Thursday, November 1, 2012

‘Che ස්ටාර්’ බ්ලොග්/ෆේස්බුක් වටය.... (ඔබේ මනාපය එපා)


අපි විසින් පවත්වනු ලබන චේ ස්ටාර් තරඟාවලියේ මීළඟට පැවැත්වීමට නියමිතව තිබුනු “චේ ස්ටාර් බ්ලොග්/ෆේස්බුක් වටය” නොපැවැත්වීමට අපි තීරනය කර ඇත. 

එයට හේතුව වන්නේ අපේ රහසිගත විනිශ්චය මණ්ඩලය විසින් ලැබී ඇති අයදුම්පත් සලකා බැලීමේදී අදාල ඉසව්ව සඳහා ‘ඉදිරිපත්වීමට හෝ’ සුදුසුකම් ඇති එකදම අයෙක්වත් නොසිටීමයි. 

අපි චේට කැමති නැතත් ඔහුත් මිහිපිට ජීවත්වූ මිනිසෙකි. මෙලෝ රහක් නැති අපත පින්තූර දමා හතුරෙකුටවත් අපහාස කිරීමට අපි නොකැමැත්තෙමු. උදාහරනයකට පහත පින්තූර බලන්න. 
සයිබරයේ ඔබට හමුවන ඇතමුන් චේට සමාන හැඩරුවක් ඇතැයි ඔබ සිතනු ඇත. එහෙත් මූණේ ලස්සන හදවතේ තිබේද?

නැවත කියන්නේ චේ යනු අපිට වීරයක් නොවේ. ඔහුගේ දේශපාලනය වූයේ මිනිසුන් කොටසක් මරාදමා තවත් මිනිසුන් කොටසක් ජීවත් කරවීම මත පදනම් වූවකි. ඔහු වීරයෙක් නම් ප්‍රභාකරනුත් වීරයෙකි. නමුත් ඔහුගේ එක් දෙයක් අපි අගය කරමු. හරි හෝ වැරදි වේවා අරමුණ වෙනුවෙන් කැපවීමයි. මෙය ප්‍රභාකරන්ගේද ලක්ෂණයකි. අවුරුදු තිහක් ඔහු ලක් රජයට එරෙහිව යුද කිරීමේ රහස එයයි. එමෙන්ම ප්‍රභාකරන්ගේ මිනීමරු වියරුව පරාජය කලේද තිස් වසරකට පසු සමස්ත දකුණම අරමුණ වෙනුවෙන් කැපවීම පෙන්වූ පලමු අවස්ථාවේදීමය.

චේ ඔහුගේ විනාශකාරී බිහිසුණු අරමුණ පෙරදැරිව හෝ මහපොලොවේ ඇවිද්දෙකි. පොඩි මිනිසුන් සමග සිටියෙකි. රට හදන හැටි ගැන අනුන්ට දේසනා කරමින් නොඉඳ තමුන්ට හැකි දේ කල අයෙකි.  වචන වලින් නොව ක්‍රියාවෙන් ඊනියා විප්ලවය කල අයෙකි.

එහෙත් අපිට චායාරූප එවා ඇති සයිබර් හිතවතුන් වැඩිදෙනෙක් ඒ අංශයෙන් වේගේ අහලකින් වත් තියන්නට බැරි බව කිව යුතුය.  සාමය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ෆේස්බුකියේ ලොරි ටෝක් දෙන ඇතැම් පිරිසක් අපි දන්න තරමින් පුද්ගලික ජීවිතයේ දරුණු පීඩකයන්ය. තවත් බංකොලොත් දේශපාලන පක්ෂ වලට සයිබර් කඩේ යන පිරිසක්ද සිටී. ඔවුන් කරන්නේ අමුතුම දෙයකි. ලාංකා මහා සමාජයේ දේශපාලනය හෙනම කට්ටක් බව අවබෝධ කරගත් මේ අය ලංකාවේ සමාජය ෆේස්බුක් ගෲප් දෙකතුනක් බවට ඌණනය කරගෙන සතුටින් සැපෙන් දේශපාලනය කරති. රාජපක්ෂලාගේ සදාචාර විරෝධී සහ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන විසිහතර පැයේ මතුරන මොවුන්, ඔවුන්ගෙන්ම කැඩී ගිය සහෝදරයින්ට බලු කුණුහරුපෙන් බැන වදිති. නින්දිත මඩ ගසති. (ඔය කැඩී ගිය සහෝදරයෝද කැඩී නොගිය උන්ට එලෙසම කරති) එතැන එකම බලු පොරයකි. එමෙන්ම කවුරුහරි ඔවුන්ට විරුද්ධ දේශපාලන අදහසක් මතුක‍ලොත් එයට ඇම්බුෂ් ප්‍රහාරයක් එල්ල කරති. යුනිකෝඩ් වලින් ගසා ජයගෙන විප්ලවය අතලඟ බවට ස්වයං වින්දනයක නියැලෙති.

තවත් පිරිසක් ආතතිය, විශාදය වැනි අට අනූවක් රෝග වලින් පෙලෙන්නන්ය. උන්ට අනුව ‍ලෝකයේ නිවැරදිම දේ දන්නේ උන් පමණි.  අනික් උන් හාල්කෑලිය. විරුද්ධ අදහසක් මතුවුවොත් වැඩපල පාඩුකරගෙන පැය ගණන් යුනිකෝඩ් කොටති. එසේ කරමින් රට සංවර්ධනය නොකරන්නේ යයි ආණ්ඩුවට බනිති. නමුත් ඇත්ත කතාව නම් ඔවුන්ට අවශ්‍ය බනින්නට කෙනක්ය. මේවා මානසික රෝග වේ.

තවත් මානුෂවාදීන් පිරිසක් ආතල් එකට ලියන්නෝය. ඔවුන් කාන්තාවන්ට කෲර සමාජයෙන් සිදුවන අසාධාරණ ගැන හොටු කඳුළු වගුරන්නේ චැට් බොක්ස් එකට වැටෙන කෑලි ගැන එක් ඇහැකින් බලාගෙනය. ඔවුන් ගැන ෆේස්බුකියේ සිටින කාන්තාවන් හොඳින් දනී. සාදාචාරය ගැන ලොරි ටෝක් දෙන්නෙ තවත් වින්ඩෝවක වැල සයිට් එකක් ඕපන් කරගෙනය.

මේ වැඩිදෙනෙක් පොලොවේ කරන්නේ කාට හෝ රැකියාව ලෙස බාල්දුවී මාසේ වියදම හොයාගැනීම, සංසර්ගය සඳහා කාන්තාවන් සෙවීම, වෙලාවක් ලැබුන ගමන් අරක්කු බීම වැනි වැඩයි. සමාජය තුල හෝ පවුල තුල වත් කිසිම දෙයක් නොකරන නිකමුන්ය. මේ අය අන්තර්ජාලය භාවිතා කරන්නේ තමුන්ට නැති පොරත්වයක් මවාගෙන ඉන් සතුටු වීමටය. ඉතින් අපට අයදුම්පත් එවූ ඉහත අය වැඩිදෙනෙක් අපි කැමති නැති චේටත් අන්ත බව අපේ අදහසයි. ඉහත ‍ගොන්නට නොවැටෙන තරමක පිරිසක්ද අපට අයදුම්පත් එවා ඇති මුත්, උන්ද ආශ්‍රය කරන්නේ අරුන්ව බැවින් අරුන් මුන් ඔක්කොම එකගොඩට දමන ලදී.

ඒක නිසා සුදුසු අයදුම්පත් නොමැතිකමින් චේ ස්ටාර්  බ්ලොග්/ෆේස්බුක් වටය අවලංගු කලා. අකමැති උන් නඩු දාපියව්.

8 comments:

  1. මාලන් සමරවික්‍රමට ඔය විදියට මඩ ගහන එක හරිද මං අහන්නෙ? මීවනපලානේ ජයරත්න යනු මාලන් කියල අතේ මාට්‍ටු වුනාම මාලන් සද්ද නැතිව වර්ගපූර්ණිකාව වහල දැම්ම. ආයිත් ඕක අදින එක පව් නැද්ද?

    ReplyDelete
  2. //සාමය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ෆේස්බුකියේ ලොරි ටෝක් දෙන ඇතැම් පිරිසක් අපි දන්න තරමින් පුද්ගලික ජීවිතයේ දරුණු පීඩකයන්ය//
    කවුද මේ අය

    ReplyDelete
    Replies
    1. කිසි කෙනෙකුට පුද්ගලිකව පහර ගැසීමට අපිට අවශ්‍ය නැති නිසා තොරතුරු හෙලිකල නොහැකියි.

      Delete
  3. /* චේ යනු අපිට වීරයක් නොවේ. ඔහුගේ දේශපාලනය වූයේ මිනිසුන් කොටසක් මරාදමා තවත් මිනිසුන් කොටසක් ජීවත් කරවීම මත පදනම් වූවකි. */

    මේ කියන විදිහට නම් ලංකාවෙ හිටපු හෝ ඉන්න වීරයො කවුද කියල ඇහුවොත් දෙන්න උත්තර නැති වෙනව...

    එතනින් එහාට මේකෙ සඳහන් කරල තියෙන දේවල් මොනව වුනත් ඒව මට කිසිම වැදගත් කමක් නෑ...

    ReplyDelete
    Replies
    1. අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ සැබෑ වීරයෙක්. උන්වහන්සේගේ දර්ශනය තමා උතුම් බුදු දහම. උන්වහන්සේට අවශ්‍ය මුළු ලෝකයේම ජනතාව සාමයෙන් ජීවත් වීමයි.

      Delete
    2. මිත්‍යාදෘෂ්ඨිකNovember 1, 2012 at 11:53 PM

      හා

      Delete
  4. මේක ලියපු ඵකා 'චේ' ගෑන මලෝ මගුලක් නොදෑන මලවිකාර කියවන පිස්සෙක් කියලා තේරෙනවා.ඵහෙම ඵකෙකුට ඉන්නේ බ්ලොග් අවකාශේ නූගත්ම ඵකා විතරයි.
    ඵ්ක නූගතයෙක් කියලා දෑනගෙන හිටියට කුහකයෙක් කියලා හරියටම දෑනගත්තේ ඊයේ පෙරේදා මූ චේ ගෑන කියලා උම්බෑ ගාන්ඩ පටන්ගත්ත ඵකෙනුයි.

    ReplyDelete
  5. රනිල්ගෙ කටු කන බල්ලාMay 8, 2013 at 9:30 AM

    පහුගිය කාලෙ දේශපාලඥයින් පොලීසියට ගහපු එක ගැන විපස්සෙ අපි ගොඩක් දුක් වුණා. දැන් තේරෙනව ඒ ඇයි කියල. පොලීසිය වෙනුවෙන් අඬාපු විපස්සෙ අපි දේශපාලන අතින් මොන තරම් ළදරුවොද නේද?

    http://lankacnews.com/sinhala/news/94049/

    පොලීසිය වෙනුවෙන් අඬාපු අපි මීට පස්සේ පොලීසියට විරුද්ධව වචනයක් කිව්වත් බල්ලෙකුට වගේ වෙඩි කන්න වේවි. ශිහ් අපි වගේ තක තීරු බල්ලො වගයක්.

    ReplyDelete