Thursday, September 6, 2012

ගියා.. ගියා... දාල යන්න ගියා.... හිරුණිකා...!


හිරුණිකා නම් දියණියක සිටින්නීය. එක්තරා දිනකදී ඉතා අවාසනාවන්ත ලෙස ඇගේ පියා ඝාතනය විය. ඇය මාධ්‍ය හමුවේ මෙසේ කීවාය.

“ම‍ගේ පියාගේ ජීවිතය උදුරාගත් අපරාධකාරයන් ගැන පරීක්ෂණයක් කරල උන්ට නිසි දඬුවම් දෙන්ඩ ඕනෙ”

වසර පහලොවකින් විස්සකින් හරිහමන් කෑමක් බීමක් නැතුව, බඩ බොකු වේලී ගිය ඇට ගැහුනු කැලෑවේ නරියන් පිරිසකට ඇගේ හඬ ඇසුනි. කෙක්කෙන් හෝ කොක්කෙන් රාජපක්ෂ ගෙදර යවා රාජපක්ෂගේ ගෙදර පදිංචිවීම පමණක් දේශපාලනය කරගත් මේ කැලෑවේ නරියෝ වහාම ගිහින් හිරුණිකාගේ ගෙයි පිලිකන්නේ පදිංචි වූහ.

එතන ඉඳං මුං කලේ හිරුණිකා වටකරගෙන ඇයව “දැනුවත් කිරීම” හෙවත් රාජපක්ෂ එලවීමෙ නැව් කඹ ඇයට ගිල්ලවීමයි. මාධ්‍ය සාකච්ඡා වල හිරුණිකා ඉන්දවාගැනීමට මුං නොකල දෙයක් නැත. උස්බෙකිස්තානය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වල සිට වලවේ කිරි ගොවි ප්‍රස්නය දක්වා හිරුණිකා ලව්වා මාධ්‍ය සාකච්ඡා තිව්වෝය. දැනට මලමිණී වශයෙන් ජීවත්වෙන නාකි වාමාංශික පප්පලා බොරුල්ල කනත්තේ පවත්වන ලද අවතාරමය පක්ෂ සම්මේලනයෙ මූලාසනයටද හිරුණිකා ගෙනිච්චේය. අනේ ඒ කෙල්ලත් ගිහින් මොන මොනවාදො කිව්වේය. නිර්ධන පංතියට ජයවේවා යයි අන්තිමේදී පප්පලා බෙරිහන් දුන්නෝය.

සෝමවංස සීයාට ප්‍රස්නෙ තිබුනේ හිරුණිකාගෙ හදවත සුලු ධනේස්වරද කියන එකය. ඒක නිසා ඇයට පෙම් කලමුත්, රට්ටු කතා හදන නිසා  ලඟින් වාඩි කරගන්ඩ විදිහක් නැතුව හිටියේය. පොන්සේකා අංකල් නං වැඩේ අතඇරියේම නැත. උසාවි දවසේ පොල් ගහන්නට ලණුවක් ඇයට දුන්නෙ වෙන එකෙකි. හිරුණිකා ලව්වා ප්‍රජාතන්ත්‍රවාදය, භෞමික අඛණ්ඩතාව, යහ පාලනය, නිර්ධන පංති ආඥ්‍යාදායකත්වය ආදී හැට හුටහමාරක් දේවල් ඉස්ට කොරගන්ඩ මුං රෑ දවල් වලිකෑවෝය.

කෙල්ල ඊයේ පෙරේදා තනියම කල්පනා කලේය. කෙල්ලගේ ප්‍රස්නය එකතැනය. ප්‍රස්නය විස‍ඳෙන පාටක් නැත. රටේම හාල්පාරුවන්ට කඩේ යනවා ඇර මෙතෙක්කල් කොරගත්තු වෙන දෙයක්ද නැත. එක එකාගේ කොස්ඇට බෑමෙන් පියාට වෙන සාධාරණයක්ද නැත. අන්තිමේ තීරණයක් ගත්තාය. සටන් කල හැක්කේ පුරුදු තැන සිටය. පුරුදු මිනිසුන් සමගය. නුපුරුදු හාල්පාරුවන්ගේ සීනිබෝල දේශපාලනයෙන් ඇයටවත්, රටටවත් වෙන සෙතක් නැත.

හිරුණිකා ඇගේ සටන තනියම කරට ගත්තේය. පුරුදු තැනටම ගියාය. එදා ඉඳං ගොම්මං වෙලාවට අර කැලෑවේ නරියෝ ටික මෙන්න මේ විරහ ගීතය විලාප නගමින් ගයති.....

ගියා... ගියා... ගියා.... යන්න ගියා....
ගියා... ගියා... ගියා.... යන්න ගියා....
ගියා... ගියා... ගියා.... යන්න ගියා....
ගියා... ගියා... ගියා.... ගියා... දාල යන්න ගියා....
හිරුණිකා........!!!

21 comments:

  1. මෙන්න මාරයත් ලියලා
    http://ctkumara.blogspot.com/2012/09/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. දෙකේ දෙකක් ලියල මොකද? එකක් දෙකේම දැම්මනං ඉවරනේ

      Delete
  2. සමාන්තර විශ්වයෙදී වෙච්ච දේ මෙහෙදි නොවෙයි කියල හිතන්න බෑ. භාරත ගොයියා නෑයි කියල එහෙමම අඩුවකුත් නෑනේ.

    මේ ඒක නෙමේ මාරයියේ මේ උඹමවත්ද?

    ReplyDelete
    Replies
    1. නොවිය නොහැක්කක් නොවීමට නොහැක :P

      Delete
  3. සිරා පෝස්ට්එක.

    ReplyDelete
  4. හිරුණිකාගේ බෝයි ෆ්‍රෙන්ඩ්September 7, 2012 at 1:59 AM

    ලුසී අක්කා ගේ මිනිහා වැඩ කලේ උළු මෝලේය. උළු මෝලේ මුදලාලි සේවකයන්ට හරිහැටි ගෙව්වේ නැත. සේවකයන්ගෙන් වැඩ ගත්තේ සැලකුවේ වහලුන්ට වගේය. උළු මෝලේ අනාරක්ෂිත විදුලි කාන්දුවිමකින් ලුසී අක්කා ගේ මිනිහාට කරන්ට් වැදී ඔහු මළේය. සේවකයෝ මේ ගැන උද්ඝෝෂණය කළහ. ලුසී අක්කා ද සේවකයන් සමග හරි හරියට උද්ගෝෂණය කරමින් මියගිය සැමියාට වන්දියක් දෙන ලෙස කීවාය. නමුත් ලැබුණු වන්දියක් නැත. ලුසී අක්කා නඩු යන බව පැවසුවාය. නමුත් දාපු නඩුවක් නැත. ටික කාලයක් යන විට උළු මුදලාලි ලුසී අක්කා ගේ ගෙදර නිතර ගැවසෙන්නට විය. සමහර දවස් වලට උළු මුදලාලි රාත්‍රිය ගත කලේ ලුසී අක්කා ගේ ගෙදරය. මේ ගැන උළු මෝලේ කට්ටිය ලුසී අක්කාගෙන් ඇසු විට ඇය පැවසුවේ ” මැරිච්ච මිනිහා මලා ඒත් දැන් මම කාල ඇඳලා ඉන්න එපැයි ” කියාය.

    හිරුණිකාද ලුසී අක්කා වගේය. භාරතගේ මරණය ජාත්‍යන්තරයට ගෙන යන බව කීවාය. ලංකා අධිකරණයෙන් යුක්තිය ඉල්ලුවාය. නමුත් දැන් නිල නිවාසයට නිල වාහනයට සහ දුමින්දගේ පවුලෙන් දුන් මුදල් වලට උද්ඝෝෂණ නැවතී තිබේ. හෙට අනිද්දා දුමින්ද ලංකාවට පැමිණි විට ජනතාව අන්දන්නට රුපවාහිනී කැමරා වලට මොකක් හෝ කියනු ඇත. නමුත් සක්‍රිය උද්ඝෝෂණයක් සිදු වන්නේ නැත. තව ටික කාලයක් යන විට දුමින්ද සහ හිරුණිකා එකට අත්වැල් බැඳගෙන ඩිලාන් පෙරේරා සහ සුසන්ත පුංචිනිලමේ මෙන් එකම ආණ්ඩුවේ වැඩ කරනු ඇත. ඒ අනුව බලන විට හිරුණිකාද ලුසී අක්කා ගේ තියරිය අනුගමනය කොට තිබේ. ඒ ගැන වරදක් නැත. සමාජ සාධාරණයක් , යුක්තියක් නැති වැඩවසම් ශේෂයන් සමග විකෘති ධනවාදයක් තිබෙන ශ්‍රී ලංකාව වැනි රටක දියණියක් තමන්ගේ පියාගේ මළකුණ හෝ විකුණාගෙන කෑම පුදුමයක් නොවේ.

    භාරත ලක්ෂ්මන් අහිංසක විජය කුමාරතුංග කෙනෙකු නොවේ. ඔහු මැරයෙකු විය. මිනිසුන්ගෙන් කප්පම් ගත්තේය. කප්පම් නොදුන් විට මිනිසුන්ට පහර දුන්නේය. ඉඩම් බලෙන් අල්ලාගත්තේය. පාතාලයක් රන් කලේය. නමුත් වඩාත් බලවත් හා ආණ්ඩුවේ අනුග්‍රහය තිබු මැරයා වන දුමින්දට ඔහු පරාජය විය. දැන් භාරත ලක්ෂ්මන් යනු ඉතිහාසයේ කුණුකුඩයට ගිය තවත් එක සොත්ති උපාලි කෙනෙකි. ඔහුගේ මරණය ගැන ගැන ඔහුගේම බිරිඳ හෝ දියණිය සත්‍ය හඬක් නගන්නේ නැත. ඒ නිසා හිරුණිකාලා සමග බෝඩ් ලෑලි උස්සාගෙන සිටි ජනයා අනාතය.

    හිරුණිකාට තමන්ගේ අම්මාට වඩා මොලයක් තිබුණි. අම්මා නිල නිවාසයට නිල වාහනයට නිහඬ වන විට හිරුණිකා උද්ගෝෂණය දිගටම ගෙන ගියාය. උද්ගෝෂණය දිගු සහ බලවත් වන තරමට හෙට්ටු කිරීමේ අගය වැඩි වන බව හිරුණිකා ඉවෙන් මෙන් දැන සිටියාය.

    ReplyDelete
    Replies
    1. සියල්ලට එකඟ නැතත් මෙහි සෑහෙන හරයක් ඇත

      Delete
  5. එල කතාව.

    ReplyDelete
  6. ජනසේනය, ඔබගේ ප්‍රස්තුතය ගැන මටත් ලිවීමට සිත් විය

    ReplyDelete
    Replies
    1. ඔව් ලියන්න. ඔබේ ප්‍රස්තූත ගැනත් ලියන්නට අපි සූදානම් වෙන මේ වෙලාවෙ ඒක හොඳයි.
      අනික තමයි අපි ලියන දේවල් ගැන ගැටළු තියෙනවනං මේ කමෙන්ට්් තීරය භාවිතා කරන්න. විවිධ විකාර කියවමින් පුද්ගලික මැසේජ් සහ ඊමේල් එවීමෙන් වලකින ලෙස ඔබගෙන් ඉල්ලමු.

      Delete
    2. ඒක නෙමේ. ඔය මහලොකු රාවණ නැගිටීම ලඟදිම තියෙද්දිත් රාවණගෙ අග්‍රපුරෝහිතයා තනතුරෙන් ඉල්ලා අස්වීම ගැනත් ලියමුද?
      කැමතිනම් ලියන්න. නොලිව්වත් අපි ලඟදිම රාවණ වංසයේ රෙදි ගලවනවා.

      Delete
    3. @ ජනසේනා - මම සීරියස් හිතුවෙම නෑ උඹත් මේක අම්බානට ඇදල කියල. ඇත්තටම උඹල ප්‍රහසන සාහිත්‍යයක් ගැන අහලම නැත්ද?

      වර්ගපූර්ණිකාවට කත් අදින එකෙක් විදිහට උඹ මටත් කාඩ් ගැහුවනේ...එහෙනම් බලපං මචන් මේකත්.

      Delete
    4. ඇඳගෙන ඉන්නෙ කවුද කියල ඔබට ඉදිරි දිින දෙකතුනේදී හෙළිකරන්න අපි සූදානම. ප්‍රහසන සාහිත්‍යය ගැන ඔබගෙන් අපට ටියුෂන් උවමනා නැහැ.

      ප්‍රහසනය යනු එකක්. මිනිසුන් අන්දවා තමුන්ගේ දීන දේශපාලන අරමුණු කරා ඔවුන් ගෙනයාම තව එකක්. මීවනපලානේ ජයරත්න නමින් පෙනී සිටින්නාගේ සැබෑ ස්වරූපය ඔහු අප හමුවේ නිරුවත්කොට හමාරයි. අන්තර්ජාලයේ ගෙනයන මෙවන් සිල්ලර ගේම් ගැන ලිවීමට අපේ අදහසක් තිබුණේ නැහැ. එයට වඩා ඉතා බරපතළ කාරණා කතා කිරීමට තිබෙන නිසා. නමුත් ජයරත්න නමැත්තා අප බ්ලොගය කෙරෙහි දක්වන ද්වේශසහගත ආකල්පය අපට හානිකරයි.

      ඔහු බොහෝවිට කමෙන්ට් ආදීයේදී මහත් තම යටිකූට්ටු අරමුණු සැඟවෙන පරිදි එය කලත්, ඔහු හා අප අතර මෙම බ්ලොගය ආරම්භයේදී ඇතිවූ ගැටුමට දාලව ඔහු එවා ඇති තර්ජනාත්මක ඊමේල් පණිවිඩ ඔහුගේ සත්‍යය එළිදරව් කරනවා. ඉවසා සිටින්න. සත්‍යය ඔබ සිතනවාට වඩා විශ්මයජනකයි.

      Delete
    5. ඕං එහෙනං අපි බලා ඉන්නවා. ඉක්මනට දාමුකො බලන්න.

      Delete
    6. රාවණා අඟහරු ලෝකෙ ච‍යිත්‍යක් හැදුවලු. මේවට කොහෙන්ද හිනාවෙන්නෙ.

      Delete
    7. හුකෑස්...මෙන්න ඊයෙ මව්බිම පත්තරේ ඕක තියනවා මමත් දැක්ක. අපරාදේ අර 'කියුරියෝසිටි' එක බාන්න තිබ්බේ ඒ පැත්තට. මිරැන්ඩෝ කාරයව අංගොඩ ඇඩ්මිට් කරන්න වෙයි වගේ

      Delete
  7. මරු පෝස්ට්එක. මරේ මරු.

    ReplyDelete
  8. KCSeptember 7, 2012 1:36 PM
    මෙතැන කමෙන්ට් කරලා තියෙන හුගක් උන් කතන්දරේ හරියට දන්නේ නෑ වගේ. කවුරුවත් හිරුණිකාට සප් 1 දීගෙන ආණ්ඩු පෙරලන්න හැදුවේ නැහැ. හිරුණිකා හැදුවෙත් නෑ. ලකී කියන්නේ පට්ට ශ්‍රී ලංකා කාරයෙක්(මහජන පක්ෂය කියලා එකක් තිබුනාට හුගක් උන්ට ශ්‍රී ලංකා එකෙයි මහජන පක්ෂයේයි වෙනසක් නෑ). හිරුණිකා වටේ ඉන්නෙත් ශ්‍රී ලංකා කාරයෝ විතරයි. උන්ට ඕනි ලකී මරපු පලිය ගන්න විතරයි.එතනින් එහාට උන් බලාපොරොත්තු ආණ්ඩුවේ ජොබ් 1 ක් ගන්න, ළමයෙක් ඉස්කෝලේට දාගන්න වගේ දේවල්. එහෙම නැතුව ආණ්ඩු පෙරලන්න උන්ට ඕනි නෑ. හිරුණිකා විපක්ෂයට සෙට් වෙලා ආණ්ඩුව එක්ක ගේම ඉල්ලයි කියන එක විපක්සෙ උන්ගේ හීනයක් වීතරයි. ඒ හීනෙ බිදුනාම හුගක් උන්ට රිදිලා වගේ.

    අර හිරුණිකා උඩ පනින වීඩියෝ එකේ වැරද්ද මොකක්ද කියන්න මං දන්නේ නෑ. ලංකාවේ දෙමව්පියෝ මැරිච්ච උන් හුගක් ඉන්නවා.ඒ කවුරුවත් හැම දාම අඩාගෙන නොකා නොබී ඉන්නේ නෑ. මිනිය වලලනකම් විතරයි අඩන්නේ. එකිත් සාමන්‍යය මනුස්සෙක්. ඊයේ හිරුණිකා කිව්වා ගිලෙන විපක්ෂයකට එකතුවෙලා වැඩක් නැහැ කියලා. දේසපාලනේ කියන්නේ කබරගොයත් තලගොයා කරන, කපන්න බැරි අත සිඹින, අම්මා අප්පත් විකුණන, අපි උඹලා වගේ වැදගත් මිනිස්සුන්ට නොගැලපෙන සෙල්ලමක් මාරයියේ.

    එහෙව් සෙල්ලමකදී හිරුණිකා සෙල්ලම් කරන විදියේ වැරද්දක් මං දකින්නේ නෑ. මං අගය කරනවා ඒකිගේ දයිරිය..

    ReplyDelete