ලංකා ඊ නිවුස් ඊයේ “අන්තරේ පාගමනට රැකියා විරහිත උපාධිධාරියෝ එක්වෙති” යනුවෙන් අපූරු පුවතක් පල කර ඇත. එයින් උපුටාගත්තු කොටසක්
පහත දක්වන්නෙමු.
විශේෂයෙන් උපාධියක්
ලබාගෙන එළියට පැමිණෙන උපාධිධාරීන්ට ඍජුවම වත්මන් අධ්‍යාපනයේ අර්බුදය බලපා ඇත.
උපාධියෙන් පසු රැකියාවක් ලබාගැනීම, කෙසේ හෝ සටන් කර ලබාගත් රැකියාව ස්ථීර නොකිරීම
ආදී වශයෙන් ගැටලූ ගණනාවකට අපට මුහුණ පෑමට සිදුව ඇත. අප විශ්වාස කරන පරිදි මෙරට
නිදහස් අධ්‍යාපනයක් මේ මොහොතේ ඉතිරිව නැත. ඒ නිසා එය දිනාගත යුතුව ඇත.
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු, අධ්‍යාපනය පෞද්ගලීකකරණය නවතනු, පාසල් වැසීම නවතනු, පාසල්වල මුදල් අයකිරීම් නවතනු ආදී පුළුල් සටන් පාඨ ඔස්සේ සංවිධානය වී ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පාගමන හා එක්වන ලෙස සමස්ත රැකියා විරහිත හා රැකියාලාභී උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, මෙම පාගමනට රටේ ජනතාවටද සම්බන්ධ වන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු, අධ්‍යාපනය පෞද්ගලීකකරණය නවතනු, පාසල් වැසීම නවතනු, පාසල්වල මුදල් අයකිරීම් නවතනු ආදී පුළුල් සටන් පාඨ ඔස්සේ සංවිධානය වී ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පාගමන හා එක්වන ලෙස සමස්ත රැකියා විරහිත හා රැකියාලාභී උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, මෙම පාගමනට රටේ ජනතාවටද සම්බන්ධ වන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
පිස්සු හැදිලා
ආයෙත් හැදෙනවා. උසස් අධ්‍යාපනයේ දැනට තියෙන ලොකුම ප්රශ්නය තමයි රැකියා විරහිත
උපාධිධාරියා. මතු පරපුර ගැන මාර කැක්කුමකින් පයින් යන ඔය ආචාර්ය මහාචාර්යතුමන්ලගේ
සාඩම්බර නිෂ්පාදන තමයි අද විවිධ රාජ්‍ය ආයතන වල රස්සා දෙනකං ගාල් කරල තියෙන රැකියා
විරහිත උපාධිධාරියෝ. සීයක් හමාරක් නෙමේ. හතලිස්දාස් ගානක්.
ඉඳගන්ඩ පුටුවක්
නැතුව, කාර්යාලවල පියන්ලගෙත් රැවුම් ගෙරවුම් විඳ විඳ, ලිපිකරු ගෑනුන්ගෙ ආවතේව
කර කර උදේ ඉඳං රෑ වෙනකං කාලය කා දමන මේ අය
දැයේ දරුවො නෙමේ වෙන්ඩැති. මොකද ඔය සීයට හයේ යෝජනා ඇතුලෙ මේ අය ගැනවත්, මේ ගොඩට
ඉදිරියේදී එකතුවෙන්ඩ ඉන්න අසරණයො කන්දරාව ගැනවත් කිසිම කතාවක් නෑ.
කතාවනං සීයට හය
දුන්නාම කැම්පස් වලින් සුපර්මෑන්ල එලියට එයි වගේ. ඔය පයින් යන ඇත්තො කවදාවත් නිකමට
ආපහු හැරිල බලල තියෙනවද තමුන් එලියට දාන උන්ට මොකද වෙන්නෙ කියලා? ඒ එන එන ගානේ
ආන්ඩුවේ රස්සා හද හදා දෙන්ඩ GDP එකෙන් සීයට කීයක් වැඩිපුර වෙන්කරන්ඩ වෙනවද කියලා? කොටින්ම තමුන් උගන්නන
ඒවයින් මොකාටද වැඩක් තියෙන්නෙ කියලා?
කැම්පස් එකෙන් එලියට එන
දරුවෙකුට තමුන්ට ස්වාධීනව රස්සාවක් හොයාගන්ඩ බැරිනම්, ඔය වගේ අන්ත අසාර්ථක අධ්‍යාපනයකට
තවත් මොකටද සල්ලි වෙන්කරන්නෙ? තවත් රැකියා විරහිත උපාධිධාරියො රටට ගොඩගහන්නද? ඒකෙන්
තව තවත් කෙලවෙන්නෙ මේ රටේ බදු ගෙවන මිනිස්සුන්ට නේද? රට යන්නෙ අගාධෙට නේද?
“නිදහස් අධ්‍යාපනය
සුරක්ෂිත කරනු, අධ්‍යාපනය
පෞද්ගලීකකරණය නවතනු, පාසල් වැසීම
නවතනු, පාසල්වල
මුදල් අයකිරීම් නවතනු ආදී පුළුල් සටන් පාඨ” ඇතුලෙ ඔය අසරණ දරුවො ගැන මොනවද තියෙන්නෙ? ආචාර්යතුමන්ලට සුපිරි වැටුප් දුන්නාම
මේ ලමයින්ට අඟහරු ලෝකෙන් රස්සා ලැබෙයිද? වැඩි වැටුප් ඉල්ලන, ලමයින්ට අධ්‍යාපන
දීමනා ඉල්ලන ඔය දැවැන්ත උද්ඝෝෂණ ඇතුලේ මේ පලක් නැති පාඨමාලා ගැන සද්දයක් නැත්තෙ
මොකද? ඔයාලට අන්තර්ජාල දීමනා දුන්නාම කලා උපාධිධාරියො ටිකට කවුරුහරි අඬගහලා ටොප්
ලෙවල් රස්සා දෙයිද?
ඔය කවුරුත්
අයිතිවාසිකම් ඉල්ලන්ඩ කලින් තමුන්ගෙ වගකීම් ටික මෙතෙක් යන්තමටවත් කරල තියෙනවද කියල
හිතුවොත් හොඳයි.
රැකියා විරහිත
උපාධිධාරීන් කීදෙනෙක් ඔය පාගමනට අද එකතුවුනාද කියලා අපි දන්නෙ නෑ. සෑහෙන්ඩ එන්ඩත්
ඇති. මොකද කූඹියගෙ හැටියට කැවුත්ත කියනව වගේ ගුරුවරුන්ගෙ මොලේ හැටියට තමයි
ගෝලයන්ගෙ අලේ.
මාලන් සමරවික්‍රම, උඹ වර්ගපූර්නිකාව ලියන එක නැවැත්තුවේ උඹව හෙලි වුන නිසා නේද? දැන් මේකට ඇවිල්ල පොර ටෝක් දීල හෙලුවවහ ගනින්. මාලන්ගෙ රෙදි ගලෝපු ජනසේනාට අපේ උත්තමාචාරය
ReplyDeleteවර්ගපූර්නිකාව හෝ ජනසේනා ලියන අය පස්සෙ හොයමු. ජාතික වැදගත්කමක් ඇති මේ පෝස්ට් එකේ සදහන් කාරනය ගැන ඔබේ අදහස් පමනක් දැනට කමෙන්ට් කරන ලෙස කාරුනිකව ඉල්ලා සිටින්නෙමු.
Delete:D
Deleteමට "වර්ගපූර්ණිකාව" ලියන්න හැකියාවකුත් නෑ, ඒක ලියන මනුස්සයගේ ක්රියේටිවිටි එක, දැනුම මට ඇත්තෙත් නෑ මට "වර්ගපූර්ණිකාව" වගේ එකක් ලියලා රාවණාට පහර දෙන්න අවශ්‍යතාවකුත් නෑ. ඕක මම ලිව්වනම් ඕකට මාරයාතුමා ඔයතරම් පබ්ලිසිටි එකක් දෙන්නෙත් නෑ.
කොහොමහරි මෙතන හිනා යන වැඩේ, මම ජනසේනාගේ රෙදි ගලවනවා කියපු ගමන් "සමහර අය" කලබල වෙලා මාවයි "වර්ගපූර්ණිකාව" ලියන එකාවයි පටලවන්න එකම බොරුව ඇනෝ කමෙන්ට්ස් දම දම තවුරු කරන්න හදන හැටි. මේකෙන්ම පේනවා කට්ටිය කොයිතරම්ම කලබල වෙලාද කියලා.
සිහි බුද්ධියෙන් හිතන මිනිස්සුන්ට තේරෙනවා, "ජනසේනා" ගැන ලියනවා කියලා පෝස්ට් එක ගියපු ගමන්ම මේ අය මේ තරම් කලබල වෙන්නේ ඇයි කියලා.
අනිත් කාරණේ ඇයි මේ අය මවයි "වර්ගපූර්ණිකාව"යි පටලවන්න හදන්නේ..?
මේ අය හිතුවට වඩා "වර්ගපූර්ණිකාව" අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගිය නිසා, ඒකේ බ්ලැක් මාර්ක් එක වෙන කෙනෙක් පිට දාල සමාජය ඉදිරියේ දේශප්‍රේමි දේශ හිතෛශී රඟපෑම කරන්න.
"ජනසේනා" කණ්ඩායම ඉන්ඩිරෙක්ට්ලි ඔප්පු කරලා පෙන්නුවේ "ජනසේනා" සහ "වර්ගපූර්ණිකාව" දෙකම ලියන්නේ එකම කණ්ඩායමක් බව.
ඒකට ටැන්කූ.
හප්පට සිරි. මාලන් ව මාට්ටුද කොහෙද
Deleteමාලන් කුජීතයි
Deleteකට්ටියක් ටැබූට ගහන්න "ටැබූ රිටර්න්ස්" කියලා බ්ලොග් එකක් කරන්න ප්ලැන් කරපු හැටි මතක් වෙලා මට ඇඬෙන්න වගේ අප්පා. ආහ් මේ කට්ටියම ඇක්ස් එක චාටර් කරන්න "බියෝන්ඩ් ෆැන්ටසි" කියලා බ්ලොග් එකකුත් කරන්න ගියා නෙව.
Deleteලැජ්ජාවේ පණ යනවා.
මාලන්ගෙ කොමෙන්ට්ස් මීට කලිනුත් මන් දැකල තියෙනව, බොහොම නිරවුල්ව උත්තර දෙන කෙනෙක්.
Deleteඒත් වර්ගපූර්නිකාව ගැන කියනකොට මාලන් කලබල වෙලා වගේ පේනව. අනේ මන්ද
ඕක මාත් මුල ඉදලම කිව්ව මාලන්. එතකොට කිව්වා මාත් වර්ගපූර්ණිකාවමයි කියල. ඊට පස්සේ ඒක ජනසේනාම ඉල්ලා අස් කරගත්තා. මිනිහ අන්ධයෙක්. හතර වටේට ගල් ගහනවා, කාටහරි වදියි කියල.
Deleteමෙන්න බලන්න බොරුද කියල
ඊටත් පස්සේ මගේ බ්ලොග් එකට ඇවිත් ආයෙත් මට 'වර්ගපූර්ණිකා බෞද්ධයා' කියල මඩක් ගැහුවා.
ඒක බලන්න මෙතනින්
ඒ අස්සේ තවත් එවුන් ටිකක් කියන්න ගත්තා ආණ්ඩු විරෝධී මම මෝඩ කතා කියල ආණ්ඩුව නොන්ඩි කරන්න ජනසේනා ලියනවා කියල. මේ සංවාදෙ උනේ නම් බුකියෙදි. හේතුව උනේ මම ජනසේනා ගැන බුකියෙ දාපු පෝස්ට් එකක් නිසා,
ජනසේනා ගේ හිට් වැඩි වුනා එක දවසින් සිය ගණනින්.
අද පොස්ට් එක ගැන.
//මතු පරපුර ගැන මාර කැක්කුමකින් පයින් යන ඔය ආචාර්ය මහාචාර්යතුමන්ලගේ සාඩම්බර නිෂ්පාදන තමයි අද විවිධ රාජ්‍ය ආයතන වල රස්සා දෙනකං ගාල් කරල තියෙන රැකියා විරහිත උපාධිධාරියෝ// //කැම්පස් එකෙන් එලියට එන දරුවෙකුට තමුන්ට ස්වාධීනව රස්සාවක් හොයාගන්ඩ බැරිනම්, ඔය වගේ අන්ත අසාර්ථක අධ්‍යාපනයකට තවත් මොකටද සල්ලි වෙන්කරන්නෙ?//
මේ ගොල්ලො ඉදල මෙහෙම නම්, මේ ගොල්ලොත් රට පැන්නනම් කොහොම වෙයිද නේද බං.
//කතාවනං සීයට හය දුන්නාම කැම්පස් වලින් සුපර්මෑන්ල එලියට එයි වගේ//
"ගේ ඉස්සරහින් යන ස්විප් විකුණන හාදයට මම කිව්ව අපිට ස්විප් ඇදෙන්නේ නෑ බං, කියල. මිනිහ අහනවා 'මහත්තයා ස්විප් සතියට කීයක් ගන්නවද' කියල. ඈ....මම ස්විප් ගන්නේ නෑනෙ. එහෙනම් අහවල් එකද මහත්තයා ඇදෙන්නේ?"
අවසාන වශයෙන් උඹ කොහොමත් ජනසේනා නේ බන්. මම කොහොමත් The Modern Patriot
හදිසි අනතුරෙන් මියගිය සරසවි සිසුවෙක්ගේ ඥාතියෙක් බුකියෙ දාල තිබුණ කොමෙන්ටුවක්.
ReplyDeleteAnil Herath .
නැතිවුණ එක්කෙනෙක් මගෙ ඥාති මල්ලි.
අපි ඊයෙ දවසම ගම්පහ ඉස්පිරිතාලෙට වෙලා කියන කරන හැමදේම බලාගෙන හිටියා.
අද උදේ හැප්පිච්ච තැනටත් ගියා. මල්ලිගෙ අප්පච්චියි මායි.
මේක හදිසි අනතුරක්. දවස් තුනක් තිස්සෙ නිදි වරපු, අව්වෙ ගියපු මිනිස්සුන්ට නින්ද යන්න බැරිකමක් නැහැ.
අනිත් දේ ඒ වංගුවෙදි නින්ද ගියානම් අනිවාර්යයෙන්ම වැදෙන්නෙත් ලයිට් කණුවෙම තමයි.
එතන හාඩ්වෙයාර් එකට සිමෙන්ති ගෙනාපු වාහනේක ටයර් ලකුණු වගයක් තමයි මේ සැක කටයුතු බවට පෙන්නන්නෙ.
හොඳම වැඩේ එතනට ගිහින් බලන්න. අවට අයගෙන් අහන්න. නැතුව මේ වගේ පටු චෝදනා වලින් මල්ලිගෙ මරණෙට අපහාස කරන්න එපා.
මට ඌ ගැන ආඩම්බරයි...!
ප්‍රතිපත්තියක් තිබුණු, ඒ වෙනුවෙන් කැපවුණු එකෙක්. අවංක එකෙක්. තමන්ගෙ අයිතිවාසිකම් වලට කලින් යුතුකම් ගැන හිතපු එකෙක්.
එහෙම එකෙකුගෙ වටිනාකම මේ විදිහට කටකථාවලින් වහන්න එපා.
ඔළුව කුඩුවෙලා තිබුණෙ බයික් එක අරන් ගිය මල්ලිගෙ විතරයි. අපේ මල්ලිගෙ ඔළුවෙ කැපුම් තුවාලයක් විතරයි තිබුණෙ.
සෙම හුඟක් ගිහින් තිබුණා. කියන විදිහට මල්ලිට සිහිය තිබිල තියෙනවා ඉස්පිරිතාලෙට යනකම්ම.
ආණ්ඩුව පැත්තකට දාමුකෝ, උදේ හතර හමාරෙ ඉඳන් හය හමාර වෙනකල් මේ දෙන්නව කවුරුත්ම දැක්කෙ නැත්ද? නුවර පාරෙ මිනිස්සු යන්නෙ නැත්ද?
එහෙම ගියපු එක මිනිහෙක්, එක වාහනයක් පොඩි කැපකිරීමක් කෙරුවනම් අපේ මල්ලි සමහරවිට ජීවතුන් අතර.
බහුතරයක් මිනිස්සුන්ගෙ අපේ මල්ලිගෙයි වෙනස ඒකයි. ඌ වෙන මිනිස්සු වෙනුවෙන් ඇත්තටම කැපවුණ එකෙක්. ඒක ක්‍රියාවෙන් ඔප්පුකරපු එකෙක්.
එහෙම උන්ට සොබාදහමත් බයයි. සමතුලිතතාව බිඳෙයි කියලා. ඒකයි මල්ලිට මෙහෙම වුණේ.
5 hours ago · Like · 5
http://www.facebook.com/groups/108301382631595/permalink/228796030582129/
මීට අමතරව නිවුස් වලට ඥාතීන් කියපු දේවලුත් අහල බලන්න. ඇයි මේ අහිංසකයො දෙන්න කාගෙවත් වැටුප් වැඩි කිරීම සහ ආණ්ඪුව පෙරලීම වෙනුවෙන් ඔහේ දුවන්නන් වාල්ගේ දුව ගොස් මැරුණට පස්සේ උන්ගේ මිණියත් විකුණගෙන කන්නෙ
Deleteඅපි ජිවත්වෙන්නේ සංවර්ධිත බටහිර රටවල
ReplyDeleteමෙහෙ ජුලම්පිටිය අමරෙලා , අන්තරේ හීනමාන චටර්කාරයෝ , දෙකයි පනහේ විශ්ව විද්‍යාල ආචාර්යවරු නැහැ
අපි ඉගන ගන්න විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වගේ අඩු කොලිටි හිඟන ඒවා නෙවෙයි. මහපොළ කකා ඉන්න එවුන්ට ඒ ගැන හිතාගන්නවත් බැහැ.
උද්ගෝෂණ , නවක වද , පා ගමන් නැහැ. අපි ඉගනගන්නවා ජිම් යනවා , අපේ ජිවිත අර්ථවත්.
අපේ ඩිග්රි මුළු ලෝකෙම පිලිගන්නවා. අපි ඩිග්රි කරලා ලංකාවට අවාම අපිට ජොබ් දෙන්නේ වැඳලා
. අපිත් එක්ක ලංකාවේ උපාධිධාරීන්ට හැරෙන්නවත් බැහැ
ලංකාවේ හිඟන වාසිටිකාරයන් ගැන අපිට දුකයි. ඒත් මොනා කරන්නද , මේවා ඒ අයගේ කරුම
ඉතිරි ටික මම ලියන්නද..?
Deleteඅපි තුන්වේලටම කන්නේ බත්. ඒකත් ගෙදර උයාගෙන. සල්ලි වියදම් වෙන නිසා පිටින් කන්නෙම නෑ. හැමදාම රෑට නෙට් එකෙන් ලංකාවේ යන මෙගා ටෙලි නාට්ටි සේරම බලනවා. සති අන්තෙට වටේ පිටේ ඉන්න සිංහල යාළුවෝ ටික එකතු කරගෙන ක්‍රිකට් ගහනවා. අපි කොච්චර ජිම් ගියත් අපිව සුද්දෝ පයිසෙකටවත් ගණන් ගන්නේ නෑ. අපිට ඉන්න යාළුවෝ සේරම ඉන්දියන් එහෙමත් නැතිනම් පකිස්තාන්. අපි යුනි යන්න ට්යුශන් ෆීස් හොයාගන්නේ රෑ එළි වෙනකම් පාර්ට් ටයිම් ජොබ්ස් කරලා. ඒකත කියන තරම් ලේසි නෑ. ගොඩක් වෙලාවට කරන්නේ ක්ලීනින්, ඉදලා හිටලා කැශියර් වැඩත් හම්බෙනවා.
අනේ අපි නොදන්න මොණරතැන්න.
ඒ ඇරුනාම මෙ පෝස්ට්එකත් එක්ක ඔය දෙන්නටම අවුලක් නෑනෙ නෙද?
Delete/අපි යුනි යන්න ට්යුශන් ෆීස් හොයාගන්නේ රෑ එළි වෙනකම් පාර්ට් ටයිම් ජොබ්ස් කරලා. ඒකත කියන තරම් ලේසි නෑ. ගොඩක් වෙලාවට කරන්නේ ක්ලීනින්, ඉදලා හිටලා කැශියර් වැඩත් හම්බෙනවා./
Deleteඉතින් හොඳයිනෙ. උන් තමන්ගෙ දහඩිය මහන්සියෙන් හම්බකරගෙන ඉගෙන ගන්නවා, අපේ කාලකණ්නි වගේ එක්කෝ දෙමාපියන්ගෙ සල්ලි මත නැත්නම් මහපොළ මත ඩිපෙන්ඩ් නොවී. අපේ රාජ්‍ය සරසවි ශිෂ්‍යයො කී දෙනකුට කියන්න පුළුවන්ද මම ඉගෙන ගත්තෙ මගේ දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි වලින් කියලා. බෑ. මොකද මේ අපතයන්ට කයිය තිබුණට ජොබක් වත් කර ගන්න පුළුවන් එවුන් නෙවෙයි. හැමදේම හැන්දකින් පොවන්න තමයි ඕනැ. නැත්නම් අනේ, මට පොවනු කියලා විරෝධතා කරනවා මොන්ටිසෝරි ළමයි වගේ.
මම ඔය පාර්ට් ටයිම් කෑල්ල දැම්මේ ඕන කමින්. හරි අපි නියම තැනකට ආවා. දැන් ඔයා මට කියන්න ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට විදේශීය රටවල ඉන්න සිසුවන් වගේ, ටියුශන් ෆීස් ගෙවා ගන්න කරන්න පුළුවන් පාර්ට් ටයිම් රස්සාවල් කිහිපයක්.
Deleteමම මේ කතා කරන්නේ සමස්තයක් ගැන.
පාට් ටයිම් ජොබ්ස්ද නැත්තෙ? පෞද්ගලික අංශයෙ ඕනැ තරම් තියෙනවා. ඇවිත් බලන්න.
Deleteඅගේ නොකර කියන්නකෝ බලන්න එකක් දෙකක් :)
Deleteහොඳයි මං දන්න තැනක් ගනිමුකෝ. (මේක එක උදාහරණයක් විතරයි.) Unity Plaza එකේ කම්පියුටර් ෂොප් එකක්. මේ වෙලාවෙ වුණත් පාර්ට් ටයිම් ජොබ්ස් දෙන්න පුළිඋවන්. සේල්ස්මන්ලා, ටෙක්නීෂියන්ස්ලා, ඩිලිවරි සර්විස්, එකවුන්ට්ස්.
Deleteඅපේ අයියාගේ කඩේ වේකන්සි දෙකයි, අක්කගේ කඩේ වේකන්සි තුනයි, අල්ලපු ගෙදර අන්කල්ගේ ගෙදර වේකන්සි එකයි.
Deleteඑහෙම නෙමෙයි මචන් දියුණු රටවල වගේ සස්ටේනබල් විදිහට කරන්න පුළුවන් ජොබ්ස් කියන්න.
උදාහරණයක් විදිහට දියුණු රටවල පිසා හට්, මැක්ඩොනල්ඩ්ස් වගේ ෆාස්ට් ෆුඩ් අවුට්ලට්ස්වල අනිවාර්ය ජොබ්ස් තියෙනවා. එතකොට සුපර්මාකට් චේන්ස් (වොල්මාර්ට්, සේෆ්වේ ආදි). වලත් ගබඩා වල, ක්ලීනින්, සේල්ස් හෙල්පර් වගේ ජොබ්ස් තියෙනවා, තව පෙට්‍රල් ශෙඩ්, එලෙක්ට්‍රොනික්ස් ශොපෙස්, කොෆි ශොප්ස් පාරට බැස්සම වරුවක් විතර මහන්සි වුනාම ජොබ්ස් දෙක තුනක් හොයා ගන්න පුළුවන්.
පුළුවන්නම් ඒ වගේ උදාහරණ දෙන්න.
දියුණු රටවල ඒ ඒ ජොබ්ස් නිර්මාණය වෙලා තියෙන්නෙ කාලයත් සමඟ. ඒ රටවල කම්පැණි දන්නවා ඒ වගේ ජොබ්ස් වලට ඩිමාන්ඩ් එකක තියෙන බව. ඒ නිසා ඒ අය විශේෂ උත්සාහයක් දරණවා ඒ ජොබ්ස් කස්ටමයිස් කරලා අදාළ කාල සීමාව තුළ පාර්ට් ටයිම් ස්ටුඩන්ට්ස්ලා වැඩි පිරිසක් අවශෝෂණය කර ගන්න. උදාහරණයක් හැටියට අගෝස්තු මාසෙදි මේ වගේ ජොබ්ස් විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. (ඉබේ බිහි වෙනවා නෙවෙයි ඉල්ලුම ගැන දන්නා නිසා ඇති කරනවා.) ලංකාවේ තවම ඒ වගේ ට්‍රෙන්ඩ් එකක නැති නිසා එහෙම බිහිවෙච්චි සංවිධානාත්මක ජොබ් මාකට් එකක් නෑ. ඒක කාලයත් සමඟ බිහි වෙන්න ඕනැ එකක්. ඉතින් සප්ලයි සයිඩ් එක බිංදුව වෙනකොට ඒ වගේ ජොබ්ස් ගැන අහනව කියන්නෙ මෝඩ ප්‍රශ්නයක්.
Deleteහැබැයි ඒ කියන්නෙ ලංකාවෙ කෙනෙකුට කරන්න ඕනැ නම් පාට් ටයිම් ජොබ්ස් නැතිවා කියනවා නෙවෙයි. ඕනැ තරම් කරනවා. ඒවා කරන තරුණ පිරිසකුත් ඉන්නවා. එකම වෙනස ඒවා කරනෙ අපේ කැම්පස් කාලකණ්නි නෙවෙයි. මොකද මුන් එකේ ඉඳන් පිනට ඉගෙන ගෙන පුරුදු වෙලා, කැම්පස් ඇවිල්ලත් මහපොළින්, දෙමාපියන්ගෙන් පිනට කනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න ඕනැ කියලා හිතන එවුන් නෙවෙයිනෙ. උන් කියන විදියට උන්ට අධ්‍යාපනයත් නොමිළේ දෙන්න ඕනැ, ඊට පස්සෙ රස්සාවකුත් පින්ට දෙන්න ඕනැ. තමන් මහන්සියෙන් වැඩ කරනවා ඕනෑ කියලා හැඟීමක් වත් නෑ. ඉතින් හැමදාම රටට බරක් වෙලා ඉන්නවා කාලකණ්නි හැටියට.
අනෙක පිටරට වලත් ඔච්චර ලේසියෙන් ජොබ්ස් හොයා ගන්න බෑ. කට්ට කන්න වෙනවා. (දැන් ඔයාමනෙ කිව්වෙ කොල්ලො ක්ලීනර්ලා කැෂියර්ලා වගේ වැඩ කරනවා කියලා.)
අපේ කාලකණ්ණි කැම්පස් කොල්ලො කෙල්ලො හිතාගෙන ඉන්නෙ මුන්ට ආණ්ඩුව වගේ ප්‍රයිවට් සෙක්ටර් එකත් "ආ, මෙන්න බේබි හාමුලා ඇවිත් වැඩ බාර ගන්න!" කියලා ජොබ්ස් තියාගෙන ඉන්නවා කියනව නම් එහෙම එකක් නෑ. ජොබ් එකක් හොයා ගන්න කෙනෙක් මහන්සි වෙන්න ඕනෑ. ජොබ් එකක් කරන්නත් මහන්සි වෙන්න ඕනැ. එහම බැරිනම් ඉතින් මහපොළින් පිනට කකා ඉඳපියව්, දෙමාපියන්ටත් රටටත් බරක් වෙලා.
Delete@මාලන්,
Deleteදැන් මේක කියන්නකෝ. ඇයි ඔයාගෙ "ජාතියේ දරුවන්ට" කම්පියුටර් ෂොප් එකක වැඩ කරන්න බැරි? ඒක මදිකමක්ද? පිනට කකා ඉන්න එක ඊට නම්බුද?
මම මේවා වගකීමෙන් කියන්නේ මොකද මම මේ ගැන දන්න නිසා.
Delete1. ගොඩක් දියුණු රටවල [ඒ රටවල පුරවැසියන්ට සහ ස්ථීර නේවාසිකයන්ට] ටියුශන් ෆීස් ඉතාම අඩුයි
2. සමහර රටවල පොළී නැති ණය දෙනවා, නැවත ගෙවන්න ඕන රස්සාවට ගියහම පස්සේ.
3. ගොඩක් ළමයි part time රස්සාවල් දෙක තුනක් කරනවා, ඒ අය ඒවයින් ටියුශන් ෆීස් ගෙවලා ජීවත් වෙන්නත් සැළකිය යුතු මුදලක් ඉතිරිකරනවා. සමහර අය ලෝකේ වටේ සංචාරය කරන්නත් මේ මුදල් යොදා ගන්නවා.
4. ගොඩක් ආයතන [මම කලින් කියපු] කැමතියි මේ වගේ පාර්ට් ටයිම් අයට රස්සාවල් දෙන්න, මොකද ඒ අයත් එක්ක කමිට්මන්ට්ස් අඩු නිසා. මුදල ගෙව්වා නිදහස් වුනා.
මෙතන ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි දුයුණු රටවල් එක්ක අපේ රට සංසන්දනය කරන්න පුළුවන් දේ තියෙනවා බැරි තැන් තියෙනවා. අපේ රටවල පාර්ට් ටයිම් කරලා cima වගේ එක්සෑම් එකක් කරන එක හීනයක්.
ප.ලි: ඔබ කැමපස් සිසුන්ට කතා කරන විදිහෙන්ම [කාළක්ණ්නි] තේරෙනව ඔබගේ සරසවි සිසුන් ගැන තියෙන ආකල්පය.
ඔබ මෙතන මතු කරන්න හදන දේ හරි, ඒ කියන්නේ සරසවි සිසුන් මීට වඩා සමාජයට වගකිව යුතුයි, ඒක හරි ඒත් ඔබ මතු කරන විදිහ වැරදියි.
""දැන් මේක කියන්නකෝ. ඇයි ඔයාගෙ "ජාතියේ දරුවන්ට" කම්පියුටර් ෂොප් එකක වැඩ කරන්න බැරි? ඒක මදිකමක්ද? පිනට කකා ඉන්න එක ඊට නම්බුද?""
Deleteමම එහෙම කැම්පස් ළමයින්ට වැඩ කරන්න වැඩ කරන්න බැහැ කිව්වද..? මම කිව්වේ ඒවා සස්ටේනබල් ජොබ්ස් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඒ වේකන්සීස් තියෙන්නේ ඉතා ස්වල්පයයි. හැමදාම නෑ හැමතැනම නෑ හැමෝටමත් නෑ.
මා කලින් කිව්වා වගේ එක රැයින් ජොබ්ස් නිශ්චිත ප්‍රමාණයක් බිහි වෙන්නෙ නෑ. ඩිමාන්ඩ් එකක් ඇති වෙන්නෙ සප්ලයි එකට සමාන්තරව කාලයත් සමඟ. නමුත් වේකන්සීස් තියෙන්නෙ ස්වල්පයයි කියන්න බැහැ. මම පෞද්ගලිකව දන්නා විදියට අධ්‍යාපනයට විදේශ ගත වෙන්න ඉන්න ශිෂ්‍යයො මැක්ඩොනල්ස්, KFC , පීසා හට් වල වැඩ කරනවා. ඇයි රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට බැරි?
Deleteමචන් සොරි මේ කාර්යය හරි වෙහෙසකරයි. අපි යන්නේ රවුමක. අපි මේ සංසන්දනය කරන්නේ ඇපල්ස් ටු ඔරෙන්ජස්.
Deleteකැම්පස් ළමයින්ව මොහොතකට පැත්තකින් තියන්න, ඔයා මට කියන්න පාර්ට් ටයිම් කරලා ඒකෙන් හම්බවෙන සල්ලි වලින් cima වගේ ප්‍රොෆශනල් එක්ස්සෑම් කරන්න පුළුවන්ද කියලා..?
/ඔබ කැමපස් සිසුන්ට කතා කරන විදිහෙන්ම [කාළක්ණ්නි] තේරෙනව ඔබගේ සරසවි සිසුන් ගැන තියෙන ආකල්පය. /
Deleteඔව්. මම වැඩ කරන්නෙ පෞද්ගලික අංශයෙ. මම වැඩ කරන්නෙ කැම්පස් යන්න මහන්සි වෙලා යන්න බැරිවුණු, තමන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් හරි වෙන දෙයක් වෙනුවෙන් හරි ආණ්ඩුවෙන් සතයක් වත් පිනට ලබන්නේ නැති, තමන්ගේ අධ්‍යාපනය හා තමන්ගේ අනාගතය ගැන තමන්ම වෙහෙස විය යුතු, තමන් මහන්සි වෙලා හම්බ කරන තරුණ පිරිසක් එක්ක.
ඔවුන් සමඟ සන්සන්දනයේදී ඔය කැම්පස් කොල්ලො අමු කාලකණ්ණි තමයි.
1. උන්ට නොමිළේ ඉගෙන ගන්න ලැබෙනවා.
2. මහපොළ ලැබෙනවා.
3. දෙමාපියන්ගෙන් පිනට කන්න ලැබෙනවා
නමුත් මේ කිසිම දේකින් මුන් වැඩක් ගන්නෙ නැතුව විරෝධතා තිය තියා රටේ ජාතික ධනය නාස්ති කරනවා නම් මුන් කාලකණ්ණි තමයි.
ඔබ දන්නවාද මේ වරප්‍රසාද කිසිම දෙයක් නොලබා තමන්ගෙ බත් පතට විතරක් නෙවෙයි අධ්‍යාපනේටත් මහන්සි වෙලා වැඩ කරන රටට ආඩම්බර වෙන්න පුළුවන් කෙල්ලො කොල්ලෝ පිරිසක් ඉන්නවා කියලා?
මං උන් ගැන ආඩම්බරයි. ඒ එක්කම උන්ට හිමි විය යුතු වරප්‍රසාද උදුරාගෙන කාලා පිස්සු කෙළින කාලකණ්ණි ගැන මට සාධාරණ වෛරයක් තියෙනවා.
/ඔයා මට කියන්න පාර්ට් ටයිම් කරලා ඒකෙන් හම්බවෙන සල්ලි වලින් cima වගේ ප්‍රොෆශනල් එක්ස්සෑම් කරන්න පුළුවන්ද කියලා..?/
Deleteපුළුවන්.
තමන්ගෙ දහඩිය මහන්සියෙන් සල්ලි උපයලා CIMA කරන ඕනැතරම් එවුන් මම දන්නවා. උන්ට ආණ්ඩුවෙන් පිනට මහපොළ නෑ. හැම සතයක්ම තමන් හම්බ කරන්න ඕනැ. කැම්පස් කාලකණ්ණින්ට වගේ පිනට දේවල් හම්බ නොවෙන නිසා උන් දන්නවා රටට බරක් නොවී තමන්ගේ අධ්‍යාපනය හා ජීවිතය ගෙනියන්නේ කොහොමද කියලා.
Deleteමචන් ඔයා ඉන්නේ සරසවි සිසුන් ගැන වෛරයකින්. මට ඒ ආකල්ප තේරුම් ගන්න පුළුවන්.
Deleteරටේ ජාතික ධනය විනාශ කරන හැම එකා ගැනම මට තියෙන්නෙ තරහක්. දේශපාලකයින් වුණත් එකයි, කැම්පස් කොල්ලො වුණත් එකයි.
Deleteමාලන් දැන් ඔයා කියන්නේ රටේ ජාතික ධනය විනාස කරන එවුන්ට තව අනුකම්පා කළ යුතුයි කියලද?
Deleteදැන් ඔයා මොකක්ද කරන්න කියන්නේ..?
Deleteරටේ කැම්පස් සියල්ලම පෞද්ගලීකරණය කරන්න කියලද..?
කැම්පස් පෞද්ගලිකකරණයක් අවශ්‍ය නෑ. නමුත් රටේ ජාතික ධනයෙන් අධ්‍යාපනය ලබන පිරිසට රටට යමක් දෙන්න කියන්න, තමන්ගේ ස්වෝත්සාහයෙන් වැඩකරන කොල්ලො වගේ. එහෙම නැත්නම් ඔවුන්ට ජාතික ධනය වැය කිරීම අපරාධයක්.
Deleteපාඨමාල කාලෙන් කාලෙට අලුත් කිරීමේ වගකීම තියෙන්නේ ආචාර්ය වරුන්ටද ? උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටද (දැනට තියන එක විතරක් නෙවෙයි මෙච්චර කල් තිබුනු ඔක්කොටම ), කලා උපාධිදාරින්ට වෙලා තියන නස්පැත්තිය උසස් පෙල විශය නිර්දේශයන්ගෙ ඉඳලම තියන එකක් . මෙතන තියෙන්නේ විශ්ව විද්‍යාල පාඨමාලා වලින් බිහි කරන උපාධිදාරියාට රැකියා වෙලඳ පොලේ ඉල්ලුමක් නැති කම මිසක් ආචාර්යවරුන්ගේ ඉගැන්වීමේ වරද්ද ?
ReplyDeleteඅනේ ආචාර්යවරු තොත්ත බබ්බුනේ. එන්න බල්බාලා සූපුවක් ගහන්න. මේ පරයෝ ටික කරන්නෙ තමන් ශිෂ්‍යයෝ කාලෙ ලියා ගත්තු නෝට්ස් ඔහේ ගිරව් වගේ හැමදාම කියවල දාන එක විතරයි. කොල්ලො අමාරුවේ. තව මුන්ට පඩි වැඩි කරලත් දීපල්ලකෝ. මහින්ද මුන්ට හොඳ වැඩියි. මම ජනාධිපති උණා නම් රැළටම පෙළට තියලා මඩු වළිගෙන් තලනවා. මොකුත් නොකර පිනට කනවා මදිවට තව වැඩියෙන් ඉල්ලන්නත් එනවා.
Deleteහොඳ වෙලාවට තමුසේ ජනාධිපති නොවුනේ , හැබැයි ට්‍රයි කලොත් බැරි වෙන එකක් නැ , ජන මූල නායකයෙක්ගේ ලක්ෂණ කමෙන්ට් එකේම ගැබ්වෙලා තියනවා
Deleteඔව් ඔය විශ්ව විද්‍යාල අපතයින්ගේ වාසනාවට තමයි මම ජනාධිපති නොවුණේ. නැත්නම් විශ්ව විද්‍යාල හදලා අරගෙන ඔය අපතයින් මීට වඩා ඵලදායක පුර වැසියන් කරලා හුඟාක් කල්.
Deleteඅද රටේ නිදහස් අධ්‍යාපනය රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.
ReplyDeleteඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.
කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? පළමුවැන්න තමයි කැම්පස් යන අයට හොඳ අනාගතයක් තියෙනව. මම කියන්නේ මේ ආට් හැර අනිත් ෆීල්ඩ් ගැන. මොරටුවේ ඉන්ජෙක් අවුට් වුණ ගමන් මුල්ම සැලරි එක රු.60000 ක් විතර. ඊට පස්සේ ඩිවලොප්ඩ් රටකට මයිග්රේට් වුණාම මන්ත්ලි ඉන්කම් එක $5000 ක් (රු.650000) විතර. ඉතින් කැම්පස් කොල්ලෙක්ව දැක්කාම අර ඒලෙවෙල් කරගන්න බැරි වුණ කාලකන්නින්ට ඉසිරියා හිතෙන එකක් පුදුමයක් නෙමෙයි. ඒ වගේම කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.
වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක. විමල් වීරවංසත් ඔය වගේ කැම්පස් නොගිය අමු මී හරකෙක්. ජන සේනාත් කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවෙක් කියල තේරෙනව. ජනසේනා මම උඹෙන් අහන්නමයි හිටියෙ, උඹට ඩිග්රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ?
තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.
අනේ පලයං බං. උඹල වගේ ඩිග්රි ඔලුවෙ තියං ඉන්න ගොං හැත්ත ඔය වගේමයි. මේ පෝස්ට් එකේ හැම දෙටම එකඟ නැතත් මේ කියල තියෙන දේ සමස්තයක් විදිහට ඇත්ත. ඉතිං ඒක ගැන කතා කරනව වෙනුවට නිකං වල්පල් කියවන්නෙ උඹගෙ මහලොකු ඩිග්‍රිය හින්දද? තොපි වගේ මීහරක් හින්ද තමයි කැම්පස් කාරයෙක් කිව්වහම රටේ මිනිස්සු ගල් ගහන්නෙ.
Deleteඔන්න වැස්සකටවත් කැම්පස් නොගිය මොට්ටපාල කෙනෙක් කොමෙන්ට් කරල. උඹට ඉරිසියා හිතුන නේද මේව කියවනකොට. උඹලගෙ කුහක කම නිසා තමයි යකෝ මේ ආණ්ඩුව ඔය විදියට නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්නෙ. තොපිල වගේ වැස්සකටවත් කැම්පස් නොගිය බුරූවන්ට මොළයක් බද්ධ කරලම මේව කියල දෙන්න වේවි. මී හරක්ව කුළු හරක් කරන ක්‍රමයක් තාම හොයාගෙන නැති එකයි පාඩුව.
Deleteඔච්චර ජොබ් ඔපචුනිටීස් තියෙන නිසා වෙන්න ඇති ඕකුන් රුපියල් හයදාහට ආණ්ඩුවෙන් රස්සා හිඟා කන්නෙ නේද?
Delete\\ඔච්චර ජොබ් ඔපචුනිටීස් තියෙන නිසා වෙන්න ඇති ඕකුන් රුපියල් හයදාහට ආණ්ඩුවෙන් රස්සා හිඟා කන්නෙ නේද? \\
Deleteමම ආට් ගැන නෙමේනෙ පුතේ කතා කළේ. මම කතා කළේ ඉන්ජො ගැනනෙ මගෙ පුතේ. පුතාට අවබෝධ කර ගැනීමේ හැකියාවක් නැති නිසා පුතා වැස්සකටවත් කැම්පස් ගියේ නෑ කියල තේරෙනව මගේ පුතේ
එතකොට ආටො කියනෙ විශ්ව විද්‍යාල වලින් බිහිවෙන එවුන් නෙවෙයිද අංකල්?
Deleteමෙතන ප්‍රියන්ත කියන්නේ ගොන් පාර්ට් කරයෙක් මිසක් නිදහස් අද්යාපනය වෙනුවෙන් පෙනි ඉන්න ඵකෙක් නෙවීයි.මේ දවස්වල සල්ලිවලට කමෙන්ට් දාන බල්ලමයි ප්‍රියන්ත කියලා මෙතන ඉන්නේ.
Deleteමානයෙන් ඔළුව ඉදුමව ගත්ත මිනිස්සු ඕනම සමාජ කොටසක ඉන්නවා. ඒකට උගත් නූගත් වෙනසක් නැහැ මන් හිතන්නේ. මේ වගේ මොණර කැකුළෝ නිසා තමයි සමාජයෙන් විශ්ව විද්‍යාල කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැඟිලා තියෙන්නේ. අවන්කවම මේ මනුස්සයා මෙහෙම හිතනවනම් ඒ මනුස්සයා ලබපු අධ්‍යාපනයෙන් ඵලයක් නෑ.
Deleteමේ මනුස්සයා ඔය කමෙන්ට් එක මේ ගැන ලියවුන හැම පෝස්ට් එකකම දාලා තිබ්බා. මොකක්ද එයා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ..?
මට මෙහෙම හිතෙනවා, සමහර විට මේ විශ්ව විද්‍යාල හෑල්ලුවට ලක් කරන්න උත්සාහ ගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද මේ වගේ කමෙන්ට් එකක් දැම්මම මධ්‍යස්ත අය "මුන් වෙනුවෙන්ද අපි කඩේ යන්නේ" කියලා හිතලා කළ කිරෙන්න සහ කළ කිරවන්න පුළුවන් නිසා.
කොහොමත් ලියන්නා මොනවා ලිව්වත් කියවන්නා එය සිහිබුද්ධියෙන් කියවිය යුතුයි යන්නයි මගේ නම් අදහස.
පලයන් මාලන් යන්න, උඹ මෙතන පොර ටෝක් දැම්මට නිදහස් අධ්‍යාපනය රැක ගන්න මොනවද කරල තියෙන්නෙ. පොලීසියේ කඳුලු ගෑස් කකා කොටුවෙ පිකට් කරල අපි මහපොල වැඩි කරපු නිසයි අද සිසුන් මහපොල වත් ලබා ගන්නෙ.
Deleteනිදහස් අධ්‍යාපනය රැක ගන්න හදද්දී කියනව මුන්ට වෙන වැඩක් නැද්ද කියල, පාඩුවෙ ඉගෙන ගන්නකොට කියනව පොත් ගුල්ලො කියල. ඔය වගේ බලු කතා කියන්නෙ වැස්සකටවත් කැම්පස් නොගිය අමු මැට්ටො. කැම්පස් නොගිය උන් කැම්පස් ගිය අයට බනින්න ඉන්නේ උන්ට තියෙන්නේ පැහැදිලිවම ලිංගික ඉරිසියාවක් නිසයි. ඒකට කැම්පස් කොල්ලො පලි නෑ.
ලංකාවෙ කැම්පස් ගියපු එවුන් මොන තරම් මොට්ට රැළක්ද අපි දන්නවනෙ. මුන්ව වැරදිලාවත් ප්‍රයිවට් සෙක්ටර් එකට ඔෆිස් එකක් අතු ගාන්න වත් ගන්නෙ නෑ. ඉංගිරිසියෙන් සරල දෙයක් වත් කියන්න බෑ. සිංහලෙන් විතරයි වැඩ පුළුවන්. පාර් පොයින්ට් ස්ලයිඩ් එකක් ඇර වෙන දෙයක් කම්පියුටරේකින් කරන්න බෑ. ආණ්ඩුවෙන් රස්සා දුන්නෙ නැත්නම් මුන් අනාතයි.
ReplyDeleteහැබැයි ලංකාවෙම පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් හා විදේශ රටවල විශ්ව විද්‍යාල වලින් බිහිවන උපාධිධෙරීන් මෙහෙම නෑ. උන්ට ඕනැ තරම් රස්සා තියෙනවා. ඒකයි මුන්ට ඔය දෙපිරිසම ගැනම කන්න ඉරිසියාව.
දැන් අනුන්ට ඉරිසියා කර කර හිටපන්. තොපිත් එකයි. තොපේ ආචාර්ය වරුනුත් එකයි. තොපි දන්න විරෝධතා කරන්න විතරයි. ඒ මැට්ටන්ට දැන් හෙට අනිද්දා අකුළ ගෙන ආපහු වැඩට යන්න වෙනව. හොඳ වැඩේ ඕකුන්ට. හැබැයි පොඩ්ඩක් කොලෙස්ටොරෝ බස්ස ගන්න ඇති ඇවිදලා.
අනේ පල පිස්සො යන්න.අපිත් ඉන්නෙ ප්‍රයිවට් සෙක්ටර් ඵකේ තමා යකෝ.(හෑබෑයි කෑම්පස් ගිහින් නම් නෑ )
Deleteලoකාවේ කොහෙද බොල ප්‍රයිවට් සෙක්ටර් ඵකක තියෙන්නේ.මෙහේ තියෙන්නේ ප්‍රයිවට් කොම්පෑනි කරයන්ගේ ජාවාරමක් නේ.කොටස් වෙලද පොලක් නෑ තියෙන්නේ හොරුන්ගේ බූරුවා පොලක්.
අපි නොදන්න ප්‍රයිවට් සෙක්ටර්........... පුහු!.
මෙන්න ජෙප්පෙකුත් ඇවිත්. මුන් කාල ඇඳල ඉන්නෙත් ප්‍රයිවට් සෙක්ටර් එක නිසා කියල දන්නෙත් නෑ.
Deleteබූරුවනේ, කෝ තොපේ මහා පා ගමන ඉවරද? කෝ තොපිට 6% හම්බවුණාද? තොපිට වැඩි පඩි හම්බවුණාද? තොපේ අරාබි වසන්තය ඉවරද? කරන්න දෙයක් නැතිනම් ගිහින් චූ කරල බුදිය ගනිල්ලා මැට්ටනේ, රට හිනස්සන්නෙ නැතුව.
ReplyDeleteහා SB අoකල්.
Delete"හරි අමාරුයි පුතේ,,කකුල් වල දිය පට්ට ඇවිල්ලා, ගාල්ලෙ ඉඳන් දවස් පහේම ආවා. අපි දරු පවුල් කාරයො, පඩි නැතුව මාස තුනක් ඉන්නව කියන්නෙ ලේසි පාසු වැඩක් නෙමේ. මේකට මොනව හරි ඉක්මනට කරන්න ඕනේ. අපි ජීවත් වෙන්නෙ කොහොමද?"
ReplyDelete(මෙහෙම කිව්වෙ අපිට උගන්නපු Senior Lecturer කෙනෙක්, ඊයෙ හයිඩ් පාර්ක් එකේදි හම්බවුනු වෙලාවෙ)
අනේ මහතුනේ, කවුරුහරි පින්වතෙක් මේ හිඟන්නාට 6%ක් දෙන්න, BMW එකක් ගන්න.
මුන් වගේ ලැචාලා ඉන්නවා කියන්නෙ රටටත් එක්ක ලජ්ජයි කියන එක.