Friday, January 25, 2013

මොහොමඩ් නබි ගේ කතන්දර සහ අන්වර් මනතුංගගේ කතන්දර



මුලින්ම කිව යුත්තේ අප ඉස්ලාම් දහම සමග කිසිදු වෛරයකින් කටයුතු නොකරන බවයි. එමෙන්ම ලෝකයේ මිනිසුන් ශික්ෂණය කරන මාර්ගයක් ලෙස ඉස්ලාම් ආගමට අප ගරුකරමු. මේ ලිපිය ලියවෙන්නේ එම පදනම මත සිටය.

ලෝකයේ සියළුම ආගම් යනු එකිනෙකට සම්බන්ධව ගෙතුනු කතන්දර ගොන්නක් මත පදනමව නිර්මාණය වූ ඒවා වේ.  (කතන්දර යනු ‘අසත්‍යය’ යන්න නොවේ. නිවැරදිව කිවහොත් මිත්‍යාවයි. මිත්‍යාව යන සනාථ නොකරන ලද කතන්දරයයි. නිවන යනු සත්‍යයකැයි මේ ලියන අපිද අදහන්නෙමු. එහෙත් තවමත් එය අප විසින් සනාථ කර ගත්තක් නොවේ. අප විසින් නිවන් මාර්ගයේ අත්හදා බලා සාක්ෂාත් කරගත යුත්තකි.)

මොහොමඩ් නබි විසින් ඉස්ලාම් දහම නිර්මාණය කරන්නේ අරාබිකරයේ කාන්තාරවාසී අතිශය දුෂ්කර පාරිසරික කොන්දේසි යටතේ ජීවත්වූවන් උදෙසාය. ඉස්ලාම් දහම අද වන විට ගෝත්‍රික හෝ අශිෂ්ට ලෙස හංවඩු ගසන අප විසින් මූලිකව තේරුම් ගත යුත්තේ එයයි. සත්ව පාලනය තම ප්‍රධාන ජීවනෝපාය කරගත්, අශීලාචාර ජන කොටසක් ශිෂ්ට කිරීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත. කාන්තාර ශුෂ්ක පරිසරය හා ගොඩනැගුනු ප්‍රචණ්ඩ මානසිකත්වයකින් හෙබි, ව්‍යභිචාරය සහ සත්ව මෛථූනය පවා සාමාන්‍ය දෙයක් ලෙස සැලකුණ, නිතර ප්‍රචණ්ඩ ගෝත්‍රික ගැටුම් වලට මැදිවුන,  නූගත්, ඉහල දරාගැනීමේ හැකියාවකින් යුත් මෙම ජනතාව ශීලාචාර කිරීම වෙනුවෙන් අලුත් යමක් නිර්මාණය කිරීමම ඔහු ගරුකටයුතු පුද්ගලයෙක් බවට පත්වීමට සෑහේ.

සර්වබලධාරී (අල්ලාහ්) දෙවියන් පිළිබඳ සංකල්පය සහ ඔහු විසින් මෙලොවට එවන ලදැයි කියන නබිවරුන් පිළිබඳ පුරාවෘත්ත පසෙක තැබූ විට, සාමාන්‍යයෙන් මහපොලොවේ සිදුවන පරිදි ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු. මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය.

යමෙක් මෙල්ල කිරීමේ පහසු සහ කාර්‍යක්ෂම ක්‍රමය බිය කිරීමයි. අප වන අලියෙකු හීලෑ කරන්නේද එලෙසය. මෙම අර්ධ වනචාරී මිනිසුන් හීලෑ කිරීමට මොහොමඩ් නබි විසින් පළමුව කරන්නේ ද එයයි. එනම් සර්ව බලධාරී දෙවියන් පිළිබඳ සංකල්පය නැවත ප්‍රතිනිර්මාණයයි. මෙය ඉතා දක්ෂ කටයුත්තකි. උත්තර භාරතයේ සෞම්‍ය දේශගුණය තුල ජීවත්වූ ඉන්දියානුවාගේ මනසට බුදුන් වහන්සේ කල දාර්ශණික ආමන්ත්‍රණයට වඩා මෙය අතිශය බලවත්ය.

අල්ලාහ් නාමයෙන් මොහොමඩ් නබි විසින් කරන්නේ මෙම අශීලාචාර මිනිසුන් ශීලාචාර කිරීමයි. එහිදී ඔහුගේ සීමාවන් පැහැදිලිවම අපට දැකගත හැකිය. ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම්වල බලපෑමද ඕනෑතරම් දැකගත හැකිය. එහෙත් ඔහු මහත් ජයග්‍රහනයක් ලැබුවේය.  එකිනෙකා මරාගත් ප්‍රචණ්ඩ ගෝත්‍රයන් මහත් සමුදායක් ඔහු නියෝජිතයා වන සර්වබලධාරියෙකු යටතේ සාර්ථකව සංවිධානය කිරීමට ඔහු සමත්විය.

සියල්ල මුල සිටම කරන්නට ඔහුට සිදුවූ බව හොඳින් පෙනේ. දෙවියන් නැමදීමේ සිට, ආහාරපාන ගැනීම, ජීවනෝපාය, සමාජයේ දුර්වලයින් රැකබලාගැනීම, පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම පමණක් නොව මෛථූනය පවා යම් සංවිධානගත මාදිලියකට අනුව නැවත අකුරක් නෑර කියා දීමට සිදුවිය. ශුෂ්ක පාරිසරික සාධක සාමූහිකව ජයගැනීම උදෙසා මිනිසුන් සංවිධානය කිරීමට සිදුවිය.

මොහොමඩ් නබි යනු  ඔහුගේ සමකාලීන අන් මිනිසුන්ට වඩා ඉහලින් සිතන්නෙකු වුවද  ඔහුට ජයගත නොහැකි සාධක බොහෝ විය. පළමුවැන්න දුෂ්කර පරිසරයයි. දෙවැන්න සමාජයේ ජානගත ග්‍රෝත්‍රික ස්වභාවයයි. මෙනිසාම ඉස්ලාම් ආගම යම් ගෝත්‍රික ස්වරූපයන් මත නිර්මාණය වීම සිදුවිය. ගෝත්‍රයක වඩා වැදගත් වන්නේ ගහනයයි. පුරුෂ මූලික ගෝත්‍රයක නම් කාන්තාව යනු ගහනය උත්පාදනය කරන්නියයි. ඇය දෙවැනි ගණයේ ලා සැලකේ. ඉස්ලාම් හි මේ තත්වය එලෙසම අන්තර්ගත විය. සමාජයේ පිරිහීමට හේතු වන ව්‍යභිචාරය සහ අනාචාරය පාලනය කිරීමට නව නීති සමග කාන්තාව ආවරණය කෙරිනි.  සත්ව පාලනය ප්‍රධාන ජීවනෝපාය වූ සමාජයක සතුන් මැරීම ඉතා සාමාන්‍ය දෙයකි. හලාල් ආහාර යනු  එදා කිසිදු චාරයකින් තොරව ඔවුන් කල මාංශ බුදීම පාලනය කොට එය යම් සෞඛ්‍යමය පිළිවෙතකට නතු කිරීමට කල උත්සාහයයි.  (ඌරු මස් හරාම් වීම වැනි නිරර්ථක එකතුකිරීම් එකල පැවති දැඩි සමාජ විශ්වාසයන් එලෙසම තහවුරු කිරීම විය හැකිය.)

සමාජය තුල බෙදීම් සහ ගැටුම් හැකිතාක් අවම කිරීමේ සාර්ථකම ක්‍රමය සිතීම පාලනය කිරීමයි. ශික්ෂණ පද්ධතියට පිටින් සිතන්නන් සහ අපරාධ කරන්නන් නිතරම සමාජ සංවිධානය පළුදු කරයි. ඔවුන් පාලනය සඳහා දැඩි නීති රීති පැණවිනි. ඇත්තෙන්ම අද වන විට අප ලොමුදැහැගන්වෙන අතපය කපා දැමීම්, හිස ගසා දැමීම් වැනි දෑ එකල ඉතා සාමාන්‍ය දේ වන්නට ඇත. (අප රටේ ඉතිහාසයේද මෙවන් කෲර දඬුවම් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය) එනිසාම ඉස්ලාම් තුල සිතන්නට දෙයක් නැත. සියල්ල දෙවියන් විසින් ප්‍රකාශ කොට ඇති නිසා ඉතිරිව ඇත්තේ පිළිපැදීම පමණි.

මෙය ඉතා සාර්ථක සමාජ ක්‍රමයක් බව අප පිළිගතයුතුය. එහි පූර්ණ ගෞරවය මොහොමඩ් නබි හට හිමිවේ. ඔහුගේ සංවිධානය කිරී‍ම මත අරාබි ජාතිකයන් පාරිසරික දුෂ්කරතා සමග සාර්ථකව සටන්කොට, දියුණු සහ ඔවුන් මුලදී ගෙවූ ජීවිතයට සාපේක්ෂව ඉතා ශීලාචාර සහ සුරක්ෂිත සමාජයක් බවට පත්විය.

ඉස්ලාම් පිළිබඳව අද වන විට අන්‍ය ලබ්ධිකයන් සහ නිර්ආගමිකයන් නගන ප්‍රධානතම චෝදනාව වුයේ ‍එය වත්මන් ලෝකයට අනුව අශිෂ්ට බවයි. අපද විශ්වාස කරන ලෙසට මෙය සත්‍යයකි. මෙහි වරද මොහොමඩ් නබි මත පැටවීම ඉතා අසාධාරණය. ඔහු, ඔහු විසූ පරිසරය මත සිදුකරන ලද විපර්යාසය ආශ්චර්යයකි. මෙම චෝදනාව සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් ඉස්ලාම් නායකත්වය විසින් දැරිය යුතුය. මේවා ඔවුන් විශ්වාස කරන ලෙසට දෙවියන්ගේ නියමයන් විය හැකිය. එහෙත් දෙවියන් විසින් වසර දහස් ගණනකට පෙර නිකුත් කල නියමයන් එලෙස තිබියදීම, එම නියමයන්ට නොගැලපෙන ලෙස දෙවියන් විසින්ම ලෝකය වෙනස් කොට ඇති බවද ඔබ තේරුම් ගත යුතුය.

නව තාක්ෂණය සහ ලෝකයේ සමාජ ආර්ථික සැකැස්ම අනුව ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගහණයේ වැදගත්කමක් නැත. එනිසා අධික ලෙස දරුවන් බිහිකිරීම තවදුරටත් ලෝකයට අනවශ්‍යය. එනිසාම කාන්තාව යනු වදන යන්ත්‍රයක භූමිකාවේ තවදුරටත් සිරගත කිරීමේ තේරුමක්ද නැත. ජලය අවශ්‍යතරම් සපයා ගතහැකි වටපිටාවක පිරිසිදුකම සඳහා යයි පවසමින් (පූර්ව ගෝත්‍රික ලක්ෂණවලින් බිදී ආ) ලජ්ජා සහගත චර්ම ඡේදනය කිරීම විකාරයකි. කාන්තාර පරිසරයක දුරින් විසිරී සිටින මිනිසුන්ට දෙවියන් ඇදහීම සිහිපත් කිරීම සඳහා මහ හඬින් යාඥා කිරීම දෙමටගොඩ මුඩුක්කු පරිසරයකට කෙසේ ගැලපෙන්නේද? අවම වේදනාවක් ඇතිවන පරිදි ක්ෂණිකව මරණය සිදුකල හැකි ලෝකයක ක්රේන් වලින් එල්ලා වදදී මිනිසුන් මැරීම ලැජ්ජාවට කාරණයක් නොවේද? පිරිමින් රොත්තක් එක්වී කාන්තාවකට ගල්ගසා මරාදැමීම ඔබ තුලම ලැජ්ජාවක් ජනිත නොකරන්නේද?

අප අසන්නේ ශුෂ්ක කාන්තාර වාසී, වැඩිපුර මාංශ භක්ෂක, ප්‍රචණ්ඩ ගෝත්‍රික ජනතාවක් ශීලාචාර කිරීම  අරභයා දෙවියන් විසින් පැනවූ නියමයන්, ඕනෑතරම් ජලය සහ සෞම්‍ය දේශගුණයක් සහිත, ශාකමය ආහාර සපිරි,  මානව ධර්මයට සමීප නීතියකින් පාලනය වන නව තාක්ෂණයෙන් පොහොසත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට අදාලව දෙවියන් විසින්ම වෙනස් කරනු නොලබනු ඇතිද යන්නයි.

සෞදි අරාබි දේශයෙන් මේ ප්‍රශ්නය ඇසීමට අපට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව පිලිගනිමු. නමුත් ශ්‍රීලංකාව යනු ඊට සපුරා වෙනස් බිමකි. බහු වාර්ගික, බහු ආගමිකයන් ජීවත්වන තැනකි. මෙවන් තැනක ආක්‍රමණශීලී කල්ලිමය ආගමික හැසිරීම් මහත් ගැටළු ජනිත කරයි. මේවා අවසානයේදී පුපුරා යන්නේ මහත් විනාශයන් ඇතිකරමිනි. මෙවන් විනාශයන් වලදී දෙවියන් මැදිහත්වී කිසිවෙකු බේරා නොගන්නා බව ඔබද පිලිගන්නවා ඇත.

මේ කියන්නේ ශ්‍රී ලංකාව තුල මතුවෙමින් පවතින බෞද්ධ හෝ වෙනත් අන්තවාදී හැසිරීම් ඇත්නම් ඒවා කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට නොවේ.  ඒවාට පවත්නා නීතිය යටතේ කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. ඒ සඳහා රජයට බලකල යුතුය. නමුත් මේවා පැනනැගීම සඳහා ඔබේ පාර්ශවයෙන් සැපයෙන දායකත්වය පිළිබඳව මූලික කරුණු කිහිපයක් පමණක් ගෙනහැර දැක්වීම මෙම ලිපියේ අරමුණ වේ.

සංවාදයට විවෘතය.
(මෙය සාමූහික ප්‍රයත්නයකි)

27 comments:

  1. මෙම ලිපිය සාමූහික ප්‍රයත්නයකි. මෙම අදහස් පිළිබඳවයහපත් සංවදයක් ඇතිවනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.
    එබැවින් ඉස්ලාම් හෝ වෙනත් ආගමකට/ජාතියකට පහත් ලෙස අපහාස කරන සියළු කමෙන්ටු සහ දේශපාලන අගතීන් විදහා දැක්වෙන කමෙන්ටු සියල්ල මකා දැමේ.

    මෙම ලිපියේ අයිතිය තබාගැනීමට අපට අවශ්‍ය නැති අතර මෙම අදහස් වැඩි පිරිසක් වෙත යනු දැකීඹ අපගේ අභිලාෂයයි.

    ReplyDelete
  2. මට උඹලව පෙන්නන්ඩවත් බෑ. ඒත් මේ ලිපිය සුපර්බ්. ඒක නොකිව්වොත් අසාධාරණයක්.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  4. නියම ලිපියක්. විශිෂ්ටයි.

    ReplyDelete
  5. ඉතාම නිවැරදි, නිරවුල්, පැහැදිලි, සහ සෑම ආගමිකයකුම කියවිය යුතු වැදගත් ලිපියකි. කිසිම ආගමකට පහර එල්ල නොකරන ආකාරයේ මෙවැනි වැදගත් ලිපි තුලින් සත්‍ය යනු කුමක්ද කියා සමාජයට වටහා දිය හැකිය. නමුත් මෙහි අන්තර්ගතය තේරුම් ගැනීම එක් එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටමට අනුව වෙනස් විය හැකිය. මෙම ලිපිය ලියු කතෘවරයාට මගේ ස්තුතිය පිරිනමමි.

    ReplyDelete
  6. etta et me kathwa kohomada api muslim ayata terum karanne? karamawat wedapiliwelak netiwa a ayata mukut terum karanna yema wihiluwak..

    ReplyDelete
  7. Mewan denuwath kireemak waha waha awashyai...............

    ReplyDelete
  8. නියම ලිපියක්. මධ්‍යස්ථ අදහස් දැක්වීමක්. මේවා තමා ඕනෙ.

    ReplyDelete
  9. Good,you try to pass a very good message to the community.we have to continue this type of letters time to time.keep going.my wishes to The Editor.

    ReplyDelete
  10. මේක තමා බහුතර බුද්ධිමත් සිංහල ජනතාවගේ මතය. ඔබට ස්තුතියි ජනසේනා.

    ReplyDelete
  11. බොරුවට ෆේස්බුක් එකේ වෛරය වපුරන්නෙ නැතුව මේ වගේ මතවාදි මෙහෙයුමක් ගෙනියන එක හොඳා. ඒ දැන් පරක්කු වැඩී සිංහල මෝඩයො වැඩේ කාල.

    ReplyDelete
  12. owa kiyala hariyanne na. unta therena basawen kiyanda ona.

    ReplyDelete
  13. මානව වර්ගයාගේ ප්‍රගමනය හා උන්නතිය උදෙසාත් අනාගත ලෝකයේ සංහිඳියාව මෙන්ම සමතුලිතාවය සුරකිනු වස් , ආගමික වේෂයෙන් ත්‍රස්ථවාදය අමුවෙන්ම ක්‍රියාත්මක ඉස්ලාමයට විරුද්ධ වීම තවත් ජාතිවාදයකැයි කියන්නේ පට්ට ජෝකර්ලා මිසක වෙන කවුද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණෙ ගලබොඩ අත්තෙ කියන්නෙත් අමු ගෝත්‍රික මැටි හරකෙක්නෙ. මූ ඊලඟ චන්දෙන් දිනල දෑත් සක්තිමත් කරල ඇමතිකමක් ගන්න හදන්නෙ. උගෙ පස්සෙන් යන මැට්ටන්ට වෙන්නෙ චම්පිකගෙ පස්සෙන් ගිය උන්ට වෙච්ච දේමයි.

      Delete
  14. Good Article.........

    ReplyDelete
  15. ජනසේනා හි ඉහත ලිපිය ඇත්තතෙන්ම හොඳය. මම "නිර්වානය විස්වාස කරමි" යන පාපෝච්චාරනය නොකර එම ලිපිය ලිව්වා නම් තවත් හොඳය. නූතන ලෝකයට නොගැලපෙන පිලුනුවූ සංස්කෘතියක් විවේචනය කිරීමට තමන්ගෙ සංස්කෘතික පදනම ගැන එක්ස්කියුස් අවශ්‍ය නොවේ. එමෙන්ම කන්තාරාවාසී ගෝත්‍රිකයන් ගේ සංස්කෘතිය පිලිකෙව් කිරීමට නිවර්තන වාසි ගෝත්‍රික කඳවුරකට බද්ධවීමට අවශ්‍ය නැත. පහත ලිපියද බලන්න...

    http://www.facebook.com/notes/prasad-mapatuna/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%86%E0%B6%9C%E0%B6%B8/531724016859937

    ReplyDelete
  16. අර ගඳයන්ව සුද්ද කර කර ඉන්නෙ නැතුව මෙහෙම ඒවා දිගටම ලියපල්ලකො.

    ReplyDelete
  17. ඔබ කියන විදියට බුද්ධාගමත් මේ කාලයට ගැලපෙන්නේ නැනේ ද .... මොකද එකෙත් තියෙන්නේ බොහෝදුරට සුරංගනා කතා....උදාහරණයකට ජාතික කතා .... හරියට පැරණි හින්දි ෆිල්ම් වගේ..... ප්‍රදාන නළුවා බෝදිසත්වයෝ දුස්ටයකුත් ඉන්නවා ඒ හැම කතාවකම .... අනික බුදුහාමුදුරුවන්ට සසර කලකිරුන කියල තමන්ගේ බරිදව සහ ලමයව දාල නිවන සොයා ගිය එකත් දැන් මේ ශිෂ්ට ලෝකයට පිළිගන්ඩ පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක් අනික බුදුදහමේ සාරාංශය සියලු සැප අත්හ්රින්ධ ඕන නේ.....මේලෝකේ ඉන්න හැමෝම සසර කලකිරිලා බුදුහාමුදුරුවන්ව අනුගමනය කලොත් ඊට පස්සේ මෙතැනින්ම jenarations ඉවරය් මබුදුහාමුදුරුවන්ව නියමෙටම බොක්කෙන්ම පිලිපදිනවානම් පැවිදි වෙන්ඩ ඕනනේ පවිදිඋනහම කසාද බදින්ඩ ළමය් හදන්ඩත් බැනේ එතකොට

    ReplyDelete
    Replies
    1. Dear Nafhan,
      Every religion has good points. it is better to concern them rather than criticize each other. Jathaka katha is not the most important thing in the Buddhism. and all religious leaders have scarified their personal things for the benefits of others. In the case of Buddha he left family, but i am sure all other leaders also have sacrificed something for the benefit of others.

      Muslims believe that god created everything but what Muslim extremists cannot understand is why then the god created other religions. If he shouldn't have created other religions all are Muslims so no problem, but he did it because he wanted to teach how to live in harmony, God accept the existence of other religions too.

      Other religions are also a creation of your God.

      Although creator god is not believed in Buddhism, Buddhists should love everyone like there own child, no matter what religion they believe.

      Therefore there's nothing to fight

      Delete
  18. පොඩි නිවැරදි කිරීමක්

    "ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු. මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය."

    මා දන්නා තරමින් මොහොමඩ් නබී යනු සාක්ෂර තාවක් සහිත පුද්ගලයකු නොවේ. ඔහුට ලිවීම හෝ කියවීම කල නොහැක.

    "
    http://wiki.answers.com/Q/Did_Prophet_Muhammad_write_the_Quran_himself_as_claimed_by_many_non-Muslims"

    "
    Muhammad could not read or write, he was unlettered, interestingly enough the bible predicts the coming of an unlettered prophet who shall carry a message from God.
    The Quran is a fairly long book, it is also written in a poetic sort of style. It includes things like rhetorical questions & metaphors to get to the message.
    Whilst the bible is written like a story book & i quote from numerous places in the bible 'now it came to pass' (once upon a time), the Quran is written in a more journalistic style with straightforward commands.
    Whether Muslim or Non Muslim, no true academic can deny that the Quran is a literary masterpiece. "

    නමුත් එක දෙයකදී අප සැමට එකඟ වීමට පුළුවන අනිකුත් සියලු ආගම් පරිනාමය වෙමින් ඉදිරියට යද්දී මෙම ආගම පමණ ආපස්සට ගමන් කරයි. එයට හේතුව ලෙස මා දකින්නේ ආගමේ ප්‍රදාන පුජකයින් හා බොහෝ ආගමික නායකයින් මනා අද්යාපනයක් ලැබූ අය නොවීමයි.


    "ඉස්ලාම් පිළිබඳව අද වන විට අන්‍ය ලබ්ධිකයන් සහ නිර්ආගමිකයන් නගන ප්‍රධානතම චෝදනාව වුයේ ‍එය වත්මන් ලෝකයට අනුව අශිෂ්ට බවයි. අපද විශ්වාස කරන ලෙසට මෙය සත්‍යයකි. මෙහි වරද මොහොමඩ් නබි මත පැටවීම ඉතා අසාධාරණය. ඔහු, ඔහු විසූ පරිසරය මත සිදුකරන ලද විපර්යාසය ආශ්චර්යයකි. මෙම චෝදනාව සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් ඉස්ලාම් නායකත්වය විසින් දැරිය යුතුය. මේවා ඔවුන් විශ්වාස කරන ලෙසට දෙවියන්ගේ නියමයන් විය හැකිය. එහෙත් දෙවියන් විසින් වසර දහස් ගණනකට පෙර නිකුත් කල නියමයන් එලෙස තිබියදීම, එම නියමයන්ට නොගැලපෙන ලෙස දෙවියන් විසින්ම ලෝකය වෙනස් කොට ඇති බවද ඔබ තේරුම් ගත යුතුය."

    ReplyDelete
  19. excellent article , me minissu kohe hitiyath wali, me ayata meka terun gannath baa terun karannath baaa, can you please translate this letter to Tamil and Arab language,so then Muslims can understand what you said,if they have luck they will think what is the religion mean....

    ReplyDelete
  20. බ්ලොග් අවකාශය තුළ මට දිරවන්නෙම නැති, අන්තිම එපාම කරපු බ්ලොග් සටහන් කීපයක් තිබේ. ජන සේනා ද ඉන් එකකි. එහෙත් මේ ලිපියේ සාධනීය බව ගැන නොකීවොත් එය අසාධාරණයකි.

    පලි/ විදුලි බිල ගැන මෝඩ ආතල් නොදී, බිල නොගෙවීම ගැන වැදගත් යමක් කීවොත් නරකද මේ වගේ කරුණු සහිතව හොයල බලල?

    ReplyDelete
  21. man danne ne meka karanne kawda kiyala,godak thenwala sadharanawa liyala thiyenawa,eth matanam penne meya thawath eka NAIF(POPULER ISLAMIC LECTURE)kenek widiyatai,ADMINTHUMO me lankawa muhammad ARABIYE moda minissunta ISLAMAYA dunna wage,mehe ehema wenne ne.SINHLA MINISSU KIYANNE AKURU IGENA GATHTHE NETHI UNATA madyasthawa hithana anadimath kalayaka idan pewatha ena BUDDIMATH jana kottashayak.

    ReplyDelete