන්න බලපන් නැත්තන් මීයවගේ ආතල් දෙන බ්ලොග් එකක් වත් පටන් ගනින්.
ReplyDeleteආන්ඩුවට කඩේ යාම සහ 'ඇත්ත ඇති සැටියෙන් කීම' දෙකකි. අප කරන්නෙ දෙවැන්නයි.
Deleteඑමෙන්ම මෙම බ්ලොගයේ අප ලියා ඇති එක් අසත්‍යයක් හෝ, මීවනයාගේ වර්ගපූර්ණීකාවේ ලියා ඇති එක් සත්‍යයක් පෙන්වන ලෙස අභියෝග කරමු.
ජන සේනා වෙත
Deleteමා මෙතෙක් කල් අනුන් වෙනුවෙන් කිසිවක් කියා නැත. කලා තුරකින් කමෙන්ට් කරමි. මීවන පලානේ හා ඔබ ගෙන යන කුමන්ත්රනය අපි දනිමු. ඒ ගැන පැවසීමෙන් ද පලක් නැති බව දනිමු. වර්ගපූර්නිකාවට තර්ජනයක් වන ලෙස කමෙන්ට් කරන අයට කල අපහසයක් ලෙස මෙය සලකමු. මෙයද මීවනපලානේගේ වැඩකි.
ජනසේනයිනි
ReplyDeleteඔබටැ අනුකම්පාවෙන් ලියැමි.පළැමුව හෙලුවෙන් බස වැනීමට පුරුදු වෙව.මෙතරම් පිරිසක් හෙලුවෙන් වැනීමට පුරුදු කළේ මීවනයන් බව සිතට ගනුව.මාහටැ පෙනෙනුයේ මීවනයන් සතුවැ යම් බලයක් ඇති බවය.ඔහුගේ පෝස්ටු විමසීමෙන් ඒබවැ සපත වේ.සිරි රවණයුන් නැවත පැමිණෙන විටැ ඔහුගේ උදහසට ලක් වීමට අවැසි නම් මීවනයන්ට පහර දෙනු.හෙළැ යකුන් මීවනයන් සතුය.
සිරි රාවණ සිද්ධම්!
මීවනයන්ගේ රවණයුන් නැවත පැමිණෙන්නේ නැති අතර තවත් කෙටි කලකදී බොරැල්ල කනත්ත ගිරි ශිඛරයේ සදහටම දොයියෑමට නියමිතය. වැඩි විස්තර ටිරාන් අලසුන් ගෙන් විචාල මැනවි.
Delete//බොරැල්ල කනත්ත ගිරි ශිඛරයේ//
Deleteබොරුල්ල කනත්තෙ ගිරි ශිකරෙ ගොඩක් උසද මෙයා ???
වචන දැනං සිටියට විතරක්ම මදි . .ඒව වනන්නත් දැනං ඉන්න ඕනෙ
වර්ගපූර්ණිකාව ද ජයරත්න ද විවේචනයට ලක්කරමින් මා ලියූ ලිපිය පහත සබැඳියෙන් කියවන්න.
ReplyDeletehttp://meeghaya.wordpress.com/2012/07/29/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A/
ස්තුතියි!
මේඝය ලියන මා ජයශ්‍රී
මේ තියෙන්නේ ආචාර්ය මීවනපලානේ ජයරත්න තුමාගේ පිළිතුර.
Deletehttp://vargapurnikava.blogspot.com/2012/09/blog-post_6.html
Deleteවර්ගපූර්ණිකාවේ අලුත්ම ලිපිය (සැප්තැම්බර් 6 ප්‍රකාශ කළ) මේ ලිපිය අනුකරණය කර තම අදහස් ඔබ්බවා ජයරත්න විසින් ලියන ලද්දකි. මා මාගේ ලිපිය ප්‍රකාශයට පත් කළේ ජූලි මස 29 වෙනිදා බව සලකන්න.
ලිපි දෙකම කියැවූ පාඨකයන් ගේ දැනගැනීම සදහායි මේ සටහන තැබුවේ.
යකෝ ඇත්ත නේන්නං. මට පේන්නෙ මීයෝ උඹයි වලකපාගෙන වලට පැනල තියෙන්නෙ. ඉස්සෙල්ලා ජනසේනගෙ ලිපිය. මේ පාර ජයශ්රීගෙ ලිපිය. බෝම කුජීතයි.
Deleteජයරත්නය හට එන්න කියාපිය.
Deleteමේවට උත්තර දෙන්න කියාපිය.
අනේ යකෝ වැඩක් කරන මිනිහෙක්ට වැඩක් කරන්න දීපල්ලා.
ReplyDeleteපොන්නයෝ වගේ උන් ගැන ලියල හිට්ස් ගන්න හදන්නේ නැතුව.
හිට්ස් යන්නෙ ෆොන්සේකට.
Deleteචන්ද යන්නෙ මහින්දට.
වෙනස පැහැදිලියිනෙ?
හුකෑස්, ආණ්ඩුවට කඩේ යනව මදිවට මී ජයාටත් ගේම දෙන්න හදනව. යකෝ මෙහෙමත් කාලකන්නි. මීජයා නම් ආතල් එකක් හරි දෙනව, ඒත් උඹල? රෙදි ගලවගෙන කඩේ යනව. තුක් නොදාකින්
ReplyDeleteඕක හින්ද තමා රටටම කෙලවෙලා තියෙන්නෙ. මොකා ඇවිත් කෙලල ගියත් කමක්නෑ ආතල්නං කඩන්න එපා.
Deleteඅන්න උතුරුමැද සබරගමුවෙ පොළොවෙ පයින් යන මිනිස්සු ඔහෙලගෙ ආතල් කඩලා.
මම September 8, 2012 2:17 PM ඇනෝ. ඔහෙගෙ කල්කිරියාවත් අන්තිමයි මීවනපලානෙ. ජයශ්රීගෙ ලිපියට ඔහේ කරල තියෙන දේ දැන් දැක්කෙ. මං ජනසේනයට බැන බැන මේක කියෙව්වට දැන් හිතෙනව ජනසේනය මේක ලියපු එක හොඳයි කියල. අවංකවම.
ReplyDeleteදාපං ජනසේනයො ඔය තියෙනවයි කියන ඉතරු ටිකත්. මීවනපලානගේ බ්ලෝග්එක උඩ දාගෙන ෂෙයාර් කරපු මාරය තාම රෙදි අඳිනවද?
Deleteමාරයා පමණක් නොව අප කණ්ඩායමේ දෙදෙනෙක් පමණද වර්ගපූර්ණිකාව ආරම්භයේදී එයට ආශීර්වාද කලා. නමුත් එහි යටිකූට්්ටු අරමුණු ගැන සැක පහලවූ වහාම ඔවුන් එය අතහැර දැමුවා. ඔවුන් නිවැරදි බව අද ඔප්පුවී අවසන්.
Deleteමාරයා සහෝදරයාද මේ වන විට යතාර්ථය තේරුම්ගෙන ඇති බව අපේ විශ්වාසයයි.
යකෝ මුන් රෙදි ඇඳගෙනද කතා කරන්නෙ. ආණ්ඩුවෙ කටු කන ගමන් වෙනත් බ්ලොග් විවේචනය කරනව. උඹලව කුජීත වෙලා ඉවරයි බන්. හිට්ස් ගන්න ඌව බොරුවට විවේචනය නොකර හිටපන්. ඌ කරන්නේ ජාතික මෙහෙවරක්, ඒත් තොපි කරන්නෙ ආණ්ඩුවේ ගූ කෑමක්
ReplyDeleteඅපි ආණ්ඩුවේ යහපත් දෙයක් ඇතිනම් එය කතා කරන්නේ ප්‍රසිද්ධියේ. ගිහින් අර උඩ දාල තියෙන ඊමේල් පතරංගෙ කියෝපං රෙදි නැත්තෙ කාටද කියල හොයාගන්ඩ.
Deleteඅපිට පේන්නෙ උඹත් ජයරත්නයම වගේ.
මරා ආණ්ඩුවේ ගං කබරයින්ට කඩේ යන ගමන් වෙනත් අය ගැන කතා කරනව. සරත් ෆොන්සේකා කියන්නෙ රට දිනපු රණවිරුවෙක්, ඒ වගේ මනුස්සයෙක් වෙනුවෙන් කතා කරන වර්ගපූර්ණිකාවට අපගේ ප්‍රනාමය
ReplyDeleteසරත් ෆොන්සේකට නෙමේ ප්රභාකරන්ට දුන්නත් අපිට කමක් නෑත. ඒකට අපේ දේශපාලන විවේචනය ගේන්න පුලුවන්. නමුත් මිනිසුන් මුලාකොට යටිකූට්ටු ගේම් ගැසීම කුජීතයි.
Deleteබහුතරය ඔබ තරම් මෝඩ නැත
DeleteAnonymous ඔව් අපි සරත් ෆොන්සේකාට ආදරේ කරන්නේ රට වෙනුවෙන් ලේ මස් හලලා අපේ රට වෙනුවෙන් ජීවිතය කැප කිරීමෙන් වැඩ කරපු රණ විරුවෙක් හින්දා. නැතුව ඒක ඒක දේශපාලන බයියලාගේ කෙරුවාවල් වලට නෙවෙයි.
Deleteසරත් ෆොන්සේකාගේ දෙස්පාලේනෙන් අපිට වැඩක් නෑ. ඒ මනුස්සයා රට වෙනුවෙන් කරපු සේවය අගය කරන්නේ,
මූ මාර කුහකයෙක් නේ, යකෝ මේ රට ප්‍රභාකරන්ගෙන් බේරාගත්තේ ආයේ උට දෙන්ට නෙවෙයි.
උඹල වගේ එවුන් මේ රටේ ඉපදුන එකත් මේ රටේ කරුමේ
තොපි වගේ සක්කිලි හින්ද තමයි රටට මෙච්චර හෙනයක් වෙලා තියෙන්නේ.... නිකන් රෙදි නැතුව ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නේ නැතුව හිටපන්......
Deleteර්ෆෙද්දක් කියවන්නේ නැතුව ඉදපන්
Deleteඅම්ම කෙනෙක් දරුවෙක් බිහි කරලා දරුවාව කුණු ගොඩේ දැම්ම කියල ඒ ගනී අම්ම කෙනෙක් වෙන්නේ නෑ
ඒ වගේම සරත් ෆොන්සේකාත් යුද්දේ දිනලා රට දිනන්න ලේ මස් හලපු රණ විරුවන්වන්ව හෙළ දැක්කම ඌ දේශප්‍රේමියෙක් වෙන්නේ නෑ බොලවූ...
මචන්ලා මම කියන්නේ අපි එක එකාට මඩ ගහන්නේ නැතිව ඉමු කියල. බ්ලොග් පොස්ට් එකකට විචාරයක් ලියන එකේ අව්ලක් නෑ. ඒ විචාරය එම පොස්ටුවේ වැරදි හෝ විවේචනයක් උනාට අව්ලක් නෑ. එත් ජරා විදිහට ඒ පොස්ට් වලට මඩ ගහන එක හරි නෑනේ. මොකද හැමෝම තමන්ට හැඟෙන දේ ලියන්නේ.
ReplyDeleteඑහෙම නැති නම් කෙලින්ම එම පොස්ටුවට කොමෙන්ට් එකක් විදිහට ඒ දේවල් දාන එක හොඳයි. එතකොට බ්ලොග් කරු කැමති නම් ඒවා පල කරයි, නැති නම් නොකර ඉදී. අපි ආසාවෙන් බලන බ්ලොග් වලට මඩ ගහනකොට අපිටත් මල පනිනවනේ. එතකොට ඉතින් අපේ සදාචාරෙත් බලු බල්ලට යනවා.
මීවනපලානේ ජයා සිංහල ඉතිහාසෙට අපහාස කරන බවක් නම් පෙන්නේ නෑ, ඔහු කතා කරන්නේ රාවණා හා බැදුණු ඉතිහාසයක් ගැන. එක පවතිනවද නැද්ද කියල අපි දන්නේ නෑ. ඒක හැරී පොටර් වගේ පොතක් හැර ඊට වඩා වැඩි යමක් නම් මට තේරෙන්නේ නෑ. එහෙම දෙයක් තිබ්බත් නැතත් ඕවා දාලා ෆිල්ම් එකක් හැදුවොත් ලොවෙත් නෑ නේ. එත් ලංකාවේ තාක්ශනේ එච්චර දියුණු නෑ ඔය කියන ඒවාගෙන ෆිල්ම් එකක් හදන්ට, එත් Steven Spielberg වගේ කෙනෙකුට මේ වගේ එකක් අහු උනොත් පට්ට ෆිල්ම් එකක් හදයි.
ReplyDeleteඅරිසෙන් අහුබුදු හෝ හැම ඉංග්‍රීසි වචනයකටම සිංහල තේරුමක් දීමට උත්සාහ කරලා තියෙනවනම් ඉතින් හාස්‍යට ලක් වීම වලක්වන්නට බෑනේ.
එත් ඇනෝ වන් ඔරිජි කියන පිස්සා නම් එහෙම කරනවා, බුදු දහමටත් අපහාස කරනවා. ඒ උනාට ඒවගේ පිස්සෝ බයිට් එකක් කරගෙන අනික් එවුන් ආතල් ගන්නවා
මීවනපලානේ ජයරත්නයා ෆොන්සේකා මහත්තයට කඩේ ගියාද කියන්න මම දන්නෙ නෑ. ඊහ්ම කඩේ ගියත් ෆොන්සේකා මහත්තය කියන්නෙ අපේ රට රැක ගත්ත වීරෝදාර රණවිරුවෙක්. හැමෝම එයාව අමතක කරල තියෙද්දී මීවනපාලානේ ජයරත්න හෝ මොනයම් විදියකට හෝ එයා වෙනුවෙන් පෙනී ඉන්නවනම් ඒක ඉතාමත් උතුම් වැඩක්.
ReplyDeleteඒත් ජනසේනා නමින් අටවාගත් උඹල කරන්නෙ ලංකා ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව ගෙනියන මහින්ද රාජපක්සට රෙදි නැතිව කඩේ යන එක. මහින්ද රාජපක්ශගේ දූශිත ආන්ඩුවට කොන්දේසි විරහිතව පෙනී සිටින එක.
ජනසේනා, උඹල රෙදි ඇදගෙනද අනුන්ට චෝදනා කරන්නෙ?
මම ඊමේල් එක තුන් පාරක්ම කියව්වෙ. උඹ කොහොමද ඒ ඊමේල් එක සරත් ෆොන්සේකා ගැන කියල තියෙනව කියන්නෙ? මටනම් එහෙම පේන්නෙ නෑ.
ReplyDeleteඋඹල මහින්දට කඩේ යන ගමන් වර්ගපූර්ණිකාවට අපහාස කරන එක චාටර්නෙ බන්. උඹ කියපු නිසාම මම වර්ගපූර්ණිකාව ලිපි ගණනාවක්ම කියව්ව. මටනම් එහෙම දෙයක් පේන්න නැහැ. මීජයාට ඇති දේශපාලනයක් නෑ කියලයි පේන්නෙ.
වර්ගපූර්ණිකාවෙන් ලොකු සේවයක් අපේ රටට වෙනව, කාලකන්නි රාවන කාරයින් හැම රෙද්දටම රාවනව ගාවන එක නැවතුනෙ වර්ගපූර්ණිකාව නිසයි. ඒත් මචන් උඹලගෙන් අපේ රටට වෙන අහවල් එක සේවයක් කියපන්?
(රාජපක්ෂ ආණ්ඩුවට වෙන සේවය ගැනනම් කියන්න ඕනැ නෑ නෙ)
එතකොට මේ මොකද්ද?
Delete[[ එහෙත් කදුකරයේ භාවනානුයෝගීව වසන අප ගුරුදේවයන්වන තාපසතුමන්ගේ බුද්ධි මහිමය
සහ ශූක්ෂම උපාය ඥාණය භාවිතාකල මා ඇතුළු ජීවමාන රාවණ සෙනෙවිරත්වරු,
උක්ත කී වදුරුමොටා සහ උගේ සොයුරු මොටයියන් දෙදෙනා රාවණ ජනබලය අබියස
දණගස්වා ශ්‍රී රාවණයන් වැලිකඩ ගිරි ශිඛරයෙන් එලියට ගත්තෙමු. ]]
@rachi September 9, 2012 3:32 AM
Delete++++++++++++++++++++++++++
අපේ රට රැකගත් සැබැ ජාතික වීරයෙක් වන ජෙනරාල් ෆොන්සේකා මහත්තයට අනියමෙන් හෝ සහාය දක්වන වර්ගපූර්ණිකාවට මාගේ ප්‍රනාමය පළකරනව.
ReplyDeleteඅහෝ ජනසෙනා ඉතාමත් නින්දිතයි ඔබේ වැඩ නම් ජෙනේරල් සරත් ෆොන්සේකා ට වර්ගපූර්නිකව කඩේ යනවා කිය කියා ඔබත් ජනාධිපති මහින්ද රාජපක්ෂට කඩේ යන එක නේද මේ කරන්නේ. ඔබල ඇදුමක් ඇදගනද මේ වගේ ලිපි පල කරන්නේ. අනුන්ගේ හෙළුව වහන්න උපදෙස් දෙන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තොත් හොදයි කියා මගේ අදහස. තවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන ඔබ අපට කියාදීමට අවශ්‍ය නැත අප එතුමා කල සේවය ඉතා හොදින් දනී ඒ හා සමානව ජෙනේරල් සරත් ෆොන්සේකා කල මෙහය ගැනද අප ඉතා හොදින් දනී ඔවුන් දෙදෙනා කල මෙහෙයට අදත් අප දොහොත් මුදුන් තියා නමස්කාර කරනෙමු. වසර 30 පුරාවට තිබූ යුද්ධයෙන් එක ලී බිදක් තියා දහදිය බිදක් නොහෙලූ ඔබ වැනන් දේශපාලන පාට කන්නාඩි දාගන ඉතා නින්දිත ආකාරයට ජෙනේරල් සරත් ෆොන්සේකා මහතාට පහර ගසන බව ඉතා හොදින් පෙනෙන්නට ඇත. ( උදාහරන : ජන සේනා - මීවනයන්ගේ රවණයුන් නැවත පැමිණෙන්නේ නැති අතර තවත් කෙටි කලකදී බොරැල්ල කනත්ත ගිරි ශිඛරයේ සදහටම දොයියෑමට නියමිතය. වැඩි විස්තර ටිරාන් අලසුන් ගෙන් විචාල මැනවි.) තවද ඔබලා මීවනපලානේ ජයරත්න කියන රාවනා රජ්ජුරුවෝ ජෙනේරල් සරත් ෆොන්සේකා මහතා කියා වැරදි වැටහීමකින් මනෝ ලෝකයක සිටින බව කිව යුතුය. තවද මීවනපලානේ ජයරත්න ගේ වර්ගපූර්නිකාවේ කිසිම දේශපාලනයක් ගැන සදහනක් කිසි සේත්ම පෙනෙන්නට නැත (සමහරවිට ඔබලා පාට කන්නාඩි දාගන බලන නිසා එසේ පේනවා විය හැක) (සැමගේ අදහස් වලට එක සේ ගරු කරනවානම් මගේ comment එක දාන්න. )
ReplyDeleteකමෙන්ට් ගැන වදවෙන්න එපා. අප්පිරිය හිතෙන තරමේ කුනුහරුප නැති ඕනෙ කමෙන්ටුවකට මෙය විවෘතයි.
Deleteඅපි රජයේ හොඳ දේවල් අගය කරනවා. ඒ වෙන කවුරුවත් ඒක කරන්නේ නැති නිසා. එය අපේ යුතුකමක් යයි හිතනවා. ඒ කරන්නේ ප්‍රසිද්ධියේ.
නමුත් මීයා මහතා අපට කර ඇත්තේ ඉතා පැහැදිලි ජීවිත තර්ජනයක්. ඇයි කාටවත් ඒක පේන්නැත්තෙ? ඔබේ පාට කන්නාඩි ගැනත් සැලකිලිමත් වෙන්න.
[[ඔබට මා විශ්වාස නැතිනම් ඔය තුච්ච වැඩේ දිගටම කරගෙන යන්න.
අවවාදයයි. ඔබ කවුද යන්න අප දිවැසිවර තාපසතුමා මැනැවින් දන්නෙහිය.
එම තොරතුරු පසුගිය දිනෙක එතුමා මා හටද සැල කලේය. ප්‍රවේශම්වන්න.
කිනම් මොහොතක හෝ හෙළ යකෙකු ඔබ දොරකඩ සිටිනු ඇත.]]
මේව ගැන මොනවද කියන්නෙ?
පිළිතුරු සපයුවට බොහොම සතුටුයි. මම නම් කිසි සේත්ම පාට කන්නාඩි දාගන බලන්නේ නැත. මම මේ බ්ලොග් දෙකම හොදින් කියව බැලුව මීය මහතාගේ බ්ලොග් එකේ නම් දේශපාලනය එතරම් පෙනෙන්නට නැත. එත් එකක් හොයාගත ඒ රනිල් වික්ක්‍රමසිංහ මහතා ගැන සදහනක්. එත් ඒ සදහනේ කිසිදු දේශපාලන වටිනාකමක් නැහැ. තව රජය කරන හොද වැඩ අපි ගොඩක් අගය කරනවා ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එත් ජනාධිපති තුමන් හෝ රජය ගැන බ්ලොග් ලීවීමට අනවශ්‍ය බැවි මගේ හැගීම මොකද රජයේ media ඕනෑවටත් වඩා හොදින් ඒ වැඩේ කරන නිසා. අනික ඔය මීය මහතා හෙළ යකෙක් ගේ දොරකඩට එවනවා කියල තියන්නේ විහිලුවට මගේ හිතේ. (මීය මහත්තයට තරහ ගියාම ඔහොම දේවල් කියනවා. වර්ගපුර්නිකව බ්ලොග් එක බැලුවම ඒ වගේ ඒවා ගොඩක් හොයාගන්න පුළුවන් එක නිසා ඕව ගනන්ගන්න එපා.) හැබැයි ඉතින් මට අන්තිමට කියන්න තියන්නේ අපි හැමෝම මේ පුංචි ලංකාවේ ජීවත් වන මිනිස්සු එක නිසා මේ බ්ලොග් පොස්ට් එකකට ඇන කොටා ගන්නේ නැතිව පරණ තරහ මරහ නැතිකරලා දාල සමගියන් ඉමු කියල ... ඔබ සැමට ජය වේවා ...!
Deleteජනසේනයනි ඔබටැ අනුකම්පාවෙන් ලියැමි.
ReplyDeleteඔබැට බ්ලොගයකින් හෙලුවෙන් වැනීමටැද හෙලුවන් වන අපටැ ආතල් දීමටද නොපුලුවන් බව බහුතරයක් ඉහත කොමෙන්ටු වලින් ගෙනොපෙනේද?ඔබේ පෝස්ටුවන් නීරසයැ.ඔබ අබැටක් නම් මීවනයන් මහමෙරකි,රස ගුලාවකි.එමතුද නොව සිරි රවණුන්ගේ සබැන්දියෙකි.ඔබැ රවන්නේ රවණුන්ට බව නොදන්නෙහිද?මීවනයන්ට නමස්කාර කරව.
සිරි රාවණ සිද්ධම්!
වර්ගපූර්ණීකාව සරත් ෆොන්සේකා මැතිඳුන්ට සහාය දක්වන බවක් මට වැටහිල තිබ්බෙ නෑ. ඒත් එහෙම දෙයක් වෙනවනං එක වැරදිද?
ReplyDeleteමේ රට බේරාගත් විරයෙකුට කඩේ ගියත් නම්බුයි ඕයි.
අපි වර්ගපූර්නිකාව සමගයි.
This comment has been removed by the author.
ReplyDeleteමරු මරාට කඩේ යන බ්ලොග් එකක් නැතුව හිටියේ දැන්
ReplyDeleteඑකත් තියෙනවා.
මම තොපේ බ්ලොගය බැලුවේ අන්කිසිවක් නිසා නොව මීවනයන්ගේ වර්ගපූර්නිකාවේ ලින්කුවක් තිබූ නිසාය.තොපේ පරණ ලිපිද කියෙව්වෙමි.තොපේ ලිපි වල රසයක් මෙන්ම හරයක් ද නැත.ඇත්තේ කාටැහෝ ද්වේශයෙන් බැනීමක් පමනි.ඉහල කොමෙන්ටු බැලීමෙන් තොපටැ නොපෙනේද එය?
ReplyDeleteසිරි රාවණ සිද්ධම්!
ඒ පාර මෙතනත් හැමඑකාම රාවන සිද්දං ගහන්ඩ ගත්තද? මම මුල ඉඳංම බලං හිටියෙ මෙතන මොකද වෙන්නෙ කියල. අපේ ඉතිහාසෙය ජෝක් කරපු ජයරත්නට හරිහමං ඇටෑක් එකක් පලවෙනිපාරට දුන්නෙ මේකෙං. නියමයි ජනසේනා.
ReplyDeleteආයෙ මොකෙක්හරි මෙතනත් රාවන සිද්දං ගහන්ඩ ආවොත් හතර හන්දි කඩනවා අම්මපා.
ජනසේනා - මේ බ්ලොග් එක හරහා උඹ සමාජගත කරන්න හදන වැරදියි යයි මම පිළිගන්නා මතය ගැන මගේ අදහස් මම හැංගෙන්න නැතුව දැම්මා.
ReplyDeleteමගේ බ්ලොගෙ එක විශේෂයෙන් හුවා දක්වල මගේ බ්ලොග් එක පැත්තේ කවදාවත් ආපු නැති පාඨකයෝ ටිකක් එව්වට ස්තුතියි. කොහොම වුනත් උඹේ චෝදනා සම්පූර්ණයෙන්ම නින්දිත, ද්වේශ සහගත ප්‍රකාශ විදිහට මම සලකන්නේ.
මම ආණ්ඩු විරෝධී තමා. ඒ මේ සංධාන ආණ්ඩුව ගැන තියන විරෝධයක් නෙමේ. පවතින දේශපාලන ක්‍රමය ගැන තියන විරෝධයක්. එහෙම මිසක් උඹ වගේ පුද්ගලානුබද්ධ ද්වේශයක් මගේ නැහැ. මගේ බ්ලොග් එකේ තියන අනිත් පෝස්ට් කීපයක් හෝ බලන්න කියල මම උඹටයි මේකේ පාඨකයන්ටයි ආරාධනා කරනවා.
මගේ බ්ලොග් එක විවිධ මාතෘකා ඔස්සේ මම කථා කලා. ප්‍රහසනය හැරුණු කොට අන් සියළු මාතෘකා වලින් උත්සහ කලේ උඹේ වගේ මඩ ගොහොරුවේ එරිලා ගොම ගහන්න නෙමේ. ඇත්තටම ප්‍රායෝගික දේශමාමකයෙක් වෙන්න.
තවත් දෙයක් ගොම ගහණ උඹේ අතේ ගොම නේද? ගොම තියෙන්නේ අතේ විතරද? මම නම් මගේ බ්ලොග් එකෙන් උඹට මඩවත් ගොමවත් ගහන්නේ නෑ. මොකද මං ගාව ඒ දෙකම නෑ. මම මඩේ ලගින්නෙත් නෑ. ගොම් බෙටි දාන්නෙත් නැ.
මේවා බලා පාඨකයන් සමමා සතිය පහළ කර ගනිත්වා!
1. මව්බිම, යථාර්තය සහ ප්‍රායෝගිකත්වය
2. PayPal ලංකාවේ අපිටත් ඕනෙ නම්....
3. ඇබෑර්තු ඇත! ඩේලි කමිෂන්...ෆ්‍රී සෙක්ස්...
4. අපටත් රජකු පහළව ඇතේ! (ටෙනිසන් ජනහමු සතුටු සිතින් නරඹමු)
ඔව. ඔබේ බ්ලොගය අපි පරිශීලනය කලා. ඔබ මීජයා නොවන බව පැහැදිලියි. ඔබ රාජ්‍ය විරෝධියෙක් වශයෙන් වැරදි ආස්ථානයක සිටියත් මීයා මෙන් ෆොන්සේකා ලෝලියෙක් නොවන බව අපට පැහැදිලියි.
Deleteඔබට එරෙහි චෝදනාද ඉල්ලා අස්කරගන්නවා. සිත්තැවුලක් වුනානම් කණගාටුයි.
The Modern Patriot මම ඔබැ හා එකඟ වෙමි.
Deleteසිරි රාවණ සිද්ධම්!
ජනසේනා කියන්නෙ වර්ගපූර්ණිකාව 2 ම තමයි. වර්ගපූර්ණිකාවට ගරිල්ලා මාකටිං එකක්.
ReplyDeleteයකෝ මී ජයා කියන්නෙ පට්ට මොළයක්නෙ.
ශ්‍රී රාවණ සිද්ධම්!
@ ජන සේනා
ReplyDeleteඋබ ආන්ඩුවට කඩේ ගිහින් ඒ ඇහින් අපි දිහා බලල අපිව සැක කරාට අපි කවදාවත් මීයට කඩ් ගියෙ නෑ.
කඩේ යන උන් ඉන්නව, වර්ගපූර්නිකාවෙ කමෙන්ට් කියවපන් එකකොට තේරෙයි.
හික් හික් මුටනම් අමු කැවිලා............
ReplyDeleteජනසෙනා නිකම් සිගිති ආතල් ගන්නවා ..........
ReplyDeletemata nam oya mukuth sure na.
ReplyDeletematanam oya mukuth sure na.mama meka ahnne kisima tharahakin nemei. danagannai ahanne .vargapurnikava web eken boru kiyanava kiyala kiyannath puluvan.eath maha vansaya atha venna puluvanda. maha vansaya atha unoth budun devarak lankavata vadiyai kiyana kathava boruvenava neda. anith eka vijaya kiyanne charithaya hodanathi nisa ratin pituvahal karapu puthgalayek.buduradun e vage kenek rakinna kiyala deviyangen illai kiyala hithanna amarui.anith eka 700k avilla ratak allanna uluvanda. buduradun lankavata paminena vita raja varun sitiyai kiyala sadahan venava.ehema ratak kohomada 700k avilla allane. oya kiyana vidihata ravana kiyala raja kenek hitiye nadda. ehema kiyanavanam maha barathaya ramayanaya boru venava neda, api mahiyanganaya nagadiaya kalaniya vada vada kiyanava lankave vijaya enna kalin hitiyea nodiunu minissu kotasak kiyala meka sadaranada.plz mata mevata uthara denavada.
ReplyDeleteහ්ම්ම්
ReplyDelete