Wednesday, November 5, 2014

බබ්බු බලන්න එපා.. 18+

අමු සිංහලෙන් මේ කියන්නෙ.. බබ්බු බලන්න එපා.. 18+ නෙමෙයි කැමති එකක් දා ගනිල්ල..
.
.
.
.
.
..
.
.
.
.
.

සීදූව පොලිස් පොතේ ලියැවී ඇති අපචාර ක්‍රියාවන්ගෙන් සැලකිය‍ යුතු ප්‍රමාණයක් ඇත්තේ ගාමන්ට් කෙල්ලන්ට පේන්න තාප්ප අයිනේ  ජුන්ඩා එළියේ දමාගෙන සිටි වරත්තුවන් ගැනය. මෙය මානසික විකෘතිතාවයකි.


මෙම විකෘතියෙන් පෙළෙන්නන් ස්ත්‍රී පුරුෂ, වයස්, අධ්‍යාපනික බේදයකින් තොරව සමාජයේ ඕනෑ තරම් සිටිති. පෙර කරන ලද යම් කුසලයක් නිසා උසස් අධ්‍යාපනයක් ලබා බිළි බිය ඇතිකරගත් මෙවන් විකෘති කාමාතුරයන්ද ඕනෑ තරම් සිටිති.

ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය තාප්පයක් අයිනේ ජුන්ඩා එළියේ දමාගෙන සිටීමට තරම් ගටක් නැති කමයි. ඒ නිසා ඔවුන් ජුන්ඩා දික්කරන් ඉන්නේ ෆේස්බුක් තාප්ප අයිනේය. 

පාරේ තාප්ප අයිනේ සිටින විට පාරේ යන එන වුන්ට අනිවාර්යෙන් පෙනෙන නිසා අමුතුවෙන් දැන්වීම ගැසීමට අවශ්‍ය නැත. නමුත් ෆේස්බුක් තාප්ප අයිනේ එසේ නොවේ. ෆේස්බුක් හි සිටින පාසැල් වයසේ ඉන්න පොඩි දරුපැටව්, මල් කැඩීම සඳහාම පැමිණෙන කොල්ලන් කෙල්ලන් ෆේස්බුක් තාප්ප වල ඇති පතරංග හෑලි කියවන්නේ නැත. එනිසා තමුන්ගේ ලිංගික යාදිනි ඔවුනගේ ඇස ගැටෙන්නට ඇඩ් එකක් මුලින්ම එල්ලිය යුතුය.
 
අමු සිංහලෙන් මේ කියන්නෙ.. බබ්බු බලන්න එපා.. 18+ නෙමෙයි කැමති එකක් දා ගනිල්ල..


එතැන් සිට ඇත්තේ අමු තිත්ත කුණුහරුපය. විශේෂත්වය වන්නේ මේ සියළු කුණුහරුප වපුරන්නේ බුකියේ සිටින චීත්තයක් දෙකක් වෙනුවෙනි. මේවා ලිවීමෙන් සහ විශේෂයෙන් කාන්තාවන් සහ කුඩා දරුවන්  මෙම අමු තිත්ත කුණුහරුප කියවනවා යයි සිතාගැනීමෙන් මේවා ලියන්නන් යම් ආකාරයක ලිංගිකමය තෘප්තියක් ලබයි.


මෙම ලිංගික අසහනකරුවන් ගැන අප දැනට ලියන්නේ මෙපමණකි.  ප්‍රසිද්ධ මාධ්‍යයක මානසික රෝගීන් හෙළිදරව් කිරීම නුසුදුසු දෙයක් බැවිනි. මේ ඔවුන්ට කෙරෙන අවසන් අනතුරු හැඟවීමයි. මෙම මානසික රෝගීන් මෙය නොතකා ඔවුන් තවදුරටත් මෙම සමාජ වීරෝධී අපචාරයෙහි යෙදෙන්නේ ඔවුන්ගේ නම් නම් ගම් සහිත සම්පූර්ණ මනෝ විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඉදිරියේදී පළ කෙරේ.


(මෙවන් ලිංගික අසහනකරුවන් ගැන මෙය කියවන ඔබත් දන්නේනම් මෙම අනතුරු හැඟවීම ඔවුනට පෙනෙන්නට ෂෙයාර් කරන මෙන් ඉල්ලමු)

Monday, November 3, 2014

රාජපක්ෂ පරාජය කල හැකි නොවරදින ක්‍රමයක්.

එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ගොයියා (බයියා) පරාජය කිරීමට දත කට මැදගෙන සූදානම්වන පින්වත් පොදු අපේක්ෂක දරුවනි,
මෙන්න ඒ සඳහා නොවරදින ඔත්තුවක්.
මුදල් එපා.......
හරිගිය පසු තෑගිත් එපා...... 

ඔහෙලාගේ පොදු අපේක්ෂක ආණ්ඩුව යටතේ අපි කරන කියන රස්සාවක් කරගෙන යහතින් ඉන්න දුන්නොත් හොඳටම ඇති...........
මෙන්න ක්‍රමය.

මුලින්ම ලංකාවේ සන්ධානෙට හොඳටම චන්දෙ තියෙන ආසනයක් හොයාගන්න. දැන් ඒකෙන් පණ ගියත් ජනාධිපතිතුමාට චන්දෙ දෙන ජාතියේ ගමේ බයියෙක් තෝරාගන්න. ඉන් අනතුරුව ඒ බයියාගේ ගෙදර සතියක් නවතින්න ක්‍රමයක් සලසා ගන්න.
දැන් කලයුත්තේ සුළු දෙයක්. ඒ සතිය ඇතුලත ඒ බයියා ජීවත්වන විදිහ, ආදායමක් ලැබෙන විදිහ හොඳින් හදාරන්න. මෙයට අවුරුදු 10 කට කලින් ඒ බයියා ජීවත් වුනු විදිහත්, දැන් ජීවත් වෙන විදිහත් අතර වෙනස අසා දැනගන්න. ඒ කියන්නේ මෙයට වසර 10 කට පෙර ඒ බයියා කාපු බීපු විදිහ.... ගමන් බිමන් ගිය විදිහ.... ගේ දොර තත්වේ වගේ දේවල්.
ඊළඟට ඔය බයියා ජීවත්වෙන ගම මීට අවුරුදු 10 කට පෙර තිබුනු විදිහ සහ දැන් තියෙන විදිහ අතර වෙනසත්.

මතක ඇතුව ඔය වෙනස්කම් සියල්ල හොඳින් ලියාගන්න.

දැන් ආපහු ගෙදර (හෝ පක්ෂ මූලස්ථානෙට) ඇවිත් ඉදිරි අවුරුදු 10 තුල ඔය සමාන වෙනසක් කල හැකි මහින්ද රාජපක්ෂ හැර වෙන  එකෙක් හරි ඉන්නවනම් ඌව පොදු අපේක්ෂකයා කරගෙන චන්දෙට යන්න.

ඔබ දිනනවා සිකුරුයි.
කරලම බලන්ටකෝ...............!!!

Thursday, June 5, 2014

අයියෝ ගූගල්



රාජපක්ෂවරුන්ට එරෙහි තවත් දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත්ව ඇත. ඒකට අනුව ගූගල් සමාගම ලංකාවේ හුදී ජනයා ගැන මහා කරුණාවෙන් ලංකාවේ කාර්යාලයක් පිහිටුවන්නට ඇවිත් ඇත. ආණ්ඩුවේ ලොක්කෙක්  උන්ගෙන් කොමිස් ඉල්ලීම නිසා උන් ආපහු ගිහින් ඇත.

ආණ්ඩුවේ බලවතා කර ඇත්තේ විශාල වැරැද්දකි. ගූගල් කාර්යාලේ ලංකාවේ පිහිටෙව්වානං මේක කිරියෙන් පැණියෙන් ඉතිරී හාල් මිල රුපියල් 40 ට බසිනු ඇත. සමෘද්ධිලාභී පවුල්වල  තරුණ තරුණියන් ලක්ෂ 15 කට විතර මාසෙට ලක්ෂ එකහමාරේ පඩියට රස්සා ලැබෙනු ඇත.  සියළු විදුලි බලාගාර කොළඹට ගෙනැවිත් එවායේ ටර්බයින් ගලවා ගූගල් එන්ජිමට හයිකොට ලංකාවටම නොමිලේ විදුලිය දෙන්නටද තිබුණි. ආන්ඩුවේ බලවතාගේ කැත වැඩේ හින්දා නැතිවෙලා ගියේ ඒ වගේ අනර්ඝ අවස්ථාවකි.

මේ ‍වගේ බොරු ප්‍රචාරයක් ඇත්තම වගේ ප්‍රචාරය කරන ලංකා ඊ නිවුස් වැනි කාලකන්ණි ගොබ්බයින්ට කියන්න ඇත්තේ මේ ටිකය. ගූගල් සමාගම වැනි බහුජාතික ජාවාරම්කාරයින්ට ලංකාවේ මිනිස්සු ගැන මොනම කැක්කුමක්වත් නැත. උන්ට අවශ්‍ය ලාභය පමණකි. එසේ වුවත් නවීන දියුණු ලෝකය හා බද්ධ වීමට උන්ගෙන් ඇති ප්‍රයෝජනය සලකා උන්ට මෙහි කාර්යාලයක් අරින ලෙස ආරාධනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාය. ඒ ආරාධනය මත ගූගල් සමාගම ලංකාවට එවුවේ උන්ගේ පහලම ශ්‍රේණියේ නිලධාරින් තුන්දෙනෙකි. උන් ඇවිත් හෙව්වේ ලංකාවේ ආයෝජනය කිරීමෙන් උන්ට කොපමණ ලාභයක් ගරා ගත හැකිද යන්න පමණි. මහලොකු ලාභයක් කෙටි කලකින් ගරාගත නොහැකි බව දැනුනු විට උන් ගියේය. එපමණකි.

උන් ලංකාවේ කාර්යාලයක් ඇරියත් නැතත් ගූගල් කොහොමත් නොමිලේය.  සිදුවූ එකම පාඩුව රස්සා 10 ක් නැතිවීම පමණි. රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න ඕනෑම අසූචි ගොඩක් බදාගන්නා විපක්ෂයේ සූකරයන්ට ඕක මහ ලොකු බක්කක් උනාට ලංකාවේ පොදු ජනයාට එහෙම නැත. රාජපක්ෂලා කල එකම වරද ‘අනේ යන්න එපා’ කියමින් ගූගල් කාරයින්ගේ දෙපාවල එල්ලුනේ නැති එකය. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ඒ වරදට කැමතිය. මොන අඩුපාඩු තිබුණත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු රාජපක්ෂලා දිනවන්නේ ජාතිය සතු ඒ අභිමානය පර සුද්දන් හමුවේ පාවා නොදෙන අසමසම නායකත්වය නිසාය.

Monday, June 2, 2014

ජනසේනා කරන්නේ කවුද?



“ජනසේනා” බ්ලොග් එක දැන් නොලියන්නේ ඇයි කියල බොහෝ දෙනෙක් අහනවා. අපෙත් අදහසක් තියෙනවා මේක නැවත ලියන්න පටන් ගන්න. නමුත් කාලය තමයි ප්‍රස්නේ. ඒ අතරේ මිතුරන් කිහිපදෙනෙක්ම දැනුම් දුන්නා ජනසේනා බ්ලොග් එක ලියන්නේ අහවලුන් යයි කියමින් ඇතැම් බංකොලොත් පුද්ගලයන් ෆේස්බුක්හි සිටින වෙනත් අයට මඩ ගසන ව්‍යාපාරයක් ගෙනියන බව. 

මුලින්ම කියන්න තියෙන්නේ මේකට සම්බන්ධ අපි කවුරුවත් ෆේස්බුක් හි එතරම් ක්‍රියාකාරී පිරිසක් නෙමෙයි. ඇත්තටම අපිට ඕවගේ නාස්ති කරන්න තරම් කාලය නැහැ. ඒක නිසා ඒ චෝදනා වැරදි බව තරයේම කියා සිටිනවා.

අපේ පැටිකිරිය හොයන කසිකබල් වාමාංශිකයන්ට කියන්න තියෙන්නේ මිනිස්සු පස්සේ පන්නන්න හදන්නේ නැතුව අදහස් පස්සේ පන්නන්න කියලා. මේක කිව්වට වැඩක් නෑ කියලා දන්නවා. ඉතිහාසයේ ඉඳන්ම  වාමාංශිකයන් කියන්නේ බණපොත වගේ මාක්ස්වාදය අදහන ගමන් තමුන්ගේ අසල්වැසියන් දිහා නිතර සැකයෙන් බලං ඉන්න වනචාරින් පිරිසක්. උන් හිතං ඉන්නවා උන් තමයි මේ ලෝකේ උතුම්ම දේවල් දන්නේ කියලා. ඒක නිසා වටේ පිටේ ඉන්න අනික් මිනිස්සු උන්ගේ අති උතුම් කිරි කලේට ගොම දාන්න බලං ඉන්න හරක් ගානට තමයි ගනං ගන්නේ. උන්ගේ මනෝරාජික කොමියුනිස්ට් ස්වර්ගය බිහිකරන්න වාමාංශික නොවන සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් උනත් මරලා දැම්මට කමක් නෑ කියලයි උං හිතන්නේ. 

මේක සමාන වෙන්නේ ඉස්ලාම් මූලධර්මවාදී මේනියාවට. දස ලක්ෂ ගණන් අහිංසක මිනිස්සු කුරිරු ෂරියා නීතියේ දංගෙඩියට බිලිවෙලා තියෙනවා වගේම වාමාංශික යයි හිතාගෙන ඉන්න මානසික ලෙඩ්ඩුන්ගේ ම්ලේච්ඡ ලේ පිපාසයට මේ ලෝකේ අහිංසක මිනිස්සු දස ලක්ෂ ගාණක් බිලිවෙලා තියෙනවා.

ඒක නිසා අපිට විරුද්ධව අවලාද නගන වමාංශික ළදරුවන් ගැන අපි හොඳට දන්නවා. මේ රටේ මිනිස්සුත් දන්නවා. ඔය ලෙඩේට අපි ළග ඕනෙතරම් බෙහෙතුත් තියෙන බව කියන්න ඕනේ.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ජනසේනා කරන්නෙ මොකාද කියලා හොයන ඔය කාලකන්ණි ගතිය අතෑරලා ජනසේනා අපි කියන්නේ මොකද්ද කියලා සිහිබුද්ධියෙන් බලන ලෙසයි. ශරීර පස්සේ එලවන්න ඔච්චරම ආසනම් අපිත් රෙඩි. උඹලට නැති ටී.ආර්.සී එක අපිට තියෙනවා. හැප්පෙන්න ඕනෙමනම් හැප්පිලා බලමු.