Sunday, September 22, 2013

හෘද සාක්ෂියේ ජයග්‍රහණය

මැතිවරණය අවසන්ය.බහුතර ජනතාව තමන්ගේ හෘද සාක්ෂියට බොරු කල නොහැකිබව නැවතත් රාජපක්ෂ ආණ්ඩුව හෙවත් ජනතාවගේ ආණ්ඩුවට බහුතර බලයක් ලබා දීමෙන් රජයේ අනාගත ශුභදායි ගමන් මගට ශක්තියක් ලබාදී තිබේ.

යක්ෂයාගේ හෝරාව ලාංකීය පොලෝ තලය වෙත නැවත ගෙන එන්නට කැස කවමින් සිටි ආලවකලා අංගුලිමාලලා දේවදත්තලා මෙන්ම සේරිවානිජලා ගේ ඩොලර් බලාපොරොත්තු පොළොවට සමතලාකොට පොළොවේ හංගා දමාද ඇති සැටියකි.

වඩාත් වැදගත් වන්නේ පක්ෂ මාරු කිරීමද ප්‍රතිපත්ති පාවාදීමද පඬුරු පාක්කුඩන් සහ වරදානද නොව තමන් වෙනුවෙන් පෙනී සිටින සහ තමන් වෙනුවෙන් සිටගන්නා අපේක්ෂකයකු බවත් ජනතාව ඔප්පුකර හමාරය.දකුණේ බහුතර ජනතාව මහින්ද රාජපක්ෂගේ පාලනය තවදුරටත් අනුමත කරද්දී උතුරේ දමිළ බහුතරය ඔවුන්ගේ එකම ගැලවුම්කාරයා ලෙසට ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත තමන්ගේ බලය ලබාදී තිබේ.

තවදුරටත් මහින්දගේ පාලනය තුල ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍යය නිදහස සහ මානව හිමිකම් නැතිබව කියා
තප්පුලීමට ඩොලර් කපුටන්ට සහ ආණ්ඩු විරෝධී අඳ බාලයන්ට හැකි වේද? මහින්දගේ ආණ්ඩුව පෙරලීමට අර අදින ඉහඳ පනුවන් තමන්ගේ කාර්යය වෙනත් මුහුණුවරකින් ඉදිරියට ගෙනයනු ඇති බව අප දනිමු.නමුත් දෑස් ඉදිරිපිට සත්‍යය ජීවමාන වුවත් දේශද්‍රෝහීන් පිලිනොගන්නා කාරණය නම් බහුතර ජනතාව තමන්ගේ අනුත්තර නායකයා සහ දේශයේ ගැලවුම්කරු ලෙස මහින්දව පිළිගන්නා තුරු සහ ආණ්ඩුවේ ජනතාවාදී ප්‍රතිපත්තිය අනුමත කරන තුරු පජාත පුත්‍රයින්ට සහ ඔවුන්ගේ රුකඩ සහ හොරිකඩ පඹයන්ට රෙද්දේ පහරගන්නවාට වඩා යමක් කල නොහැක.මන්ද ජනතාවගේ විශ්වාසය සහ සියලුම බලාපොරොත්තු මහින්දගේ රජය ඉටු කරන බවට ඔවුන් දැඩිව අදහන සහ එය සත්‍යයක් වී ඇති නිසාය.

එළඹෙන හෝරාව යක්ෂයාට ඉඩ දිය නොහැක.මේ සමාජ යුගය පරිවර්තනය වනුයේ දීප්තිමත් අනාගතයකටය.ඒනම් මේ අප පසුකරමින් සිටිනුයේ ශ්‍රිලාංකිය දෙශාපාලනයේ ස්වර්ණමය යුගයකට පියමනිනා ඒ අනාගතය අපට ලඟාකරදිය හැකි ශ්‍රේෂ්ඨ නායකයාගේ සංක්‍රාන්ති සමයයි.පජාත පුත්‍රයන් බොල් පිලිම වන සහ ජාතියේ සුජාත පුත්‍රයන් රට දිනවන අනාගතය වැඩි ඈතක නොවේ.මේ ජනතාවගේ රජයයි, ඒනම් ඔබෙත් මගේත් අප සැමගේත් රජයයි..........!!!

2 comments: