Monday, November 3, 2014

රාජපක්ෂ පරාජය කල හැකි නොවරදින ක්‍රමයක්.

එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ගොයියා (බයියා) පරාජය කිරීමට දත කට මැදගෙන සූදානම්වන පින්වත් පොදු අපේක්ෂක දරුවනි,
මෙන්න ඒ සඳහා නොවරදින ඔත්තුවක්.
මුදල් එපා.......
හරිගිය පසු තෑගිත් එපා...... 

ඔහෙලාගේ පොදු අපේක්ෂක ආණ්ඩුව යටතේ අපි කරන කියන රස්සාවක් කරගෙන යහතින් ඉන්න දුන්නොත් හොඳටම ඇති...........
මෙන්න ක්‍රමය.

මුලින්ම ලංකාවේ සන්ධානෙට හොඳටම චන්දෙ තියෙන ආසනයක් හොයාගන්න. දැන් ඒකෙන් පණ ගියත් ජනාධිපතිතුමාට චන්දෙ දෙන ජාතියේ ගමේ බයියෙක් තෝරාගන්න. ඉන් අනතුරුව ඒ බයියාගේ ගෙදර සතියක් නවතින්න ක්‍රමයක් සලසා ගන්න.
දැන් කලයුත්තේ සුළු දෙයක්. ඒ සතිය ඇතුලත ඒ බයියා ජීවත්වන විදිහ, ආදායමක් ලැබෙන විදිහ හොඳින් හදාරන්න. මෙයට අවුරුදු 10 කට කලින් ඒ බයියා ජීවත් වුනු විදිහත්, දැන් ජීවත් වෙන විදිහත් අතර වෙනස අසා දැනගන්න. ඒ කියන්නේ මෙයට වසර 10 කට පෙර ඒ බයියා කාපු බීපු විදිහ.... ගමන් බිමන් ගිය විදිහ.... ගේ දොර තත්වේ වගේ දේවල්.
ඊළඟට ඔය බයියා ජීවත්වෙන ගම මීට අවුරුදු 10 කට පෙර තිබුනු විදිහ සහ දැන් තියෙන විදිහ අතර වෙනසත්.

මතක ඇතුව ඔය වෙනස්කම් සියල්ල හොඳින් ලියාගන්න.

දැන් ආපහු ගෙදර (හෝ පක්ෂ මූලස්ථානෙට) ඇවිත් ඉදිරි අවුරුදු 10 තුල ඔය සමාන වෙනසක් කල හැකි මහින්ද රාජපක්ෂ හැර වෙන  එකෙක් හරි ඉන්නවනම් ඌව පොදු අපේක්ෂකයා කරගෙන චන්දෙට යන්න.

ඔබ දිනනවා සිකුරුයි.
කරලම බලන්ටකෝ...............!!!

No comments:

Post a Comment