Thursday, August 23, 2012

අපි කෙලින් කතා කරමු....!

ගෙදර හිටියත්, පාරට බැස්සත්, වැඩපලට ගියත්, කඩපිලට ගියත්..... උදේ ඉඳන් රෑවෙනකං අපේ කන් වලට ඇහෙන දෙයක්  තියෙනවා. 


ඒ තමයි 'අපිට නැති දේවල්'

මොනවද?

සල්ලි නෑ... විදුලිය නෑ.... අධ්‍යාපන අවස්ථා නෑ.... ජලය නෑ.... මාධ්‍ය නිදහස නෑ.... ප්‍රජාතන්ත්‍රවාදය නෑ.... කලා නිර්මාණ සඳහා නිදහස නෑ.... රවි කරුණානායකට මාධ්‍යවල ඉඩ දෙන්නෑ..... ජවිපෙට පෝස්ටර් අලවන්ඩ දෙන්නෑ.... ඉඩම් නෑ..... නිදහස් අධ්‍යාපනය නෑ..... වාහනයක් නෑ..... පරිප්පු නෑ..... ඇමතිල වැඩ කරන්නෑ..... ප්‍රවෘත්තිවල ඇත්ත කියන්නෑ..... දිනූ දේශය රැකගන්නෑ.... සාධාරන මැතිවරණ නෑ..... පොලිසිය නීතිය රකින්නෑ.... ඉස්පිරිතාලෙ බේත් නෑ..... සාධාරණව රගර් මැච් එකක්වත් දිනාගන්න නෑ.... නෑ.... නෑ.... අරක නෑ.... මේක නෑ.... නෑ......!!!!!

අපි කෙලින් කතා කරමු...!

මේ නැහැයි කියන දේවල් සියල්ලම, අවංකවම ඔබට අවශ්‍යමයි කියල කොයි මොහොතක හරි තනිවම  හිතුන දේවල්ද?

අපි ඔට්ටුවක් දානවා.

නැහැ !

මේ වැඩි හරියක් ඔබට අවශ්‍යම දේවල් බව කවුරුන්හෝ ඔබට කියාදුන් ඒවා. 
කවුද මේවා ඔබට කියාදෙන්නෙ???

දශක දෙකක් තිස්සේ පරාජය වෙමින්, ඇතුලතින් කුණුවෙමින් ඕජස් ගලන එක්සත් ජාතික පක්ෂයේ සල්ලි හදිස්සිකාරයෝ ටික....

තමුන්ගේ මනෝරාජික විප්ලවයට දින ගණිමින්, මේ මිහිමත තනියෙන් බුදුවෙන්නට පාරමිතා පුරන අංගවිකල ජනතා විමුක්ති පෙරමුණ....

රටේ සම්පත් ටිකට කෙල හලමින්, මොන ක්‍රමයකින් හෝ මේ බිම අරාජික කිරීමට මාන බලන අන්තර්ජාතික නරි රැල....

ආයුධ බලයෙන්, ලේ ගංගා මතින් උදුරාගන්නට බැරිවූ බිම, කුමන්ත්‍රණ මගින් ඩැහැගන්නට මාන බලන එල්.ටී.ටී.ඊ අවතාර....

ඉහත සියල්ලන්ගෙන්ම යැපෙමින්,  තම බඩවියත ගැන පමණක් සිතන ඊනියා නිදහස් මතධාරී එන්.ජී.ඕ කපුටු බුද්ධිමතුන්.....

ඉතින් ඔබට හිතෙන්නෙම 'මේ පාලන තන්ත්‍රය තුල... මට කොච්චර දේවල් නැද්ද' කියල තමයි.

අපි කෙලින් කතා කරමු.

ඉහත ඉහඳ පණුවන් ඔබේ කණට මතුරන ‘නැති දේවල් සූත්‍රය’ මදක් පසෙකට දමා ‘ඔබට තිබෙන දේවල්’ ගැන කතාකරමු.

රටේ සුක්කානම මෙහෙයවන්නෙ සර්වතෝභද්‍ර දෙවියෙක්, යකෙක්, බ්‍රහ්මයෙක් නෙමේ. සියළු සීමාසහිතකම් සහිත සාමාන්‍ය මිනිසෙක්.  අඩුපාඩුකම් ඇති. නමුත් මැදහත්ව බලමු. 

අර නැතිබැරිකම් සූත්‍රය ජපකරන ඉහඳ පණුවන්ට අපි කියන්නෙ මෙච්චරයි.

ඇන්දුවා ඇති....!!

මේ වැඩේ කොච්චර අසීරුද කියන එක දැනගෙන තමයි අපි මේ ගමන පටන් ගත්තෙ. බොහෝ දේවල් සිදුවෙවි. නමුත් අපට අවශ්‍ය ධෛර්යය ඇතිපදම් තිබෙන බවයි අපි දැනට හිතන්නෙ. මැදහත් ඔබ අප අත් නොහරිනතාක් ඒ ධෛර්යය නොසැලේවි.

දිනූ බිම රැකගත හැක්කේ ඇත්ත ඇති සැටියෙන් කතා කිරීමෙන් පමණයි. “ජන සේනා” අපේ අරමුණ එයයි. ඉදිරියටත් අප සමග එක්වන්න.

අපි කෙලින් කතා කරමු !!!

10 comments:

  1. බලමු බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඉදිරිය බලා තීරණය කරන්න.
      ස්තුතියි.

      Delete
  2. අතිශය අසීරු මොහොතක ගන්නා මේ අනගි ව්‍යායාමයට සහෝදරත්වයෙන් සුබපැතුම්!!!
    දිග ගමනක් යමු !

    ReplyDelete
  3. Congratulations...!

    ReplyDelete
  4. සහෝදරයා අමනාප නොවී පොඩිත්තක් අහන්න. ඔබ කියූ පරිදිම අනවශ්‍ය දේවල් කපා හැරලා බැලුවොත්, අපේ රටේ ජීවිත වලට වටිනාකමක් දැන් ලැබෙනවද? බෙහෙතක් ගන්න ගමේ මනුස්සය ඉස්පිරිතාලෙට යනකොට ඒ බෙහෙත ගන්න තවත් කිලෝමීටර් 3-4ක් යන්න වෙනකොට? ඉස්පිරිතාල වලින් වැරදි බෙහෙත් දීල / කල් ඉකුත් උන බෙහෙත් දීල විනාස උන ජීවිත ගැන මොකද හිතන්නේ? ඇතැම් නරක / අමිහිරි අත්දැකීම් අපට නොලැබුනා කියල එහෙම දේවල් වෙන්නේ කියන්න පුලුවන්ද? කෝච්චියේ, බස් වල එල්ලීගෙන වැඩට යන එන මනුස්සයෙක්ගෙන් අහන්න බලන්න ලැබෙන පහසුකම් ප්‍රමාණවත්ද කියල? අධ්‍යාපනේ සාර්ථකද? ළමයින්ගේ අනාගතය සුරක්ෂිතද? ගැහැණු ළමයෙක්ට පාරේ බැහැල නිදහසේ යන්න හැකිද? රටේ නීතිය අකුරටම ක්රියත්මකද? අපි සුරන්ගනලෝක මවල වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි සහෝදරයා. ඔබ කියන දේ ඇත්ත.
      රෝහල්වල බෙහෙත් තිබිය යුතුයි.

      අපි නැති දේට වඩා තියෙන දේ ගැන බලන්න කියන එකේ අර්ථය තමයි මේක. ඇතැම්විට ඔබට රජයේ රෝහලකින් බෙහෙත් වර්ගයක් දෙකක් පිටින් ගන්න කියාවි. ඒ තමයි නැති දේ.
      නමුත් රජයේ සෞඛ්‍ය සේවයේ තියෙන දේවල් ඊට වඩා කොච්චර විශාලද? පූර්ණ සුදුසුකම් සහිත වෛද්‍යවරුන්ගේ වගකීම් සහගත සේවාව ඔබට තියෙනවා. පුහුණු හෙද කාර්ය මණ්ඩලයක සේවාව ලැබෙනවා. ඔබට නිර්දේශ කරන්නේ නම් අවශ්‍ය මට්ටමේ පහසුකම් සහිත නේවාසික ප්‍රතිකාර ලැබෙනවා. පෞද්ගලික අංශයෙන් රුපියල් විසි තිස් දහස් ගණන් පවා ගෙවීමට සිදුවන වෛද්‍ය පරීක්ෂණ, ශල්‍යකර්ම නොමිලයේ ලැබෙනවා. තවත් කොපමණද?

      ඉතින් අර පිටින් ගන්න වෙන බෙහෙත් පෙත්තද ලොකුම? ඒක නිසයි අපි කියන්නේ. තිබෙන විශාල දේට වඩා, නැති සුළු දේ වඩා ඉලිප්පිලා පෙනෙන්නෙ ඇයි? රටේ ආර්ථිකය වර්ධනය වීමත් සමග ඒ අඩුපාාඩුත් නැති වේවි. එතෙක් අපට සුළු කැපකිරීමක් කරන්න ඇත්තටම බැරිද?

      Delete
  5. උඹ මරුවගේ ජොබ් එක පටන් ගත්තද ? කොහොම උනත් හොඳ කතා ටිකක් තියෙනවා... මරු ඈ..
    ..මරුවා

    ReplyDelete
  6. කාලීන අවශ්යතාවයක්. ඔබට සුබ පතනවා.

    ReplyDelete