Sunday, October 28, 2012

‘Che ස්ටාර්’ මහා තරඟාවලිය ඇරඹේ....


ආසියාවේ දැවැන්තම සයිබර් චේ අනුස්මරණය පවත්වන්නේ අපි විසිනි. ඒ වෙනුවෙන්ම අපි විසින් විශේෂයෙන් සංවිධානය කල ‘චේ ස්ටාර්’ දැවැන්ත රියැලිටි අත්දැකීම සඳහා තරඟකාරී අංශයෙන් ඉදිරිපත් වන ලෙස අපි ඔබටද ආරාධනය කලෙමු. ඒ අනුව අපිට දැනට ලැබී ඇති ඡායාරූප ප්‍රමාණය 275 ඉක්මවයි.

මේ අතර සිංහල බ්ලොග් ක්ෂේත්‍රයේ සුපිරි තරු මෙන්ම ආධුනික තරුද විශාල ප්‍රමාණයක් අයදුම්පත් එවා ඇත. එමෙන්ම ෆේස්බුක් හි දේශපාලන ‍ගෲප් වල නිතර සංවාද කරන බුද්ධිමතුන්ගෙන් සීයට අනූවකටත් වඩා පිරිසක් අපට ඡායාරූප එවා ඇති බවද පවසන්නේ ඉතා සතුටිනි. ඒ අතර කාන්තා අයදුම්කාරියන් 5 දෙනෙක්ද වූ නමුත්, ඒ අය තරඟයෙන් ඉවත්කල බව කරුනාවෙන් දන්වමු.

මෙම තරඟය අදියර දෙකකින් පැවැත්වේ. පළමු අදියර ‘ආරාධිත Che’අංශය වන අතර ඊළඟ අදියර ‘බ්ලොග්/ෆේස්බුක් Che  අංශයයි.

මෙම තරඟයේ ජයග්‍රාහකයින් තෝරන්නේ ඔබගේ වටිනා මනාපයෙනි. ඒ අනුව තේරෙන ජයග්‍රාහකයන්ට ‘චේ ස්ටාර්’ කිරුළ සමග කියුබාවට නොමිලේ සවාරියක්ද, චේ තොප්පියක්ද සමග හවානා සුරුට්ටු පෙට්ටියක්ද හිමිවේ.

එසේනම් එන්න මේ උත්කර්ශවත් අවස්ථාවට...... තවත් පැය කිහිපයකින් යුගයේ දැවැන්තම ‘Che ස්ටාර්’ තරගාවලියේ සමාරම්භක ‘ආරාධිත Che’ වටය බලාපොරොත්තුවන්න.................

(අපවෙත දැනටමත් ඡායාරූප එවා ඇති අයදුම්කරුවන් අතුරින් පෞද්ගලික කරැනු නිසා තරගයෙන් ඉවත්වෙන්නට අදහස් කරන අය සිටීනම් අද සවස 6 ට පෙර අපිට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටිමු)

7 comments:

  1. කරල බලමුකො.

    ReplyDelete
  2. සැබෑ මිනිසෙකුගේ වටිනාකම නොහඳුනන හොර ආණ්ඩුවට කඩේ යන අවජාතක හඩ්සන් ගඳසුන්දර පරපුරේ තවත් එක ගූ මාධ්‍ය මෙහෙයුමක්

    ReplyDelete
  3. උඹ විතරයි කාලෙට ගැලපෙන චේ උපහාරයක් කරන්නෙ

    ReplyDelete
  4. දේශපාලන දර්ශනයට තමන් එකඟ වුණා හෝ නැතා හෝ මිනිසුන් වෙනුවෙන් කැපවුණු මිනිසෙකුට නිග්‍රහ කරන කාලකණ්නි අවලමුන් තරයේ හෙළා දකිමු.......!!!!

    ReplyDelete
  5. මේ වගේ ගොන් බ්ලොග් ලිපි ලියන්න කලින් චේ ගුවේරා කවරාකාරයේ මිනිසෙක්දැයි සොයා බලන ලෙස කියමි.මෙම ගොන් ලියමන ලියන ඔබට වඩා සදාචාරයක් චේ ගුවේරාව මරාදැමු c i a නියෝජිත ෆීලික්ස් රෝද්රිගුවෙස් හට තිබු බව කියමි.මෙම ඔත්තුසේවා නිලදාරියා චේ ගුවේරා මරාදැමීමට නියමිත බව ප්‍රකාශ කර ඒ වෙනුවෙන් කණගාටුව පළකර,අවසන් වශයෙන් තම හිතවතුන් වෙත ප්‍රකාශ කලයුතු දේ කුමක්දැයි අසා ඇත.චේ එවිට කියා ඇත්තේ තම දරුවන්ට හොඳින් උගන්වන ලෙසත්,බිරිඳට නැවත විවාහ වනලෙසත්ය.ඝාතකයෙකුට තරම් වත් සදාචාරයක් නැති ජනසේනා ලියන්නා, ඔබ පිළිකුල් සහගත මිනිසෙකි.

    ReplyDelete
  6. හුකෑෂ්.......

    ReplyDelete