Monday, September 3, 2012

දොස්තරට ගහපු බර්ටි - ඇත්ත කතාව සහ නින්දිත මාධ්‍ය හෙළුවැල්ල


මේක ටිකක් පිළුණු වෙච්චි නිව්ස් එකක් උනත්, මේ නිවුස් එකෙන් එළියට පැනපු මාධ්‍ය හෙළුවැල්ල සදාකාලික එකක්. යූ.ඇන්.පී/ජේ.වී.පී/පෙරටුගාමී විමුක්තිදායකයන්ගේ කැපුවත් අතිමානුෂවාදී මාධ්‍ය කෙරුවාව ගැන මේ උදාහරණය කියවන්න.

සිද්දිය මේකයි.

ඔය ගුටිකාපු චමිල කියන වෛද්‍යවරයා තව තුන්දෙනෙක් එක්ක තැනක සෙට්වෙලා බොනවා.
(කවුරුවත් බොන එක ගැන අපිට මොනම අවුලක්වත් නැත)

ඔහොම බිබී ඉද්දි බඩු (මත්පැන්) ඉවරවෙනවා. ඒක නිසා හතරදෙනා කාර්එකෙ නැගල මත්පැන් හොයන්න යනවා.
(ඒක ගැනත් අපට අවුලක් නැත. අපිත් එහෙමය. ඒ උනාට වෙරි පිටින් වාහන එලවීම වරදකි)

ඔහොම එද්දි දහයියාගම හන්දියේ බර්ටි ඇමතිතුමාගෙ ආධාරකාරයො පිරිසක් පාර හරහා කොඩිවැල් අදිමින් ඉන්නවා.
(ඒකත් අවුලක් නෑ. ඡන්දෙ කාලෙදි ඕව කවුරුත් කරන සාමාන්‍ය දේවල්. බර්ටි ලියුං ගහල එකෙකුටවත් කියන්නෙ නෑ කොඩිවැල් අදින්න කියල. තමුන්ගෙ හන්දිය  සරසගන්න එක කොයි හන්දියෙත් ඉන්න කොයි ආධාරකාරයත් කරන දෙයක් - ඇමතිතුමාගෙං ලකුණු ගන්නවත්....)

ඔන්න ඔතෙන්ට අර කාර් එක වේගයෙන් එනවා. පාර බ්ලොක් නිසා බ්රේක් කරනවා. තියෙන හදිස්සිය නිසා පාර ඉඩදෙන්න කියල කීප පාරක් හෝන් කරනවා.
(ඒකෙත් වරදක් නෑ. පාරවල් තියෙන්නෙ කොඩිවැල් අදින්න නෙමේනෙ. අනික ඇත්තටම හදිස්සි ගමනක් යන්න ආවනං නේද?)

කොල්ලො ටික ‘ටිකක් ඉන්න’ කියල අතින් සංඥා කරල කොඩිවැල් ඉවත් කරල පාරෙ ඉඩ හදනවා.
(සාමාන්‍යයෙන් මිනිස්සු එහෙමයි. මොකද ඔච්චර වෙලාවකට ඔතනින් ගිය එකම වාහනේ ඕකද? අනික් වාහන වලටත් ගැහුවද? දකින දකින වාහන වලට ගහන පිස්සො රංචු ඉන්නවද?)

මේ සුළු ප්‍රමාදය ඉවසගෙන ඉන්න බැරි අර බීගත්තු වැදගත් මහත්තුරු දිගටම හෝන් කරනවා.
ඕකට මලපැනපු අර සෙට් එකෙන් එකෙක් ඉස්සරහට ඇවිත් කියනවා ‘ටිකක් ඉන්නවා’ කියලා.
(ආං බලන්ඩ. දහයියාගම අශිෂ්ඨ භාෂා ව්‍යවහාරය නේද? ඕක කියන්න තිබුනේ “කරුණාකර බිඳක් ඉවසන්න මහත්මයා” කියලනේ. සමහරවිට ඌත් ටිකක් බීල ඉන්න ඇති. ඇයි ඒක මැජික් වගේද?)

ඔන්න ඔය වෙලාවෙ වෛද්‍යතුමාගේ බීමත් මිතුරන් කාර්එකෙන් බැහැලා අසාධාරණයට එරෙහිව මෙහෙම සිංහනාද කරනවා.

“ඔය මගුල් අයිං කරගන්නව ඕයි.... උඹල දන්නවද කාර් එක කාගෙද කියලා....?”

ඉතිං අතිමානුෂවාදී පිංවතුනි, තොරණෙ ඉතුරු කොටුව තමුන්නැහෙල ඇඳගන්ඩ.

නැවත කතා සාරාංශය කියනවනං මෙහෙමයි.
උණුසුම් මැතිවරණ කාලෙක, ආණ්ඩුපක්ෂයේ කාර්යාලයක් ඉස්සරහ, ජයග්‍රාහී මානසිකත්වයකින් හෙබි, සමහරවිට තරමක් බීමතින්, දේශපාලන  උණ ඔලුවට ගහපු, වයසින් එතරම් මුහුකුරා නොගිය - ආක්‍රමණශීලී තරුණ වයසෙ, පහලොවක් විස්සක් තිහක් මැද්දට,
හතරදෙනෙක් ගිහින් වෙරි මරගාතෙ මෙහෙම කෑගහනවා..........

“ඔය මගුල් අයිං කරගන්නව ඕයි.... උඹල දන්නවද කාර් එක කාගෙද කියල....?”

---------------------------------------------
කරුණාකර මේ අවස්ථාවේදී රෝම ලන්දේසි නීතිය සහ ජිනීවා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සිහිපත් නොකරන්න. මේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම්  වියලි කලාපීය දිස්ත්‍රීක්කයේ ග්‍රාමීය දහයියාගම හන්දියයි.

අර පහරදෙන ත්‍රාසජනක සීන් එක අපි අයිං කරලා. ඊළඟ ජවනිකාවට එනවා. පාරවල් දෙකතුනක් කාපු වෛද්‍යවරයා වහා රෝහල්ගත කරලා ඇඟ පුරා බැන්ඩේජ් දානවා. ඔහුව දිගටම රෝහ‍ලේ තියාගන්නවා. ඔහුට ඇත්තටම අසාධ්‍ය වෙන්නත් පුළුවන්. අපි ඒක දන්නෙ නැහැ.
නමුත් හොඳටම ගුටිකාපු අනික් තුන්දෙනා රෝහල් ගත කෙරෙන්නෙ නැහැ. මේ දවස්වල ඔවුන් ප්‍රසිද්ධියේ එලියට එන්නෙත් නැහැ. ඇයි ඒ???

සිද්ධිය ඕකයි. මේකෙදි බර්ටි ඇමතිතුමාගෙ ආධාරකාරයො කරපු වැඩේ අපි එක දශමයකින්වත් අනුමත කරන්නෙ නෑ. ඒ පහර දීම නින්දිතයි.

නමුත් මේක දේශපාලන පහරදීමක් කියන එක පට්ට බයිලයක්.

මේක පුද්ගලික ගැටුමක්. දේශපාලන පසුබිම සහ උණුසුම මේක පිටිපස්සෙ තියෙනවා. නමුත් මේ මැතිවරණ පලිගැනීමක්වත්, මැතිවරණ වාසියක් තකා කල ප්‍රචණ්ඩ ක්‍රියාවක්වත් නෙමෙයි. බීමත්කම සහ හදිසි කෝපය මත සිද්දවුන පුද්ගලික ගැටුමක්.

ඉතින් මේ ‘පුද්ගලික ගැටුම’ පැය බාගයක් ඇතුලත දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙනවා. ඩොලර් සොච්චමක් වෙනුවෙන් තමුන්ගෙ බඩ රස්සාව හැටියට මැතිවරණ නිරීක්ෂණය කරන ඇතැම් මහත්වරු මේව මාධ්‍යයට දුන්නෙ බර්ටි මිනී මැරුව ගානට.

ඊළඟට මාධ්‍යකාරයො කියන වැලකපුටො. උංට මේක හෙන ඉල්ලමක්. ආන්ඩුවෙ තදයෙකුගෙ තග්ස්ලා, අහිංසකයි රටක් වටියි දොස්තර මහතෙකුට ගහලා. මෙන්න සිරස්තල

"මැරෙනකන් මහ ඇමති මමයි" පැවසූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂක බර්ටි ප්‍රේමලාල් දිසානායක ඉතා බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මුළු උතුරු මැද ප්‍රදේශය භීෂණ වාතාවරණයකට ඇද දමා තිබේ. ඔහුගේ අලුත්ම ගොදුර වුයේ අනුරාධපුරයේ ශීක්ෂණ රෝහලේ වෛද්‍ය චමිල හේරත් මහතාය.

වෛද්‍ය චමිල හේරත් මහතා රාත්‍රි 12ට පමණ ආපසු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත සිය මෝටර් රථයෙන් පැමිණෙන්නට සූදානම් වී ඇත. දහයියාගම හන්දියේ පිහිටි සන්ධාන කාර්‍යාලයක් අසල රැඳී සිටි පිරිස හේතුවෙන් වෛද්‍යවරයාට සිය මෝටර් රථය ඉදිරියට ගෙන යන්නට බාධා සිදු වී ඇති අතර එම අවස්තාවේ දී තමන්ට යාමට අවශ්‍ය බව වෛද්‍යවරයා විසින් පවසද්දි රැඳී සිටි පිරිසක් පැමිණ වාහනයේ දොර හැර වෛද්‍යවරයා පිටතට ගන්නට උත්සහ දරා ඇතැයි පැවසේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැරයන් පිරිසක් විසින් අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල් හේරත් මහතාට පහර දීමට  විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරු  වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

ෂෝක් නේ? වැඩේ ආරංචිවෙලා බර්ටි ඇමතිතුමා “මොනවද යකෝ කලේ....?” කියල අහනකොටත් මෙන්න නිවුස්වල විස්තරේ ගිහින්. මේවා කොච්චර අපක්ෂපාතීද කියනවනං ඔය ලියපු එකෙක්වත් ගැහුවයි කියන බර්ටි ඇමතිතුමාගෙන් ඇහුවද ඇයි ගැහුවෙ කියලවත්?

මේ වගේ ඉවසීම තොර, මත්පැන් සමග, මැතිවරණ පොතේ නීති උල්ලංඝනය කෙරෙන දේශපාලනය කැතයි තමයි. ඒත් තමුන්ගෙ න්‍යාය පත්‍ර වෙනුවෙන් පට්ට පල් කෙබර කෙලින මාධ්‍ය කලාව ඒ වගේ හත් අට ගුණයක් අසික්කිතයි. නින්දිතයි.

මේක ලිව්වෙ මූණුපොතේ මත විමසුම් ගෲප් එකක ෆොන්සේකාගේ හෝතඹු පැටියෙක් අහල තිබුනු පහත ප්‍රස්නෙ හින්දා.

මතට තිත තැබූ සංධාන මැරයෝ අනුරාධපුරයේදී වෛද්‍යවරයෙකුට අමානුශික ලෙස පහරදීම ජන සේන නැමති මහප්‍රාණ වචන දමමින් ආණ්ඩුවට කඩේ යන බුද්ධිමතා කෙසේ විග්‍රහ කරනු ඇතිද?

ඉතිං....? වැඩියෙනුත් එක්ක අහගත්තනේ?
ගොහිං එඤ්ඤං....!

16 comments:

  1. දොස්තර හාමුදුරුවොSeptember 3, 2012 at 8:47 AM

    මමනම් කියන්නෙ ඔය දොස්තරලට කවුරු ගැහුවත් ගහපු එක හොඳ වැඩක්. ගොඩක් ඩොකාල (හැමෝම නෙමෙයි, නමුත් බහුතරයක්) හිතාගෙන ඉන්නෙ අලි පුකෙන් බැහැල කියල. සල්ලි දීල බේත් ගන්න ගියත්, ලෙඩ්ඩුන්ව නිකම් බල්ලන්ට දාලයි කතා කරන්නෙ. අපේ ටවුන් එකේ ඉස්පිරිතාලෙ ඩොකාටත් ඔය වගේ අල්ලගෙන ගැහුවනම් කොච්චර හොඳද.

    ReplyDelete
  2. ගහල උන් ටික රට යවල ගෙන්න ගනින් ඉන්දියන් වැල කපුටො ටිකක්. තොපිට පුළුවන් ඉන්දියාවෙ ගනෙට යන්න

    ReplyDelete
  3. මේ කතාව තමයි ඇත්ත. වෙරිපිට ලෙඩේ ඇදගත්තෙ ඩොක්ටර්්ගෙ කට්ටිය. පස්සෙ වෙරි හි‍ඳෙන්න කෑවා. නිවුස්වල කියන ඒ්ව ඇහද්දි දෙකොනෙං හිනා.

    ReplyDelete
  4. මෙය රංග ජයවර්ධන දුටු දවල් හීනයකට අනුව ජනසේනා විසින් ලියන ලද ප්‍රබන්ධයක් බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. බැලුවාම රංග නොකරන දෙයක් නෑනෙ. ෆේස්බුක් එකේම ප්‍රොෆයිල් සීයක් විතර කරනව කියලනෙ ඔය ඇත්තො චෝදනා කරන්නෙ. උන්දැටත් කතරගම දෙයියන්ට වගේ අත් දොළයක් ඇති නේද? කැපිටල් ඩී.

      Delete
    2. Kataragama dewiyanta apahasa karannepa ban..ona reddak karapalla wadagath ayata apahasa nokara....

      Delete
  5. meka tama aththa kathaawa. doka beela hitiye. minissu nikan vahana walata gahanna pissu ne.


    ReplyDelete
  6. ඇයි මිනිස්සු ඇත්ත පිලිගන්න අකමැති?

    ReplyDelete
  7. කෝ ඔය ප්‍රස්නෙ ඇහුවයි කියන ගොංපැටියා?

    ReplyDelete
  8. ඔන්න දැන්නම් අර පරණ ප්‍රහසන ආකෘතියෙන් බ්ලොග් එක මිදිල වගේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් නම් මම ජනසේනා සමග සම්පූර්ණයෙන් එකගයි. මේක නිර්ලජ්ජිත මාධ්‍යය භාවිතයක්. මේ ප්‍රවෘත්තිය මුලින්ම ඇහුවහම මටත් හිතුනා හංදියක ඉන්න මිනිස්සු අහවල් දේකටද කොහෙවත් යන දොස්තරෙකුට පතබාන්නේ කියල.

    හැබැයි මචෝ මෙහෙම දෙයක් තියනවා බර්ටිය උගේ පරම්පරාව සහ උගේ අතිජාත පියසේන ගමගේ සහ උගේ පරම්පරාව ගැන මම හොදටම දන්නවා. මුන් කොහෙත්ම බබාල කරන්නනම් හදන්න එපා.

    ReplyDelete
    Replies
    1. තව දෙයක් මේ කථාව කියවද්දී මට අමුතු පුරුදු බවක් දැනුනා. මට හිතෙන විදිහට මේක අපේ රංග ජයවර්ධන ගොයියගේ ජීවන පුසුඹ ගෑවිලා තියනවා.

      Delete
    2. රංගෆෝබියා

      Delete
    3. @ The Modern Patriot
      "මට හිතෙන විදිහට මේක අපේ රංග ජයවර්ධන ගොයියගේ ජීවන පුසුඹ ගෑවිලා තියනවා."

      ඒ කියන්නෙ මේකත් මීජයා ගෙම වැඩක්.
      මේක වර්ගපූර්නණකාව 2 තමා.

      Delete
    4. බැලුවාම රංග නොකරන දෙයක් නෑනෙ. ෆේස්බුක් එකේම ප්‍රොෆයිල් සීයක් විතර කරනව කියලනෙ ඔය ඇත්තො චෝදනා කරන්නෙ. උන්දැටත් කතරගම දෙයියන්ට වගේ අත් දොළයක් ඇති නේද? කැපිටල් ඩී.

      Delete
  9. Pala yanna ponna Rangayo yanna. Boru hadanne nathiwa. Yako mulu ratama dannawa Berty Premalal kiyana eka gana.......

    ReplyDelete
  10. බර්ටි කියන්නේ බබෙක් නෙවෙයි. ගිය පර චන්දේ වෙලාවේ දොස්තර රාජා ජෝන් පුල්ලේගේ ගේ ගිනි තියද්දී බර්ටියයි චන්ඩි පුතා දුමින්ද දිසානායකයි හිටියේ කොහේද කියලා අසින් දුටු අය ඉන්නවා.ඇත්ත ඔප්පු වෙන්න කලින් ජානක පෙරේරා රාජා ජෝන් පුල්ලේ ඇතුලු පිරිස බෝම්බකින් මරලා දැම්මා... බර්ටිට විරුද්දව සාක්ශී දීපූ මිහින්තලේ හාමුදුරුවන්ට ලමා අපචාර චෝදනවක් ගෙනල්ලා මිහින්තලේ විහාරධිපතිකම අහිමි කෙරෙවුවා...

    ReplyDelete