Wednesday, August 29, 2012

‘ජන සේනා’ යනු වර්ගපූර්ණිකාව - 2 ද ?


මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්‍රශ්නය. ඉතා සූක්ෂම විදිහට රාවණා රජු යොදාගනිමින්, හෙළ ඉතිහාසය කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, ඉතිහාසය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, වර්ගපූර්ණිකාව වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ නෑ. මොකද ඉදිරියේදී මේ වෙනස කාටත් පැහැදිලිවේවි.

ඊළඟ ප්‍රස්නය තමයි ‘ජනසේනා’ එන්නෙ මොකාටද කියල හිතාගන්න බැහැ යයි කීම. මේ කතාව කියන්නෙ සිංහලකම, බෞද්ධකම, වත්මන් ජනතාවාදී පාලනය ගැන නිතර කතා කල සහෝදර ජාතිකවාදීන් කීපදෙනෙක්. ඒක නිසා අපට ඒක වැදගත්. මේ පැහැදිලිකිරීම ඒ වෙනුවෙන්.

පහුගිය ජනාධිපතිවරණයේදී ගරු ජනාධිපතිතුමා ඇතුළු සන්ධාන රජය සමස්ත චන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබාගනිමින් ජයග්‍රහණය කලා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. විශිෂ්ඨ යුද ජයග්‍රහණය ගැන ජනතාවගේ ඉහලම ආකාරයේ කළගුණ දැක්වීමක්. නමුත් ඒ ජයග්‍රහනයෙන් වසර කීපයක් ඉක්ම යන්නටත් මත්තෙන් අද අපිට උදේ හවා ඇහෙන්නේ මොනවද? ලංකා ඉතිහාසයේ දුර්දාන්තම ආණ්ඩුව මෙය බවයි. දුර්දාන්තම ජනාධිපතිවරයා රාජපක්ෂ මැතිතුමා බවයි. අපි අහන්නේ “මේ කතාව ඇත්තද” කියන එක.

තත්වය කොතරම් ඛේදජනකද කියනවානම් අද ඒ ප්‍රස්නය අහන අයව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ වර්ගපූර්ණිකා ජාතියේ විහිලුකාරයන් විදිහට. ඔවුන් අසාධාරණත් නෑ. ජනාධිපතිතුමාට එරෙහි අපහාස, අවලාද, මඩ හැරුණාම ජනමාධ්‍යයන්ගේ මේවා ප්‍රස්න කරන්නන් නැතිම තරම්. යම් කාලයක් එහෙම කරගෙන ආපු අයත් අද වන විට ඉස්ලාම් විරෝධය, බිලිපූජා විරෝධය වගේ බොහොම පටු තැන්වලට වැටිලා. කණගාටුදායකයි.

ඒකටත් සාධාරණ හේතු ඇති. අද වෙනකොට රජය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ මහින්ද අබේසුන්දර වැනි වාචාලයින්. (අන්න නියම වර්ගපූර්ණිකා කවටයින්) ඒක නිසා රජය වෙනුවෙන් පෙනී සිටින්නන්ද මහින්ද අබේසුන්දර වැන්නන් අයත් වන කටු ලොවින්නන්ගේ කුලකයට වැටෙනවා. කවුද ඒකට කැමති?

පැහැදිලිව කියන්න ඕනෙ අපි ගැටළු සාකච්ඡා කරන්නෙ වෙනස් මානයකින් බව. මේක දීර්ඝකාලීන සාකච්ඡාවකින් පසු ආපු අදහසක්. අපි එය අත්හදා බලනවා. උදාහරණයක් විදිහට වවුනියාව බන්ධනාගාරයේ සිදුවීම ගමු. අතිමානුෂවාදීන් තවමත් මේ ගැන කිඹුල් කඳුළු හෙළනවා. රජය උනත් මේවාට උත්තර දෙන්නෙ යම් අපහසුතාවකින්. නමුත් මේ ගැන සේරුනුවර ගොවියෙකුගෙන් ඇහුවොත් දෙන උත්තරේ අපි අමුතුවෙන් කිවයුතු නෑ නේද? අපි කරන්නේ ඒ උත්තරේ බ්ලොග් අවකාශයට ගේන එක. මොකද අපි විශ්වාස කරනවා ඒක තමයි ප්‍රායෝගික හරි උත්තරේ කියලා.

දැන් පඬිවරු රොත්ත මේකට බුරාගෙන පනී. නමුත් මේ කියන්නෙ අපි කරන දේ. සයිබර් අවකාශයේ ජාතිකවාදීන්ට අපිව නොවැටහෙන්නෙ මේ නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් ජනප්‍රිය විදිහ තමා රජයේ මොකක්හරි ප්‍රස්නයක් ඇදුනොත් උත්තරේ හැටියට දෙන්නෙ රනිල්ගෙ බටලන්ද, ජයලත්ගෙ කොටි සම්බන්ධතා වගේ ප්‍රශ්නෙට අදාල නොවන මැටි මෝල් උත්තර. තාවකාලිකව කටින් ගසා ජයගැනීමක් විනා ප්‍රශ්නය එහෙමමයි.

හෙජින් ගිවිසුම ගැන අහනකොට කෝප් වාර්තා ගැන කියල වැඩක් නෑ. ඕනෑම ප්‍රශ්නයක් තුලම හරි උත්තරේ තියෙනවා. දිය යුත්තේ ඒක. ජනමාධ්‍යවල කෙරුමන් වන දැන උගත් බුද්ධිමත් යැයි කියාගන්නා මිනිස්සුන්ට නොපෙනෙන ඒ උත්තරේ ගෝනගම, මොරවැවේ, කැකිරාවෙ, රිදීගම, ආනවිලුන්දාවෙ, වාරියපොල සාමාන්‍ය ගැමියන්ට පේනවා. අනික ඒ උත්තරේ දෙන්න බිය විය යුතුත් නෑ. මොකද කවුරු මොනවා කිව්වත් මේ ගැමියන් ඉතිහාසයේ නිවැරදියි.

පැහැදිලිව අපි ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ රජයේ විවිධ වැරදි තිබෙන්න පුලුවන්. ඒ වැරදි වලට ඇත්ත හේතු අපිත් හොයනවා. ජනාධිපතිතුමාටත් නිසිලෙස පාලනය කරගන්න අසීරු විවිධ බලවේගයන් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. ඒකට විසඳුම ආණ්ඩුව ගෙදර යවන එක නොවෙයි. ඊට පස්සෙ කවුද ගේන්නෙ? කවුරුහරි පිස්සෙක් ගෙනත් ඉන්දවන එක ලේසියි. නමුත් පිස්සෙක් යටතේ ජීවත්වෙන එක ලේසියි කියලා හිතනවද?

අපිට අවලාද නගන්නන්ට අපි අභියෝගයක් කරනවා. මිනිස්සු ගහක අත්තකට නැගලා අත්ත මුලින් කපන්නෑ. පුළුවන්නම් ‘මහින්ද රාජපක්ෂ වෙනුවට ජනාධිපති පුටුවේ වාඩිකරවන්න පුළුවන්’  එක දේශපාලන පක්ෂ නායකයෙකුගෙ නමක් කියන්න. හෙට මේ බ්ලොගය වහල දානවා.
(දෙකොණින් සිනහා යන නම් යෝජනා කිරීමෙන් වලකින්න)

28 comments:

  1. උඹගේ මේ බ්ලොග් වහන්තරාව වර්ගපූර්ණිකාවට සමාන කරල වර්ගපූර්ණිකාවට අපහාස කරන්න එපා. ඌ අපිට ආතල් දෙද්දි උඹ රෙඩි නැතුව කඩේ ගිහින් ආතල් දෙන්නෙ ලොක්කට මිසක් මේක බලන අයට නෙමෙයි. ඒක නිසා එක්කො උඹත් මරුව වගේ කමෙන්ට් නැතුව කඩේ පලයන්. එහෙමත් නැත්නම් රෙදි ඇඳගෙන මැදහත් සිතින් කඩේ පලයන්.

    ReplyDelete
  2. //හෙමත් නැත්නම් රෙදි ඇඳගෙන මැදහත් සිතින් කඩේ පලයන්.

    අර දේවක ජයසූරිය වගේ වෙන්ටෑ?

    ReplyDelete
  3. හොද පැහැදිලි කිරීමක්. ප්‍රස්න නමි තව තියෙනවා. නමුත් බලමු.

    ReplyDelete
  4. අදහස හොඳයි. කරල බලමු.

    ReplyDelete
  5. එම්බා ජනසේනය, තා මාගේ පෝස්‍ටුව සොරකම් කළේ කිම?

    ReplyDelete
    Replies
    1. අසික්කිත වැඩ කරන්ඩ එපා හලෝ. ලියන්ඩ තවත් බොරු නැත්තං පැත්තකට වෙලා නිකං ඉන්නවා. ඔහෙලා වගේ තේරුමක් නැති දේට කාලෙ නාස්තිකරන උන් එක්ක කවුරු ආවත් මේ රට හදන්න බෑ.

      Delete
    2. ඕවා ගණන් ගන්න එපා මීයෝ, මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන චන්ද දැන්වීමක්. එකට උඹේ පොස්ටුව හොරකම් කරලා තියෙන්නේ, මරා කඩේ පොස්ටුවක් ගැනීමට විය හැකි

      Delete
    3. ජනසේනය, අපගේ පාථකයින් සියල්ලම ලිපියේම බැක් ලින්ක් එකක් හරහා ඔබ වෙත එවීම ම මදිද? සිතා බලන්න.

      වර්ගපූර්ණිකාවෙ බ්ලොග් ලයිස්තුවටත් මෙය එක් කළා.

      Delete
    4. අනේ මීයෝ තොගේ හෙරකම් කරන්න තරම් දේවල් තියනවද?
      හැමදාම පට්ට බොරුවක් ලියයි. නැත්තන් කුණුහරැපයක් ලියයි.
      තෝ තමයි පරසුද්දගෙ film කෑලියි images වගෙු ඒව දාගෙන විහිලු සපයන්නෙ.අවලමා.

      Delete
    5. හුටා දැන් තමා හරියටම තේරුනේ. මි ජයා 'ජන සේනා' ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ 'ජන සේනා' මි ජයා ගේ යළුවෙක්ගේ වැඩක් නැතනම් මී ජයාගෙම වැඩක්. කොහොම වුනත් 'ජන සේනා' කියන්නේ වර්ගපූර්ණිකාව ආරේ බ්ලොග් එකක් නොවන බව පැහැදිලියි. හැබැයි මේ දෙකේම එක සමානකමක් තියනවා.

      වර්ගපූර්ණිකාව කරන්නේ අතීතයක් තිබුණා යයි කියන වර්ථමානයක් හෝ පැහැදිලි අනාගතයක් නැති රටක රජෙක් ගැන ලියන එක. ජන සේනා කරන්නෙත් ඒකමයි.

      හැබැයි ලොකුම වෙනස තමා වර්ගපූර්ණිකාව මෝඩයින්ගේ මෝඩකම් වලට 'ප්‍රහසනයෙන්' පහර ගහනකොට ජන සේනා මෝඩයින්ව 'බොක්කෙ ටෝකෙන්' අන්දනවා.

      Delete
    6. ජනසේනයා මගේ ලිපිය හොරකම් කරපු එක අමතක කරල, මේකට ලින්ක් එකක් දැම්මේ මේක ඇත්තටම වර්ගපූර්ණිකාව 2 කියල හිතලයි. බැලුවාම ජනසේනයත් මට කොළේ වහපි.

      Delete
  6. වර්ගපූර්ණිකාවත් එක්ක සන්සන්දනේ කරලා ඒකට අපහාස කරන්න එපා...
    බංකොලොත් රජයක් ගැන දාන මේ වහන්තරාවට වඩා වර්ගපූර්ණිකාව අපට හොදා..

    ReplyDelete
    Replies
    1. බංකොලොත් රජයත් එකයි වර්ගපූර්නිකාවත් එකයි.
      දෙකෙන්ම බොරු පිබිනව.

      Delete
    2. ඊ නිවුස්, ත්‍රිමාණ, මධ්‍යස්ථානය, බූන්දි එහෙම කියන්නේ පෙරාපු රත්තරං ඇත්ත වෙන්ටෑ

      Delete
  7. වර්ගපූර්නිකාව මොන පඩංගුවක්ද බං? අපේ ඇත්ත ඉතිහාසෙට හිනාවෙන එක උන් කරන්නෙ. කාලකන්නි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉතිහාසේ කොහෙද බං, මීයා ලියන මැජික් ඉතිහාසේ ඒක

      Delete
  8. චම්පික රණවක.
    (දැන් බ්ලොග් එක වහපං)

    ReplyDelete
  9. ‘ජන සේනා’ යනු වර්ගපූර්ණිකාව - 2 ද ?

    වර්ගපූර්ණිකාව කවුරු ලීවත් එය පට්ටම නිර්මාණශීලීය ... එහි මනාව හාස්‍යය උපහාසය ගැබ්ව ඇත
    ජනසේනා යනු රෙදි නැතුව ආණ්ඩුවට කඩේයන බ්ලොගයකි

    ReplyDelete
  10. මූසල මීජයා වර්ගපූර්නිකාව කියා හෙල ඉතිහාසය විකෘතිකරමින් කරන මඩ ව්‍යාපාරයට වඩා අන්ඩුවට කඩේ ගියත් හොදයි. මීවනපළානේ ජයරත්න යනුවෙන් අන්වර්ත නාමයක් යොදා සිටින්නේ මීවනපලානේ හිමි ට හා ජයරත්න පතිආරච්චි යන අයට අගෟරව වනසේය.
    සාධාරණ ලෙස කමෙන්ට් පල නොකරන,මීයාට පක්ෂ කමෙන්ට් පමනක් පල කරන කාලකන්නි බ්ලොගයක් ලෙස වර්ගපූර්නිකාව හැදින්විය හැකිය.
    මීවනපළානේ ජයරත්න ලෙස පෙනී සිට රටටම වින කරන වෘශබවර්ධනයා ගැන ඉදිරියේ දී හෙලි කිරීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. මී ජයා මහත්තයා අපේ විදූ මලය දැන් උඹේ බඩියද? අඹුවද? යන යන තැන උඹව පන්නනවනේ.

      Delete
    2. මීජයා යනු පෙර භවයකදී ජයසේනයායි. මා කුණ්ඩලීනී යෝගයෙන් අනිමා ශක්තිය ගෙන කාලය හරහා ගමන් කරද්දී, ජයසේනයාව ගෙන නොගිය නිසා ඒකේ පරහට මෙලෙස මා අඹා එයි.

      අනික ජයසේනයා සහ ජනසේනයා අතර සම්බන්ධකම බලන්න. මෙම බ්ලොග් එක විදූගේ වැඩක් වීමට ත් පුළුවන්.

      Delete
  11. සරත් පොන්නසේකාAugust 29, 2012 at 11:26 PM

    මහින්ද රාජපක්ෂ වෙනුවට චම්පික රණවකව ජනාධිපති පු‍ටුවේ වාඩි කරවන්න පුළුවන් කියල සමහරු කියනව. ඒ ගැන බලමු.

    දැනුම සහ කළමනාකරන හැකියාව අතින් නම් ඔහු ජනාධිපති කමට සුදුසුයි තමයි.

    නමුත් ඔහුට ජනාධිපති වීමට හැකියාවක් තිබෙනවද? ජනාධිපති තනතුර ලබාගැනීමට මුළු රට වටේම ඡන්ද ගන්න ඔහුට පුළුවන්ද? එහෙම හැකියාවක් තිබෙනවනම් ඔහු චාටර්ම අමාත්‍යාංශයේ ඇමති තනතුර දරාගෙන නිකම් ඉඳීවිද? අඩුම තරමේ ඔහුට ජාතික හෙළ උරුමයේ නායකයා වෙන්නවත් බැරි වුණානේ.

    දැන් කවුරු හරි කියන්න පුළුවන් මහින්දත් නැගල ආවෙ අන්තිම කාලයේ නිසා චම්පිකත් ඒ වගේ අනාගතයේදී ඉස්මතුව් වේවි කියල. එහෙනම් අප දැනගත යුතුයි එදා මාළු මහින්ද සහ අද ජනාධිපති මහින්ද දෙදෙනෙක් බැවින්, අද සිටින චම්පික සහ අනාගතයේ සිටින චම්පිකත් දෙදෙනෙක් බව. අනාගතයේදී බිහි වන චම්පිකගේ සුදුසුකම අද නැත. එනිසා අනාගතයේදී චම්පික මෙහෙම වේ යැයි සිතා අද ඔහුව ජනාධිපති පු‍ටුවේ ඉන්දවීමට නොහැකිය.

    තමන් ඡන්දය ඉල්ලා බලයට පත් වූ විට තවත් කෙනෙක්ව ජනාධිපති පු‍ටුවේ ඉන්දවීමට කතා කරන තරම් පොල් බූරුවන් සිටින්නේ බ්ලොග් අවකාශයේ කොමෙන්ට් කරුවන් අතර බවත් කිව යුතුය.

    ReplyDelete
  12. "පැහැදිලිව අපි ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා." - මේ පැදුර ලියන්නේ නමක් ගමක් තියෙන එකෙක් නොවෙයිද? ළඟදි පැදුර අකුලගෙන යන්න ලෑස්ති වෙන්න. ඈ බං vidu, මේක උඹේ අඩවියද? මට නම් සිංහලෙන් බ්ලොග් ලියන එවුන් තිත්ත වෙලා. උඹලට සුද්දගෙ කටු කන මහේන්ද්‍රල, රනිල්ල, ටිල්වින්ල අගේ වුනාට උන් ඔක්කොම යන දේවාලෙකට ළඟදිම පෝඩා. උඹට ජීවත් වෙන් වෙන මගක් නැත්නම් ඕක කරපන්.

    ReplyDelete
  13. අනේ මේ මොකක්ද බන් උබලා කොමිටල් සයිට් දාගෙන කරන්නේ? මොකක්ද මේවයේ අරමුන? අරු එහෙන් වර්ගපුර්නිකා කියලා රාවන පිස්සුවක් නට නටා ෆුල් ආතල් එකක් දෙනවා. උබලා අන්ඩුවට කඩේ යනවා වගේ කොමිටල් නට නටා ආතල් දෙනවා. මොකක්ද මෙකේ තේරුම? උබලා ඔක්කොම එකම කන්ඩායමද?

    ReplyDelete
  14. මුන් අතල් දෙනවද , අපෙන් ආතල් ගන්නවද මන්ද?

    ReplyDelete