Sunday, August 26, 2012

ඇත්ත කඩු එපා...අපේ ෆැන්ටසි කඩු සමග මහින්ද එල්ලනු..!


කටුගෙයි කඩු සොරකම ගැන තොරතුරු දැන් හෙළිදරව්වෙමින් පවතී. නැතිවූ කෞතුක භාණ්ඩද යම් ප්‍රමාණයක් සොයාගෙන අවසන්ය. ඒත් ප්‍රස්නෙ අවසන් නැත. සමහරුන් සොරකම හෙළිදරව් උනාට කැමති නැති බවක් පෙනේ. අපි කතා කරන්නේ ඒ ඇයි කියාය.

මිනිස් විෂයේ මූලික හැසිරීම් මාදිලියක් මේ තුලින් අපි දකිමු. යථාර්තය සැබැවින්ම පීඩාකාරීය. එබැවින් දුරාතීතයේ සිටම මිනිසා ප්‍රබන්ධ යථාර්ථයට ප්‍රිය කලේය. සියළු දෙවිවරුන් එහි නිෂ්පාදනයන්ය. මිනිසුන් අතර වාසයට වඩා දෙවියන් සමග වාසය පහසුය. වරදකාරීත්වය දෙවියන්ට පවරා දීමෙන් පසු හිත නිදහස්ය. බෝසෝන් අංශුව විද්‍යාත්මකව සනාථ කරගත් 2012 වසරේදීද ලෝකයේ හතරෙන් තුනකට වඩා මිනිසුන් තවමත් මැවුම්වාදය විශ්වාස කරන්නේ ඒ නිසාය. බුද්ධ දර්ශනයටද මෙයින් ගැලවීමක් නැත. තම ක්‍රියාකාරීත්වයේ වගකීම තමුන්ම දැරිය යුතුයැයි කියන බුද්ධ වචනය පරයා නා නා ප්‍රකාර දෙවිවරුන් භූතයන්, බෝධි වන්දනා, සෙත් පිරිත් හාස්කම් මුල්තැනට එන්නේ ඒ නිසාය.

රටේ වත්මන් තත්වයද සුවදායක නැත. නිෂ්පාදනයට වඩා සේවා ආර්ථිකය වර්ධනය වන, වඩ වඩාත් පාරිභෝජනවාදයට ගොදුරු වෙමින් සිටින, තමාගෙන් රටට විය යුතු දෙය වෙනුවට, රටෙන් තමාට හිමි කොටස ගැන පමණක් සිතන බහුතර ජනතාවකින් යුත් තැනක මෙය ස්වභාවිකය. අනෙක් අතට තරඟකාරී විවෘත ආර්ථිකය තුල යම් රටක අති බහුතරයක් නිසඟයෙන්ම පීඩිතයන් වන්නේය. මෙය යථාර්තයයි.

යතාර්ථය කොහොමත් පීඩාකාරී බව අපි උඩදී සඳහන් කලෙමු. විසඳුම කුමක්ද? මෙම පීඩාව අනෙකෙකු වෙතට ප්‍රක්ෂේපණය කිරීමයි. එවිට තමා නිදහස්ය. තමා පීඩාවට පත්ව ඇත්තේ අනෙකෙකු නිසාය. මේ අනෙකා රජයයි.

ඒක මදිය. රජය ලොකු යාන්ත්‍රණයකි. එකෙක් කියලා වෙනම ගන්නට බැරිය. මෙන්න හොඳම එක. රාජපක්ෂ රෙජීමය....!

දැන් ඉතින් රටේ ලොකු කුඩා හැම ප්‍රස්නයකම මුල මහින්දයි. වැස්ස නැත්තේ මහින්ද කරපු අපරාධවලටය. පිටවල පතන ගිනිගැනිල්ලටද මහින්දගේ මොකක්හරි කොනක් ඇත. කහවත්තේ මිනිස් ඝාතන සිදුවන්නේ මහින්ද ඒ ගැන සොයා නොබලන නිසාය. ඇහැටුවැව ළමා අපචාරයක් වාර්තා කරන්නේ ‘මෙන්න ආශ්චර්ය දේශයේ තවත් එකක්’ කියාය.

කෞතුකාගාරයේ සොරකමේදීද මීට වෙනස් යමක් වුනේ නැත. සොරකම සිද්ද වන්නටත් පෙරම නිශ්චය කරගත් සොරෙකු සිටියෙය. ඒ මහින්දය. සොරකම සිද්ද විය. එදා ඉඳං හැමෝම කිව්වේ සොරා අල්ලනු කියා නොවේ. මහින්ද අල්ලනු කියාය. ඒ හා සම්බන්ධ හැම අතුරු කතාවකම සිටියේ මහින්දය. මෙය ඉතා ප්‍රීතිමත් ෆැන්ටසියකි. තමා විඳින සියළු පීඩාවන්ගේ ඊනියා මූලය ලෙස හඟින මහින්ද කඩු සමග මාට්ටු වීම කෙතරම් ආශ්වාදයක්ද?

අන්තිමේදී සොරකමේ සුලමුල හෙළිවෙමින් පවතී. දැන් ඇත්තේ අසහනයකි. සොරකමේ මහින්ද නැත. අහෝ දුකකි. ඉරකි. තිතකි.

දැන් කවුරුත් අඬන්නේ ඉතුරු කෞතුක භාණ්ඩ ටිකත් සොයාගනිව් කියා නොවේ. අල්ලගත්තු හොරු අතහැර මහින්ද අල්ලාගනිව් කියාය. පළමුව කට ඇරියේ මෙරටේ ප්‍රසිද්ධ හාමුදුරුනමකි. උන්වහන්සේගේද ෆැන්ටසි ආතල් කුඩුවීම නිසාය. උන් වහන්සේ කීවේ මේක නාට්‍යයක් කියාය. ඊට පසු හැමෝම කට ඇරියෝය. කවුරුත් කියන්නේ එක දෙයකි. ඇත්ත කඩු එපා. අපේ ෆැන්ටසි කඩු සමග මහින්ද එල්ලපියව්.....!

6 comments:

  1. පළමුව කට ඇරියේ මෙරටේ ප්‍රසිද්ධ හාමුදුරුනමකි. උන්වහන්සේගේ ෆොන්සේකාවාදී ෆැන්ටසි ආතල් කුඩුවීම නිසාය.මේ මොකක්ද මේ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. රටේ ජනමතය මෙහෙයවන ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කල ඒ ප්‍රකාශය ඉතා බරපතළයි. හරියට කලින් සකස් කරගත් එකක් වගේ.

      නැව් ගිලෙන්නට යන බව සිතා එලියට පනින මීයන් ගැන කණගාටුවෙමු.

      Delete
    2. කෙසේවෙතත් 'ෆොන්සේකාවාදී' යන්න අපේ මතවාදයකි. එය නුසුදුසු බව පිළිගනිමු.
      ඒ අනුව සංස්කරණය කලා. ඔබට ස්තුතියි.

      Delete
  2. කඩේ ගියාට කමක් නෑ. අමුඩ කෙටියක්වත් ගහගනිල්ලා

    ReplyDelete
  3. ඔය කෙලින් කතාකරන ඈයෝ ...... එහෙනම් මේවට උත්තර දෙන්නකෝ ........... පුද්ගල මඩ ගැසීම් වලින් තොරව
    http://goo.gl/3Uvs0

    ReplyDelete
  4. හපෝ මේකනම් මැටි මෝල් ලිවිල්ලක්. යකෝ හොරු අල්ලල පොලීසිය හදල තියෙන තිරනාටකය කියෙව්වෙ නැද්ද? මොන්ටිසෝරි යන එකෙක්ට වුණත් හිනා යනව ඒ කතාවට උඹට නොතේරුණාට.

    ReplyDelete