Tuesday, September 25, 2012

ඊ නිවුස් බෞද්ධයෝ මරාගෙන මැරෙති

සාටකයෙන් නිරූපණය වන බෞද්ධ කොඩියට මෙහෙම අපහාස කරන්න ඊනිවුස් බල්ලන්ට තියෙන අයිතිය කුමක්ද? ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාව නියෝජනය කරන්නාය. මෙම සාටකය මහින්ද නමැති පුද්ගලයාට නොව ශ්‍රී ලංකාවට විදේශයකදී දක්වන ලද ගෞරවයකි. එම සාටකය හෙළුවැලි නිරූපිකාවකට ඇන්දීම ගැන මහින්දට බනින උපාසකයෝ කියන්නේ කුමක්ද?

ජනාධිපතිතුමා පසුගිය දිනෙක ඉන්දියාවේ සාංචි බෞද්ධ මධ්‍යස්ථානයට ගියේය. ඒ බෞද්ධ විශ්ව විද්‍යාලයකට මුල්ගල තබන්නටය. ඉඩම අක්කර සීයකි. විශ්ව විද්‍යාලය හැදුවාට පසු රාජපක්ෂලා ගිහින් එහි පදිංචිවෙන්නේ නැති අතර බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය සහ ඒ ආශ්‍රිත කලාවන් ගැන උසස් අධ්‍යයනයක් ලැබීමට කැමති ලෝකයේ ඕනෑම කෙනෙකුට එය විවෘත වෙනු ඇත. අප උතුම් ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ මධ්‍යස්ථානයක් වනු ඇත.

ඒ උනාට ඕවත් නිවුස්ද? ඔය වගේ නිවුසයක් රුපියල් පහකටවත් විකුණගන්ඩ පුළුවන්ද? මෙන්න නියම නිවුස් එක. අදාල උත්සවයේදී සාංචි බෞද්ධ මධ්‍යස්ථානයේ සම්ප්‍රදායානුකූලව බෞද්ධ කොඩිය නිරූපණය වන සාටකයක් එහි සංවිධායකයන් විසින් ජනාධිපතිතුමාට පළඳවා ඇත. ජනාධිපතිතුමා ඉතා සුළු  වේලාවකින් එය ගලවා ඉවත් කලද ඒ මොහොතේ ගන්නා ලද පොටෝ දෙක තුනක තාමත් එම සාටකය පැළඳ සිටී. ඔන්න හොඳ ගානකට කපතහැකි මෝරෙක්.

ඒ ගැන ලියන සැදැහැවත් ඊනිවුස් පින්වතුන් මරාගෙන නොමැරී ඇතිවා පමණය. ඒ තරමටම සැදැහැවත් ඊනිවුස් රුධිරය රත්වී ඇත.  දහම් සංවේගයෙන් කම්පා වී ඇත. අපේ බුදුදහම ජනාධිපතිතුමා ඉවරෙටම ඉවර කර ඇත. අයියෝ සල්ලි.

මීට කලින් බෞද්ධ සංකේතයකට මෙහෙම වින්නැහියක් සිද්ද වෙලාම නැත. පොලිස් රාලහාමිලා අතේ පැළඳගෙන හිටියට ධර්ම චක්‍රය බෞද්ධ ලාංඡනයක් නෙමේ. ඇතැම් දහම්පාසැල් බැජ්වල බෞද්ධ කොඩිය ගහලාම නැත. කොල්ලො කෙල්ලෝ ධර්මචක්‍ර, බෝකොල, චේන්වල දාල බෙල්ලෙ එල්ලං හිටියට මොනම අවුලක්වත් නැත. පස්ස හෝදන අතට දාන බ්‍රෙස්ලට් එකේ පොඩියට ධර්ම චක්‍රයක් එල්ලිලා තිබ්බාට ඒක බෞද්ධ කොඩිය නෙමේ නිසා ප්‍රස්නයක් නැත. බෞද්ධ කොඩි වුනත් අපහාස වෙන්නේ විසේස ආකාරයකටය. වෙසක් පොසොන් සැරසිලි වලට එල්ලන ‘ප්‍රීති වෙසක්’ කඩදාසිවල බෞද්ධ කොඩි පාරේ පෑගෙමින් ගියාට අවුලක් නැත. එකම අවුල කවුරුන්හෝ ඕක ජනාධිපතිතුමාට දැම්මොතින්ය.

ඔය ඊනිවුස් උපාසකයන්ට හොඳටම රිදී ඇති කාරනාව දන්නවාද? බැරිවෙලාවත් පොන්සේකා හරි සෝමවංස හරි රනිල් හරි ඔය උත්සවයට ගිහින් සංවිධායකයෝ එකපාරටම බෞද්ධ කොඩි සාටකයක් දාන්න හැදුවොත් ඒගොල්ලෝ මූණටම මෙහෙම කියන නිසාය.
“බෞද්ධ කොඩිය ඔහොම බෙල්ලෙ දාන්නෙ නෑනෙ. ඒක අගෞරවයක් බව තේරෙන්නෙ නැද්ද? අරං යනවල ඕක.... ගිහින් අර බුදුපිළිමෙ ඉස්සරහින් තියල වඳිනවල”

ඕං බලන්ඩ. ජනාධිපතිතුමා වගේ අධර්මිෂ්ටයෙක්. නැද්ද?

30 comments:

  1. මේකනං මාරයාමයි. එක්සලන්ට් මාරයෝ

    ReplyDelete
    Replies
    1. හපොයි මංනං නෙවෙයි... ඒත් ඉතිං මං කිව්වත් ඔය ටිකම තමා...

      Delete
    2. @මාරයාගේ හෝරාව,

      ""හපොයි මංනං නෙවෙයි... ඒත් ඉතිං මං කිව්වත් ඔය ටිකම තමා...""

      තරහා අවසර.

      මගේ මේ කටකහනවටයි මෙහෙම අහන්නේ, අර ඔඩැල් එකෙන් දළදා මාළිගාව ටී ශර්ට් එකකට ගැහුවා කියලා ඔඩැල් එක පොළවට සමතලා කරන්න හැදුවේ ඇයි ආයුබොවන්..? මේක හරිනම් ඒකත් හරි නොවැ.

      අනේ ගැත්තාට අනුකම්පා කරලා උත්තරයක් දුන්නානම්.

      Delete
    3. ඇනේ ගැත්තා මල්ලියේ... ඔඩෙල් එක තියෙන්නේ කොතනද..?

      Delete
    4. ඈ බොල ගොන් මාරයො. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර නොදී හිටහන්.

      මේක තෝ ලිව්වත්, වෙන එකෙක් ලිව්වත්, ලියපු එකා දෙකාම එක වගේම තමයි

      Delete
    5. අයියෝ සල්ලි. මාරු කාසිත් නෑ. :D

      ODEL case

      Delete
    6. ඔන්න ඕක තමා මල්ලිලා සිද්ධ වෙන්නේ..? කියන දේ තේරුං ගන්න බැර උනාම අනිත් අය යන්නේ කොහෙද මංල්ලේ පොල් වගේ තමා තේරෙන්නේ...

      //මගේ මේ කටකහනවටයි මෙහෙම අහන්නේ, අර ඔඩැල් එකෙන් දළදා මාළිගාව ටී ශර්ට් එකකට ගැහුවා කියලා ඔඩැල් එක පොළවට සමතලා කරන්න හැදුවේ ඇයි ආයුබොවන්..? මේක හරිනම් ඒකත් හරි නොවැ. //

      ඕක අහන්නේ මගෙන්නං මම එපෑ ඔය දළදා මාළිගා කේස් එකක් අරං ඔඩෙල් එක සමතලා කරන්න ගෙහුන් තියෙන්නේ..? එහෙම නැත්තං මගෙන් අහලා වැඩක් තියේද කවුරුවත් කරන්න ගිය වැඩකට හේතුව..? ඒක කියා දෙන්න වචන වැඩිය නාස්ති නොකර දෙයක් කිව්වම ඔන්න අල්ල ගත්ත තැන...

      මාරු කාසි තියෙයියෑ ආයිබෝං ඔහොම උනාම..:D:D:D

      Delete
    7. ---කියන දේ තේරුං ගන්න බැර උනාම අනිත් අය යන්නේ කොහෙද මංල්ලේ පොල් වගේ තමා තේරෙන්නේ... ----

      එක තමයි ගොන් මාරයො කිව්වෙ.
      උඹ තුමා ගියාය කියල කිව්වද දැන් කවුරු හරි.
      උඹ තුමාගේ අදහසත් මේ පෝස්ට් එකේ අදහසම නම්, ඒ අර එඩෙල් එක කුඩු කරන්න ගිහිපු මෝඩ රැල කරන්න හදපු දේ ගැනැත් උඹ තුමාගේ අදහස් අහල තියෙන්නේ?

      @මාලන්
      සොරි වෙන්න ඕන මාලන් ලොක්ක, මම ලොක්කගේ ප්‍රස්නයක් ඇද ඇද මේ තුමාගේන අහන්න ගත්ත එකට.

      Delete
    8. අනේ අති උතුං Racki නැමැති පිනුවතාණෙනි.. මේ පෝස්ට් එකේ ඔඩෙල් කතාවක් ගැන තිබුනනං මට ඒ ගැන සලකා බලන්න තිබුනා.. ඒත් එහෙම කොහේවත් නැහැ නේද..?

      පෝස්ට් එක මං ලිව්වා උනත් එහෙමනං ඉතිං කොහොමද අති උතුං තුමෝ ඒක මට අදාල ප්‍රශ්නයක් වෙන්නේ..? මේක ලියපු කෙනා මොකා උනත් ඒක පටලෝලා අරං නැත්තේ ඒක ඇදලා ගත්තොත් ඔය කතාව දියාරු වෙනවා කියලා දන්න හින්දා නෙව... එහෙවු එකේ ආයේ නොලියපු කේස් එකක් ගැනනේ ඔය අහන්නේ...

      -මීට ගොන් මාරයා...

      Delete
    9. [බිත්තියේ ඔළුව ගසා ගනිමින්] හනේ මරයා අයියේ සමාවෙයන්.

      මගේ වැරද්ද [double face palm]

      Delete
    10. ඈ බං මාරයියේ...උඹත් මාර කථාම තමා කියන්නේ. තමන් හෙළුවෙන් ඉන්න ජනසේනා අනිත් එවුන් තමන්ට් හූ කියන කොට තමනුත් හූ කියා ගනියිද? ඔඩෙල් කථාව කිව්වොත් ඌමනෙ චාටර්. ඔඩෙල් කියන්නේ මේ පෝස්ට් එකේ තියන වචනයක් නොවන බව හැබෑව. ඒත් මේ පෝස්ට් එකේ අදහසට අදාලයිනේ.

      Delete
  2. කුවුර කරත් වැරැද්ද වැරැද්දමය. මහින්ද රාජපක්ෂ මෙන්ම ඊ-නිවුස් කාරයාද කර ඇත්තේ එකම දේ/ හැබැයි නුඹට පේන්නෙ නම් ඊ-නිවුස් කරපු දේ විතරයි. ඉ-නිවුස්ට පෙන්නේ මහින්ද කරපු දේ විතරයි. අන්තිමට ගත්තහම නුඹ සහ ඊ-නිවුස් එකම කාසියේ දෙපැත්තයි

    ReplyDelete
    Replies
    1. එහෙනං කියන්ඩකො මහත්තයො ඔය සාටකේ උත්සවශ්‍රීයෙන් දාන්ඩ එද්දි මහින්ද මොකද කරන්ඩ ඕනෙ කියලා?

      Delete
    2. 1 ඒ අවස්ථාව පළුදු නොකර ඒකට ඉඩදීලා සුළු වෙලාවකින් ගලවන එකද?
      2 අර ලියල තියෙන බ්‍රහ්ම ටෝක දෙන එකද?

      Delete
    3. ඇනෝනිමස් හෙවත් ජනසේනා නෝනා/මහත්තයෝ,

      තමන්ගේ අඩවියෙ වෙලත් නොනමින් ලියන්නෙ මක්කැයි. කාරි නෑ කාරී නෑ. මම අර ශ්‍රි ලංකා දෙශපාලන එෆ් බී පිටුව බලලයි මේක ආවේ.

      //එහෙනං කියන්ඩකො මහත්තයො ඔය සාටකේ උත්සවශ්‍රීයෙන් දාන්ඩ එද්දි මහින්ද මොකද කරන්ඩ ඕනෙ කියලා?//

      ඒක ඉති මහින්ද ලොක්කගෙ වැඩක්.ඒක අහන්න ඕන එයැයිගෙන්ම තමා.
      හැබැයි ඉතිං ඔය වැඩේ රනිල් ලොක්ක හරි ෆොන්සේකා ලොක්ක හරි වෙන මොකෙක් හරි සොක්කෙක් හරි කලත් වැරදි නම් වැරදි හරි නම් හරි. එච්චරයි තමයි

      Delete
    4. දෙයක් කියවා තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති සේ පෙනෙන ජනසේනා නෝනා/මහත්තයාට බලාගන්න මගේ මුල් කමෙන්ට් එක ආයෙත් දැම්ම ඔන්න,

      කවුරු කරත් වැරැද්ද වැරැද්දමය. මහින්ද රාජපක්ෂ මෙන්ම ඊ-නිවුස් කාරයාද කර ඇත්තේ එකම දේ/ හැබැයි නුඹට පේන්නෙ නම් ඊ-නිවුස් කරපු දේ විතරයි. ඉ-නිවුස්ට පෙන්නේ මහින්ද කරපු දේ විතරයි. අන්තිමට ගත්තහම නුඹ සහ ඊ-නිවුස් එකම කාසියේ දෙපැත්තයි

      Delete
    5. Ravindu මැතිතුමාට ආදරෙන් මතක්කරන වගනම්,
      ඔය උඩ ඇනෝ රිප්ලයි දෙක අපේ නං අපි ඒක පස්සෙ හරි පෝස්ට් එකට එකතුකරනවා. අපි මහා දිගට ලියාපු මුලු පෝස්ට් එකේම සාරය ඒ පොඩි කමෙන්ට් දෙකේ තියෙනවා. ඒක හින්දයි ඔය කමෙන්ට් දෙක එෆ්.බී එකේ දැම්මේ. ඔය කමෙන්ට් වැටිල තියෙන වෙලාවයි එෆ්.බී එකේ දාපු වෙලාවයි බලල ඉන්නකො.

      Delete
  3. කවුද බං ඔය ඊ (eelam) නිව්ස් ගණං ගන්නෙ....

    ReplyDelete
  4. දැන් දැන් ජනසේනාහි වැඩිපුර කමෙන්ට් කරන්නේ අහවල් එක පණ නැති ඇනෝලාමය. :-(

    මොනවා උනත් මේ ලිපිය නම් අප හිතවත් මාරයාගෙනි. ඒ ගැන නෝ කථාය. ඒ නිසා කථාවක් ලෙස යම් වින්දනයක් නම් ඇත. ප්‍රස්තුථයනම් ඉල්ලාගෙන කෑමකි.

    මේ ලිපියත් බලා කියා ගන්න. මේ වෙනකම් දාපු කමෙන්ට් කියවන්න. කමෙන්ට්කරුවන් බොහොමයක් දන්න කියන ඇත්තොමය.

    කියන්න ඇත්තේ මේ ටිකය - දේවාලේ කපුවා දේවාලේ ඇතුලේ රිව්වත් කමක් නැත. ඒත් ඇයි මී බෙටි ගදයි කියල උද්ඝෝෂණ කරන ගෙම්බෝ කපුවගේ බෙටි රහ කරන්නේ?

    විශේෂ - මේ කමෙන්ටුවට රිප්ලයි කරන ඇනෝ ලා යනු ජනසේනාම හෝ වෙනත් අහවල් එක පණ නැති අය බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. ලොකු වැරදීමක් මචං... මට මෙහෙම ලියන්න වෙන බ්ලොග් ඕන නැහැ..දෙයියනේ කියලා මට ලියන්න තාම බ්ලොග් එකක් තියෙනවා... එකේ මං මට හොඳයි කියලා හිතෙන ඕන කෙංඩෙියක් ලියනවා.. ආයේ ඉතිං හැංගි හැංගි ලියන්න උවමනාවක් නැහැ.. මේ ලිපිය ගැන උනත් මං බොහෝම කැමතියි.. මේක මං ලිව්වනං මගේ එකේම දානවා... ආයේ මොටද මෙතන දදා ඉන්නේ.. හැබැයි මේක මගේ ගිණුමට දැමීමෙන් මේක ලිව්ව කෙනාට අගතියක් සිද්ධ වෙනවා.. ඒකයි මෙහෙමවත් නැහැ කියලා කියන්නේ... මෙකේ ගෞරවේ ලියපු කෙනාට හිමි විය යුතුයි... අහක ඉන්න මට ඒ ලකුණු ඕන නැහැ...

      Delete
    2. අපෝ ලකුණු නම් කොහොමත් නෑ මාරයියේ, ගද මිසක්.

      කොහොම වුනත් මේක මාරයියගේ කියල මම කිව්වේ මාරයියගේ අදහස්ම තියන නිසාම නෙමේ. ලියපු භාෂා පැටර්න් එකත් මාරයියගෙ වගේම හිංදා. ඔන්නේ වැරදීමක් නම් සොරි හොදේ.

      Delete
    3. "දැන් දැන් ජනසේනාහි වැඩිපුර කමෙන්ට් කරන්නේ අහවල් එක පණ නැති ඇනෝලාමය. :-("

      උඹත් ඇනො කෙනෙක් තමයි ගොනො! තෝ මොන ගං කබරයෙක්ද කියල අපි දන්නවද?

      Delete
  5. (උපුටා ගැනීමකි)

    බෞද්ධයින්ගේ චාරිත සහ වාරිත්‍ර ඔවුන්ගේ සංස්කෘතියට සාපේක්ෂ බව වටහාගත යුතුයි. එනම් වෙනත් මැවුම්වාදී ආගම් මෙන් බුද්ධාගම යනු ඊනියා විශ්වීය සංස්කෘතියක් ඇති එකක් නොව බුදු දහම වැළඳගත් එක් එක් ජාතීන් අනුව එහි සංස්කෘතිය තුළින් බිහි වන බෞද්ධ චාරිත්‍ර සහ වාරිත්‍ර වෙනස් වෙයි.

    මෙයට හොඳම උදාහරණය වන්නේ තායි බෞද්ධ භික්ෂූන් වහන්සේලා තම ශරීරයේ පච්චා කෙටීමයි. එය තායි බෞද්ධයින්ට චාරිත්‍රයකි. නමුත් සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පච්චා කෙටීම යනු වාරිත්‍රයකි. (වළකින දෙයකි).

    සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව බෞද්ධ කොඩියෙන් සාටක හැදීම වාරිත්‍රයක් හෙවත් වළකින දෙයක්. නමුත් ඉන්දීය බෞද්ධ සංස්කෘතිය අනුව රාජතාන්ත්‍රික බෞද්ධයෙකුට විශාල බුහුමනක් දැක්වීමට බෞද්ධ කොඩිය සාටකයක් සේ පැළැඳවීම චාරිත්‍රයක්.

    මේ චාරිත්‍ර සහ වාරිත බෙදීමට නිශ්චිත මිණුම් දණ්ඩක් නෑ. ඒක සමාජය විසින් තීරණය කරන දෙයක්. කාලාන්තරයක් තිස්සේ ජන සමාජයේ අඛණ්ඩ පැවැත්මට මේ චාරිත්‍ර වාරිත්‍ර ඉවහල් වෙන බැවින් ඒවා හැකි විටම ආරක්ෂා කිරීම අදාල සංස්කෘතියේ චිරස්ථිතියට හේතු වෙයි.

    සිංහල බෞද්ධයෙක් ඉන්දියාවට ගිය විට ඉන්දියානු බෞද්ධයින්ගේ චාරිත්‍ර ඉවසිය යුතුයි. එමගින් බුදු දහමේ මූලික හරයන්ට හානියක් සිදු නොවේනම් එයට විරුද්ධ වීම මෝඩ වැඩක්. නමුත් අප රටේ සිටියදී තවත් පිරිසක් අපගේ සංස්කෘතිය තුළ තිබෙන හර පද්ධතීන් කිසිවෙක් උල්ලංඝනය කරයිනම් එයට විරුද්ධව හඬ නැගීමට සිංහල බෞද්ධයින්ට අයිතිය තිබෙයි.

    ඕඩෙල් ටී ශර්ට් එකට දළදා මාළිගාවේ රූපය දැමීම ගැන සමහරු කියනවනෙ. ඒකට අපි විරුද්ධ වූයේ ඔවුන් ලාභ ඉපයීමේ කටයුතු සඳහා බෞද්ධ සංකේත යොදා ගැනීමයි. අඩුම තරමින් දළදා මාළිගාවේ ලේඛකාධිකාරි තුමාගේ අවසරය රහිතව දළදා මාළිගාවට අයත් කිසිදු භෞතික හෝ බුද්ධිමය දේපළක් වෙළඳ ව්‍යාපාර හරහා ලාභ ඉපයීමට යොදා ගනීනම් ඊට විරුද්ධව කටයුතු කිරීමට දළදා මාළිගාවට අයිතිය තිබෙයි. දළදා මාළිගාව නැමති ආයතනයට සම්බන්ධ උදවිය වන සිංහල බෞද්ධයින්ටත් එයට විරුද්ධව හඬ නැගීමට අයිතියක් තිබෙයි.

    මේ ටික ලිව්වේ, උපන් ගෙයි පරාජිතයින් වන අවජාතිකයින්ට කරුණු පැහැදිළි කිරීමට නොව, මේ සිද්ධිය ගැන විමසන සිංහල බෞද්ධයින්ගේ අවධානය පිණිසයි...

    ReplyDelete
    Replies
    1. ශාදු කියන්න පින්වතුනි..!

      මහින්ද මාමි හරි කඩවසම් නාමල් අයියා හරි එයාගේ හිතවත් අයියලා මලිලා හරි මලකයයියා හරි ඒයගේ හිතවත් අයියලා මලිලා සහ එයගේ රසියන් බඩු හරි ඇරෙන්න ඉතිරි එකෙක් මේ කොඩි හරි, ජාතික සංකේත හරි පාවිච්චි කරලා තිබ්බොත් කපනවා හරිය.

      ආ ආයෙත් ශාදු කියන්න පින්වතුනි..!

      Delete
    2. නිකම් පච කෙලින්න එපා. බෞද්ධ කොඩියේ පාටින් සාටක පළඳන සිරිතක් ඉන්දියාවේ නැහැ.නමුත් ටිබෙට් බෞද්ධ සිරිතක් තියෙනවා සුදු සේද සළුවක් ගෙල පැළඳ විශේෂ අමුත්තන් පිළිගැනීමේ.මෙතනදී ජනාධිපති තුමාගේ වරදකට වඩා ඇත්තේ උත්සව සංවිදායකයන්ගේ සහ ජනාධිපති කාර්ය මණ්ඩලයේ වරදක්.මේ දෙපිරිසට මෙය වලක්වා ගැනීමට ඉඩ තිබුණි.

      Delete
  6. //ඕඩෙල් ටී ශර්ට් එකට දළදා මාළිගාවේ රූපය දැමීම ගැන සමහරු කියනවනෙ. ඒකට අපි විරුද්ධ වූයේ ඔවුන් ලාභ ඉපයීමේ කටයුතු සඳහා බෞද්ධ සංකේත යොදා ගැනීමයි//
    ආ..එතකොට මේ මහින්ද මහත්තය බෞද්ධ සංකේත කරවටේ දාන්නේ හුදී ජන සුව සෙත සඳහා නොවැ ආයිබොවං මේ සත්‍යය තෙරෙන්නෙ සුජාතකයින්ට විතරයි නොවැ.මේව දැක්කම අති සුජාතක ගැමියන්ගෙ චන්ද ලාභය වැඩිවීම දේශප්‍රේමී ව්‍යාපාරයක්ම වේයැ..චන්ද ව්‍යාපාරය ඔඩෙල් ව්ය්‍යාපාරය වගේ අවජාතක නෑ නොවැ ඕං කිව්වා

    ReplyDelete
    Replies
    1. බූරු පුතේ, තොපිට නොතේරුනාට එම සාටකය මහින්ද එයාටම පළන්දගත්ත එකක් නෙමෙයි, එතන හිටපු ඉන්දියානුවනුයි ඒක පැළැන්දුවේ. පළන්දනකම් මහින්ද දන්නේ නෑ ඒක තමන්ට පළන්දන්න යන්ව කියල. ඉතින් බූරු පුතේ බූරුවෙක් වුණ පළියට කෑ ගහන්න එපා. සද්ද නැතිව හිටපන්. හී හූ නාදයෙන් උඹ බූරුවෙක් කියල තේරෙනව.

      Delete
    2. ඤාණවන්ත නුවණැති ප්‍රඥාවත් ඇනෝ කවුද මෙතන මහින්දට බැන්නෙ ඔයා ඔය තරම් අප්සැට් යන්න මහින්ද මොනව පලන්ද ගත්තත් මට නම් කමක් නෑ මං කිව්වෙ ප්‍රඥාවත් නුඹලා ගැනයි. මහින්ද උඹල වගේ ගම් බයියො චූන් කරන්න කියන ඒව ඇත්තට අරං උඹලා තමයි චූන් වෙන්නේ. //ඉතින් බූරු පුතේ බූරුවෙක් වුණ පළියට කෑ ගහන්න එපා. සද්ද නැතිව හිටපන්. හී හූ නාදයෙන් උඹ බූරුවෙක් කියල තේරෙනව.// ඔහේ ආපු ගම් පලාතේ මං වගේ අයට කියන්නේ බූරුවො කියලද? කොළඹ වැදගත් පවුල් වල මිනිස්සු නම් මං වගේ අයට එහෙම කියන්නේ නෑ. අර ඔයාලගේ සයිකෝසික නාථ දෙවි අචාරිතුමා එයත් එහෙමයි. තර්කවලින් දිනන්න බැරි උන ගමන් ගොනා බල්ල්ලා බූරුවා කියන්න ගන්නව ඇනෝ ගෝලයෙක්ද?

      Delete
    3. kevin පුක නොදී අහන දේට උත්තර දීපන්

      Delete