Sunday, June 30, 2013

සිංහල ජනගහනය වැඩි කරන්න අපෙනුත් යෝජනා



MalikMan  නම් මහතෙකු විසින් ‘නව ශ්‍රීලංකා දේශපාලනය’ නම් පිටුවේ  සිංහලජනගහනය වැඩි කිරීමට ගත හැකි පියවර කිහිපයක්” යනුවෙන් අගනා උපදෙස් කිහිපයක් සිංහල ජනයාට කියා දී ඇත. ඒවා පහත දැක්වේ.

1) අවිවාහකව වයස 28 ට වැඩි දියණියන් හෝ 30 ට වැඩි පුතාලා සිටිනා දෙමව්පියන් හට මසකට රු. 2,000/-ක දඩයක් ගැසීම
2)
පුවත්පත් වල කුල මල (බොදු/ගොවි/කරා...) යනුවෙන් සඳහන් කිරීම නැවැත්වීම
3)
දෙවන දරුවා උපදින දෙමාපියන් හට Core i7 ලැප්ටොප් එකක් හා තුන්වන දරුවා උපදින දෙමාපියන් හට 46"LED TV එකක් රජය මඟින් පිරිනැමීම
4)
දරුවන් 5ක් සිටිනා දෙමව්පියන්ගේ මුලික වැටුප රු. 100,000/-ක් කිරීම
5)
බස් නැවතුම් වල රු. 5/- කාසියක් දමා වැල් පෙනෙල කැඳ බෝතලයක් ලබාගත හැකි රාක්ක පිහිටුවීම
6)
කොන්ඩමයක මිල රු. 100ක් දක්වා ඉහල දැමීම
7)
වයස 32 ඉක්මවන තෙක් විවාහ නොවන පිරිමින්ගේ රහසඟ කපා දැමීම

එම යෝජනා නරක නැති මුත්  මේ වගේ සිම්පල් දේකට ඔයහැටි සල්ලි නාස්ති කිරීමට ආණ්ඩුවට පිස්සු නැත. සිංහල ජනගහනය වැඩි කල යුතු නම් ඒකට කල යුත්තේ මෙන්න මේ පොඩි වැඩ ටිකය. සත පහක වියදමක් නෑ.

1. සිංහල ගෑනුන්ගේ සර්වාංගය රෙදි වලින් වසා, අධ්‍යාපනය නොදී, රට තොට දැනගැනීමට නොදී ගෙයි මුල්ලේ ලගින මැටි හරක් ටිකක් බවට පත්කිරීම. එවිට ඔවුන් උපත් පාලනය/ආර්ථික දුෂ්කරතා/දරුවන්ට අධ්‍යාපනය ලබාදීම/දරුවන්ගේ පෝෂණය වැනි දේවල් නොදන්නා නිසා කොච්චර හරි වදනු ඇත. (හැබැයි ඉතින් සෞඛ්‍ය අධ්‍යාපනයත් නැති නිසා නාන්නේ කරන්නේ හෙම නැතිවන අතර මළ පෙරේත දාඩිය ගඳ ඉවසමින් අදාල කටයුත්ත කිරීමට පිරිමින්ට සිදුවනු ඇත. කමක් නෑ ඉතිං. ජාතිය වෙනුවෙන්නේ)

2. ගෑනුන්ට පහරදීම/වදදීම/බියවැද්දීම වැනි දේවල් මගින් ගෑනුන් බය කරගැනීම. එවිට මොන බැරි අමාරුකම් තිබුනත් වරෙන් කියන විට ළඟට එනු ඇත.

3. සිංහලයින් දැනට සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා දේවල් වෙනුවට හැකිතරම් හරක්මස් ගිලීමට පුරුදු කිරීම. එවිට තෙල් මාන්දම මෝරන අතර නිතර අහවල් එක කිරීමට අවශ්‍ය වනු ඇත.

4. සිංහල දැරියන් විවාහ වන වයස අවුරුදු 12 දක්වා අඩු කිරීම. (උන්ට ලමා කාලයක් අවශ්‍ය නොවන අතර ජීවිතයේ වැඩිම කාලයක් වැදීම සඳහාම උන්ව යොමුකල හැකිය. ජාතිය වෙනුවෙන්නෙ යකෝ)

5. ළමා අයිතිවාසිකම් අහෝසි කිරීම. එනම් ළමුන් අනිවාර්යෙන් අධ්‍යාපනය ලැබීම, ළමා සෞඛ්‍යය අයිතීන් වැනි දෑ අහෝසි කිරීම. එවිට වදන උන්ට වෙන්නේ මොනවද කියා හිතමින් සිටින්නට සිදු නොවන අතර උන් හරක් බොකු, කුකුල් අශූචි සමග දූවිලි ගොඩේ  කොහොම හරි හැදී වැඩෙනු ඇත. එනිසා දෙමාපියන්ට දිගටම වදන්නට හැකිය.

තවත් කාරණා බර ගණනක් Malik Man මහතාට කියා දීමට අපිට හැකි මුත් දැනට ඔය ඇති.
Malik Man ලාට ජයවේවා !!!

3 comments:

  1. සිංහල ජනගහනය වැඩි කිරීම සඳහා පෙර සම සහ සාරවත් වෘෂණ කෝෂ සහිත ලිංගයක් තියෙන්නත් ඕනැ.

    මරාගෙ ගෝලයගෙ ආතල් කඩන බ්ලොග් එක පටන් ගත්තා.

    http://beyondframe.blogspot.com/

    ReplyDelete
  2. ehema ekak ubata na kiyala sure. uba kliyata pu* dhena ekane

    ReplyDelete
  3. සර්වාංග‍ය රෙදි වලින් වැසීම හැරෙන්න, අනෙක් සියලු කාරණා තවමත් ඈත ගම් පලාත් වලත්, නගරබද මුඩුක්කු වැනි පරිසර වලත් සිංහල-දෙමළ-මුස්ලිම් භේදයක් නැති ව දැකගන්න පුලුවන්.

    ReplyDelete