Thursday, September 13, 2012

අපේ ගොනා... අපිට එපා...!


“ගම්මට්ටමේ... බිම්මට්ටමේ ....පොලෝමට්ටමේ .... තැලෙන පෑගෙන මිරිකෙන දුප්පත් අසරණ අහිංසක මිනිස්සුන්ට.... දිරියක් විරියක් සවියක් බලයක් ශක්තියක් වෙමින්..... අපේ එක්සත් ජාතික පක්ෂය හැමදාම ඔවුන් සමගයි කියන එක මං මේ අවස්ථාවේදී මතක්කරන්න කැමතියි සහෝදර සහෝදරියනි....... එදා මගේ පියතුමා.... ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා............”

ඒ හඬ ඇහෙන්නේ ප්‍රේමදාස ලී මෝලෙන්. ලී මෝලට මයික් එක අල්ලන්නෙ (ඔලුවට කෙලින) මහාරාජා. ඔය ගොරතර නාදයෙන් සවන්පත් පිනායන්නෙ සල්ලි හදිස්සිකාර යූ.ඇන්.පී සුපින්වතුන්ගෙ.

“බලන්න මිත්‍රවරුනි, අද ලයිට් නෑ.... දවසකට පැය තුන හතරක්... ලයිට්එක.. කරන්ට්එක.. විදුලිය... විද්‍යුතය කපනවා.... මොකද ඒ...? ගමේ ගොඩේ වෙලේ නියරේ කම්හලේ පැක්ටරියේ කර්මාන්තශාලාවේ.... වැඩකරන.. සේවය කරන.. රැකියාව කරන... තැලෙන පෑගෙන මිරිකෙන දුප්පත් අසරණ අහිංසක ජනතාවට.... විදුලිය දෙන්ඩ මේ රජයට වැඩපිලිවෙලක්.. ක්‍රමවේදයක්.. වැඩසටහනක්.. සැලසුමක්..... නෑ......!  ඔබ තමුන්නාන්සෙලට මතක ඇති එදා මගේ පියතුමා... ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා......”

මේ යූ.ඇන්.පී. සුපින්වතුන්ට තියෙන්නෙ බොහොම සිම්පල් ප්ලෑන්එකක්. මොනවා කරල හරි රාජපක්ෂව එලවලා  නාඩි වැටෙන මොකෙක් හරි එකෙක් ඔතන වාඩි කරවන එක. (අර විකල්පයක් ඇතත් නැතත් දැන් ඇති කියන මහත්තුරුන්ටත් මේ සුපින්වතුන් හරි ආදරෙයි. විකල්ප නොසිතමු. සජිත් දිනවමු.)

මේ ගොල්ලො රනිල්ට කැමති නැත්තෙ එයාට කොන්දක් නැති හින්දලු. ඒක නිසාලු දශක දෙකක්  තිස්සෙ පරදින්නෙ. එයාට තාලෙට අත්පුඩි ගහන්ඩත් බැරිලු. සින්දු කියන්ඩත් බැරිලු. බලහල්ලකො. නායකයෙක් වෙන්ඩ එක සුදුසුකමක්වත් නෑනෙ. 
ඉතිං ගස් නැති රටේ තුත්තිරි ගස් වලටත් පර්මිට් ඕනෙ කියන්නැහේ කිලී මහාරාජගෙ ටොපි ලොසින්ජර් වලට ගිය කල.......!

“බලන්ඩ හිතවතුනි ... මගේ පියා.. එදා... ශ්‍රීමත් රණසිංහ ප්‍රෙමදාස මැතිතුමා.. එදා ජනසවිය වැඩසටහන යටතේ සල්ලි නැති.. මුදල් නැති..නැතිබැරි දුප්පත් අසරණ අහිංසක ජනතාවට.. ශක්තියක්.. සවියක්..පිටුවහලක්.. පිටුබලයක්.. උදව්වක් සෙතක් සහනයක් යහපතක් ශාන්තියක්..... සලසමින්... ආරම්භ කරපු ඒ දැවැන්ත ජනතා හිතවාදී වැඩපිළිවෙල ඉදිරියටම ගෙනයමින්... එළඹෙන පළාත්සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවා.... ප්‍රේමදාස චින්තනය නැවත වරක් ... මේ රටේ..... පැහ්.....” (උගුර ගියා)

මැරිච්චි මිනිස්සු චන්දෙ ඉල්ලන එකම රට ලංකාවද මන්ද ඕයි.

26 comments:

  1. හූ... ජනසේනා ලියන්නෙ රංග ජයවර්දන... අර චන්දෙ කාලෙට රනිල්ගෙ පොටෝ දාගෙන විකාර කරන දෙසප්‍රේමියා. හූ...

    ReplyDelete
    Replies
    1. නෑ බං ඌට මෙච්චර හරියක් කරන්න බෑ. රංග ජයවර්ධන කියන්නෙ නිර්මාණශීලි හැකියාවක් තියෙන එකෙක් නෙවේ. තප්පුලන්ඩ විතරයි පුළුවන්.

      Delete
    2. දන්න තරම තමයි

      Delete
    3. රංගට පුළුවන්ද ඩෝ මෙච්චර ගේමක් දෙන්න. උඹල රංගව ජනප්‍රිය කරනව. අනේ හු** පොන්න යූඇන්පීල.

      Delete
    4. කවුද බන් මේ රංග ජයවර්ධන කියන්නෙ? කවුද? උගෙ බ්ලොග් එක මොකක්ද? ඇයි මේ හැමෝම ඌට මෙච්චර පබ්ලිසිටියක් දෙන්නෙ?

      Delete
    5. රංග කියන්නෙ මෙකෙ ඇඩ්මින් ගොනෝ

      Delete

    6. රංග ජයවර්ධන කියන්නෙ මෙන්න මේකෙ කමෙන්ට් දාල තියෙන එකාට

      http://www.gossip9.com/2012/09/blog-post_1288.html
      මේ තියෙන්නෙ උගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක
      http://www.facebook.com/RangaJayawardene

      Delete
    7. About Ranga
      සිංහල බෞද්ධයා වෙබ් අඩවියත් ෆේස්බුක් වෙබ් අඩවියත් හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක මම කොමෙන්ටු දමන්නේ නැත.
      http://www.facebook.com/RangaJayawardene/info

      උගෙ ප්‍රොෆයිල් එකේ මෙහෙම ගහල තියෙනව. ඒ කියන්නෙ ගොසිප් එකේ කොමෙන්ට් කරන්නෙ ඌ නෙමෙයි. මට වැරදිලද නැත්නම් තොට වැරදිලද?

      Delete
    8. ඌට ප්‍රොෆයිල් හැටහුට හමාරක් තියෙනවා.

      Delete
    9. මට හිතෙන විදිහට අපේ කාලයේ නිර්මාණශීලීත්වය අතින් ඉහිලින්ම ඉන්න දෙන්නෙක් තමයි දමිත් කේතක සහ රියර් ගේට් ලියන චාමි සෑම්. මේ අය ඇඩ්වටයිසින් වලට ගියානම් දිලීප අබේසේකරලට යන එන මං හොයා ගන්න වෙනවා.

      Delete
    10. ඇයි සුජීව කොකාවිල, මනෝරම වීරසිංහ, මංජුල සමරසේකර,

      Delete
    11. අඩෝ රංගය දෙන ගේම් එක්ක ඔය එකෙකුටවත් හැරෙන්ඩවත් බෑ දැනගනිල්ලා :p

      Delete
    12. රංග කියන්නේ පුම්බපු චරිතයක් තියන හුළං ගෙම්බෙක් විතරයි. උගෙන් හමන ගද විමලසිරි ගම්ලත්ගෙන් එන බලු ගදයි කැළණියේ කුඩ්ඩගෙ පඩ ගදයි මිශ්‍ර වෙච්ච අජූත අප්පිරිය ගදක්.

      ඇයි බන් තවත් මේ හුළං ගෙම්බංව අපි පුම්බන්නේ. නිකං අපිවත් ගද ගස්ස ගන්නද?

      සැ. යු. - රංග ගේ ඇත්ත තත්වය දැන් ගැනීමට මේ ලියන මං ඇනෝ මෙන්ම ඔහුව ළගින්ම සයිබර් ආශ්‍රය කරන්න. බුකිය හොද තෝ තැන්නකි. එහෙත් කෙදිනකවත් ඔහුට ඔබ ගැන සැක සිතීමට ඉඩ නොහරින්න. මන්ද මූට ඇත්තේ බලු ඉවකි.

      Delete
    13. රංග ජයවර්ධන කියා කෙනෙක් සිටින්නේ සයිබර් ලොවේ පමණි. රංගව මෙහෙයවනු ලබන පුද්ගලයා අප කිසි කෙනෙක් නොසිතන කෙනෙක් විය හැකිය.

      Delete
  2. සජිත් එනවට තොපි බයයි

    ReplyDelete
  3. නිදන්හොරාSeptember 13, 2012 at 11:47 PM

    එළඹෙන පළාත්සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවා.... ප්‍රේමදාස චින්තනය නැවත වරක් ... මේ රටේ..... ඇති කරවා.... රටට වින කරන ජේවීපී හැත්ත තවත් 60000 ක්ම... ටයර් සෑයවල් වල යවල.... බල්ලො වගේ මරල දාන්නෙ මගේ හිතවතුනි.... පාහර ජේවීපී කලවැද්දො ටික.... මරලම දාමු හිතවතුනි.... ආයිත් ඔබගේ ගෙවල් වලට සමෘද්ධි කාඩ් උස්සන්න රෑ බලල්ලු ඒවි.... ඒවට බයවෙන්න ඕනැ නෑ... උන් ඔක්කොම එකා එකා අරගෙන.... කැළණි ගඟේ පාකරල දානව හිතවතුනි.... දෙන්න හයියෙන් අත්පොළසන් නාදයක්.... හුරේ හුරේ හුරේ හුහූහූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ

    ReplyDelete
  4. සජිත් හොඳයි යකෝ පොන්න රනිලට වඩා. ගමවල මිනිස්සුන්ගෙ ප්‍රේමදාස මහත්්තයට තවමත් ඇල්මක් තියෙනවා. රනිල් ගොනා හදනනෙ සදහටම විපක්ෂෙ ඉන්න. පිං බූරුවා.

    ReplyDelete
  5. //මැරිච්චි මිනිස්සු චන්දෙ ඉල්ලන එකම රට ලංකාවද මන්ද ඕයි.//
    TRUE....!!!

    ReplyDelete
  6. UNP කාරයංගෙ ලපටි හීන වලට උදැල්ල දාන්ඩ එපා යකෝ. උං කොච්චර ආසාවෙංද ඉන්නෙ ශ්‍රීමත් කෙනෙක් යටතේ ආපහු ඉන්ඩ.

    ReplyDelete
  7. අනේ මන්දා මෙවුවනං..
    මේකව බ්ම්මට්ටං කරලා සමතලා කරානං හරි....

    ReplyDelete
  8. ප්‍රේමදාස චින්තනය නැවත වරක් ... මේ රටේ..... ඇති කරවා.... රටට වින කරන ජේවීපී හැත්ත තවත් 60000 ක්ම... ටයර් සෑයවල් වල යවල.... බල්ලො වගේ මරල දාන්නෙ මගේ හිතවතුනි.... පාහර ජේවීපී කලවැද්දො ටික.... මරලම දාමු හිතවතුනි.... ආයිත් ඔබගේ ගෙවල් වලට සමෘද්ධි කාඩ් උස්සන්න රෑ බලල්ලු ඒවි.... ඒවට බයවෙන්න ඕනැ නෑ... උන් ඔක්කොම එකා එකා අරගෙන.... කැළණි ගඟේ පාකරල දානව හිතවතුනි.... දෙන්න හයියෙන් අත්පොළසන් නාදයක්.... හුරේ හුරේ හුරේ හුහූහූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ

    ReplyDelete
  9. අන්න අරූ (වර්ගපූර්නිකාව) බුදුහාමුදුරුවොන්ට අපහාස කරනවා. ඒ විකුර්තියට විරුද්දව පොස්ට් 1 දන්නා බැරිද

    ReplyDelete
    Replies
    1. මචෝ ඌ ඒක පෙන්නුවේ නැත්නම් අපි දන්නෙ නෑනෙ අර හාමුදුරුවො එහෙම දෙයක් කියල තියෙනව කියල. බුදු හාමුදුරුවන්ට අපහාස කරල තියෙන්නෙ ඌ නෙමෙයි. අර හාමුදුරුවො

      Delete
    2. මුළු රටම දන්නා දේ උඹල දන්නේ නැහැ කිව්වොත් තමයි පුදුමේ. ඔය හාමුදුරුවෝ කරන වංචාව නෙත් එෆ් . එම් "බැලුම්ගලින්" හෙළිදරව් කරා ( http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQ ) මෙන්න ලින්ක් 1 බලන්න.

      Delete
    3. නමුත් ඔබ නොදන්නා කාරණාව වන්නේ එම හාමුදුරුවන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින කොටසක් තම මතය දිගින් දිගටම ෆේස්බුක් එකේ ප්‍රචාරය කරන බවයි. එම ගෲප් වල ලින්ක් මම දාන්න කැමති නැහැ, ඒව හිට් කරන්න ඕනැ නැති නිසා. ඉතින් වර්ගපූර්ණිකා කාරයා ඔය පවි‍ටු මතවාදය චාටර් කරල දාන එක බුදු සසුනට කරන ලොකු සේවයක්. ගොඩක් උදවිය දන්නව වර්ගපූර්ණිකා කාරයා කරන්නේ අර හාමුදුරුවන්ගේ මතවාදය චාටර් කරන එක කියල.

      Delete
    4. එක අතකට එකත් හරි. කොහොමත් වර්ගපූර්නිකාවට හොඳම joke බ්ලොග් 1 ට හිමි සම්මානය දෙන්න වටිනවා

      Delete