Tuesday, October 2, 2012

මධ්‍යම පාන්තික අරගල සෞන්දර්යය හෙවත් 6% සෆාරිය


පහත දැක්වෙන්නේ “ඊමේල්කවිකාරිගෙ කතන්දර” හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව බ්ලොග් එකෙන් උපුටාගත්තු කොටසක්. උපුටාගැනීමේ තහනමක් ගැන සඳහනක් තිබ්බෙ නැති හින්දා මේකෙ එච්චර වැරැද්දක් නැතුව ඇති.

ඒකෙ අන්තිමට පලවෙලා තියෙන 6% මේ මට අදාල පැත්ත පමණයි!!! කියන ලිපියෙන් තමා මේ කොටස උපුටා ගත්තෙ. ඒ ලිපියෙ තියෙන දේවල් ගැන නෙමේ අපි කතා කරන්නෙ. වෙනම කාරණයක්.
(මුලින්ම කියන්න ඕනෙ මේක ලියපු කෙනා ඉතා අවංකව තමුන්ගෙ අත්දැකීම් ලියලා තියෙනවා කියල හිතනවා. ඒක අගය කරනවා.)

අධ්‍යාපනයට සීයට හයක් දෙන්ඩ කියල මහින්ද මහත්තයගෙන් ඉල්ලලා පයින් ගිය ඊනියා මධ්‍යම පාන්තික බුද්ධිමතුන් අරගල සෞන්දර්යය අත්විඳින හැටි තමා අපි මේ පෙන්නන්නෙ. හරියට යාල කැලේ සෆාරියක් ගියා වගේ.

“දැං මම කියන්නම් පසුගිය 27වනදා මා කලුතර සිට පා ගමනට එකතු උනේ ඇයි කියලාත්, මා ගමන අත්වින්ද හැටිත්. 

කවදාවත් මෙවන් දෙයකට මා එකතුවී නැහැ. ගමනට පිටත් උනේ බස් එකේ. බස් එකේ යනකොට වෙනද යනවට වැඩිය අඩි කීපයක් උඩින් යන්නෙ. වෙනදට පේන තාප්ප වලට උඩින් ඒ ගෙවතුවලට එබෙන්නට අව්ස්තාවක් ඒක, ඉතිං මා එය හොඳින් වින්දා කලුතරට යනතුරුම.

පා ගමන පිටත් උනාට පස්සෙ දැක්කෙ පාරෙ මිනිසුන් අඩියෙන් අඩියට වාගේ මොනවා හරි දෙයකින් සංග්‍රහ කරනවා. පටන් ගත්තෙ මෙන්ටෝස් වලින්. ඉන් අනතුරුව, බිස්කට් වර්ග, කඩල පැකට්, අයිස් බීම පැකට්, තැඹිලි, බෙලිමල් වතුර, පැනි බීම වර්ග, මාලුපාන්, රටකජු තව මෙකී නොකී දේ. මුලින්ම මම මේවා ප්‍රතික්ශේප කලත් අනෙකුත් ඇදුරන් ඒවා ප්‍රතික්ශේප නොකලේ මිනිසුන්ගේ ආදරය ඔවුන් ඉතා කැමැත්තෙං බාරගත් නිසා. අන්තිමට මමත් දෙන ඔක්කොම මගෙ මල්ලට දමා ගත්තා. ඇයි දෙයියනේ ඔහොමත් කෑහැකිද මනුස්ස පරානෙකට?

දිවා ආහාරයට නැවතීමට කාගේදෝ ලොකු වත්තක් දීල තිබුනාකට්ටිය වැටිච්ච තැං වලඉඳගෙන කෑම කාල පයිප්ප වලිං වතුර බීවාමමත් එදා ගෙදරිං පිට උනේ කවදාවත් නොකරපුවැඩ වලටනේ. මමත් ඔය හැමදෙනාම කල දේ කලාපොදු විපක්ෂයක් ඇතිබව දැක්කෙඑතැනදී තමාකවුරුත් කිසිම භේදයක් නං නැති පාටක් තමා පෙනුනෙඅපේ හිටපුහමුදාපතිතුමා දැකබලාගන්ට ලැබුන දෙවැනි වතාවටත්ඒක සතුටට කරුණක්එතුම අනෙක්අයවගේම හොඳට ඇවිදලනෙමං හිතුවෙ එතුම ඔත්පොල වෙලා කියල නෙවඑතුමටත්රිව්දරත්නයේ පිහිටයිමගේ කටවහ නොවැදේවා කියා පතනවාජවිපෙ අයත් හිටියා.දොස්තර නලින්ද ජයතිස්ස මුන ගැහුනා. සමහර හන්දි වල එක්සත් ජාතික පක්ෂෙ අයරතිඤ්ඤා (ඇතියන්තං ලියා ගත්ත) පත්තු කලාසමහරු සංග්රහ පැවැත්තුවාසමහර හංදිවලදිප්ලාස්ටික් වතුර ටැංකිවල සිසිල් බීම දාගෙන බෙදුවා.

එක තැනකදි අයිස් වතුර බොන පිපාසයක් ඇවිත් කඩේකිං ගත්ත වතුර බෝතලේට කඩේ නෝන සල්ලි නොගත්තෙ ඇයගෙ දරුවන් විශ්ව විද්‍යාල සිසුන් නිසා. ඇය කීව් ඒ ඇයගේ සම්මාදමයි කියා.

ගමනට මා සම්භන්ද වන්නෙ හතරවන දිනයෙදි වනවිට අනෙකුත් සියල්ලන් කලුවී, කරවීහමාරයිඇදුරු බිරින්දෑ වරු නම් මුන ගැසුනේ නැහැ. ඇදුරන් හා සිසුන් හිටියාඇදුරන්ඉදිරියෙන්දෙවනුව සිසුන්ඊටත් පස්සෙ නොයෙකුත් පක්ෂවල අය.

සමහරු දවසක් ඇර දවසක් ගමනට එක්වූඅයඑක් ඇදුරුවරියක් හිටියා කකුල් ඉදිමිලා, යටිපතුල්දියබුබුලු නැගලා නමුත් පස්වෙනි දවසෙත් ඇය ෆොටෝවල ඉන්නව දැක්කා.

හවස හතර වෙනකොට මාව විසිවෙන ගානට ඇවිල්ලා. ඉතිං අනිත් අයට කරදරයක් නොවෙන්ට කියල මම පානදුර පහුවෙනකොට බස් එකක නැග්ගා. (රෑ තව සාදයකටත් යන්ටත් තිබුන නිසා).එතකොට 4.30 වෙලා ඉර බැහැලත් නැහැ. බස් එකේ ඉඳං පාගමන් කරුවන් තිතක් වෙන තුරු බලාන හිටපු මට තොප්පි ගලවන්ට මතක් උනේ පස්සෙ. කෙනෙක් නැගිටල මට ඉඩ දුන්නෙ ඇදුරු තුමියක් කියල හිතල. නමුත් මම කිව්ව මම ඇදුරු නොවෙයි කියල. ඒත් ඒ අය කීවෙ ඔවුන් වෙහෙසෙන්නෙ අනාගතයේ උපදින පරම්පරාවට නිසා ඒගමනට එක්වූ මට අසුන හිමියි කියා. ඉතිං තවත් හිටගෙන ඉන්නට බැරි නිසාත් ඔවුන් ආසාවෙන් පුදන අසුන නිසාත් මම ඉඳගෙනම ආවා.”

ඉතින් ඔහොමලු වෙලා තියෙන්නෙ. තමුන්ගෙ දරුවන්ට සීයට හය අරන් දෙන්න ආපු (කාර් එකෙන් බැහැලා බස් එකට නැග්ග) මේ දෙවි දේවතාවුන්ට හැමදාම බස් එකේ යන සාමාන්‍ය මිනිස්සු (හෙවත් යාල කැලේ ගස් ගල්) බෝම හරසර දක්වලා තියෙන බව තමයි පේන්නෙ. ඒ ගොල්ලොත් බස් එකේ තාප්ප වලට උඩින් අලි බලලා, දිය කඳුරක් හෙවත් ටැප් එකකින් දිය බීලා කැලේ ගස්වල ගඩාගෙඩි (හෙවත් මාලුපාන්/නයිස් බිස්කට්/අයිස් පැකට්) කාල බොහොම විනෝද වෙලා තියෙනවා. ඇඟ පතට තෙහෙට්ටු උනත් අවුරුදු දෙක තුනක් උනත් කට්ටියට කතා වෙලා රස විඳින්න පුලුවන් එක්ස්පීරියන්ස් එකක්නේ. 

අපිට තියෙන බය මීට පස්සෙ කට්ටිය සෙට් වෙලා යාල කැලේ යනව වෙනුවට අවුරුදු පතා කළුතර ඉඳන් කොළඹට ඔය වගේ සෆාරි ඕගනයිස් කරන්ඩ පටන් ගනීද කියලයි.

34 comments:

  1. හැක් හැක් හැක්... පට්ට කතාව

    ReplyDelete
    Replies
    1. වත්මන් සරසවි ඇදුරු සටන ඇරඹුණේ පසුගිය වසරෙහිය. එවකට මම කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කළෙමි. ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට අවස්‌ථාවක්‌ ලබාදී තිබියදීත් ආචාර්ය සමිති සම්මේලනය එය නොතකා තම වෘත්තීය සමිති අරගලය ඇරඹීය. ඒ අනුව අධ්‍යයන අංශ ප්‍රධාන ධුරවලින් අදාළ ඇදුරෝa අස්‌වූහ. මා ඒ අරගලයට විරුද්ධ බව විශ්වවිද්‍යාලයෙහි මෙන්ම පිටත ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඇතැම් අංශාධිපතිවරුන් නැතිව වුවද මා පීඨාධිපතිධුරය දැරූ විද්‍යා පීඨයෙහි දේශන පවත්වාගෙන යැමට කල්තබා සැලසුම් කළෙමි. කිසිම බාධාවකින් තොරව කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි ඒකාල සීමාවෙහි දේශන පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් ඉටුකිරීමට නොහැකි බවත් ඊනියා වෘත්තීය සමිති අරගලයෙහි අරමුණ ආණ්‌ඩුව අස්‌ථායී කිරීම බවත් මම එකල ද දැන සිටියෙමි. රාජ්‍ය සේවයේ ආදායම නූපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක්‌ ලැබෙන්නේ සරසවි ඇදුරන්ටය. මූලික වැටුප් වැඩිකිරීම්, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ අනුමැතිය පරිදි කෙරෙන්නකි. එය හිතුමනාපයට කළ හැක්‌කක්‌ නොවේ. රාජ්‍ය සේවයේ එක්‌ අංශයක වැටුප් වැඩි කළහොත් එය අනෙක්‌ අංශවලට ද බලපායි. එබැවින් එහිදී යොදා ගැනෙන එක්‌ උපක්‍රමයක්‌ වනුයේ මූලික වැටුප වෙනුවට දීමනා ලබාදීමය. පසුගිය වසර කිහිපයෙහි ඒ ආකාරයෙන් හා අය වැය යෝජනා මගින් සරසවි ඇදුරන්ගේ මුළු වැටුප විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇත. ලබන මසද ඒ අනුව සරසවි ඇදුරන්ගේ මුළු වැටුප් වැඩිවීමට නියමිතය. එහෙත් සරසවි ඇදුරෝ දීමනාවලින් සෑහීමකට පත් නොවූහ. ඔවුහු ෂයිලොක්‌ මෙන් මස්‌ රාත්තලම ඉල්ලමින් මූලික වැටුප වැඩිකරන ලෙස බලකර සිටියහ. එසේ කළේ එමගින් රාජ්‍ය අංශයේ කැලඹීමක්‌ ඇතිකර ආණ්‌ඩුව අස්‌ථායී කිරීමට බව පැහැදිලිය. කෙසේ වුවත් මේ මස්‌ රාත්තලම ඉල්ලීම දිගින් දිගටම කළ නොහැකි බව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් යම් පිරිසකට ද තේරෙන්නට ඇත. එබැවින් ඔවුහු පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසන් භාගයෙහි ඊනියා 6% ඉල්ලීම ඉදිරිපත් කළහ.

      යුනෙස්‌කෝ වාර්තාවක්‌ ගැන සඳහන් කරමින් ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියේ රජය දළ ජාතික (මෙය ගෘහස්‌ථ විය යුතුය. එහෙත් අපි ඒ වෙනස නොසලකා එය ජාතික ලෙස හඳුන්වමු) නිෂ්පාදිතයෙන් 6% ක්‌ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු බවය. දළ ජාතික නිෂ්පාදිතයට රටේ සියලුම නිෂ්පාදනවල හා සේවාවන්හි වෙළෙඳපොළ අගය එකතු වෙයි. එයට පෞද්ගලික අංශය පමණක්‌ නොව දෙමව්පියන් ද පාරිභෝගිකයන්ද වෙනත් අයද කරන වියදම් අයත් වෙයි. දළ ජාතික නිෂ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක්‌ අධ්‍යාපනයට හෝ වෙනත් ක්‌ෂේත්‍රයකට හෝ වැයකරන ලෙස රජයට බල කිරීම උගතුන්ගේ ක්‍රියාවක්‌ විය හැකි නමුත් බුද්ධිමතුන්ගේ ක්‍රියාවක්‌ විය නොහැකිය. ආණ්‌ඩුවේ වියදමෙන් අහවල් ප්‍රතිශතයක්‌ අධ්‍යාපනයට වැය කළ යුතු යෑයි කීම යම් සීමාවන්හි බුද්ධිගෝචර විය හැකිය. එහෙත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක්‌ අධ්‍යාපනයට වැය කළ යුතු යෑයි ඉල්ලීමට බුද්ධිමතකුට නොහැකිය. අනෙක්‌ අතට අදාළ යුනෙස්‌කෝ වාර්තාවෙහි රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ අධ්‍යාපනයට වැය කළ යුතු යෑයි කිසි තැනක නොකියෑවෙයි. හැකි නම් එසේ කියා ඇත්තේ කොතැනක දැයි පෙන්වා දෙන ලෙස ඊනියා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙරට අවාසනාවකට සරසවි ඇදුරන්ගෙන් අතිවිශාල බහුතරයකට නිරවුල්ව කල්පනා කිරීමට නොහැකි බව මම අත්දැකීමෙන්ම දනිමි. ඇතැම්හු නිරවුල්ව තබා කොහොමටවත් කල්පනා කිරීමට නොහැකි නැනෝ බුද්ධිමත්තු (නැනෝ මීටර් ඇසුරෙනි – අවශ්‍ය නම් ක්‍ෂුද්‍ර බුද්ධිමත්තු) වෙති. අද වන විට මෙරට අධ්‍යාපනයට විවිධ අය මගින් (දෙමව්පියන්, දානපතියන් ආදීන් ද ඇතුළුව) විවිධ ක්‍ෂේත්‍රවල (ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, කාර්මික, වෘත්තීයික ආදී වශයෙන් රාජ්‍ය අංශයේ පමණක්‌ නොව පෞද්ගලික අංශයේද) වැය කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ට වැඩි විය යුතුය. එමෙන්ම අද රජයේ වියදමෙන් 8% ක ට වැඩි ප්‍රමාණයක්‌ අධ්‍යාපනයට වෙන් වෙයි.

      Delete
    2. කිසිම යුනෙස්‌කෝ වාර්තාවක නැති අයුරෙන් රජය අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ වැය කළ යුතු යෑයි ආචාර්ය සමිති සම්මේලනය කරන ඉල්ලීම ඔවුන්ගේ වෘත්තීය සමිති අරගලයේ මුල සිටම පැවැති එකක්‌ නොවේ. එය පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසාන භාගයේදී ඉදිරිපත් කරන ලද්දකි. මෙය මුළුමනින්ම වෘත්තීය සමිති සදාචාරයට විරුද්ධය. වෘත්තීය සමිති අරගලයකදී විටින් විට ඉල්ලීම් එකතු කිරීම කිsසිම සදාචාරයකට එකඟ නොවේ. වෘත්තීය සමිති අරගලයක්‌ මගින් වෘත්තීයමය ප්‍රශ්න විස¹ ගැනීමට උත්සාහ කරන වෘත්තීය සමිතියක්‌ කළ යුත්තේ සාකච්ඡාවල දී යම් විසඳුමකට පැමිණීම සඳහා ඉල්ලීම් අඩුකිරීමය. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියා කරන්නේ එලෙස නොවේ. එහි නායකයෝ තව තවත් ඉල්ලීම් ඉදිරිපත් කරති. අද ද පවත්වාගෙන යන්නේ පසුගිය වසරේ දී ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලයමය. එහෙත් අද වන විට එදා නොතිබූ ඉල්ලීම් ගණනාවක්‌ ම එකතු කෙරී ඇත. ඒ අතර ඇදුරන්ගේ දරුවන් දෙදෙනකුට පෞද්ගලික ආයතනවල මුදල් ගෙවා ඉගෙනීම සඳහා දීමනාවක්‌ ගෙවීම ද වෙයි. කෙසේ වෙතත් අද ඇදුරන් මුල් තැනට ගෙන ඇත්තේ ඊනියා 6% ඉල්ලීමය. අනෙක්‌ ඉල්ලීම් එකක්‌වත් ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවන බව ඔවුහු දනිති. ඔවුන් විශේෂිත ලෙස සලකා සරසවි ඇදුරන්ට විශේෂිත සේවයක්‌ සකස්‌ කිරීමද එක්‌ ඉල්ලීමකි. මෙරට කිසිවෙක්‌ විශේෂිතයෙක්‌ නොවෙති. උසස්‌ පෙළ පරීක්‍ෂණයේදී ලකුණක්‌ දෙකක්‌ වැඩිපුර ගැනීම නිසා සරසවිවලට ඇතුළත් වී මහන්සි වී ක්‍රමානුකූලව වැඩ කිරීමෙන් පන්ති සමාර්ථයක්‌ ගැනීම හේතුවෙන් කිසිවකු විශේෂිතයකු බවට පත් නොවේ. එමෙන්ම පශ්චාත් උපාධියක්‌ ලබාගැනීම ද ප්‍රාතිහාර්යයක්‌ නොවේ. මේ කඩඉම් පැනීමට ඉතා සාමාන්‍ය බුද්ධියක්‌ ප්‍රමාණවත් වෙයි.

      මෙරට සරසවි ඇදුරන්ගෙන් කී දෙනකු නව සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ ඉදිරිපත් කර ඇත්ද? සරසවි ඇදුරන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේද එයමය. මෙරට ඉපැරැණි දවස සිට උගතුන්ට සැලකීමේ සම්ප්‍රදායක්‌ වෙයි. එකල බුද්ධිමත්තු රටට වැඩදායක යමක්‌ කළහ. සරසවි ඇදුරන් ඒ සම්ප්‍රදායෙන් ආලෝකයක්‌ ලබාගැනීමට උත්සාහ කරන්නේ සම්ප්‍රදායට පිටුපා බටහිරයන්ගේ මතිමතාන්තර අනුකරණය කරන ඔවුන්ගේ ගැත්තන් බවට පත්වීමෙනි. අප රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ යෑයි අපේ සම්ප්‍රදායේ පිහිටා පැවැසූ විට මුළුමහත් ඇදුරු සංහතියම පාහේ අපට අපහාස කළහ. ඒ අප අපේ සම්ප්‍රදායේ පිහිටි හෙයිනි. බටහිරයන්ගේ ඊනියා යථාර්ථයකට වශී වූ දන්ත වෛද්‍ය මහාචාර්යවරු සහ වෙනත් බටහිර ගැත්තෝ (ඔවුන් අතර ඊනියා යථාර්ථවාදී සාහිත්‍ය විචාරකයෝද වෙති) අප යථාර්ථයක්‌ නැතැයි කියන විට අපට විරුද්ධ වෙති. මම යනුවෙන් කෙනකු නැති බව බුදුන්වහන්සේ පැහැදිලිවම දේශනා කර තිබියදී ඔවුන් පැවැත්මක්‌ ගැන කතාකරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානියේ දාසයන් බවට පත්වෙමිනි. එහෙත් සරසවි ඇදුරෝ අපේ බුද්ධි සම්ප්‍රදායට පිටුපාන අතර අපේ සම්ප්‍රදායේ ගුරු ගෞරවය අපේක්‍ෂා කරති. මොවුහු කිසිම අයුරකින් විශේෂිත පුද්ගලයෝ නොවෙති.

      Delete
    3. ඇදුරන් 6% ඉල්ලීමට මුල් තැනක්‌ දෙන්නේ ඒ වටා ජනතාව ඒකරාශී කිරීමට බව පැහැදිලිය. එහෙත් එසේ කරන්නේ වෙනත් බලවේගවල අවශ්‍යතාව මතය. ඇදුරන්ගේ අනෙක්‌ ඉල්ලීම් එකකටවත් ජනතා සහායක්‌ නොලැබෙයි. ඊනියා අරාබි වසන්තයක්‌ අපේක්‍ෂා කරන බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ 6% වටා ආණ්‌ඩු විරෝධී කොටස්‌ එකතු කිරීමට උත්සාහ කරති. 6% ඉල්ලීම ඉදිරිපත් කළවුන් කිනම් අරමුණකින් එය කළද අද ඇදුරන් පිටුපස සිටින ජාති විරෝධී සංවිධාන ඒ ඉල්ලීම ආණ්‌ඩුව වැට්‌ටවීමට යොදා ගනියි. එජාප, ජවිපෙ හා නන්නත්තාර වී ඇති වෙනත් අය ඡන්දයකින් ආණ්‌ඩුව වැට්‌ටවීමට නොහැකි බව දැන 6% මුල්කරගෙන බලයට පැමිණීමට උත්සාහ දරති. අද මහපාරේ නිරුවත්ව සිටින ඇදුරන්ට සිතාම්බර පට ඇන්දවීමට රනිල්ලා, සෝමවංශලා පොරකති. එහෙත් අවාසනාවකට ඔවුන්ට ද ඇදුම් නැත. තම ඡන්ද ප්‍රමාණය අඩු වූවාට වෙනත් අයුරෙන් ආණ්‌ඩුව පෙරළීමට මේ අයගෙන් ඇතැමකු කතාකරන්නේ නිකමට නොවේ. අද ඇදුරන්ට තම ඊනියා සටන යුක්‌තියුක්‌ත කිරීමට කිසිම තර්කයක්‌ සාධාරණ හේතුවක්‌ නැත. ඔවුහු විවිධ වෘත්තීය සමිතිවල දේශපාලන පක්‍ෂවල පමණක්‌ නොව සිසුන් ද පසුපස යන නිවටයෝ පමණක්‌ වෙති. අද දේශප්‍රේමී ගුරුවරු එක්‌ කඳවුරකට පැමිණෙමින් සිටිති. ජවිපෙට, එජාපයට හා වෙනත් දේශපාලන පක්‍ෂවලට හිතවත් ජනමාධ්‍යවේදීන් යෑයි කියාගන්නා අයට මේ දේශප්‍රේමීත්වය ප්‍රශ්නයක්‌ වී ඇත. මම අද සරසවි ඇදුරෙක්‌ නොවෙමි. ඇදුරකු වී නම් මාද සිටින්නේ ඒ දේශප්‍රේමි ගුරුවරුන්ගේ කඳවුරෙහිය.

      පසුගිය දශක කිහිපයක්‌ තිස්‌සේ දෙමළ ජාතිවාදයට කඩේ ගිය අය අද සිටින්නේ කොහේද? මේ ආණ්‌ඩුවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ හෝ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක්‌ හෝ ඇතැයි මම නොකියමි. එහෙත් මේ ආණ්‌ඩුව අඩුම තරමෙන් බටහිරයන්ගේ සිංහල විරෝධී ව්‍යාපෘතියට එරෙහිව නොසැලී සිටියේය. අද සකලවිධ බටහිර ගැත්තන් පුස්‌කෑ මාක්‌ස්‌වාදීන්, ලිබරල්වාදීන් හා ඔවුන්ගේ ගැත්තන් වූ පශ්චාත්නූතනවාදීන්, පශ්චාත් මාක්‌ස්‌වාදීන්, ආදී එකී මෙකී නොකී වාදීන් ආණ්‌ඩුවට විරුද්ධ වන්නේ ආණ්‌ඩුව බටහිරයන්ගේ කීම තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ බැවිනි. මේ සියල්ලෝම අද ඇදුරන්ගේ ඊනියා අධ්‍යයනික වසන්තය උපයෝගී කරගනිමින් 6% වටා පෙළගැසී ආණ්‌ඩුව වැට්‌ටවීමට වලකති. එහෙත් මොවුන්ගේ සියලු උත්සාහ ජනතාව විසින් මැතිවරණවලදී පරාජය කෙරී ඇත. අද ඇතැම් ගුරුවරු විවිධ හේතු නිසා වර්ජනය අත්හැර සේවය කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ හරි අඩකට වඩා ගුරුවරු සේවය සඳහා වැටුප් ලබති. ඔවුන් අතර වැඩ වර්ජනයක්‌ කළ යුතු යෑයි යෝජනා කළ තැනැත්තා මෙන්ම ස්‌ථිර කළ තැනැත්තා ද වෙති. ආචාර්ය සමිති සම්මේලනයෙහි කැලණිය වෘත්තීය සමිතිය නියෝජනය කරන තැනැත්තකු ද අද වර්ජනය අත්හැර ගොස්‌ය. ඇදුරන්ගේ නායකයන්ට නිදහස්‌ අධ්‍යාපනයක්‌ අවශ්‍ය නැති බවද පැහැදිලිය. වෘත්තීය සමිතියකට කළ හැක්‌කේ තම ක්‍ෂේත්‍රයෙහි ආයතනවල ශ්‍රමය ලබාදීම නැවැත්වීමය. අද මේ නායකයන් උසස්‌ පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතා ඇත. පිළිතුරු පත් බලන්නන් සේවය කරන්නේ විභාග දෙපාර්තමේන්තුවට මිස විශ්වවිද්‍යාලවලට නොවේ. ඇදුරු නායකයන්ට නෛතිකව හෝ සදාචාරාත්මකව පිළිතුරුපත් බැලීම නැවැත්විය නොහැකිය. එහෙත් එසේ කරන ඔවුහු ඇදුරන්ට පෞද්ගලික ආයතනවල ඉගැන්වීමට බාධා නොකරති. මොවුන් නිදහස්‌ අධ්‍යාපනයට කරන සේවය එයින්ම පැහැදිලි වෙයි.

      - Divaina

      Delete
    4. පුක නෑ!

      Delete
    5. පට්ට කතාව වෙන්නෙ කොහොමද ?තොප ගවයෙක්ද?ජනසේනයා ආන්ඩුවට කඩේ යන එක නවත්තන්නේ නැත.අනික දැන් මූ වර්ගපූර්නිකාවටත් මඩ ගසන්නට පටන් ගෙන ඇත.ජනසේනා යනු ආතල් ගැනීමට දැමූ බ්ලොගයකි.හරයක් නැත.නමුත් වර්ගපූර්නිකාව වැනි හරවත්,ඉතිහාස ගවේශී ,බ්ලොගයකටත් මඩ ගහන විට අපේ ලේ ද කෝප වේ.

      Delete
    6. අනේ තොගෙ හරවත් රෙද්ද....මොඩයා

      Delete
  2. සංජය (හීලියම්)October 2, 2012 at 4:58 AM

    කැම්පස් පද්ධතිය ගැන වැස්සකටවත් කැම්පස් නොගිය බැචාලව පාවා දෙන අලයින්ට පොඩි තෙලක් බෙදන්නම්. අලුතෙන් කැම්පස් වලට එන ප්‍රෙෂාලත් උඹල වගේම කුණු අදහස් තියෙන අය. අපි මුල් මාස කීපයෙදි කොමන් එකේදි උන්ට පද්ධතිය ගැන තෙල ගහනවා. ඒ ලෙවල් කරන කාලෙදි මෙන්ඩිස් ක්‍රෑම දාපු අය සරසවියෙදි රූමට කුප්පි දාන්න තරම් හැදෙනවා. ඒ ලෙවල් කරනකොට ආතල් කොකු දාගත්ත උන් මේකෙදි සිරා කොක්කක් දා ගන්නවා. ආටලා මෙඩාල ඉංජලා කියල බේදයක් අපි අතර නැහැ, එක තෙල් බැම්මෙ වාඩි වෙලා ගිරව දාන එකත් කරනව.

    ඔය ටික තේරෙන්නෙ නැති වැස්සකවත් කැම්පස් ආවෙ නැති උන්ට තමයි අලයො/බොග්ගු කියන්නෙ. කාලකන්නි හැත්ත. උන්ට පද්ධතියට හෙන ගැහුවත් කමක් නැහැ.

    මට පේන දෙයක් තමයි මෙතන ඉඳන් අන්තරේට බනින උන්ගෙන් ගොඩ දෙනෙක් කැම්පස් නොගිය අලයො. කැම්පස් නොගිය කුණු වෙච්ච හඩ්ඩන්ට අපි ගැන හරිම ඉරිසියාවක් තියෙන්නෙ. කාලකන්නි. අන්තරේ නැත්නම් අද නිදහස් අධ්‍යාපනයක් නැහැ කියල මුන්ට තේරෙන්නෙ නැද්ද?

    දවසක් කොළඹ හතේ කෙල්ලෙක් මිනි ස්කර්ට් එකක් ඇඳගෙන එයාගෙ “මමී ඩැඩී” එක්ක කැම්පස් එකට ආව. අපි කොල්ලො සෙට් එක එකතු වෙලා කැන්ටිමට ගිහින් කුණු බිත්තර ටිකක් අරන් ඇවිත් අර කෙල්ලට හතර වටෙන්ම ගැහුව. පහුවෙනිදම කෙල්ල චීත්ත ගවුම් ඇඳගෙන යසට කැම්පස් ආව. පද්ධතිය හදාගන්නනම් ඒව කරන්න වෙනව. එහෙම කුණු බිත්තර නොකාපු උන් මෙතන කොමෙන්ට් කරනව ඇති.

    ජනසේනා, තොපි මේකෙ SB ට කඩේ යමින් දාන පෝස්ට් කැම්පස් එකක් ඇතුලට ඇවිත් කිවොත් තොපිලව කෝ‍ටු මස් වේවි. SB ට කඩේ යන ගොං බල්ල පුලුවන්නම් කැම්පස් එකක් ඇතුලට ඇවිත් තොපේ පොර ටෝක දාපන් යකෝ.

    ReplyDelete
    Replies
    1. ඔයා ලියපු එකට ඔයාම සපොර්ටින් කොමෙන්ට් එකකුත් ගෙන මරේ මරු! අඩුගානේ මැක්සිම් ගෝර්කිගේ අම්ම නවකතාවවත් කියවලා නැති බ්ලොග් කාරයෝ. මෙයාල ඒකටත් කියයි සෞන්දර්යකරණය කියලා . බැසිල් සරණයි මහත්වරුනි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් තව තව ඇඩ්ස් ලැබේවා!

      Delete
    2. අනේ යකෝ ‍තෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ට වඩා බැල්ලියෙක්ට ජාතක වෙච්ච බල්ලෙක් වගේනෙ. හැබැයි කො‍ටුවෙ පිකට් කරන බල්ලො දිහා දැක්කාම උඹ උන්ගෙ එකෙක් කියල හිතෙනවා.

      Delete
    3. තොපිලගෙ තියෙන පහත් මානසිකත්වය පේනව කරල තියෙන වැඩෙන්ම.. උඹල උගත් මොඩයො.. කලකණ්නි හැත්ත.. තොපිලගෙ බොහොමයක් එවුන්ගෙ කෙරුවාව අපි දන්නව.. මොකද උඹ වගෙ තප්පුලන ගොන් නාම්බො අපේ ආයතන වලත් වැඩ කරනව.. තොපිලගෙ කයියයි පඩ ගදයි විතරයි..

      Delete
    4. අපිත් ඕක ගිය තැනක්. හැබැයි අපිට තොපිට වගේ හීන මානෙ නෑ

      Delete
    5. හීලියම් මල්ලියේ (මේ ලියන මමත් කැම්පස් ගිය එකෙක්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ අරගලයට සහය පල කරන එකෙක්)

      උඹ කැම්පස් එකේ වචන සෙට් එකක් (බැචාලා, තෙලක්, රූමා, කුප්පි, පද්ධතිය) අල්ලාගෙන චූන් වෙලා ඉන්නේ කියල පේනවා. උඹල හිතන විදිහට මොලේ තියෙන්නේ කැම්පස් එවුන්ට විතරයි. එළියේ ඉන්න එවුන්, ෆ්‍රෙෂාලා මෝඩයෝ, අලයෝ, බොගාලා. මිනි ගවුම් ඇඳගෙන කැම්පස් එන්නේ ධනවාදියෝ. උන්ට කුණු බිත්තර ගහන්න ඕනේ උන්ව හදන්න.

      මල්ලියේ, උඹ බොහොම ළදරු මානසිකත්වයෙකින් ඉන්නේ. උඹට ඇත්ත වැටහෙයි කැම්පස් අවුට් වෙලා ජොබ් එකකට ගියාම. උඹ හිතන විදිහට කැම්පස් එකේ ඉන්නේ ලෙනින් ටත් වඩා පිරිසිදු සමාජවාදියෝ. මල්ලියේ, ඔය සමාජවාදය තියෙන්නේ කැම්පස් කැන්ටිමෙන් රුපියල් විස්සේ බත් එක කනකම් විතරයි. එලියට ඇවිල්ල හැත්තෑ දාහක අසූ දාහක පැදියක් අතගානකොට ඔය සමාජවාදේ හොයන්නවත් නෑ. උඹ හිතන විදිහට කැම්පස් එකේ ඉන්නේ ඔක්කොම සමාජවාදියෝ නම්, උන් අවුට් වෙලා ලොකු පුටු වලට ආවම ඒ ආයතන සමාජවාදී විදිහට පාලනය කරන්න ඕනේ නේද? එහෙම වෙනවා නම් ලංකාව අද කියුබාවක් නේද?

      මල්ලියේ, කුණු බිත්තර ගහල ධනවාදී කෙල්ලෙක් සමාජවාදී කරන්න පුළුවන් නම්, චේ ගුවේර එහෙම ලඳු කැලා අස්සේ රිංගල ගරිල්ලා සටන් කරේ අපරාදේ නේද? ඔය කෙල්ලට කුණු බිත්තර ගහපු උන් ටිකම සමහර විට අවුට් වෙලා එලියට ඇවිත් මිනි ගවුම් අඳින පොෂ් කෙල්ලෙක් ව කසාද බඳියි. අපේ බැච් එකේ බැහැල ජේ.වී.පී කරපු එකෙක් දැන් ඇමෙරිකාවේ කැම්පස් එකක පශ්චාත් උපාදියක් කරනවා. ඌ ඇමෙරිකාවේ ලාංකිකයෝ එකතු වෙලා කරන අවුරුදු උත්සව වලට එන්නේ බතික් සරම් ඇඳල.

      උඹට කවද හරි තේරෙයි උඹල අද දාගන්න "සිරා කොක්කත්" ඒ ලෙවල් කාලේ දාගත්ත "ආතල් කොක්කක්" ම තමයි කියල. ආතල් එකේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ.

      මල්ලියේ, සමාජවාදය ඉගෙන ගන්න පොත් කියවපන්. චේ ගුවේර, හෝ චි මින් වගේ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගේ ජීවිත කතාව කියවල බලපන්. එතකොට තේරෙයි නියම සමාජවාදය තියෙන්නේ උඹ අද ඔය කියන "වැස්සකවත් කැම්පස් ආවෙ නැති උන්" ළඟ කියල.

      එලියට ගිහිල්ල ආටා තමන් එක්ක එකට තෙල් බැම්මේ හිටපු ඉන්ජට සමහර විට සර් කියයි. එහෙමයි මේ ධනවාදී ලෝකේ හැටි. උඹට ඉස්සරහට තේරෙයි. එතකන් අතක් පයක් කඩා ගන්නේ නැතුව උඹට ඉන්න පුළුවන් වෙයි කියල මම ප්‍රාර්ථනා කරනවා. උඹට බුදු සරණයි.

      Delete
    6. පට්ට කොමෙන්ට් එක සහෝ. ස්ට්‍රයික් එක ගැනනම් මගේ විරුද්ධයක් නැහැ. ඒත් සංජය වගේ උන් ගැන නම් හරි දුකයි. මචං අරගල කරන්න ඕන ඒක ඇත්ත ඒත් මෙතන තියෙන යථාර්තය තේරුම් අරන් හිටපන්. මෙන්ඩිස් ක්‍රෑම, ධන වාදය බිත්තර වලින් තෙලෙන් ගොඩ දාන්න පුලුවන්නම් මේ රට මේ වෙනකොට දිව්‍ය ලෝකයක්. අරගල කරනවානම් ගැඹුරු දැක්මක් හදා ගනින්. අන්න එදාට උඹටම පෙනෙයි උඹ දැන් ලොකුවට කියපු දේවල් වල හරයක් නැති බව.

      Delete
    7. අනේ තොගෙ හරවත් රෙද්ද....මොඩයා

      Delete
    8. උඹ හීලියම්ම තමා...නිශ්ක්‍රීයය්...

      Delete
  3. ෂෝක් අදාළ කොටස විතරක් ගත්ත එක . අනික් කොටස කියෙව්වම උත්තරයක් තියෙනවා.

    ReplyDelete
  4. දැන් මහත්තයො අපි කෑම කනව නේද? කෑම කන්නෙ ශරීරය නිරෝගිව තියාගන්න නේද?
    එතකොට ඒ ආහාරවල රස විඳින එක හොඳ නැත්ද?

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සොරි ඇනෝ. ඔබේ කමෙන්ටුවේ වචන කිහිපයක් සංස්කරණය කොට ඇනෝ ලෙසම පහත පළකොට ඇත.

      Delete
  6. මේ මහැදුරු බිරිඳ කියන කතාවේ පරස්පරයන් ගොඩයි.

    1. විශ්ව විද්‍යාලයක නියෝජ්‍ය උපකුලපතිවරයකු වන ඇගේ සැමියා වර්ජනයට සහභාගි වෙන කෙනකු නොව වර්ජනයට සහභාගි නොවන බව කියා ලියුමක් දී වැටුප් ලබා ගන්නා පුද්ගලයෙකි. ඔහු දිනපතා වැඩට යයි. ඇය එයට දෙන නිදහසට කාරණාව "ඩ්‍රැයිවර් ළමයා එනවනෙ" යන්නයි. එතකොට ඇගේ සැමියා වර්ජනයට සහභාගි වී නැතැයි ලියුම් දී ඇත්තේද 'ඩ්‍රැයිවර් ළමයා' නිසා විය යුතුය. මෙවැනි තක්කඩියන් අනිවාර්යයෙන්ම හෙළි කළ යුතුය.

    2. සැමියා වර්ජනයට සහභාගි නුවූවකු හැටියට ඇයට පා ගමනේ යෙදෙන්නට සදාචාරාත්මක අයිතියක් නැත. ඇය එයට එක් වන්නේ වෙන දෙයක් නිසා නොව එසේ නොකළ හොත් අනෙකුන් විසින් ප්‍රතික්ෂේප කරතැයි කියා සිතා විය යුතුය. එසේම වර්ජනයට සහභාගි නොවී සිටින ඇගේ සැමියාට වැටුප් වැඩි වුණොත් ඇතිවන වරදකාරී ගැඟීම නිසා විය යුතුය.

    3. සැමියාගේ වැටුප් වැඩි කර ගැනීම හා පෞද්ගලික සුඛ විහරණය මිස මෙවන් මධ්‍යම පාංතිකයන්ට ඊනියා 'නිදහස් අධ්‍යාපනය' රැක ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. ඇය තම දරු දෙදෙනා මෙරට හා පිටරට යවා ඇත්තේ පෞද්ගලික පාසල් වලටය. දැන් ඇයට පෞද්ගලික පාසල් ප්‍රශ්නයක්ව ඇත්තේ අසල්වැසියාගේ දරුවා ඊට යන්නට ඉඩ ඇති නිසා ඉරිසියාවටය. මේ සාමාන්‍ය මධ්‍යම පාංතික ඉරිසියාවයි. අපි යවනවා නම් පෞද්ගලික පාසල් විතරක් නොව යක්ෂයාගේ පාසල් වුණත් හොඳය. ඒවා නරක අපේ අසල්වැසියන්ගේ දරුවන් යන විටය.

    4. මේ මධ්‍යම පාංතික තැනැත්තිය මහ ජනතාවගෙන් කොයිතරම් ඈතද කියන්නේ නම් ඔවුන් විසින් දෙන දෙයක් කන්නට වත් ඇයට ඕනෑ කමක් නැත. මේ පුහු ගර්වය ඇය අයත් පන්තියට ස්වාභාවික වූවකි.

    5. "බස් එකේ යනකොට වෙනද යනවට වැඩිය අඩි කීපයක් උඩින් යන්නෙ." කියන්නේ ඇය සාමාන්‍යයෙන් බස් වලින් ගමන් නොකරන නිසා විය යුතුය.

    6. මේ තැනැත්තිය විපක්ෂයේ පක්ෂ පොදු පෙරමුණකට ඇවිත් බවත් ප්‍රකාශ කරයි. ඒ මේ ***** දන්නා දේශපාලනයේ තරමය.

    මේ තැනැත්තියගේ සැමියා වන මහැදුරාට තමන්ගේ ගෞරවය රැක ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ මේ **** ගෙදර බැඳ තැබීමයි. නැත්නම් ඇය දන්නේම නැතිව ඇදුරාගේ කලිසම ගලවන දවස දුර නැත.

    ReplyDelete
  7. කථාව ඇත්ත වෙන්න පුළුවන්. ඒක පිළිගන්නවා. එහෙනම් කියමු අ.වි.ශි.බ.ම. ඇර වෙන මොන පා ගමනද ඊට වෙනස් විදිහට යන්නේ. මා හින්ද මාමිගෙද, ලෙමන් පෆ් වංශගෙද? මේ ජනසේනා ගේ දේශපාලන කුහකත්වය ප්‍රකට කිරීමක් හැර වෙනයමක් නොවේ.

    මේ ඒක නෙමේ හොද වැඩකට සප් එකක් විදිහට මම මේකේ තියන පිංතූරයක් උස්සනවා හොදේ...

    ReplyDelete
  8. දැන් මුන්ට පඩි දෙන්නලු යන්නෙ. මාරයි. සිතුමිණි රතනමලල වගේ පරපෝෂිතයන්ටත් පොට්ට චාන්ස් එක.

    ReplyDelete
  9. සති කිහිපයකට පෙර FUTA එකේ නිර්මලී රංජිතා නුවරදී පොර ටෝක් දුන්නේ අපි ආණ්ඩුවට කියපු කාලේ ඉවරයි, ආණ්ඩුව අපි කියන දේ අහන්නේ නැත්නම් අපි ජනතාවට කියනවා. බර්ටෝලට් බ්‍රෙෂ්ට් කිවා වගේ වෙන ජනතාවක් තෝරා පත්කර ගන්නවා කියලාය.

    එසේ කිව් නිර්මලී රංජිතාම දැන් අනේ සර් අපට තව අදින්න අමාරුයි. ඔන්න ඔහේ කටුවක් හරි දෙන්න, අපි වැඩට එන්නම් කියන තත්ත්වයට පත් වී තිබේ.

    එස්. බී. හෝ ආණ්ඩුව කලබල විය යුතු නැත. ඔහොමම තව ටික දවසක් යන්න දෙන්න. මොනවත් දෙන්න ඕනෑම නැත. නිර්මලී රංජිතාලා බඩ ගාගෙන එන හැටි පෙනෙනු ඇත.

    හිනා විය යුත්තේ මේවාටය.

    ReplyDelete
  10. මුගේ ජනසේනා බ්ලොගයට කොමෙන්ටු වැඩිපුර වැටෙනකොට ,මේක කරන මීහරකා හිතන්නේ කෙසේ වෙතත් මුගේ බ්ලොගය කියවන පිරිසක් ඉන්න බවය.ඒ නිසා මම කියන්නේ වැරදීමකින් මුගේ බ්ලොගය කියෙව්වත් කොමෙන්ටු දාන්න එපා කියාය.මුගේ පොස්ටු කියෙව්වාම,කොමෙන්ටු කොටන්න අත කහන බව ඇත්තකි.ඒත් මූ හැදෙන පාටක් නැත.ඒ ජනසේනා ලියන එකා මීහරකෙක් නිසාය.

    ReplyDelete
  11. වැඩි පඩි ඉල්ලා සරසවි ආචාර්යවරුන් මෑතකදී එලියට බැස්සේය. ඔවුන් එසේ එලියට බැස්සේ සරසවි සිසුන්ට හෝ මෙරටේ ජනතාවට ඇති ආදරයකින් නොවන බව අප දනිමු. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල සිසුන්ට පුස්තකාල, සෞඛ්‍ය, ක්‍රීඩා යනාදී පහසුකම් නොව පෙට්ටි කඩෙන් ලාබෙට ගන්නා ඉටි කොලේ ඔතපු එක ව්‍යංජනයේ නීරස බත් එක කා අත හෝදගන්නට හරි හමන් ටැප් එකක් පවා නැත. එවැනි පහසුකම් සිසුන්ට ඇති කර දීමට සරසවි ආචාර්යවරුන් එලියට බැස්සේ නැත. එලියට බැස්සේ තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහාය.

    පිටරට විශ්ව විද්‍යාල වල මෙන් ලංකාවේ විශ්ව විද්‍යාල වල සරසවි ආචාර්යවරු සහ සරසවි සිසුන් අතර දැනුම , අනාගත වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීමේ කතිකා නැත. ඇත්තේ හූව, කැලෑ පත්තර සහ ගුටි ඇන ගැනීමේ සන්නිවේදන කලාවයි. එම නිසා අපේ විශ්ව විද්‍යාල වලින් ගැඹුරු මිනිසුන් බිහි වෙන්නේ නැත. ලිංගික අසහනය , පන්ති වෛරය සහ හීනමානය යන තුන් කලාව පිරි ඇති ලංකාවේ විශ්ව විද්‍යාලවලවලට සුදුසුකම් ලැබුවද දැන් ඇති හැකි එවුන් එන්නේ නැත. උන් යන්නේ ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලටය. හීනමානය සහ අසහනය ඇති එවුන් සිත් සේ නවක වධ කියා අමු අමුවේ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරති. (මෙවැනි පරිසරයක් විශ්ව විද්‍යාලවල තිබීම ජෙප්පන්ට නම් කල්ල මරේය) ඒවා නැවැත්වීමටවත් සරසවි ආචාර්යවරුන්ට දැක්මක් නැත. අන්තිමේදී එයත් භාර ගත්තේ මිලිටරියයි. ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව සාක්ෂරතාවය අඩු අප්‍රිකාවේ රටවල විශ්ව විද්‍යාල වලටත් වඩා පසු පස සිටින නිසා පෞද්ගලික අංශයේ රැකියා පවා ලැබෙන්නේ බටහිරට ගොස් ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාවක් හෝ ලබාගත් තැනැත්තාටය. අවශේෂයන් ඉසුරුපාය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගොඩනැගිල්ල ඉදිරියට ගොස් පිනට ආණ්ඩුවෙන් රැකියාවක් දෙන තුරු උපවාස කල යුතුය. ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් 40,000 රැකියා දුන් නමුත් ඔවුන්ගෙන් රාජ්‍ය කාර්යක්ෂමතාවට වූ පිටුවහලක් නැත. ගිරා දැනුම මිස ප්‍රයෝගික දැනුම බහුතරයකට නැත. මෙය අමිහිරි නමුත් සත්‍ය යථාර්තයයි.

    ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙවැනි පහත් තත්වයකට වැටී ඇති බව එස්. බී පමණක් නොවේ රජතුමාද හොඳින් දනියි. එම නිසා එලදායිතාවක් නොමැති අපගේ විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වසා තැබුවත් එය රටට පාඩුවක් නොවන බව මේ දෙපොල හොඳින්ම දනිති. එම නිසා අවශ්‍ය වුවහොත් විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වුවද වසා තබන බව එස් .බී පාරම් බෑවේය. වෙනත් රටක ඇමතිවරයෙක් (විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ) එසේ කිවේ නම් මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවම විරෝධතාව දැක්වීමට ඉඩ තිබුණි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල කෙරෙන්නේ සහ තමන්ද කරන්නේ බොරුව බව සරසවි ආචාර්යවරු දනිති. එම නිසා එස් බී ගේ කතාවට කිසිම විරෝධතාවක් නාවේය.

    සරසවි ආචාර්යවරුන් තමන්ගේ පර්මිට් වාහනයට දක්වන්න සැලකිල්ලෙන් සහ අවධානයෙන් සියයට එකක් තමන්ගෙන් ඉගෙන ගන්නා සරසවි සිසුවාට යොමු කළේ නම් ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල මෙතරම් පහලට වැටෙන්නේ නැත. බොහෝ සරසවි ආචාර්යවරුන් තමන්ගේ ළමුන්ව උසස් අධ්‍යාපනය සදහා ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට යැවීමට සැලසුම් හදනවා මිස තමන් උගන්වන විශ්ව විද්‍යාල වලට තම දරුවන් ඉගෙන ගැනීමට එනවා දැකීමට අකමැතිය. ඊට හේතුව මෙතන සිදුවන්නේ බොරුව බව හොඳාකාරවම දන්නා බැවිනි.

    සරසවි ආචාර්යවරු උගන්වන්නේ පරණ දැනුමය. ඔවුන් අලුතින් යමක් නොකියවති. ටියුෂන් දීමට හා දේශපාලන පක්ෂ වලට කඩේ යාමට තිබෙන නිසා එසේ කියවීමට කාල වේලාවද නැත. තමන්ගේ ගුරා තමුන්ට දුන් නෝට්ස් ටික ගෝලයන්ට දෙති. ගෝලයන්ද ඒවා ගිරවුන් මෙන් කටපාඩම් කර ගනිති පරිගණක යුගයට ගැලපෙන නවීකරණයක් නැත. යමක් අධ්‍යනය කරන්නේ හෝ බුද්ධි කලම්බනයක් ප්‍රොජෙක්ට් එකක් කිරීමට හෝ උත්සහයක් නැත. වෙනත් රටවල විශ්ව විද්‍යාල වල මෙන් තමන් උගන්වන විෂයේ විෂය පාඨමාලා ප්‍රසිද්ධ කරන්නේ නැත. ඒවා රස රහස් ය. ඇතැම් සරසවි ආචාර්යවරු සිසුන් ගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ක්‍රමය අපුරුය. කාමරයේ විදුලි පංකාව උපරිමයට දමා පිළිතුරු පත්‍ර උඩ දමති. මධ්‍යට වැටෙන පිළිතුරු පත්‍ර වලට වැඩි ලකුණුද ඈතට පාවී යන ඒවාට අඩු ලකුණුද ලැබේ. බොහෝ විට පන්ති සාමාර්ථයක් ලැබීමට ආචාර්යවරයා සමග යහන් ගතවිය යුතුය. සමහර කථිකාචාර්යවරු සිසුවියන්ගෙන් ප්‍රසිධියේ ලිංගික අල්ලස් ඉල්ලති. වැඩි පඩි ඉල්ලා මිස විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට සහය වෙයව් කියා සරසවි ආචාර්යවරුන් එලියට බසින්නේ නැත. එසේ ගුණාත්මකබව වැඩි කිරීමට ඔවුන්ට උවමනාවක් ද නැත. අවසානයේදී අයිවෝ ජෙනිග්ස් සහ අයිවෝ ඩෙනිස් අතර වෙනස නොදන්නා බුද්ධිමය අතින් ලාමක ගිරා පෝතකයන් පරපුරක් පමණක් බිහි කිරීමට දායක වී තිබේ. මෙය අද දවසේ අපි හමුවේ ඇති කටුක සහ විපරිත සත්‍යයි.
    Amila Gunarathna

    ReplyDelete
  12. අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතා මැර ප්‍රහාරයට ලක්වී ඇත්තේ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩා පිටියේදීය. ක්‍රීඩා තරඟයක් සදහා ඔහු තම පුතා රැගෙන ගොස් සිටියදී වාහනයකින් පැමිණි මැරයන් සිව්දෙනෙකු ඔහුට පහරදුන් බව එහි සිටි අය දැක ඇ

    ReplyDelete
  13. අපේ යුව රජා බැසිල් මහත්මා
    ඔන්න අපිට පඩි වැඩි කර දෙනවලු
    අනේ බුදුන් දැක නිවන් දකිත්වා
    එතුමට විතරයි දුක තේරෙන්නේ

    පෙරටුගාමියෝ - අන්තරෙ කොල්ලෝ
    පාවාදුන්නැයි සටන බනිනවලු
    අනේ තොපි ගිහින් හාල් ගරල්ලා
    තොපිට මොටද අපි කඩේ දුවන්නේ

    ඔන්න රට වටේ සල්ලි නැති නිසා
    එකින් එකට ඉස්කෝල වැහෙනවලු
    අනේ මොටද අපි කරදර වෙන්නේ
    අපේ ළමයි නෑ ඕවට යන්නේ

    නිකම් කට තියං ඉන්න බැරි එවුන්
    සියේට හය දැන් කොහෙද අහනවලු
    ඕකුන් කුරුසේ ඇණ ගහපල්ලා
    ඔවුන් තමයි අපෙ ආතල් කන්නේ

    සීයට හය වළලන්ට හදන කොට
    මුන් තව ඒකම කූරු ගානවලු
    අනේ තොපිට වෙන වැඩක් නැද්ද බං
    ඕකම අහලා අප රිද්දන්නේ

    පඩි වැඩි වීලා - අලි තන්තෝසයි
    අපි මහ වීරයො කියා හිතෙනවලු
    සීයට හය දැන අමතක කරපං
    ඇයි තව ඕවට කරදර වෙන්නේ

    ReplyDelete
  14. බැසිල් යුව රජා ගුණ කඳ ගයමු සිරි සොඳා!!

    මෙන්න පඩි කියා - අපට දුන්නු බඩපුරා
    බැසිල් මහත්මා - ගුණකඳ වනමු මෙලෙසිනා
    තුටු කඳුළු පෙරා - ඔබේ සිරි පතුල් දොවා
    දුන්නු රන් මසූ - පොදි ගෙන යමුය තුටියෙනා

    කටපුරා අපට ටින් කිරි - දුන්න එස්බියා
    නිරුවතින් එදා - මතකද පා ගමන් ගියා
    සුර ලොවින් බැසා - සුර දූතයෙක් නියා
    බැසිල් යුවරජා - අපෙ ගිණි නිවපු සිරිමතා

    FUTA එකෙ අපී - ඔබට ණය ගැතියි මැතී
    FUTA එකෙ අපී - ඔබට ලියමු ගී බැතී
    FUTA එකෙ අපී - ඔබෙ ගුණ ගයමු බිම හැපී
    FUTA එකෙ අපී - ඔබෙ පා දුහුවිලිය නිතී

    ජාතියේ පියා - ඩී. එස්. සේනනායකා
    ඒ තුමා පුතා - අපට බත් දුන්නු පියා
    බැසිල් යුවරජා - අපට පඩිය දුන් පියා
    ඔබේ සිරි දෙපා - වඳිමු සාදු කිය කියා

    ReplyDelete
  15. Fatta Fatta - Yakune Fatta thnks 4 Janasena & Commentators

    ReplyDelete
  16. සින්හයන්ට සේ ගරුකොට වන්දනා කොට සැලකූයී තවත් කැණහිල් රැලකට නොවීදැයි කම්පාවී තමනටම තලාගැනීමට මඩුවලිග සොයමින් සකල දෙස සරන්නාහුය අප.......................

    ReplyDelete
  17. "ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.

    එසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද "ෆුටා නාඩගම" නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව "ෆුටා එකට වුණ දේ මතකයි නේද?" කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.

    අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.

    ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.

    තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.

    එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!

    ReplyDelete