Thursday, May 9, 2013

අනේ තොපේ (විදුලි) විප්ලවේ



ඉහත බැනරය විදුලි බලට එරෙහිව මාරාන්තික විරෝධයකට එලැඹී සිටින අතිමානුෂවාදී ෆේස්බුක් විප්ලවවාදීන් විසින් දිගට හරහට ෂෙයාර් කරන ලද්දකි. මුන්ගේ විප්ලවීය පුකේ අමාරුව කොතෙක්ද යත් ඕනෙ දෙයක මුන්ට පේන්නේ ඇන්ටි රාජපක්ෂ කෑල්ල විතරය. තමුන්ගේ ආයුධ වලින් තමුන්ටම පස්ස පුරා වදිනවා පෙනෙන්නේ හෝ රිදෙන්නේ නැත.

මේ බැනර් එකෙන් ජනාධිපතිතුමාට මාර කිණ්ඩියක් දානවා යයි මේක හදපු/ෂෙයාර්කරන අම්බරුවන් හිතනවා ඇත. අනේ තොපෙ හිඟන මොලේ.

මේ බැනර් එකට අපිත් ලයික්ය. මොකද මේකෙ තියෙන්නේ විදුලි බිල් මගුලක් නොවේ. වර්තමාන සමාජ උගුලේ හසුවී විඳවන සිහිකල්පනාව ඇති ඕනෙම මනුෂ්‍යයෙකුගේ පරම පැතුමයි.

හතරැස් කාමරේක ජීවත්වන, එදිනෙදා ජීවත්වීම පිණිස උදේ හතේ සිට රාත්‍රී හත තෙක් කොහේ හෝ වහල් කඳවුරක ශ්‍රමය වගුරන (මුන් මේවාට කියන්නේ කාර්යාල කියාය. මුං හිතන්නේ ඒවා ඒ.සී කර ඇත්තේ උන්ට ආතල් එකේ ඉන්නට කියාය. තොපි දන්න තරම තමයි) සැබෑ මිනිස් ආශ්‍රයක් නැති නිසා සයිබර් අවකාශයේ ප්‍රොෆයිල් සමග ගණූදෙනු කරන, බාහිර විඳින්නට අවකාශයක් නැති නිසා මධ්‍යසාර හෝ ගංජා මගින් තමුන්ගේ අභ්‍යන්තරයම අවුල් කොට විඳින (හෝ විඳවන) කාලකන්ණි මිනිසුන්ගේ පැතුමයි. (අපද අඩු වැඩි වශයෙන් මේ කුලකයට අයත්ය)

මුන් දේශපාලනය කරනවා යයි කියන්නේ මේ රට මොකද්දෝ හොඳ තැනකට ගේන්නටලුය. අනේ තොපේ පුකේ දේශපාලනේ. ඔය පිට කරන්නේ දවස පුරා කොහෙවත් ඉන්න තක්කඩියෙකුට බැලමෙහෙ කිරීමට සිදුවීමේ ඇරියස් එකයි. තමුන්ව මොකෙක්වත් ගණන් නොගැනීමේ ඇරියස් එකයි. අවංක මිනිස් සම්බන්ධතා නැතිවීමේ ඇරියස් එකයි. තමුන්ගේ සියළු මජර ආශාවන් සන්තර්පණය කර ගැනීමට තරම් මුදල් නැති වීමේ දුකයි.

සත්‍ය තත්වය නම් ගැටළුව ඇත්තේ තමුන්ගේ ඇතුලතය. ඒ වුනාට මේක පිලිගන්න එක අමාරුය. ඒක නිසා ගැටළුව එලියේ තිබෙන දේශපාලනය බවට පත්කර ගනී.

(මෙවන් අසරණයින්ගේ සාමාන්‍ය සයිබර්  චරියාව වන්නේ නව ශ්‍රී ලංකා දේශපාලනය ගෲප් එකේ නිර්ධනයින්ගේ බඩගන්න ගැන හොටු පෙරා, රස සරණීයේ තඩි කෑමවේලකට ලයික් එකක්ද දමා, කොෆි ෂොප් එකේ පස්ස ඉරෙන පඬි ටෝකක් දෙකක් දමා වැලක් බලා නින්දට යෑමයි.)

මොකා මොනවා කිව්වත් මේ බැනර් එකේ තිබෙන ජීවිතයට අපි නම් ඉතා ආශා කරන්නෙමු. මේ මිහිතලය මත නිදහස් සත්වයෙක් වශයෙන් උපත ලබා, නිදහසේ ජීවත්වව, නිදහසේ මියයන්නට ඇත්නම් ඊට වඩා සැපතක් තිබිය නොහැකිය.

(මේකේ අන්තිමට තියෙන මහින්ද අබේසුන්දරගේ පඩංගු විපරම හෝ වාචාල හඩ්ඩාගේ කුණූ කතා අපි අහන්නේද නැත. යම් දවසක රාජපක්ෂ පරද්දන්නට  විශාලම මෙහෙය ඔවුන් දැනටම සිදුකරමින් සිටී. උන් දෙන්නට මල් තියල වැඳපියව් !)

Tuesday, May 7, 2013

බේබද්දන්ගේ විදුලි විප්ලවය

රටක් දියුණු වෙන්නනම් වෙන්න ඕනෙ මේක තමයි හලෝ


අපි ගෙවන්නෙ නැති කස්ටිය අපේ ආගමනයත් සමග සද්ද වසා ඇති බවක් පෙනේ. ගෙවන්නෙ නැති පින්තූර ප්‍රොෆයිල් පික්චරේට දාගත්තු විප්පලවාදීන් අතලොස්සකට මේ වෙන විට ඇති ලොකුම ප්‍රශ්ණය විය හැක්කේ මේක ගලවලා දාන්නේ කොහොමද කියන එක විය හැකිය.

ඔය කවුරු කවුරුත් පරක්කුවෙලා හරි ඇත්ත තේරුම් ගත්තු එක වැදගත්ය. විදුලිය ගැන ලොකු ප්‍රශ්ණයක් ඇත. රටට අවශ්‍ය විදුලි ප්‍රමාණය ලාභදායීව නිෂ්පාදනය ගැටළුවකි. එනිසා සැපයුම අඛණ්ඩව පවත්වාගන්නට නම් විදුලි බිල වැඩිකල යුතුය. මේ හදිස්සියේ වෙනත් විකල්ප නැත.

විදුලි බිල තබා මොන බිලවත් අඩුවෙලා නැත. ඉස්සරහට අඩුවන්නේද නැත. අඩු නොකරන්නේ ආතල් එකට නොවේ. අඩු කල නොහැකි නිසාය. දිනෙන් දින විදුලි පාරිභෝජනය වැඩි වෙනවා තබා දශමයකින්වත් අඩු වන්නේ නැත. විදුලි පාරිභෝජනය වැඩි වන තරමට ලංකාවේ ගංගා වැඩිවන්නේ නැත. එනිසා කෙටිකාලීන විසඳුම් වලට යන්නට සිදුවේ. තෙල් වලින් විදුලිය හදන්නට සිදුවේ. අධික වියදම පියවා ගන්නට බිල් වැඩි කරන්නට සිදුවේ.

මහින්ද රාජපක්ෂගේ විදුලි බිල ගැන හොටු පෙරන එකෙක්වත් රටේ විදුලි ක්ෂේත්‍රයේ වර්ධනය ගැන හොරැහින්වත් බලන්නේ නැත. මහින්ද රාජපක්ෂ එනවිට කළුවරේ තිබූ ගම්මාන දහස් ගණනකට මේ කෙටි කාලය තුලදී විදුලිය ලබාදී ඇත. ලංකාවේ අති බහුතර මැතිවරණ කොට්ඨාශ වල විදුලිය නොමැති පවුල් 5% කටත් වඩා අඩු ප්‍රතිශතයකි. මේ 5% ත්, පවුල් දෙක තුනක් වැනි සංඛ්‍යාවක් වෙනුවෙන් විශාල වියදමක් දරා වැඩි දුරක් විදුලිය අදින්නට සිදුව ඇති තැන් වැනි ගැටළු නිසා ප්‍රමාද වෙමින් තිබෙන ඒවාය.

මොකා මොනවා කිව්වත් රටේ ආර්ථික වර්ධනයක් ඇත. අද වන විට ගම්බද පළාත්වල වුනත් (ඕනෑ තරම් දර තිබියදී) බත උයන්නේ කුකර් එකේය. බහුතර නිවෙස් වල වතුර මෝටරයක් භාවිතා කරයි. නිවෙස් විශාල ප්‍රමාණයක ශිතකරණයක් ඇත. වෙනත් විවිධාකාර විදුලි උපකරණ ඕනෑතරම් ඇත. මෙය සතුටුවිය යුතු තත්වයකි. මිනිසුන්ගේ ජීවන තත්වයන් සුවපහසු වීම සංවර්ධනයේ ලක්ෂණයකි.

සංවර්ධනය හොඳ දෙයකි. හැබැයි සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳින ගමන් සංවර්ධනයේ බිල ගෙවන්න බැහැයි කීම අමන කමකි. වෙනත් වචන නැත. අමන කමකි.

දැන් පවතින විදුලි අර්බුදයට එකම විසඳුම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කොට පාඩුව අවම කර ගැනීමයි. එයට හොඳම පිළියම බිල වැඩි කිරීමයි. (කර්මාන්ත සහ ව්‍යාපාර පිළීබඳව මීට වඩා සහනයක් දීමට තිබූ බව ‘ජනසේනා’ අපගේ විශ්වාසයයි.)

මේ රටේ මිනිසුන් බණ කියලා හදන්නට බැරිය. (එහෙම පුළුවන් කියලා හිතන පිස්සන් කරුණාකර අංගොඩ මානසික රෝහලේ සුදුසුකම් ලත් වෛද්‍යවරියක හමුවී අනාගත විප්ලවය සැලසුම් කරගන්න) බණෙන් බැරි ඒවා අණෙන් පුළුවන.  මෙතෙක් කල් රෑ දවල් ලෝස් නැතුව නිකරුණේ පුළුස්සා දැමූ විදුලිය දැන් නැවතී ඇත. දරත් කාලයත් තිබියදී කම්මැලිකම නිසා කුකර් එකේ ඉවූ සෝබන ගෑනු දැන් දර හොයති. මේ ඉතිරි වන්නේ මෙතෙක් කල් නිකරුණේ පුළුස්සා දැමූ මහා ඩීසල් කන්දරාවකි. විය යුත්තේද එයයි.

             

විදුලි අර්බුදයට විසඳුම ලෙස මහින්ද ගෙදර යැවීමට අමුඩ ගැසීම මේ ශතකයේ විහිළුවයි. මහින්ද නොව කවුරු ආවත් මේ මොහොතේ විදුලි බිල අඩුකල නොහැකිය. අඩු කරනවානම්, ඒ පාඩුව පියවා ගැනීමට වෙන මොනවා හෝ වැඩිකල යුතුමය. මේක නොතේරෙන බබ්බු ලංකාවේ නැත.



අපි ගෙවන්නේ නැහැයි කියන අමනයින් මේ කෑ ගහන්නේ බොරුවට බව අපි දනිමු. මේ කෑ ගහන්නේ බිල ගෙවාගන්ඩ බැරුව නෙමේ. මෙහෙමවත් මහින්දව ගෙදර යවාගන්ඩ පුළුවන්ද බලන්ඩ.

උදාහරණයක් හැටියට අපි ගෙවන්නෙ නැති වීරයන්ගේ ගෲපයට විශාල ප්‍රචාරයක් ලබාදෙන්නේ කුස් ප්‍රනාන්දු නම් (මොකද්ද හලෝ මේ නම?) අයෙක් බව පෙනේ. ඒ අනුව මෙම ගෲපය කුස් නැමත්තාගේ නිර්මාණයක් විය හැකිය.. කුස් ප්‍රනාන්දු යනු කවරෙක්දැයි අපි සොයා බැලුවෙමු. මොහු ෆේස්බුකිය පුරා දාන පෝස්ට් හා කමෙන්ට් අනුව නොම්මර එකේ බේබද්දෙකි. අපි ගෙවන්නෙ නෑ යයි කීම මොහුට අනුව සාධාරණය. මක් නිසාද බීමටම වියදම් කිරීම නිසා මොහුගේ අතේ මාසය අවසාන වන විට සත පහක් ඉතිරි වන්නේ නැත. ඉතින් ලයිට් බිල ගෙවීමට නොහැකිය. අපි ගෙවන්නෙ නෑ යයි කෑ ගසයි. මොහුට රැවටෙන මෝඩයන් සුළු පිරිසක්ද ඒ සමග එකතුවී ඇති බව පෙනේ. මෙම ගෲපය සමග සිටින දෙද්දුවගේ, මංජුල වැනි බහුතරයක් ඔහුටම ගැලපෙන බේබද්දන් බව පෙනේ. මොවුන් මාසයකට මත්පැන් වලට වියදම් කරන මුදලින් අහල ගම් හතක ලයිට් බිල ගෙවීමට හැකිය.

ඉතින් බේබදුකම නිසා අතේ සල්ලි නැත. සල්ලි නැති නිසා විදුලි බිල ගෙවන්න නොහැක. ඉතින් අප්පි ගෙවන්න්න්නෙ නෑඈඈඈඈ....... කියා මොරදෙයි. ගොන් ආතල්.

Friday, May 3, 2013

අපි ගෙවන්නෙ (නැත්තෙ) නෑ....

-අපි ගෙවන්නේ නෑ-
මෙහෙම කිව්වට ඇත්තටම මුන් ගෙවලාය. එහෙම නැත්නම් මුන්ගේ ගෙවල්වල උන් ගෙවලාය. මොකද මම දන්නා විදිහට මේ එකෙක්ටවත් නොගෙවා ඉන්න බැරිය. නොගෙවා ඉන්නවානම් එක්කෝ පන්සලකට යායුතුය. නැත්නම් පල්ලියකට හෝ කෝවිලකට යා යුතුය.


ගෙවන්න එපා කියන බිම්බිසාරලා බහුතරයක් වාසය කරන්නේ බෝඩින් වලය. ඉතින් අපිට පාන්ද ?තොපි විදුලි බිල ගෙවන්න එපා. මොකද විදුලි බිල ගෙවන්නේ තොපේ බෝඩිම අයිතිකාරයා නිසාය. ඉතින් මේ ජෝකරයන්ගේ ආතල් නොදන්නා අහිංසකයන් ඇත්තටම විදුලි බිල ගෙවලා නැත්නම්, මුන්ගේ ගුලිය දෙහි ඇඹුලෙන් ගලගා කාලාය.


පුලුවන්නම් අපි බෝඩින් ගාස්තු ගෙවන්නේ නෑ කියල පාඨයක් හදපල්ලා. එතකොට නම් ඔය ගූ විරෝධය ආණ්ඩුවට කෙසේවෙතත් බෝඩිමේ අයිතිකාරයාට දැනෙන්නට ඉඩ තිබෙන්නේය. ඒක අතකින් -අපි ගෙවන්නේ නෑ- කියන ඒක හරිය. මොකද තොපි ගෙවන්නේ නැති නිසාය. ගෙවන්නේ තොපේ බෝඩිමේ අයිතිකාරයා හෝ උඹලා මාසේ අන්තිමට ගෙදරට මුදලක් යවපු පසු ගෙදර උන්ය. ඇත්තටම උඹලා හරිය. මොකද ඇත්තටම උඹලා නොගෙවන නිසාය.


අර නිරමාල් දේව-ආසිරියා 6% අල්ලාගෙන රටම ගොනාට ඇන්දුවා වගේ බුකියේ -අපි ගෙවන්නේ නෑ- කියා පිටුවක් හදාගෙන පොඩි ගොන් පාට් එකක් රඟ දක්වලාය. පව් අර අනුරාධපුරේ අසරණ දෙමව්පියෝ. උන් එහෙ ගෙවනවාය. මුන් මෙහේ කෙලින්ම නොගෙව්වාට වක්‍රාකාරව ගෙවනවාය. අන්තිමට මුන්ගේ පිටුවට like දමන එවුනුත් ගෙවනවාය.අපි ඔක්කොම ගෙවනවාය. අන්තිමට තොපේ පිටුවට like කරපු එවුනුත් කියන්නේ, 


අපි ගෙවන්නේ නෑ??? ගෙවන් නැත්නම් බම්බු ගහගනින්....!!! කියාය.

Monday, February 18, 2013

හලාල් අවුලට අපෙන් යෝජනාවක්


හලාල් මළ ඇණයක් වෙමින් තිබේ. හීන් නූලෙන් ඇදෙමින් තිබූ මුස්ලිම් ව්‍යාප්තවාදය දැන් එළියට පැමිණ ඇත. එය සිදුවූයේ හලාල් විරෝධය හරහාය.

හලාල් විරෝධය හොඳ දෙයකි. හලාල් යනු ආර්ථිකමය රාමුවකින් සිදුකෙරෙන සංස්කෘතික ආක්‍රමණයකි. සංස්කෘතික ආක්‍රමණ සියල්ලම නරක ඒවා නොවේ. ඒත් මේක නං පිළිකාවකි. නිදහස් මිනිසුන් දුරාතීත කාන්තාර ගෝත්‍රික සංස්කෘතියක් වෙත නැවත කැඳවා යාමකි. කැමති මිනිසුන් ස්වච්ඡන්දයෙන් එසේ ගියාට අපිට අහවල් අමාරුවක් නැත. නමුත් හීන්නූලෙන් කෙරෙන ආර්ථික සාමාජයීය කුමන්ත්‍රණයකින් මිනිසුන් එතැනට ඇද දැමීම නම් වහා දුරුකල යුතු ව්‍යාධියකි.


හැබැයි ඉතින් අතක තුවාලයක් හොඳකල යුත්තේ අත කපා දමා නොවේ. රටක් යනු අබ්බගාතයෙක් නොවිය යුතුය. බොදු බල සේනා ඇතුළු ආවේගශීලී බලවේග යමින් තිබෙන මේ අතිධාවනකාරී ගමන නම් රටක් වශයෙන් කොහොමවත් හිතකර නැත. ලංකාවේ හලාල් යනු අපේ ගෙදර ප්‍රස්නයකි. ගෙදර ප්‍රස්න විසඳාගන්න ගිහින් ලෝකෙන් ඉල්ලං කෑ යුතු නැත. ළඟ එන ජිනීවා සමුළුව වැනි කඩඉම් හලාල් වලට වඩා අති විශාල අභියෝගයන් බව කවුරුත් සිහි තබා ගත යුතුය.


මුස්ලිම් මිනිස්සුන්ට හලාල් කන්ඩ තියෙන අයිතිය අපි පිලිගනිමු. ප්‍රශ්නේ ඒවා බලහත්කාරයෙන් අපිටත් කැවීමයි. ඒ වෙනුවෙන් අපිටද නොදැනී අපෙන් ගානක් උලමාගේ පොකැට්ටුවට කපාගැනීමයි.


මෙන්න අපේ සිම්පල් විසඳුම.

1. හලාල් සහතිකය නොමිලේ නිකුත් කරනු.

2. ඒ සදහා යන වියදම් මුස්ලිම් බැතිමතුන්ගෙන් (පල්ලි මට්ටමින්) එකතු කොට උලමාට යවනු.

3. නිෂ්පාදන වල හලාල් සහතිකය ලබා ඇත්නම් එම ලාංඡනය හොඳින් පෙනෙන පරිදි විශාලව මුද්‍රණය කරනු.

හලාල් ආහාර ගැන අනෙකුත් ජාතීන් ප්‍රමාණවත් ලෙස දැනුවත්වීමෙන් අනතුරුව හලාල් අනවශ්‍ය අය ඒවා ප්‍රතික්ෂේප කරනු ඇත. ඒ අනුව වෙළඳපොලද හැඩගැසෙනු ඇත. මාකට් තියරියට අනුව හලාල් ප්‍රස්නේ විස‍ඳෙනු ඇත. 


ඔන්න දැන් බෝලෙ තියෙන්නෙ ජමියතුල් උලමාගෙ පැත්තෙ. මොකද කියන්නෙ?


(
ඕනෙ ඔට්ටුවක් දානවා. ඕකට කැමති වෙන්නෙ නෑ. මොකද ඒගොල්ලොන්ට ඕනෙ ගේම. ගේමක් නැතුව ඒ අයට පැවැත්මක් නෑ. අපි වැරදියි කියලා පුලුවන්නම් ඔප්පු කරන්න)

Friday, January 25, 2013

මොහොමඩ් නබි ගේ කතන්දර සහ අන්වර් මනතුංගගේ කතන්දර



මුලින්ම කිව යුත්තේ අප ඉස්ලාම් දහම සමග කිසිදු වෛරයකින් කටයුතු නොකරන බවයි. එමෙන්ම ලෝකයේ මිනිසුන් ශික්ෂණය කරන මාර්ගයක් ලෙස ඉස්ලාම් ආගමට අප ගරුකරමු. මේ ලිපිය ලියවෙන්නේ එම පදනම මත සිටය.

ලෝකයේ සියළුම ආගම් යනු එකිනෙකට සම්බන්ධව ගෙතුනු කතන්දර ගොන්නක් මත පදනමව නිර්මාණය වූ ඒවා වේ.  (කතන්දර යනු ‘අසත්‍යය’ යන්න නොවේ. නිවැරදිව කිවහොත් මිත්‍යාවයි. මිත්‍යාව යන සනාථ නොකරන ලද කතන්දරයයි. නිවන යනු සත්‍යයකැයි මේ ලියන අපිද අදහන්නෙමු. එහෙත් තවමත් එය අප විසින් සනාථ කර ගත්තක් නොවේ. අප විසින් නිවන් මාර්ගයේ අත්හදා බලා සාක්ෂාත් කරගත යුත්තකි.)

මොහොමඩ් නබි විසින් ඉස්ලාම් දහම නිර්මාණය කරන්නේ අරාබිකරයේ කාන්තාරවාසී අතිශය දුෂ්කර පාරිසරික කොන්දේසි යටතේ ජීවත්වූවන් උදෙසාය. ඉස්ලාම් දහම අද වන විට ගෝත්‍රික හෝ අශිෂ්ට ලෙස හංවඩු ගසන අප විසින් මූලිකව තේරුම් ගත යුත්තේ එයයි. සත්ව පාලනය තම ප්‍රධාන ජීවනෝපාය කරගත්, අශීලාචාර ජන කොටසක් ශිෂ්ට කිරීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත. කාන්තාර ශුෂ්ක පරිසරය හා ගොඩනැගුනු ප්‍රචණ්ඩ මානසිකත්වයකින් හෙබි, ව්‍යභිචාරය සහ සත්ව මෛථූනය පවා සාමාන්‍ය දෙයක් ලෙස සැලකුණ, නිතර ප්‍රචණ්ඩ ගෝත්‍රික ගැටුම් වලට මැදිවුන,  නූගත්, ඉහල දරාගැනීමේ හැකියාවකින් යුත් මෙම ජනතාව ශීලාචාර කිරීම වෙනුවෙන් අලුත් යමක් නිර්මාණය කිරීමම ඔහු ගරුකටයුතු පුද්ගලයෙක් බවට පත්වීමට සෑහේ.

සර්වබලධාරී (අල්ලාහ්) දෙවියන් පිළිබඳ සංකල්පය සහ ඔහු විසින් මෙලොවට එවන ලදැයි කියන නබිවරුන් පිළිබඳ පුරාවෘත්ත පසෙක තැබූ විට, සාමාන්‍යයෙන් මහපොලොවේ සිදුවන පරිදි ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු. මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය.

යමෙක් මෙල්ල කිරීමේ පහසු සහ කාර්‍යක්ෂම ක්‍රමය බිය කිරීමයි. අප වන අලියෙකු හීලෑ කරන්නේද එලෙසය. මෙම අර්ධ වනචාරී මිනිසුන් හීලෑ කිරීමට මොහොමඩ් නබි විසින් පළමුව කරන්නේ ද එයයි. එනම් සර්ව බලධාරී දෙවියන් පිළිබඳ සංකල්පය නැවත ප්‍රතිනිර්මාණයයි. මෙය ඉතා දක්ෂ කටයුත්තකි. උත්තර භාරතයේ සෞම්‍ය දේශගුණය තුල ජීවත්වූ ඉන්දියානුවාගේ මනසට බුදුන් වහන්සේ කල දාර්ශණික ආමන්ත්‍රණයට වඩා මෙය අතිශය බලවත්ය.

අල්ලාහ් නාමයෙන් මොහොමඩ් නබි විසින් කරන්නේ මෙම අශීලාචාර මිනිසුන් ශීලාචාර කිරීමයි. එහිදී ඔහුගේ සීමාවන් පැහැදිලිවම අපට දැකගත හැකිය. ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම්වල බලපෑමද ඕනෑතරම් දැකගත හැකිය. එහෙත් ඔහු මහත් ජයග්‍රහනයක් ලැබුවේය.  එකිනෙකා මරාගත් ප්‍රචණ්ඩ ගෝත්‍රයන් මහත් සමුදායක් ඔහු නියෝජිතයා වන සර්වබලධාරියෙකු යටතේ සාර්ථකව සංවිධානය කිරීමට ඔහු සමත්විය.

සියල්ල මුල සිටම කරන්නට ඔහුට සිදුවූ බව හොඳින් පෙනේ. දෙවියන් නැමදීමේ සිට, ආහාරපාන ගැනීම, ජීවනෝපාය, සමාජයේ දුර්වලයින් රැකබලාගැනීම, පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම පමණක් නොව මෛථූනය පවා යම් සංවිධානගත මාදිලියකට අනුව නැවත අකුරක් නෑර කියා දීමට සිදුවිය. ශුෂ්ක පාරිසරික සාධක සාමූහිකව ජයගැනීම උදෙසා මිනිසුන් සංවිධානය කිරීමට සිදුවිය.

මොහොමඩ් නබි යනු  ඔහුගේ සමකාලීන අන් මිනිසුන්ට වඩා ඉහලින් සිතන්නෙකු වුවද  ඔහුට ජයගත නොහැකි සාධක බොහෝ විය. පළමුවැන්න දුෂ්කර පරිසරයයි. දෙවැන්න සමාජයේ ජානගත ග්‍රෝත්‍රික ස්වභාවයයි. මෙනිසාම ඉස්ලාම් ආගම යම් ගෝත්‍රික ස්වරූපයන් මත නිර්මාණය වීම සිදුවිය. ගෝත්‍රයක වඩා වැදගත් වන්නේ ගහනයයි. පුරුෂ මූලික ගෝත්‍රයක නම් කාන්තාව යනු ගහනය උත්පාදනය කරන්නියයි. ඇය දෙවැනි ගණයේ ලා සැලකේ. ඉස්ලාම් හි මේ තත්වය එලෙසම අන්තර්ගත විය. සමාජයේ පිරිහීමට හේතු වන ව්‍යභිචාරය සහ අනාචාරය පාලනය කිරීමට නව නීති සමග කාන්තාව ආවරණය කෙරිනි.  සත්ව පාලනය ප්‍රධාන ජීවනෝපාය වූ සමාජයක සතුන් මැරීම ඉතා සාමාන්‍ය දෙයකි. හලාල් ආහාර යනු  එදා කිසිදු චාරයකින් තොරව ඔවුන් කල මාංශ බුදීම පාලනය කොට එය යම් සෞඛ්‍යමය පිළිවෙතකට නතු කිරීමට කල උත්සාහයයි.  (ඌරු මස් හරාම් වීම වැනි නිරර්ථක එකතුකිරීම් එකල පැවති දැඩි සමාජ විශ්වාසයන් එලෙසම තහවුරු කිරීම විය හැකිය.)

සමාජය තුල බෙදීම් සහ ගැටුම් හැකිතාක් අවම කිරීමේ සාර්ථකම ක්‍රමය සිතීම පාලනය කිරීමයි. ශික්ෂණ පද්ධතියට පිටින් සිතන්නන් සහ අපරාධ කරන්නන් නිතරම සමාජ සංවිධානය පළුදු කරයි. ඔවුන් පාලනය සඳහා දැඩි නීති රීති පැණවිනි. ඇත්තෙන්ම අද වන විට අප ලොමුදැහැගන්වෙන අතපය කපා දැමීම්, හිස ගසා දැමීම් වැනි දෑ එකල ඉතා සාමාන්‍ය දේ වන්නට ඇත. (අප රටේ ඉතිහාසයේද මෙවන් කෲර දඬුවම් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය) එනිසාම ඉස්ලාම් තුල සිතන්නට දෙයක් නැත. සියල්ල දෙවියන් විසින් ප්‍රකාශ කොට ඇති නිසා ඉතිරිව ඇත්තේ පිළිපැදීම පමණි.

මෙය ඉතා සාර්ථක සමාජ ක්‍රමයක් බව අප පිළිගතයුතුය. එහි පූර්ණ ගෞරවය මොහොමඩ් නබි හට හිමිවේ. ඔහුගේ සංවිධානය කිරී‍ම මත අරාබි ජාතිකයන් පාරිසරික දුෂ්කරතා සමග සාර්ථකව සටන්කොට, දියුණු සහ ඔවුන් මුලදී ගෙවූ ජීවිතයට සාපේක්ෂව ඉතා ශීලාචාර සහ සුරක්ෂිත සමාජයක් බවට පත්විය.

ඉස්ලාම් පිළිබඳව අද වන විට අන්‍ය ලබ්ධිකයන් සහ නිර්ආගමිකයන් නගන ප්‍රධානතම චෝදනාව වුයේ ‍එය වත්මන් ලෝකයට අනුව අශිෂ්ට බවයි. අපද විශ්වාස කරන ලෙසට මෙය සත්‍යයකි. මෙහි වරද මොහොමඩ් නබි මත පැටවීම ඉතා අසාධාරණය. ඔහු, ඔහු විසූ පරිසරය මත සිදුකරන ලද විපර්යාසය ආශ්චර්යයකි. මෙම චෝදනාව සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් ඉස්ලාම් නායකත්වය විසින් දැරිය යුතුය. මේවා ඔවුන් විශ්වාස කරන ලෙසට දෙවියන්ගේ නියමයන් විය හැකිය. එහෙත් දෙවියන් විසින් වසර දහස් ගණනකට පෙර නිකුත් කල නියමයන් එලෙස තිබියදීම, එම නියමයන්ට නොගැලපෙන ලෙස දෙවියන් විසින්ම ලෝකය වෙනස් කොට ඇති බවද ඔබ තේරුම් ගත යුතුය.

නව තාක්ෂණය සහ ලෝකයේ සමාජ ආර්ථික සැකැස්ම අනුව ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගහණයේ වැදගත්කමක් නැත. එනිසා අධික ලෙස දරුවන් බිහිකිරීම තවදුරටත් ලෝකයට අනවශ්‍යය. එනිසාම කාන්තාව යනු වදන යන්ත්‍රයක භූමිකාවේ තවදුරටත් සිරගත කිරීමේ තේරුමක්ද නැත. ජලය අවශ්‍යතරම් සපයා ගතහැකි වටපිටාවක පිරිසිදුකම සඳහා යයි පවසමින් (පූර්ව ගෝත්‍රික ලක්ෂණවලින් බිදී ආ) ලජ්ජා සහගත චර්ම ඡේදනය කිරීම විකාරයකි. කාන්තාර පරිසරයක දුරින් විසිරී සිටින මිනිසුන්ට දෙවියන් ඇදහීම සිහිපත් කිරීම සඳහා මහ හඬින් යාඥා කිරීම දෙමටගොඩ මුඩුක්කු පරිසරයකට කෙසේ ගැලපෙන්නේද? අවම වේදනාවක් ඇතිවන පරිදි ක්ෂණිකව මරණය සිදුකල හැකි ලෝකයක ක්රේන් වලින් එල්ලා වදදී මිනිසුන් මැරීම ලැජ්ජාවට කාරණයක් නොවේද? පිරිමින් රොත්තක් එක්වී කාන්තාවකට ගල්ගසා මරාදැමීම ඔබ තුලම ලැජ්ජාවක් ජනිත නොකරන්නේද?

අප අසන්නේ ශුෂ්ක කාන්තාර වාසී, වැඩිපුර මාංශ භක්ෂක, ප්‍රචණ්ඩ ගෝත්‍රික ජනතාවක් ශීලාචාර කිරීම  අරභයා දෙවියන් විසින් පැනවූ නියමයන්, ඕනෑතරම් ජලය සහ සෞම්‍ය දේශගුණයක් සහිත, ශාකමය ආහාර සපිරි,  මානව ධර්මයට සමීප නීතියකින් පාලනය වන නව තාක්ෂණයෙන් පොහොසත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට අදාලව දෙවියන් විසින්ම වෙනස් කරනු නොලබනු ඇතිද යන්නයි.

සෞදි අරාබි දේශයෙන් මේ ප්‍රශ්නය ඇසීමට අපට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව පිලිගනිමු. නමුත් ශ්‍රීලංකාව යනු ඊට සපුරා වෙනස් බිමකි. බහු වාර්ගික, බහු ආගමිකයන් ජීවත්වන තැනකි. මෙවන් තැනක ආක්‍රමණශීලී කල්ලිමය ආගමික හැසිරීම් මහත් ගැටළු ජනිත කරයි. මේවා අවසානයේදී පුපුරා යන්නේ මහත් විනාශයන් ඇතිකරමිනි. මෙවන් විනාශයන් වලදී දෙවියන් මැදිහත්වී කිසිවෙකු බේරා නොගන්නා බව ඔබද පිලිගන්නවා ඇත.

මේ කියන්නේ ශ්‍රී ලංකාව තුල මතුවෙමින් පවතින බෞද්ධ හෝ වෙනත් අන්තවාදී හැසිරීම් ඇත්නම් ඒවා කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට නොවේ.  ඒවාට පවත්නා නීතිය යටතේ කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. ඒ සඳහා රජයට බලකල යුතුය. නමුත් මේවා පැනනැගීම සඳහා ඔබේ පාර්ශවයෙන් සැපයෙන දායකත්වය පිළිබඳව මූලික කරුණු කිහිපයක් පමණක් ගෙනහැර දැක්වීම මෙම ලිපියේ අරමුණ වේ.

සංවාදයට විවෘතය.
(මෙය සාමූහික ප්‍රයත්නයකි)