Monday, February 18, 2013

හලාල් අවුලට අපෙන් යෝජනාවක්


හලාල් මළ ඇණයක් වෙමින් තිබේ. හීන් නූලෙන් ඇදෙමින් තිබූ මුස්ලිම් ව්‍යාප්තවාදය දැන් එළියට පැමිණ ඇත. එය සිදුවූයේ හලාල් විරෝධය හරහාය.

හලාල් විරෝධය හොඳ දෙයකි. හලාල් යනු ආර්ථිකමය රාමුවකින් සිදුකෙරෙන සංස්කෘතික ආක්‍රමණයකි. සංස්කෘතික ආක්‍රමණ සියල්ලම නරක ඒවා නොවේ. ඒත් මේක නං පිළිකාවකි. නිදහස් මිනිසුන් දුරාතීත කාන්තාර ගෝත්‍රික සංස්කෘතියක් වෙත නැවත කැඳවා යාමකි. කැමති මිනිසුන් ස්වච්ඡන්දයෙන් එසේ ගියාට අපිට අහවල් අමාරුවක් නැත. නමුත් හීන්නූලෙන් කෙරෙන ආර්ථික සාමාජයීය කුමන්ත්‍රණයකින් මිනිසුන් එතැනට ඇද දැමීම නම් වහා දුරුකල යුතු ව්‍යාධියකි.


හැබැයි ඉතින් අතක තුවාලයක් හොඳකල යුත්තේ අත කපා දමා නොවේ. රටක් යනු අබ්බගාතයෙක් නොවිය යුතුය. බොදු බල සේනා ඇතුළු ආවේගශීලී බලවේග යමින් තිබෙන මේ අතිධාවනකාරී ගමන නම් රටක් වශයෙන් කොහොමවත් හිතකර නැත. ලංකාවේ හලාල් යනු අපේ ගෙදර ප්‍රස්නයකි. ගෙදර ප්‍රස්න විසඳාගන්න ගිහින් ලෝකෙන් ඉල්ලං කෑ යුතු නැත. ළඟ එන ජිනීවා සමුළුව වැනි කඩඉම් හලාල් වලට වඩා අති විශාල අභියෝගයන් බව කවුරුත් සිහි තබා ගත යුතුය.


මුස්ලිම් මිනිස්සුන්ට හලාල් කන්ඩ තියෙන අයිතිය අපි පිලිගනිමු. ප්‍රශ්නේ ඒවා බලහත්කාරයෙන් අපිටත් කැවීමයි. ඒ වෙනුවෙන් අපිටද නොදැනී අපෙන් ගානක් උලමාගේ පොකැට්ටුවට කපාගැනීමයි.


මෙන්න අපේ සිම්පල් විසඳුම.

1. හලාල් සහතිකය නොමිලේ නිකුත් කරනු.

2. ඒ සදහා යන වියදම් මුස්ලිම් බැතිමතුන්ගෙන් (පල්ලි මට්ටමින්) එකතු කොට උලමාට යවනු.

3. නිෂ්පාදන වල හලාල් සහතිකය ලබා ඇත්නම් එම ලාංඡනය හොඳින් පෙනෙන පරිදි විශාලව මුද්‍රණය කරනු.

හලාල් ආහාර ගැන අනෙකුත් ජාතීන් ප්‍රමාණවත් ලෙස දැනුවත්වීමෙන් අනතුරුව හලාල් අනවශ්‍ය අය ඒවා ප්‍රතික්ෂේප කරනු ඇත. ඒ අනුව වෙළඳපොලද හැඩගැසෙනු ඇත. මාකට් තියරියට අනුව හලාල් ප්‍රස්නේ විස‍ඳෙනු ඇත. 


ඔන්න දැන් බෝලෙ තියෙන්නෙ ජමියතුල් උලමාගෙ පැත්තෙ. මොකද කියන්නෙ?


(
ඕනෙ ඔට්ටුවක් දානවා. ඕකට කැමති වෙන්නෙ නෑ. මොකද ඒගොල්ලොන්ට ඕනෙ ගේම. ගේමක් නැතුව ඒ අයට පැවැත්මක් නෑ. අපි වැරදියි කියලා පුලුවන්නම් ඔප්පු කරන්න)

9 comments:

  1. විසදුම් අතිශයින් සාධාරණයි. ගේම ගැන කතා කලොත් නම් ඒකත් ඇත්ත. හැබැයි ගේම බලාපොරොත්තු වෙන්නේ උලාමා විතරක් නෙමේ, සිංහල බෞද්ධ බෙදීම්වාදය හරහා පොර වෙන්න ට්‍රයි කරන අයත් බලපොරොත්තු වෙන්නේ ගේම තමා. මෙතනදී බො බ සේ ට චෝදනා කරන්න තරම් ඉක්මන් වෙන්නේ නෑ. හැබැයි බො බ සේ විරෝධය හරහා තමන්ගේ පටු පර්මාර්ථ එළියට ගේන්න දත කන, ඒවා බො බ සේ ගිණුමට දමන, පාදඩයින්ට නම් ඔළුව උස්සන්න දුන්නොත් වෙන්නේ ලොකු විනාශයක්.

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනාවට අපිත් චෝදනා කරන්නෙ නැහැ. ඔවුන් තමයි මේක කරළියට ගෙනාවේ. නමුත් දැන් දැන් ඉතා පැහැදිලිව පෙනෙනවා විවිධ පටු අරමුණු ඇති පුද්ගලයින් බොදුබලසේනා වටා රොක්වී එහි අපේක්ෂිත ඉලක්කයන්ගෙන් බැහැරට ඇදගෙන යන වගක්.

      මුස්ලිම් මිනිස්සුන්ට හිංසා කිරීමට හෝ ඔවුන් රටෙන් එලවා දැමීමට හෝ බොදු බල සේනාව අපේක්ෂා කලේ නැහැ. නමුත් දැන් දැන් ඔවුනගේ ඇතැම් හැසිරීම් ගැන ඇත්තටම දුකයි. අපි විශ්වාස කරනවා රාජ්‍ය විරෝධීන් බොදු බල සේනා වැනි ව්‍යාපාර ඔවුනගේ වාසිය සදහා භාවිතා කරමින් ඉන්නවා කියා.

      Delete
    2. අනික බොදු බල සේනා වැනි ව්‍යාපාර මෙවන් තැනකට වැටීමට අපේ ඇතැම් මුග්ධ ඇමතිවරුන්ගේ බූරු කතාත් යම් පමණකට බලපා තිබෙනවා.

      Delete
    3. "" බොදුබල සේනා කියන්නේ මේ රටේ බිහිඋන අති භයංකර සංවිධානයක් නෙවෙයි... හරියට බැළුවොත් මේකට වඩා භයානක සංවිධාන තමා යූ ඇන් පීය.. පොදු පෙරමුන..ජේවීපිය..එල්ටීටීඊය... මුස්ලිම් කොන්ග්‍රසය..ද්‍රවිඩ සංවිධානය එහෙම කියලා කියන්නේ.. එහෙම සංවිධානවලින් කරපු..කරන හානි වලින් දාහෙන් එකක්වත් බොදුබල සේනාව අතින් මේ ලංකාවට වෙලා නැහැ... ඕක හරියට මෙහෙයවන්න පුළුවන්නං අර කාලකණ්නි සංවිධාන වලින් මේ රටට කරපු හානි ටිකක් හෝ අවම කරන්න පුළුවන් උනොත් මිස...""
      http://ctkumara.blogspot.com/2013/02/blog-post_17.html

      Delete
  2. ඉතාම අගනා යෝජනාවක්.

    ReplyDelete
  3. ඉල්ලුමක් ඇති ඕනෑම දෙයකට මිළක් ඇති වීම ස්වාභාවිකයි. හලාල් සහතිකේටත් ඒක අදාළයි. එය නොමිළේ දීම ප්‍රායෝගික නැහැ. ඔයාගේ පුංචි මොළේට එන්නේ මේ විසඳුම විතරයිද?

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රායෝගික නැත්තෙ? ඔයාට අඹගෙඩියක් කපලම මිලදී ගන්න අවශ්‍යනම් ඔයා තමයි ඒ අතිරේක සේවාවටත් ‍ගෙවන්න ඕනෙ. වටපිට මිනිස්සු අතිරේක මුදල යොදවලා ඔයාට අඹේ කපලා දෙන්නෙ නෑ.

      Delete
  4. හලාල් කෑම මුස්ලිම් නොවන අයටනම් අනවශ්ය බව ඇත්ත. නමුත් විශේෂයෙන් සිංහල ජාතිය පැත්තෙන් බලපුවාම අපි අපේ දෑහිතකාමී බව හලාල් විරෝධයට පමණක් සීම කරන එක ඒතරම් නුවනට හුරු නෑ. අද අපේ ජාතියට තිබෙන ප්‍රධාන ගැටලුව ජනගහන වර්ධනය අතින් සිංහල ජාතිය දිනෙන් දින පහලට යෑමයි. මේක හොඳ පෙරනිමිත්තක් නෙව්යි, අපි මුලින් උත්තරයක් හොයගන්න ඔනේ මේ ප්‍රශ්නයට.

    ReplyDelete
  5. අනේ පවු උලමල. දැන් ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවො වගේ වෙලා නේද, උන් දැනගන්න ඕනි මේ සිංහල බෞද්ධ රට කියල.සැමට තෙරුවන් සරණයි.

    ReplyDelete