Friday, August 31, 2012

මර්වින් සිල්වා ඇමතිතුමාගේ මාධ්‍ය නිවේදනය පිළිබඳව...


අද සැප්තැම්බර් පළමුවෙනිදාය. ලාංකිකයන් අතර ජාතික සංහිඳියාවට අද දිනයේදී එකතුවීමට තිබූ අඳුරු පැල්ලමක් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් නැවතුනු දිනයකි.

මුන්නේෂ්වරම් කෝවිලේ වාර්ෂික බිලිපූජාව පවත්වන්නට තිබුණේ අදයි. එය කාලි දෙවියන් අදහන හින්දු බැතිමතුන්ගේ සාම්ප්‍රදායික උත්සවයකි. නූතන සමාජයට අනුව එය අශිෂ්ටය. බෞද්ධ දැක්මට සම්පූර්ණයෙන්ම විරුද්ධය. එනිසා බෞද්ධ බහුතරයේ විරෝධය එයට එල්ලවිය. බිලිපූජා නමැති ම්ලේච්ඡ සංස්කෘතිය මේ භූමිය තුලින් අතුගා දැමිය යුත්තකි.

මෙය හොඳින් නවත්වන්නට කෝවිලේ පූසාරින් කැමතිවූයේ නැත. ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නොවන්නට,  එය නරකින් හෝ නවත්වන්නට සිදුව තිබුණි. ලේ හැලීම්, ආරවුල් වලින් තොරව මෙය නවත්වන්නට හැකියාව තිබූ එකම පුද්ගලයා මර්වින් සිල්වා ඇමතිවරයාය. ඔහුගේ ක්‍රියාකලාපය සමග එකඟ නොවන්නන්ද මේ අවස්ථාවේදී ඔහුගේ මැදිහත්වීම අපේක්ෂා කලෝය. විවිධ පුද්ගලයින් සතුව විවිධ හැකියාවන් ඇත. මේ සෑම හැකියාවක්ම යහපත් දේශයක් ගොඩනැගීමේදී අවශ්‍යය.

මෙම යුගයේදී මිනිසෙක්ව දෙවියෙක් හෝ යක්ෂයෙක් කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපය මගින් නොවේ. ජනමාධ්‍ය අර්ථදැක්වීම් මගිනි. මර්වින් සිල්වා ඇමතිවරයා සහ ජනමාධ්‍ය ගැන කියන්නට බොහෝ දේ ඇත. ඒ පිළිබඳව වෙනම ලිපියක් ලියන්නට අදහස් කරමු.

පහත දැක්වෙන්නේ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා  විසින් අද දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙන් කොටසකි.

"අතිගරු ජනාධිපතිතුමන් සමඟ මා දීර්ඝ ලෙස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර දේශයේ පිනින් පහළ වූ පිංවත් ජනාධිපතිතුමන් කළ ඉල්ලීම නිසා මේ බිලි පූජාව නතර කිරීමට තීරණය කළ හෙයින් අද (01) එම ස්ථානයට ම ගොස්, එය නතර කිරීමට මා ගෙන තිබූ තීරණය අත්හිටුවීමට තීරණය කළ බව දැනුම් දෙමි.


මේ සත්‍යක්‍රියාවට සහභාගීවීම සඳහා මා සමඟ තුන්දහසක පමණ පිරිසක් එහි යාමට සූදානමින් සිටි අතර මේ මහා ඝාතනයෙන් අපේ පුණ්‍යභූමිය රුධිරයෙන් නහවන්නට විරෝධය පළ කරමින් මා සමඟ එසේ යාමට සූදානම් ව සිටි මහජනතාවට ද මගේ ගෞරවනීය ස්තූතිය මෙහිදී පළ කරන්නෙමි. ජනප්‍රිය වීමේ බොරු සෝබන න්‍යාය පත්‍රයන්ට වැඩ නොකරන මා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යවරයා ලෙස මෙවැනි අකටයුතුකම් සිදුකරන අවස්ථාවල, කවුරු මොනවා කිව්වත් පොදුමහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පැත්තේ සිට නොබියව ඉදිරිපත් වී කටයුතු කරන බව යළි යළිත් අවධාරණය කරමි. දෙවියන්ගේ නාමයෙන් මෙවැනි පාපතර කාර්යයන් සිදු කිරීමට මා මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටින තුරු ඉඩ නොදෙන බව ද අවධාරණය කරන්නෙමි.


අධිකරණයේ නියෝගවලට හිස නමන අතර මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අධිකරණයේ ම පිහිට පතන්නටත් පියවර ගැනීමට සැලසුම් කොට ඇත. එමෙන් ම මෙවැනි බිලිපූජා සදහට ම නැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ගතයුතු පියවර වෙනුවෙන් ඉදිරියේ දී කටයුතු කිරීමට සූදානමින් සිටිමි.


මේ මහා ඝාතන නතර කිරීම වෙනුවෙන් මම සහ මා වටා ශක්තිමත් පවුරක් මෙන් සිටි පොදුජනතාවගේ අධිෂ්ඨාන ශක්තිය දේවාශිර්වාදයෙන් අවසානයේ ජයගත් බව මා විශ්වාස කරන අතර කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මේ පුණ්‍යභූමියෙහි වැඩසිටීම ද මේ කාර්යයට මහත් ශක්තියක් හා ආශිර්වාදයක් ම විය.


බිලිපූජාවලින් තොරව දෙවියන් ඇදහීමේ සත්‍යය පිළිබඳ ව ආගමික භේදයකින් තොරව පොදුමහජනතාවට කරුණු පෙන්වා දෙමින් මේ මහා පුණ්‍යකර්මයට දායක වූ ජාතික සමඟිය සඳහා වූ සර්වාගමික සංවිධානය නියෝජනය කරන අති පූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ඇතුළු සියලු ආගම්වල පූජක උතුමන්ටත් මේ සද්කාර්යය සඳහා විවිධාකාරයෙන් පෙනී සිටි වෙනත් බහුජන සංවිධානවලටත් සමස්ත ශ්‍රී ලංකාවාසී පොදුජනතාවටත් මගේ ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටිමි."

10 comments:

  1. මර්වියටත් හොදට සිංහල පුලුවන්නේ. මරු ඈ.

    ReplyDelete
  2. මර්වින්ට ජයවේවා !

    ReplyDelete
  3. ඔවු අනේ අපේ ජනාදිපතිතුමා හරිම ෂෝක්.ගිය සතියේ ඇඹිලිපිටිය පොලේ ප්‍රශ්නේ විසඳුවා.ඊට උඩින් සතියේ ඉසෙඩ් ඉස්කොර් ප්‍රශ්නේ විසඳුවා.මේ සතියේ බිලි පුජා ප්‍රශ්නේ විසඳුවා.ඒ විතරද චන්දෙ දාන්න යන්න කලින් ධාතු වදින්න චාන්ස් එකකුත් අරන් දුන්න.අපේ ගමෙත් බෝක්කුව කැඩිලා අපි මේ බලන් ඉන්නව ජනාදිපතිතුමා එක්සයිස් කරන්න අපේ ගමට එනකන්.අනේ බොල බ්ලොග් නොලිය ලොන්ඩරියක් දාගන්කෝ !

    ReplyDelete
    Replies
    1. කතා කරන වොෂින් මැෂින්

      Delete
  4. ෂහ්... අපෙ ඇමතිතුමා එනකං අපිත් බලං උන්නෙ. රජිනිකාන්ත්ගෙ ෂෝ කෑල්ලක් බලන්ඩ. කොහෙද?

    ReplyDelete
  5. http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/578928_10151146960707429_1407041729_n.jpg

    ReplyDelete
  6. මොක තක්කඩිය උනත් ඔය වගේ දේකට ඉන්නෙ ඔච්චරයි. ඉඳලත් බෑ. නොඉඳත් බෑ.

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්වටම ඔච්චරයි බං ඉන්නේ. මොනා කලත් හොද එකා.

      Delete
  7. ඔයා ඉතිං තාමත් කියනවද මේ වර්ගපූර්ණිකාව 2 නෙමේ කියල.

    හැබැයි මර්වියා හොද එකා. මම නම් කියන්නේ මහින්දට පස්සේ බැසිල්ට, ඊට පස්සේ නාමල්ට, ඊටත් පස්සේ මර්වින්ට ජනාධිපති කම දෙන්න ඕන. තවත් එකක් මර්වින්ගේ කිරිබත්ගොඩ බඩු පොට් එකේ මස් මාළු උයන එක නවත්වන්න ඕන. ඔසප් දවසටවත් ඒ ගෑනුන්ට නිවාඩු දෙන්න ඕන.

    වැදගත්ම දේ තමා අර චාමියා වගේ උන්ගේ (උඩ කමෙන්ට් එකකුත් දාල ලැජ්ජ නැතුව) බ්ලොග් වහල දාන්න ඕන.

    ReplyDelete