Thursday, October 11, 2012

විෂ ‍ඝෝර සර්පයා - දැක නෑරු මෝඩයා

විෂ ‍ඝෝර සර්පයා - දැක නෑරු මෝඩයා යයි ජනවහරේ කතාවක් තිබේ.

රටේ ස්ථාවරත්වය අඩාල කරමින් දිගින් දිගටම ඇදෙමින් තිබූ ආචාර්ය වර්ජනය සමතයකට පත්කිරීමට මෙතෙක්කල් රජයෙන් යැවූවේ මෝඩයින් අහිනකි. තත්වය තවත් දරුණු වූවා පමණි. 

අවසානයේදී නිසි පුද්ගලයා ඒ වෙනුවෙන් මැදිහත්විය. අමුතුවෙන් කිසිදු දෙයක් නොදීම වර්ජනය අවසන් විය.
දෙපරැන්දෙන් වැගිරෙන වාචාලකම හෝ උද්දච්චකම යනු නායකත්වය නොවේ. නියම නායකයා යනු ප්‍රශ්නයේ ගැඹුර දැන ජනතාව සමග ගණුදෙනු කරන්නාය.
බැසිල් රාජපක්ෂ මේ ලබාදුන්නේ ආචාර්ය වර්ජනයට සුදුසුම අවසානයයි.

ප්‍රතිපත්තිමය තීන්දු ගතයුත්තේ කවුරුවත් උද්ඝෝෂණය කරන කලබලයට නොවේ. 

ආචාර්ය වර්ජනයට මුල්වූ කරුණු ගැන රජය මීට වඩා අවධානයක් දැක්විය යුතුය. ඒ සඳහා අවශ්‍ය කාලය දැන් ලැබී ඇත.
බැසිල්..... ඔබට සුබපැතුම් !

9 comments:

  1. කොහොමත් ඔය නාට්‍යයෙ තිබුනෙ බැසිල්ට ලකුණු දෙන තිර පිටපතක් තමා... :)

    ReplyDelete
  2. ඕකට තමයි දැක්කොත් බුවා නැත්නම් එබුවා කියන්නේ.හැම හොඳ දෙයක්ම රාජපක්ෂ මහත්තුරුන්ගේ වැඩ වෙන අතර අසාර්ථක වෙන දේවල් වෙනත් අය අතරේ බෙදීයාම සිදුවේ.

    ReplyDelete
  3. මුකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. නිදාගත්ත එකෙක්ගෙන් නිදිද කියල ඇහුවාම "මම නිදි" කියල කිව්වලු.

      Delete
  4. උස් තැන් දැක හැකිළෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ .....

    ReplyDelete
  5. ෆුටා යනුත් රාවණ රජතුමාගේ සමයේ පවා තිබුණ විප්ලවයකි. එකලැ එය හැඳින්වූයේ "පුතා" ලෙසටය. අරිසෙන් අහුබුදු හෙළුවානන්ගේ මගෙහි ගොස් පද නිරුක්තිය බැලූ කල, පු=පුකෙන්, තා=තාලය ඇල්ලීම යන අරුත ලැබෙයි. පශ්චාත් භාගයෙන් තාලය අල්ලන විට අවට සිටිනා උදවිය නාසය වසා ගත යුතු බව මගේ ගුරුදේවයාණන් වහන්සේ පැවසුවේ, මම කුඩා කල ශිල්ප හැදෑරීමට ගිය පළමු දවසේ කැලෑසිය තුළදී "පුතා" කල අවස්ථාවේදීමය.

    ReplyDelete
  6. "ආචාර්ය වර්ජනයට මුල්වූ කරුණු ගැන රජය මීට වඩා අවධානයක් දැක්විය යුතුය. ඒ සඳහා අවශ්‍ය කාලය දැන් ලැබී ඇත"
    මෙහෙම දෙයක් කියන්න ඔබ තුමාට සිද්ධ වෙන්නෙත් ෆූටා අරගලය ඔස්සේ ඒ ප්‍රශ්න මතු කළ නිසා නේද?

    ReplyDelete
  7. ජර්මනිය පුරා ප්‍රචලිත වෙලා තිබ්බ නාසි විරෝධී විහිළු කතා එහෙන් මෙහෙන් ඇහිලා, සර්වලෝක බලධාරී අධිරාජයා- හිට්ලර් උන්නෙ මල් වරුසාවක් පැනලා. ගෙස්ටපෝවෙ ඉන්න නොම්මර එකේ ඔත්තුකාරයව ගෙන්නලා නියෝග කෙරුවා පල ගිහින් මොන ලෝකෙන් හරි මේ බලු විහිළු කතා ගොතන එකාව අල්ලගෙන වර කියලා.

    මිනිහා හැරෙන තැපෑලෙන් බඩු කුදලගෙන ආවා. ජෝකර් ඇවිල්ලා, වොන් ගෝල්ඩ්බ්ලූම් කියලා යුදෙව්වෙක්.

    හිට්ලර් මාරාවේශෙන් ජෝකර්ට කඩන් පැන්නා.
    "අර මට වැඩේට කලින් යනවයි කියන වනචර විහිළුව ගෙතුවෙ තෝ ද?"
    "ඔව්. මමයි." ගෝල්ඩ්බ්ලූම් නිහතමානීව පිළිගත්තා.
    "එතකොට, මගෙ අප්ප ඌරෙක් කියන ජඩ විහිළුව ගෙතුවෙ තෝ ද?
    "ඔව්. ඒත් මමම තමයි."
    "එතකොට, මං මළ දවසට ඒක යුදෙවු නිවාඩු දවසක් වෙනව කියන පාහර විහිළුව? ඒකත් තෝද?"
    "එහෙමයි. මම තමයි" ගෝල්ඩ්බ්ලූම් බිම බලාගෙන සන්සුන් හඬින් කිවුවා.

    "එතකොට, යුදෙව් ඌරෝ.....," හිට්ලර් යටි ගිරියෙන් කෑ ගැහුවා. (කවුරුත් දන්නවානෙ ඉතිං ඒකාධිපතියන්ට ඉවසීමක් නෑ කියලා...) "තෝ දන්නවද, මම තව අවුරුදු දහස් ගානක් යන තුරු කීර්ති කදම්බයෙන් දිදුලන- ශ්‍රේෂ්ඨ ජර්මානු ආර්ය අධිරාජ්‍යයේ- ශ්‍රේෂ්ඨ අධිරාජයා බව? පිරිසිදු ආර්ය ජාතියේ ආඩම්බරකාර පියා බව?"

    "හඃ හඃ හා" ගෝල්ඩ්බ්ලූම් යටි උගුරෙන් සද්දයක් දාල මිනිහගෙ සරුවාංගෙම සලිත කර කර කර හිනාවෙන්ඩ පටන් ගත්තා. "උතුමාණෙනි, ඒක නං පට්ටම ජෝක් එක- හැබැයි ඕං මං නං නෙමේ ඒක ගෙතුවේ. ඒක මං ඇහුවෙත් අදයි."

    ආදර්ශය-
    හිට්ලර් චිර ජීවනයේ රහස හෙවත් කුරහන් තලප ගැන අඳෝසංසාරයක් දැන හිටියේ නැත.

    ReplyDelete