පහත දැක්වෙන්නේ “ඊමේල්කවිකාරිගෙ කතන්දර” හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව බ්ලොග් එකෙන් උපුටාගත්තු
කොටසක්. උපුටාගැනීමේ තහනමක් ගැන සඳහනක් තිබ්බෙ නැති හින්දා මේකෙ එච්චර වැරැද්දක්
නැතුව ඇති.
ඒකෙ අන්තිමට පලවෙලා තියෙන 6% මේ මට අදාල පැත්ත පමණයි!!! කියන ලිපියෙන් තමා
මේ කොටස උපුටා ගත්තෙ. ඒ ලිපියෙ තියෙන දේවල් ගැන නෙමේ අපි කතා කරන්නෙ. වෙනම
කාරණයක්.
(මුලින්ම කියන්න ඕනෙ මේක ලියපු කෙනා ඉතා අවංකව තමුන්ගෙ අත්දැකීම් ලියලා
තියෙනවා කියල හිතනවා. ඒක අගය කරනවා.)
අධ්‍යාපනයට සීයට හයක් දෙන්ඩ කියල මහින්ද මහත්තයගෙන් ඉල්ලලා පයින් ගිය ඊනියා
මධ්‍යම පාන්තික බුද්ධිමතුන් අරගල සෞන්දර්යය අත්විඳින හැටි තමා අපි මේ පෙන්නන්නෙ. හරියට
යාල කැලේ සෆාරියක් ගියා වගේ.
“දැං
මම කියන්නම් පසුගිය 27වනදා මා කලුතර සිට පා ගමනට එකතු උනේ ඇයි කියලාත්, මා ගමන අත්වින්ද හැටිත්.
කවදාවත්
මෙවන් දෙයකට මා එකතුවී නැහැ. ගමනට පිටත් උනේ බස් එකේ. බස් එකේ යනකොට වෙනද යනවට
වැඩිය අඩි කීපයක් උඩින් යන්නෙ. වෙනදට පේන තාප්ප වලට උඩින් ඒ ගෙවතුවලට එබෙන්නට
අව්ස්තාවක් ඒක,
ඉතිං මා එය හොඳින් වින්දා කලුතරට යනතුරුම.
පා
ගමන පිටත් උනාට පස්සෙ දැක්කෙ පාරෙ මිනිසුන් අඩියෙන් අඩියට වාගේ මොනවා හරි දෙයකින්
සංග්‍රහ කරනවා. පටන් ගත්තෙ මෙන්ටෝස් වලින්. ඉන් අනතුරුව, බිස්කට්
වර්ග, කඩල පැකට්, අයිස් බීම
පැකට්, තැඹිලි, බෙලිමල් වතුර,
පැනි බීම වර්ග, මාලුපාන්, රටකජු තව මෙකී නොකී දේ. මුලින්ම මම මේවා ප්‍රතික්ශේප කලත් අනෙකුත්
ඇදුරන් ඒවා ප්‍රතික්ශේප නොකලේ මිනිසුන්ගේ ආදරය ඔවුන් ඉතා කැමැත්තෙං බාරගත් නිසා.
අන්තිමට මමත් දෙන ඔක්කොම මගෙ මල්ලට දමා ගත්තා. ඇයි දෙයියනේ ඔහොමත් කෑහැකිද මනුස්ස
පරානෙකට?
දිවා ආහාරයට නැවතීමට කාගේදෝ ලොකු වත්තක් දීල තිබුනා. කට්ටිය වැටිච්ච තැං වලඉඳගෙන කෑම කාල පයිප්ප වලිං වතුර බීවා. මමත් එදා ගෙදරිං පිට උනේ කවදාවත් නොකරපුවැඩ වලටනේ. මමත් ඔය හැමදෙනාම කල දේ කලා. පොදු විපක්ෂයක් ඇතිබව දැක්කෙඑතැනදී තමා. කවුරුත් කිසිම භේදයක් නං නැති පාටක් තමා පෙනුනෙ. අපේ හිටපුහමුදාපතිතුමා දැකබලාගන්ට ලැබුන දෙවැනි වතාවටත්. ඒක සතුටට කරුණක්. එතුම අනෙක්අයවගේම හොඳට ඇවිදලනෙ. මං හිතුවෙ එතුම ඔත්පොල වෙලා කියල නෙව. එතුමටත්රිව්දරත්නයේ පිහිටයි. මගේ කටවහ නොවැදේවා කියා පතනවා. ජවිපෙ අයත් හිටියා.දොස්තර නලින්ද ජයතිස්ස මුන ගැහුනා. සමහර හන්දි වල එක්සත් ජාතික පක්ෂෙ අයරතිඤ්ඤා (ඇතියන්තං ලියා ගත්ත) පත්තු කලා. සමහරු සංග්රහ පැවැත්තුවා. සමහර හංදිවලදිප්ලාස්ටික් වතුර ටැංකිවල සිසිල් බීම දාගෙන බෙදුවා.
එක
තැනකදි අයිස් වතුර බොන පිපාසයක් ඇවිත් කඩේකිං ගත්ත වතුර බෝතලේට කඩේ නෝන සල්ලි
නොගත්තෙ ඇයගෙ දරුවන් විශ්ව විද්‍යාල සිසුන් නිසා. ඇය කීව් ඒ ඇයගේ සම්මාදමයි කියා.
ගමනට මා සම්භන්ද වන්නෙ හතරවන දිනයෙදි. ඒ වනවිට අනෙකුත් සියල්ලන් කලුවී, කරවීහමාරයි. ඇදුරු බිරින්දෑ වරු නම් මුන ගැසුනේ නැහැ. ඇදුරන් හා සිසුන් හිටියා. ඇදුරන්ඉදිරියෙන්. දෙවනුව සිසුන්. ඊටත් පස්සෙ නොයෙකුත් පක්ෂවල අය.
සමහරු දවසක් ඇර දවසක් ගමනට එක්වූඅය. එක් ඇදුරුවරියක් හිටියා කකුල් ඉදිමිලා, යටිපතුල්දියබුබුලු නැගලා නමුත් පස්වෙනි දවසෙත් ඇය ෆොටෝවල ඉන්නව දැක්කා.
හවස
හතර වෙනකොට මාව විසිවෙන ගානට ඇවිල්ලා. ඉතිං අනිත් අයට කරදරයක් නොවෙන්ට කියල මම
පානදුර පහුවෙනකොට බස් එකක නැග්ගා. (රෑ තව සාදයකටත් යන්ටත් තිබුන නිසා).එතකොට 4.30 වෙලා
ඉර බැහැලත් නැහැ. බස් එකේ ඉඳං පාගමන් කරුවන් තිතක් වෙන තුරු බලාන හිටපු මට තොප්පි
ගලවන්ට මතක් උනේ පස්සෙ. කෙනෙක් නැගිටල මට ඉඩ දුන්නෙ ඇදුරු තුමියක් කියල හිතල.
නමුත් මම කිව්ව මම ඇදුරු නොවෙයි කියල. ඒත් ඒ අය කීවෙ ඔවුන් වෙහෙසෙන්නෙ අනාගතයේ
උපදින පරම්පරාවට නිසා ඒගමනට එක්වූ මට අසුන හිමියි කියා. ඉතිං තවත් හිටගෙන ඉන්නට
බැරි නිසාත් ඔවුන් ආසාවෙන් පුදන අසුන නිසාත් මම ඉඳගෙනම ආවා.”
ඉතින් ඔහොමලු වෙලා තියෙන්නෙ. තමුන්ගෙ දරුවන්ට සීයට හය අරන් දෙන්න ආපු (කාර්
එකෙන් බැහැලා බස් එකට නැග්ග) මේ දෙවි දේවතාවුන්ට හැමදාම බස් එකේ යන සාමාන්‍ය
මිනිස්සු (හෙවත් යාල කැලේ ගස් ගල්) බෝම හරසර දක්වලා තියෙන බව තමයි පේන්නෙ. ඒ
ගොල්ලොත් බස් එකේ තාප්ප වලට උඩින් අලි බලලා, දිය කඳුරක් හෙවත් ටැප් එකකින්
දිය බීලා කැලේ ගස්වල ගඩාගෙඩි (හෙවත් මාලුපාන්/නයිස් බිස්කට්/අයිස් පැකට්) කාල බොහොම
විනෝද වෙලා තියෙනවා. ඇඟ පතට තෙහෙට්ටු උනත් අවුරුදු දෙක තුනක් උනත් කට්ටියට කතා
වෙලා රස විඳින්න පුලුවන් එක්ස්පීරියන්ස් එකක්නේ.
අපිට තියෙන බය මීට පස්සෙ කට්ටිය
සෙට් වෙලා යාල කැලේ යනව වෙනුවට අවුරුදු පතා කළුතර ඉඳන් කොළඹට ඔය වගේ සෆාරි ඕගනයිස්
කරන්ඩ පටන් ගනීද කියලයි.