Tuesday, September 11, 2012

දේශපාලන ආබාධිතයන්ගේ සාමාන්‍ය දැනීම


ඉහත දැන්වීම අප බ්ලොගයේ ප්‍රදර්ශනය කරන්නට ගත්තේ මෙම බ්ලොගය ආරම්භක අවධියේදීමයි. ඒ එක්කම මේක ෆේස්බුකියේද ප්‍රදර්ශනය කලා.

මේකෙ ඇති විශේෂත්වය මේකයි.මෙම බැනරය ෆේස්බුකියේ මෙතෙක් කිසිවෙකු විසින් ලයික් කර හෝ ෂෙයාර් කර නැත.

ඒකෙන් කියවෙන්නෙ මොකද්ද? මේක දැකපු (දහදෙනෙක් හරි කමක් නෑ) කාටවත් මේක එච්චර වැදගත් පණිවිඩයක් හැටියට නොපෙනීම. ඇත්තටම මේක වැදගත් නැද්ද?
(අර රස සරණියෙ මහත්තුරු නෝනල වගේකුත් මේක බලලා කියල තිබුනා අපි ගෙවල් හදන එව්ව මෙව්ව කතාකරල තියෙන නිසා පංචායුදගෙ සෙට් එකක් වෙන්නැති කියලා. උන්ට මේ බැනර් එකේ අදාලත්වය එච්චරමයි. අඩුමගානෙ අසරණ මිනිහෙකුට උදව්වක් කරන්න පුළුවන් ඔත්තුවක්වත් නෙමෙයි. අපි නම් පුදුම වෙන්නෙ නෑ.)

ආබාධිතයින් මෑතක් වෙනතුරුම සමාජයෙන් පිටුවහල් කළ පිරිසක්. සමාජයට කරදර කල පිරිසක්. ඔවුන්ගෙන් සමාජයට තිබුන එකම ප්‍රයෝජනේ නිරෝගී නෝනල මහත්තුරුන්ට හොඳට හිනාවෙන්න නිමිති සපයපු එක.

ඕං දැං හැමෝම මෙතන බයිල ගහයි අපි එහෙම හිනාවෙලා නැතය, පව්ය අරක මේක. එහෙම කීප දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි අර කාලකන්ණි මෙගා ටෙලිනාට්‍යවල ජෝක් සපයන්න ඉන්න කොර ගහන, නැත්තං මන්ද මානසික චරිතෙට බඩ අල්ලං හිනා වෙච්චි උං විතරක් සුදන වෙන්ඩ එන්ඩ එපා. ඒකත් ආබාධිත බවට හිනාවීමක්.

මේ පිටුවහල් මිනිස්සු දිහා පලවෙනි වතාවට ටිකක් පිලිවෙලකට බැල්මක් හෙළුවෙ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය වග ඇයට ගෞරවයක් වශයෙන් කියන්න ඕනෙ. සුනෙර පදනම හරහා මේ මිනිස්සුන්ටත් හැකියාවන් ඇති බව ලංකාවට පෙන්නුවේ ඇය. ඊට පස්සෙ තමයි වගකිවයුතු අංශ ඔවුන් දිහා බලන්න ගත්තෙ. විශේෂයෙන් කියන්න ඕනෙ. අපි දන්න ඉතිහාසයේ ආබාධිතයන් වෙනුවෙන් වැඩිම අවධානයක් දක්වන්නෙ මේ ආණ්ඩුව. (මේක කි‍යෝල නලියන්ඩ ගත්තු කවුරුහරි ඉන්නවනං දැන්ම මේක වහල දාල යන්ඩ. එහෙම උන්ට නෙමේ මේව ලියන්නෙ)

දැන් ආපහු අර බැනර් එකට. ඒකෙ සඳහන් වෙන්නෙ තාවකාලික නිවාසවල ජීවත්වන, ආබාධිතයෙක් සිටින සියළු පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක බව. ‍අවම කොන්දේසිය පවුලේ අයෙකුට කුමන හෝ හිමිකමක් ඇති බිම්කඩක් තිබීම පමණයි. මේ සඳහා එක් නිවසක් හදන්න උපරිමය රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා මුදලක් (නැවත නොගෙවන) ආධාරයක් විදිහට ලබාදෙනවා. ඒ වගේම අපි දන්න විදිහට මේ සඳහා වන අරමුදලේ අවශ්‍ය තරම් මුදලුත්  තිබෙනවා. ප්‍රශ්නේ ආධාර ඉල්ලන්න මිනිස්සු නැතිකම.

ඒ වගේම මොකක්හරි ස්වයං රැකියාවක් කරන්න පුළුවන් අඩු ආදායම්ලාභී ආබාධිත අයෙකුට රුපියල් 25000/= ක ආධාරයක් දෙනවා. එවන් ආබාධිත අයෙකුගේ නිවසකට ජලය, විදුලිය ලබාගන්න හෝ වැසිකිළියක් හදාගන්න රු. 15000/= උපරිමයක් දක්වා ආධාර මුදලක් ලබා දෙනවා. ඒ වගේම ආබාධිතයා පවුලේ ගෘහමූලිකයා වන්නේ නම් මසකට රුපියල් 3000/= ක දීමනාවක් ලබාදීමේ වැඩසටහනකුත් මෑතකදී ආරම්භ කලා. (අපි දන්න විදිහට එය පළමු වටයෙන් පසු දැනට කෙටි කලකට නවතා තිබෙනවා. නමුත් තවමත් ඉල්ලුම්පත් යොමුකල හැකියි.)

ඒ වගේම ඕනෑම අඩු ආදායම්ලාභී ආබාධිතයෙකුට අවශ්‍ය රෝද පුටු, කිහිළිකරු, ඇස් කණ්නාඩි, අක්ෂි කාච, ශ්‍රවණ උපකරණ වැනි දේවල් බොහොම කෙටි කාලයක් තුල පහසුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි.

මේ පහසුකම් ලබාගන්න කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයක්. තමුන්ට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ සමාජසේවා නිලධාරියා හමුවෙන එක. එහෙම යන්ඩ අමාරුනම් පලාතෙ ග්‍රාම නිලධාරියාට කිව්වත් අවශ්‍ය සම්බන්ධීකරණය කරල දෙනවා. මතක තියාගන්න. මේ ආධාර ලබාගන්න දේශපාලන නියෝජිතයන්ගෙ ලියුම්/නිර්දේශ අවශ්‍ය නැහැ. එහෙම ලියුම් ගේන්න කියල කිසිම නිලධාරියෙක් කියන්නෙත් නෑ. දේශපාලන පක්ෂ පාට / ජාතිය / ආගම / කුලය කිසිසේත්ම අදාල නැහැ.

ප්‍රස්නේ තමයි මේ දැනුත් පුංචි ලෑලි ගෙවල්වල, පොල්අතු මඩුවල එක්තැන්වෙලා ඉන්න ආබාධිතයො ලංකාවෙ ඕනෙතරම් ඉන්නවා. රෝද පුටුවක් නැති නිසා පොලොවෙ රූටලා යන මිනිස්සු ඕනෙතරම් ඉන්නවා. ඇහැට කාචයක් ගන්න සල්ලි නැතුව දුක් විඳින මිනිස්සු ඉන්නවා. ගෙට ලයිට් නැතුව ලාම්පු එලියේ දුක් විඳින ආබාධිතයො ඉන්නවා.

ආන්ඩුවෙන් මෙහෙම දේවල් නොමිලෙම දෙන බව ඒ හුඟක් මිනිස්සු දන්නෙ නෑ. ආන්න හරි. නිලධාරින්ගෙ වැරැද්ද නේ? කුජීත රාජපක්ෂ ආන්ඩුවේ දූසීත නිලධාරි......

නිලධාරි එහෙම්මයි කියමුකො. මෙතන කෑ ගැහුවට උන් හැදෙන්නෙ නෑනෙ. ඒත් ඔය තැන් තැන්වල දුප්පත් ජනතාව,  රට, ජාතිය, පීඩිත පංතිය, නැතිබැරි අසරණයො ගැන ලොරි ටෝක් දෙන එවුන්වත් මේ මිනිස්සු දිහා බලන්නෙ නැති එකනෙ වැඩේ. අපි මේ කියන්නෙ ඇත්තම ප්‍රස්නෙ තියෙන්නෙ කොහෙද කියන එක නැවත හිතන්න කියලයි.

අපි විස්වාස කරන විදිහට ඔය කොයි විප්ලවවාදියත් කෑ ගහන්නෙ තමුන්ගෙ බඩගෝස්තරේට අදාල දේ ගැන විතරයි. මහින්ද එලවමු කියන එකා ඒ කෑගහන්නෙ පොදු ජනතාව/රට අරක මේක ගැන අම්බ කැක්කුමකින් කියලනෙ සාමාන්‍යයෙන් පෙනෙන්නෙ. නමුත් ඇත්ත ඒකද? උදාහරණයක් හැටියට බ්ලොග්වල, ෆේස්බුක් එකේ ඔහොම කෑගහන ජාත්‍යන්තර විප්ලවවාදියො ඔය වගේ ආබාධිතයෙකුගෙන් අහලවත් තියෙනවද මොනවද ඕනෙ කියලා? ඊළඟට මාක්ස් එංගල්ස් කටපාඩමින් කියන ඔය වාමාංශික ගිරාපෝතක වහන්සෙලා අඩුමගානෙ දන්නවද ආබාධිතයෙක් හමුවුනොත් ඒ මිනිහට මේ ධනපති ආන්ඩුවෙන් වත් අරන් දෙන්න පුළුවන් සහන මොනවද කියලා?  උන්ට කියන්න තියෙන්නෙ ලංකාවෙ නිර්ධන පන්තිය බලය අල්ලගන්නකං ඔහොමම බඩ ගාගෙන පලයල්ලා කියන එක විතරයි නේද?

මොකද අර මිනිහා බඩගානකම් එයාලට වාසියි. ලෝකෙට පෙන්නන්න පුළුවන් මෙන්න ධනපති ආණ්ඩුවල නිර්ධනයො යන හැටි කියලා. දැන් කියයි නිලධාරින් හරියට මෙහෙයවන එක ආණ්ඩුවක වැඩක් කියලා. හරි. ආණ්ඩුව නරකමයි කියමු. නමුත් මේ අසරණ මිනිස්සු ගැන පුළුවන් යමක් කරන තරමේ මානුෂික කමක්වත් දේශපාලනය කරන මිනිහෙක් ළඟ තියෙන්න ඕනෙ නේද?

අපිට මහින්දගෙ රෙදි අපුල්ලනව කියල චෝදනා කරන සුද්දවන්ත දේශපාලන සත්වයන්ගෙන් අපි අහන්නෙ මෙච්චරයි.

ඔහෙල බලයට එනකං ඔහෙලට ලොකු දේවල් කරන්න බැරිවෙයි. නමුත් ආබාධිතයන් වගේ සමාජයෙන් පිටුවහල් මිනිස්සුන්ට (ඔහෙල බලයට එනකං බඩගගා ඉඳහල්ලා නොකියා) මහින්දගෙන් උදුරල හරි යමක් අරන්දෙන්න ඔහෙලට තියෙන බැරිකම මොකද්ද?

ඒ ආබාධිතයෙකු වෙනුවෙන් යමක් කරන එක ඔහෙලගෙ බඩගෝස්තරේට අදාල නොවන නිසාද?
නැතිනම් දේශපාලනේ ගැන ලොරිටෝක් දුන්නත් ඔහෙලගේ සාමාන්‍ය දැනුම බින්දුව නිසාද?

28 comments:

  1. දීපල්ලකො උත්තර :)

    ReplyDelete
  2. වර්ගපූර්ණිකාවට හිනා වෙන අයත් හිනා වෙන එකෙන් කරන්නෙ (මානසික) ආබාධිත කෙනෙකුට හිනා වීමක් නේද? එතකොට ඔබ වර්ගපූර්ණිකාවට අපහාස කරල දාපු පෝස්ට් දෙකම ආබාධිත කෙනෙකුට හිනා වීමකි.

    ReplyDelete
    Replies
    1. අපි වර්ගපූර්ණිකාවෙ ගොන් ආතල්වලට හිනාවෙන්ඩ තරම් දුර්වල නෑ සහෝදරයා. අපිට හිනාවෙන්ඩ ආපු මීයා ජයරත්න මහතා හෙළිදරව් කලා පමණයි.

      Delete
    2. කෙසේ වෙතත් අපගේ හෙඝිදරව්වත් සමග සතියක පමණ කාලයක් වර්ගපූර්ණිකාව කොටඋඩ යාම ගැන මීයා ජයරත්න මයාට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.

      Delete
  3. පුක නෑ නේද?

    ReplyDelete
    Replies
    1. නැද්ද? හොඳට අතගාල බලන්ඩ.

      Delete
    2. නෑ බන්, මේක කියවන ජේවීපී කුක්කන්ගෙනුයි අහල තියෙන්නෙ

      Delete
    3. ඕහ්... මටත් පැටළුනා. :p

      Delete
    4. @ ජනසේනා - හුකෑස්.....ඕක තමා කියන්නේ අහවල් එක පණ නැති ඇනෝලට උත්තර දෙන්න එපා කියන්නේ. ලොල් සහගතයි.

      Delete
    5. මේ හරක් Patriot කවුද?

      Delete
  4. කියන්න ඇත්තේ පොඩ්ඩයි. අදහස හොදයි. ක්‍රියාත්මකභාවය නරකයි. පබ්ලිසිටි එක දෙන්න කලින් හොයල බලන්න මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දි සිද්ධ වෙන 'බඩගෝස්තරවාදය' ගැන.

    මෙන්න පචායුධය ගැන.

    1 . http://www.gossip9.com/2012/09/blog-post_7228.html

    2. http://www.gossip9.com/2012/09/blog-post_11.html#more

    ReplyDelete
    Replies
    1. විමල් වීරවංශ ඇමතිතුමා ගැන අපි මෙහි කතා කර නැහැ. අප මෙහි කතාකලේ සමාජසේවා දෙපාර්තමේන්තුවෙ සේවාවන් කිහිපයක් ඇසුරින් පමණයි.
      අපි රජයට සම්බන්ධ සියල්ලන් වෙනුවෙන්ම එකවිට කතා කල යුතුයයි ඔබ සිතන්නේ ඇයි? ප්‍රශ්නය ඇත්තේ ඔබෙයි.

      Delete
  5. පට්ට මචං පට්ටම පට්ට.
    මේවට උත්තර නෑ බං. ඕන්නං බලපං මේකට කමෙන්ට් පහලොවක් විතර වැටෙයි. ඒවත් වෙන අනං මනං කියලා.

    ReplyDelete
  6. අවංකවම කියන්නෙ. ඔය ආධාර ගැන මමත් දැනං හිටියෙ නෑ. ස්තුතියි මේ විස්තර වලට.

    ReplyDelete
  7. ජේවීපී මහත්ත්තුරුනේ, යූඇන්පී මහත් හොරුනේ , තොපිලට ඇප කෑන්සල් නේද?

    මෙතන ගූ කොමෙන්ට් වලින් සෙල්ලම් දාන්න ආවොත් අපෙනුත් හොඳ හැටි අහගන්න වේවි, ගේම ඉල්ලලා තොපිලට ලේසි වෙන්නෙ නෑ.

    අපි දිගටම ජන සේනා කියවනව, පඩ කොමෙන්ට් කරල කුණුහරුප ලියල දිනන්න පුළුවන් කියල හිතන්න එපා, තොපිලගෙ අම්මලට අස්සවගන්න ඕනැ නෑනෙ

    ReplyDelete
    Replies
    1. කාලකන්නි මිනීමරු ආන්ඩුවක අසූචි ලෙවකකා පිරිසිදුකරන බ්ලොග් පඩංගුවකට කඩේකන්න තොට ලැජ්ජෑ නැද්ද හැබෑටම.....
      තොගෙ තාත්ත නපුංසකයෙක්ද?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  8. niyamai. awajathikayo tikata uththara ne. maru.

    ReplyDelete
  9. උඹ වගේ කාලකණ්නියෙක් බඩ ගෝස්තරේට කෑ ගැහුවට රටේ ඔක්කොම මිනිස්සු කෑ ගහන්නේ එහෙම පටු පරමාර්ථ වලින් නොවෙයි කාලකණ්නි මිනිහෝ.... උඹලට අනාගතේ දවසක මේ රටේ දුවා දරුවෝ සාප කරන දාට ඒවා දරාගන්නට උඹලාගේ හෘදය සාක්ෂියක් නැති කම පමණක් උඹලාට උදව් කරනු ඇත............

    ReplyDelete
    Replies
    1. දැන් කවුද ඕක කියන්නෙ? සිතුමිනි රතනමලල? එයා ලොකු මිනිහෙක්ද? ලොකුවට කෑ ගහගෙන යනව. හෙට විශ්ව විද්‍යාලෙන් දොට්ට දැම්මොත් ගෙදර තමයි. මෙන්න උගත්තු. මුන්ට පඩි වැඩි කරන්න නෙවෙයි ඕනැ, දෙන පඩියත් අඩු කරන්න.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  10. නිකමටයි අහන්නේ, මේ බ්ලොග් එක ලියනවට ආණ්ඩුවෙන් කොච්චර ගෙවනවද? ඇඩ්මින් රැකියා විරහිත උපාධි ධාරියෙක් ද?

    ReplyDelete
    Replies
    1. නිකමට වගේ කියන්නෙ.
      නිකමට ප්‍රස්න අහන නිකමුන්ට පිළිතුරු නැත.

      Delete
  11. විශ්ලේෂකයාSeptember 12, 2012 at 6:57 AM

    ‍ මම ඔබේ පෝස්ට 2කට මගේ වෝල් එක හරහා ෂෙයාර් කළා. ආණ්ඩුව වෙනුවෙන් වුනත් තර්කානුකූලව අදහස් දක්වන එක හොඳයි. අනෙක ලෝකේ කිසිම රටක අපක්ෂපාතී මාධ්‍යය නෑ. එඩිටෝරියල් පොලිසි එක අනුව කිසියම් මතවාදයකට කඩේ යනවා. හැබැයි අර රස සරණිය ගැන පෝස්ට් එකට නම් මම විරුද්ධයි. ඔබේ අදහස් ඔය වගේ කාටවත් වැදගත්කමක් තැති ගෲප් වලට ලඝු කරන්න එපා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අර තුට්ටු දෙකේ ගොසිප් සයිට් වල වගේ කුණුහරප කොමෙන්ට් වලට ඉඩ දෙන්න එපා. මොඩරේට් කරන්න. මතක තියාගන්න බී එ් සිරිවර්ධන ජේ ආර් ගේ ප්‍රචාරක යාන්ත්‍රනය එක්ක හැප්පුනේ වෘත්තීය මට්ටමින් මිසක් ලංකා ඊ නිවුස් වගේ නපුංසක මට්ටමින් නෙවේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.
      කමෙන්ට් පිළිබඳ ඔබේ යෝජනාව මෙයට කලිනුත් කිහිප දෙනෙක් කලා. අපටත් දැන් වැටහෙනවා ඔබේ යෝජනාව හොදයි කියා. පලක්නැති කමෙන්ට් වලින් මෙය පිරවීම අපට මෙන්ම කියවන්නාටත් කාලය කා දැමීමක්.

      Delete
  12. අප හට මඩ ගැසීම දැන්වත් නවත්වව. තොප පෙර දිනයකදී අප වෙත පැමිණ තවත් මඩ ගසන්නෙමියැයි වහසි බස් තෙපලූ නමුත් තොපට පුරා දින දෙකක්ම ජන සේනා බ්ලොග් එකට ලියනවා තියා මුත්‍රා කරගන්නවත් බැරි වෙන ලෙසට හූනියමක් කළෙමි. දැන් තොපගේ හූනියම අවසන්ය. මෙතැන් සිටවත් එය පාඩමක් කරගනුව.

    ReplyDelete
    Replies
    1. අපගේ මළපිල්ලි අබියස තොපගේ හූනියම් ජිල්බෝල වැනිය. අප විසින් එවූ හෝතඹු පිල්ලිය වැදී තොප සතියක් දතකට පූට්ටු වී නික පුල්වී සිටි අයුරු සිහිපත්කොට ගනු.

      Delete
    2. කලවැදි පිල්ලිය යවන්නෙ නැද්ද?

      Delete